චූළමාලුඞ්ක්‍ය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මාලුඞ්ක්‍යසුත්‍රයයි. එහි මාලුඞ්ක්‍යපුත්තස්ස එනම් ඇති තෙරුන් වහන්සේ ඨපිතානි පටික්‍ඛිතතානීති දිට්ඨි ගතාති නාම න බ්‍යාකාතබ්බානි මෙසේ තැබු හා ප්‍රතික්ෂේප කළ තථාගතො සත්වයා. තංමෙනරුච්චති ඒ අව්‍යාකරණය මට රිසි නොවේ. සික්ඛං පච්චක්ඛාය ශික්ෂාව පිළිකෙවි කොට
කො සන්තො කං පච්චාචික්ඛසි යාචකයා යාචිතයා ප්‍රතික්ෂේප කෙරේනම් යාචිතයා යාචකයා ප්‍රතික්ෂේප කරන්නේය. ඔබ යාචකයෙක් නොවෙති. යාචිතයෙක්ද නොවෙති හේ දැන් ඔබ කවරෙක් වුයේ කවරකු ප්‍රතික්ෂේප කෙරෙහිද යන අර්ථයි.
විද්ධො අස්ස පරසේනාවෙහි සිටියකු විසින් විදින ලද්දේ වන්නේය. ශාළ්හ පලෙපන්නෙ ඝන ලේපයෙන් භිසක්කං වෙදා සල්ලකන්තං හුලෙන් කැපීම, සලලකත්තිය යනුවෙන්ද සුත්‍රපාඨයකි. අක්කස්ස අක්ක පොතුගෙන දුනුදිය සදත් ඒ නිසා අක්කස්ස යයි කියන ලදී. සණ්ඨස්ස උණ පතුරින් මරුවා ඛීර පණ්ණිනං පොත්තෙන්ම කරති. එහෙයින් කියන ලදී. යදිවා මරුවාය යදිවා ඛීර පණ්ණිනො යැයි කච්ඡං පර්වත වල තණබිම් වල හා ගංගාතණබිම්වල හටගත්, රොපිමං රෝපණය කොට වඩනාලද උණවනයෙන් උණගස් ගෙන කරනලද, සිථිලහනුනො එනම් පක්ෂියාගේ රොරුවස්ස කලු සිංහයාගේ ස්මෙහාරස්ස වඳුරාගේ එවංනො මේ දෘෂ්ටිය ඇතිකල්හි නොවේ යන අර්ථයි.
අත්‍ථෙව ජාති මේ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්ය වාසයක් නැත ජාතිය ඇත. ජරාමරණද එසේම ඇතැයි දක්වයි. යෙසාහං යමකුගේ මම නිඝාතං උපසාතය. විනාශය මාගේ ශ්‍රාවකයෝ එහි කලකිරී මෙහිම නිර්වාණයට පැමිණෙන්නාහුය යන අභිප්‍රායයි.
තස්මාතිහ යම්හෙයකින් මෙය අව්‍යාකෘතය මා විසින් චතුස්සත්‍යය ප්‍රකාශ කරන ලදී. ඒනිසාය යන අර්ථයි. නහෙතං මාලුඞ්ක්‍ය පුත්ත අත්‍ථසංහිතං මේ දෘෂ්ටිගතය මේ ප්‍රකාශය හේතු සහගත නොවේ. න ආදිබ්‍රහ්මචරියකං බ්‍රහ්මචර්යයාගේ ආදිමාත්‍රයක් වත් පුර්වභාගයෙහි ශීලමාත්‍රයක්වත් නොවේ. නිබ්බිදාය ආදිතන්හි සංසාරයෙහි කලකිරෙනු පිණිස හෝ නො ඇලීම පිණිස හෝ සංසාර නිරෝධය පිණිස හෝ රාගාදීන් නැතිකරනු පිණිස හෝ දත යුතු දහම් දැනගැනීම සඳහා හෝ චතුර්මාර්ග සංඛ්‍යාත අවබෝධය පිණිස හෝ අසංඛතවු නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස හෝ නොවේ. එතංහි මේ සිවිසස් විවරණය ආදිබ්‍රහ්මචරියකං බ්‍රහ්මචර්යාවට ප්‍රථමයෙන් වු පුර්වපදස්ථානයයි. සෙස්ස කියන ලද විපක්ෂක්‍රමයෙන් දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව නෙය්‍ය පුද්ගලයාගේ වශයෙන් නිමවා වදාළසේක.
තෙවැනි මාලුඞ්ක්‍ය සූත්‍රයයි
මහාමාලුඞ්ක්‍ය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහාමාලුඞ්ක්‍ය පුත්‍රයයි. එහි ඔරම්භාගියා කාමභවයෙහි උත්පත්තිය සඳහා හේතුවන්නාවූ පහළ කොටස්, සංයෝජනානි බැඳුම් කස්ස ඛො නාම කිසියම් දෙවියකුගේ හෝ මනුෂ්‍යයකුගේ දෙසිතානි ධාරසි කිමෙක්ද ඔබම හුදෙකලා වූයෙහිද අන් කිසිවෙක් නොවේද අනුසෙති ප්‍රහීන නොකළ බැවින් නීදයි. නිදන්නේ සංයෝජන නම් වේ.