උපධිවිවෙකා උපධිවිවේකයෙන්. මෙයින් පඤ්චකාමගුණ විවේකය කියන ලදී. අකුසලානං ධම්මානං පහානාය මෙයින් නීවරණ ප්‍රහාණය කියනලදී. කාය දුට්ඨුල්ලානං පටිප්පස්සද්ධියා මෙයින් කයෙහි අලසබවෙහි සංසිඳීම කියන ලදී. විවිච්චෙව කාමෙහි උපධිවිවේකයෙන් කාමයන්ගෙන් වෙන්වී. විවිච්ච අකුසලෙහි අකුසල් දම් ප්‍රහාණයෙන් කාමුකත්වය සංසිඳීමෙන්ද අකුසලං යන්ගෙන් වෙන්ව යදෙව තත්‍ථ හොති එහි සමාපත්තිය තුළ සමාපත්තික්ෂණයෙහිද සමාපත්තියෙන් පැන නැගුණු යම් රූපාදි ස්වභාව සමුහයක් වේ. තෙධම්මෙ රූපගතය ආදී ක්‍රමයෙන් කියනලද ඒ රූපාදී ධර්මයන්. අනිච්චතො අනිත්‍යවශයෙන් දුක්ඛතො දුක්වශයෙන්, රොගතො ආදී තන්හි ආබාධ අර්ථයෙන් රෝගවශයෙන්, ඇතුළත දෝෂ අර්ථයෙන් ගණ්ඩතො නොපිවිසි අර්ථයෙන්ද දුක් උපදවන අර්ථයෙන්ද සල්ලතො, දුක් අර්ථයෙන් අඝතො, රෝග අර්ථයෙන් ආබාධතො. තමාගේ නොවන අර්ථයෙන් පරතො. බිඳවැටෙන අර්ථයෙන් පලොකතො බලනැති අර්ථයෙන් සුඤ්ඤතො ආත්ම නොවන අර්ථයෙන්. අනත්තතො එහි අනිච්චතො පලොකතො යන පදදෙකින් අනිත්‍ය ලක්ෂණය කියන ලදී. දුක්ඛතො ආදී පදසයෙන් දුඃඛලක්ෂණය කියන ලදී. පරතො සුඤ්ඤතො අනත්තතො යන තුන් පදයෙන් අනාත්ම ලක්ෂණය කියන ලදී.
සොතෙහි ධම්මෙහි හේ ඒවායින් මෙසේ ත්‍රිලක්ෂණය ආරොපණය කොට සමාපත්තිය තුළ දුටු පංචස්කන්ධ ධර්මයන්ගෙන්, චිත්තං පටිවාපෙති සිත හකුළාගනී, මුදයි. ඉවතටගනී. උපසංහරති විදර්ශනා චිත්තය වනාහි ශ්‍රවණවශයෙන් ස්තූති වශයෙන්, පර්යාප්ති වශයෙන් ප්‍රඥප්තිවශයෙන් ශාන්තවු නිර්වාණයයි මෙසේ අසංඛතවූ අමතවූ ධාතුවෙන් එක්රැස් කරගනී. මාර්ගචිත්තය නිවන අරමුණුකරණ වශයෙන් මෙය ශාන්තය මෙය ප්‍රණීතයයි. එසේ නොකියයි. මේ ආකාරයෙන් එය අවබෝධකරන්නේ එහි සිත එක් රැස්කරගනී යන අර්ථයි. සො තත්‍ථ ඨිතො ඒ ත්‍රිලක්ෂණය අරමුණු කරගත් විදර්ශනාවෙහි සිටියේ. ආසවානං ඛයං පාපුණාති අනුක්‍රමයෙන් සිව්මග වඩා පැමිණෙයි. තෙනෙව ධම්ම රාගෙන සමථ විදර්ශනා ධර්මයෙහි ඡන්‍දරාගයෙන්. සමථ විදර්ශනාවන්හි සැම අතින් ඡන්‍දරාගය වැළඳගැනීමට හැකි පුද්ගලයා රහත්බවට පැමිණේ. නොහැකි පුද්ගලයා අනාගාමි වන්නේය.
යදෙව තත්‍ථ හොති වෙදනාගතං මෙහිදී රූපය නොගන්නා ලදී. කුමක් හෙයින්දයත් ඉක්මගොස් ඇති බැවිනි. මෙය වනාහි යට රූපාවචර ධ්‍යානයට සමවැද රූපය ඉක්මවා ගොස් අරූපාවචර සමවැදුණේයයි සමථවශයෙන්ද මෙයින් රූපය ඉක්බිණ. යට රූප ස්පර්ශ කොට ඉක්මවා ගොස් දැන් අරූපය ස්පර්ශකරතියි විදර්ශනා වශයෙන්ද එයින් රූපය ඉක්බිණ. අරූප ලෝකයෙහි සැම අතින්ම රූපයක් නැතැයි ඒ සඳහාද මෙහිදී රූපය නොගන්නා ලදී.
අථ කිඤ්චරහි කුමක් අසම්දැයි අසයි. සමථවශයෙන් යන්න හුට චිත්ත ඒකාග්‍රතා ධුරයක් වෙයි. එය චෙතො විමුත්ත නමි. මෙහිදී තෙරුන්ට සැකයක් නැත මෙය රස සහිත ස්වභාවයක්මය. සමථවශයෙන්ම යන්නවුන් අතර එකෙක් චෙතො විමුත්ත නම් වේ. එකෙක් පඤ්ඤවිමුත්ත නම්වේ. විදර්ශනා වශයෙන් යන්නවුන් අතරද එකෙක් පඤ්ඤා විමුත්ත නම් වේ. එකෙක් චෙතො විමුත්ත නම් වේ එත්‍ථකිං කාරණං විමසයි.
ඉන්‍ද්‍රිය වෙමත්තතංවදාමි ඉන්‍ද්‍රිය නානාත්වයයි කියමි. මෙය කියන ලද්දේවෙයි. ආනන්ද ඔබ දසපෙරුම් පුරා ඒ සියල්ල අවබෝධ කරගත්තෙත් නොවෙහි ඒනිසා එය ඔබට ප්‍රකට නොවේ. මෙහි ඉන්‍ද්‍රියනානාත්වය හේතුවයි. සමථවශයෙන් යන්නවුන් අතර එක් භික්‍ෂුවකට චිත්තේකාග්‍රතාව පෙරටුව වෙයි. හේ චෙතො විමුත්ත නම්වේ. එක් භික්‍ෂුවකට ප්‍රඥාව පෙරටුවවෙයි. හේ පඤ්ඤාවිමුත්ත නම් වේ. එක් භික්‍ෂුවකට චිත්තේකාග්‍රතාව පෙරටුව වෙයි. හේ චෙතො විමුත්ත නම් වේ. අශ්‍රාවක දෙනම සමථ විපස්සනා ධුරයෙන් අර්හත්වයට පත්වුවෝය. ඔවුන් අතර ධම්මසේනාපති පඤ්ඤා විමුත්තනම්. මහා මොග්ගල්ලාන තෙරහු චේතෝවිමුත්ත නම් වෙති. ඉන්‍ද්‍රිය වෙමත්තතාව එහි හේතුවයයි දත යුතුයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ මය.