සත්තරථවිනීතවණ්ණනා
සත්ත රථ විනීතානි යනු හික්මුණු අසුන් යෙදූ රථ සතකි. යාවදෙව චිත්ත විසුද්ධත්තා යනු ඇවැත්නි, මේ සීල විශුද්ධිය නම් යම්තාක් චිත්ත විශුද්ධි සංඛ්‍යාත වේ යනු අර්ථයි. චිත්ත විසුද්ධත්ථා යනු අවධි වචනයි. මෙය වනාහි මෙහි අර්ථයයි. යම්තාක් චිත්ත විසුද්ධි සංඛ්‍යාත අර්ථය වේද, ඒ තාක් සීල විශුද්ධිය කැමති විය යුත්තේය. මේ යමක් චිත්ත විශුද්ධිය වේද, එයම සීල විශුද්ධිය වේ යන අර්ථයි. මේ කෙළවරය. මේ අවසානයය. චිත්ත විශුද්ධියෙහි සිටියහුම සීල විසුද්ධි කෘත්‍යය කරන ලද්දේ ද එහෙයිනි. මෙසේ අනෙක් සියළු පදයන්හි ද අර්ථ ගතයුතුයි.
මේ දක්වනු ලබන්නේ එහි උපමා සන්සන්දනයයි. පසේනදී කෝසල රජු මෙන් ජරා-මරණ දෙකින් බියපත් වූ, යෝගාවචර තෙමේ දතයුතුයි. සැවැත්නුවර මෙත් සත්කාය නමැති නගරය ය. සාකේත නුවර මෙන් නිර්වාණ නගරයය. රජුගේ සාකේත නගරයෙහි වෘද්ධි එළවන්නා වූ, වහා ගොස් පැමිණිය යුතු වූ අත්‍යවශ්‍ය කාර්යයක් උපන් කාලය මෙන්, යෝගියාගේ අභිසමය නො කළා වූ චතුරාර්ය සත්‍යයන්ගේ අභිසමය කිස උපන් කාලයයි. අසුන් යෙදූ රිය සක මෙන් සප්ත විසුද්ධීහුය. පළමුවන රථයට නැගි කල්හි මෙන් සීල විසුද්ධියේ සිටි කාලයයි. පළමුවන රථ විනීතාදියෙන් දෙවෙනි රථවලට නැගි කාලය මෙන් සීල විසුද්ධි චිත්ත විසුද්ධීන්හි සිටි කාලයයි. සත්වැනි රථ විනීතයෙන් සාකේතයේ අන්තඃපුර දොරටුවෙහි බැස ප්‍රාසාද තලයෙහි (මතු මහලෙහි) නෑ මිතුරු සමූහයා පිරිවරාගෙන, මිහිර රස බොජුන් වළඳන කල මෙන්, යෝගීන්ගේ ඤාණ දර්ශන විසුද්ධියෙන් සියලු කෙලෙසුන් නසා, උතුම් ධර්මය නමැති ප්‍රාසාදයට නැගී පණහක් කුසල් දහම් පිරිවරාකොට ඇතිව, නිවන අරමුණු කොට ඵල සමාපත්තියට පැමිණ, නිරෝධ නමැති ශයනයෙහි හුන්නහුගේ ලොව්තුරු සුවය විඳින කාලය දතයුතු.
මෙසේ ධර්ම සේනාධිපති වූ සැරියුත් මහ ස්ථවිරයන් වහන්සේ දස කථාවස්තුලාභී වූ පුණ්ණ තෙරුන් ගෙන් සප්ත විසුද්ධීන් විචාළාහ. ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ දසකථා වස්තූන් විසඳුහ. මෙසේ විචාරන්නා වූ ධර්ම සේනාපතීන් වහන්සේ දැනගෙන විමසුවේද? නැතිනම් නොදැන විමසුවේද? නැවත තීර්ථ කුසලවැ හෝ විෂයෙහි විමසුවෝද, නැතිනම් තීර්ථ කුසල නොවී අවිෂයයෙහි විසඳුවෝද, යම්හෙයකින් දැන තීර්ථ කුශලව විෂයෙහි විසඳුවෝද, නැතිනම් තීර්ථ කුශල නොව අවිශයෙහි විසඳුවෝද, යම්හෙයකින් දැන තීර්ථ කුශලව විෂයෙහි විචාරති. දම් සෙනෙවියන්ට කියන්නේද, දැන තීර්ථ කුශලව විෂයෙහි විසඳතියි පුණ්ණ තෙරුන්ට කියන්නේද, යමක් කථා වස්තූන්හි කෙටියෙන් කියා විශුද්ධීන්හි විස්තර දක්වන්නේ ද, යමක් විශුද්ධින්හි දි කෙටියෙන් කියා කථා වස්තූන්හි විස්තර දක්වන්නේ ද, මේ ක්‍රමයෙන් දත යුතුය.
විශුද්ධීන් අතරෙහි, එක් ශීල විශුද්ධිය කථා වස්තූන්හි සතරක්ව ආයේ ය. අල්පේච්ඡ කථාය, සන්තුට්ඨි කථාය, අසංසග්ග කථාය, සීල කථාය යනුවෙනි. එක් චිත්ත විශුද්ධිය තුන් වස්තුවක්ව ආයේය. පවිවේක කථා, විරියාරම්භ කථා, සමාධි කථා. මෙසේ යමක විශුද්ධීන්හි කෙටියෙන්ද කථා වත්ථූන්හි විස්තර වශයෙන් ද දක්වා ඇත්තේ ය. කථා වස්තුවෙහි එක් ප්‍රඥා කථාව විශුද්ධි පහක් වශයෙන් සවිස්තරව ආයේය. දිට්ඨි විශුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි, පටිපදාඤාණ දස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි වශයෙනි. මෙසේ යමක් කථාවස්තුවෙහි සංක්ෂිප්තද, එය විසුද්ධියේ දී සවිස්තරව දැක්වෙයි. එහෙයින් සැරියුත් තෙරණුවෝ සප්ත විසුද්ධි විචාරන්නේ අනෙකක් නො විචාළාහුය. දශකථා වස්තූන්ම විචාළහ. පුණ්ණ ස්ථවිරයෝ ද සප්ත විසුද්ධීන් විසඳන්නේ අනෙකක් නො විසඳූහ. දශකථා වස්තූන්ම විසඳූහ. මෙසේ උන්වහන්සේලා දෙදෙනම දැන එතෙරවීමෙහි සමත් වූවෝම අදාළ කාරණයම විසඳුහ. විසඳුවාහ’යි දතයුතු.
කො නාමා ආයස්මා යනු තෙරුන් වහන්සේ ඔහුගේ නම නො දන්නේම නොවේ. නැවත දැනගැනීමෙන් සතුටක් විඳින්නෙමි’යි යන අදහසින් විචාළහ. කථඤ්චපන ආයස්මන්තං යනු මෙය ස්ථවිරයන් වහන්සේ සතුටුවෙමින් කීහ. මන්තානි පුත්තො යනු මන්තාණි නම් බැමිණියගේ පුතාය. යථා තං යන මෙහි තං යනු නිපාතයක් පමණි. ඇසූ පිරූ තැන් ඇති ශ්‍රාවකයෙකු විසින් යම්සේ ප්‍රකාශ කළයුතු ද එපරිද්දෙන් ප්‍රකාශ කරන ලදී යනු මෙහි කෙටි අර්ථයයි. අනුමාස්ස අනුමාස්සා යනු දසකථා වස්තූන්ට බැස ඊට පිවිස, වෙලණ්ඩුකෙන යනු මෙහි වෙලං යනු වස්ත්රයයි. අණ්ඩුක නම් සුඹුලය. වත්සුඹුලක් හිසෙහි රඳවා ආයුෂ්මතුන් එහි හිඳුවා පරිහරණය කරන්නා වූ ද, ඉදින් සබ්‍රහ්මචාරීහු මෙය දකින්නට ලබන්නාහු නම්, ඒ දැකීම ඔවුන්ට යහපත පිණිසම වේ යයි අස්ථාන පරිකල්පනයෙන් නිරතුරුවම දැකීමට උපාය යෙදූහ. යම්හෙයකින් මෙසේ පරිහරණය නො කරන්නා වූ, ප්‍රශ්න විචාරනු කැමැත්තහු විසින් හෝ බණ අසනු කැමැත්තහු විසින් හෝ තෙරුන්වහන්සේ කොහේ සිටියේද, කොහේ හෝනේද, විමසමින් හැසිරිය යුතු වේද, ඉක්බිති මෙසේ පරිහරණය කරන්නහු විසින් කැමති කැමති වේලාවක හිසෙන් බස්වා, උතුම් ආසනයක වඩා හිඳුවා, ප්‍රශ්න විමසන්නට හෝ බණ අසන්නට හැකිවේද, එහෙයින් අස්ථාන පරිකල්පනයෙන් තොරතුරු දැකීමට උපාය යෙදූහ.