මහාමාලුඞ්ක්‍ය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහාමාලුඞ්ක්‍ය පුත්‍රයයි. එහි ඔරම්භාගියා කාමභවයෙහි උත්පත්තිය සඳහා හේතුවන්නාවූ පහළ කොටස්, සංයෝජනානි බැඳුම් කස්ස ඛො නාම කිසියම් දෙවියකුගේ හෝ මනුෂ්‍යයකුගේ දෙසිතානි ධාරසි කිමෙක්ද ඔබම හුදෙකලා වූයෙහිද අන් කිසිවෙක් නොවේද අනුසෙති ප්‍රහීන නොකළ බැවින් නීදයි. නිදන්නේ සංයෝජන නම් වේ.
මෙහිදීද භාග්‍යවතුන් වහන්සේ විසින් සංයෝජනයට විමසන ලදී. තෙරුන් විසින්ද සංයෝජනයම ප්‍රකාශ කරන ලදි. මෙසේ ඇති කල්හිද ඔහුගේ වාදයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෝෂාරෝපණය කරන ලද්දේය. ඒ කුමක් නිසා විය හැකිද? තෙරුන්ට එබඳු ලබ්ධියක් ඇති නිසාය. මේ කාගේ ලබ්ධියද පුරුදුකළ කෙණෙහිම කෙලෙසින් යුක්ත වුයේ නම් වෙයි. අන් ක්ෂණයෙහි සංයුත්ත නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දොස් පවරනු ලැබුයේ ඒනිසාය. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ සිතූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂු සංඝයාට ධර්මය දේශනා කරන්නෙමියි තමන් වහන්සේගේ ස්වභාවය අනුවම මේ ධර්ම දේශනාව අරඹන ලදී. එය මේ අනුවණ භික්‍ෂුව විසින් වැරදි ලෙස කියනලදී. මම භාග්‍යවතුන් වහන්සේ අයැද භික්ෂූන්ට ධර්මය දේශනා කරන්නෙමි නම් මැනවියි එසේ කළහ. එය දක්වන්ට එවං වුත්තෙ ආයස්මා ආනන්‍දො ආදිය කියන ලදී.
එහි සක්කාය දිට්ඨි පරෙතෙන සත්කාය දෘෂ්ටිය අනුවගිය. නිස්සරණං දෘෂ්ටි නිස්සරණය නම් නිර්වාණයයි. එය යථාස්වරූපයෙන් නොදනී. අප්පටි විත්තා දුරුනොකරන ලද. ඉවත් නොකරන ලද ඔරම්භාගිය සංයෝජනං යට කොටසෙහි සංයෝජන නම් වේ. සෙසු පදවල මෙම ක්‍රමයමැයි. ශුක්ල පක්ෂය නොගැඹුරු අරුත් ඇත්තේමය. සානුසයාපහීයති යයි කීමෙන් මෙහිදී ඇතමෙක් සංයෝජනය අනිකක්ය, අනුසය අනිකක්යැයි කියති. ව්‍යංජන සහිත බත යයි කීකල්හි බතින් අන්‍යවු ව්‍යංජන වන්නාසේ සානුසයා යන වචනයෙන් පරියුට්ඨාන සක්කාය දිටඨියෙන් අන්‍යවූ අනුසයක් වියයුතුයයි යන්න ඔවුන්ගේ ලබ්ධියයි. ඒවා සසීසං පාරුපිත්‍වා ආදී තැන්වලින් ප්‍රතික්ෂේප කළ යුතුය. හිසෙන් වෙන්වූ පුරුෂයෙක් නැත. යම්සේ වීනම්, එයම සංයෝජනයයි. එයම අනුසයයි. මෙසේ ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුන් වහන්සේගේ තරුණ උපමාවට දොස් පැවරුම දුරාරෝපිතයක් වෙයිද දුරාරෝපිතයක් නොවේ. කුමක් හෙයින්ද? මෙසේ ලබ්ධිගත්හෙයිනැයි විස්තර කරන ලදී. ඒනිසා ඒ ක්ලේශය බැඳීම් අර්ථයෙන් සංයෝජනයි. ප්‍රහීණ නොකළ අර්ථයෙන් අනුසයයි. මේ අර්ථය සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුසය සහිතව ප්‍රහීණ වන්නේයයි මෙසේ කියන ලදැයි දත යුතුය.
තචං ඡෙත්‍වා ආදී තන්හි මෙය උපමා සංසන්දනයයි. සම සිඳීම මෙන් විදර්ශනාව දතයුතුය. හරය සිඳීම මෙන් මාර්ගය දතයුතුය. ප්‍රතිපදාව ලෞකික ලෝක්කෝත්තර මිශ්‍ර වූ සේ ගැනීම වටී. එවමෙතෙ දට්ඨබ්බා මෙබඳු පුද්ගලයෝ මෙසේ දතයුත්තෝය.
උපධිවිවෙකා උපධිවිවේකයෙන්. මෙයින් පඤ්චකාමගුණ විවේකය කියන ලදී. අකුසලානං ධම්මානං පහානාය මෙයින් නීවරණ ප්‍රහාණය කියනලදී. කාය දුට්ඨුල්ලානං පටිප්පස්සද්ධියා මෙයින් කයෙහි අලසබවෙහි සංසිඳීම කියන ලදී. විවිච්චෙව කාමෙහි උපධිවිවේකයෙන් කාමයන්ගෙන් වෙන්වී. විවිච්ච අකුසලෙහි අකුසල් දම් ප්‍රහාණයෙන් කාමුකත්වය සංසිඳීමෙන්ද අකුසලං යන්ගෙන් වෙන්ව යදෙව තත්‍ථ හොති එහි සමාපත්තිය තුළ සමාපත්තික්ෂණයෙහිද සමාපත්තියෙන් පැන නැගුණු යම් රූපාදි ස්වභාව සමුහයක් වේ. තෙධම්මෙ රූපගතය ආදී ක්‍රමයෙන් කියනලද ඒ රූපාදී ධර්මයන්. අනිච්චතො අනිත්‍යවශයෙන් දුක්ඛතො දුක්වශයෙන්, රොගතො ආදී තන්හි ආබාධ අර්ථයෙන් රෝගවශයෙන්, ඇතුළත දෝෂ අර්ථයෙන් ගණ්ඩතො නොපිවිසි අර්ථයෙන්ද දුක් උපදවන අර්ථයෙන්ද සල්ලතො, දුක් අර්ථයෙන් අඝතො, රෝග අර්ථයෙන් ආබාධතො. තමාගේ නොවන අර්ථයෙන් පරතො. බිඳවැටෙන අර්ථයෙන් පලොකතො බලනැති අර්ථයෙන් සුඤ්ඤතො ආත්ම නොවන අර්ථයෙන්. අනත්තතො එහි අනිච්චතො පලොකතො යන පදදෙකින් අනිත්‍ය ලක්ෂණය කියන ලදී. දුක්ඛතො ආදී පදසයෙන් දුඃඛලක්ෂණය කියන ලදී. පරතො සුඤ්ඤතො අනත්තතො යන තුන් පදයෙන් අනාත්ම ලක්ෂණය කියන ලදී.