නිවාප සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු නිවාප සූත්‍රයයි. එහි නෙවාපිකො යනු යමෙක් මුවන් ඇල්ලීම පිණිස, මේ තණ කන්නට එන මුවන් පහසුවෙන් අල්ලා ගන්නෙමි යයි කැලෑවෙහි තණ බිජුවට වපුරාද? නිවාපං යනු තණකොලය නිවුත්තං යනු වපුරන ලද, මිගජාතා යනු මුව සමූහයා, අනුපඛජ්ජා යනු ඇතුළතට පිවිස, මුච්ඡිතා යනු තෘෂ්ණාවෙන් මුසපත් වූවාහු, මුච්ඡිතා තෘෂ්ණාව හදවතට ඇතුල් වී (මූර්ඡා) මුසපත් වූ ආකාරයට පමුණුවන ලද්දාහු, මදං ආපජ්ජිසන්ති යනු මාන මදයට පැමිණෙන්නාහුය. පමාදන්ති යනු විසුරුණා වූ සිත් ඇති බවට, යථා කාම කරණීයා භවිස්සන්ති යනු යමක් කැමති වන්නෙම්ද එය එසේ කටයුතු වන්නේ ය. ඉමස්මිං නිවාපෙ යනු මේ තෘණ වැපිරූ තන්හි.
එක් නිවාප තණ වර්ගයක් නම් ඇත. එය යම් යම් සේ නියඟය ඒද ඒ ඒ පරිද්දෙන් හූරුහැල් වනයක් මෙන් ද, මේඝමාලාවක් මෙන් ද, එකට ගුටි වෙයි. වැද්දෝ එය එක් දිය පහසුකම් ඇති තැනක කැස (හා) වපුරා වැටක් බැඳ දොරක් දමා ආරක්‍ෂා කරත්. අනතුරුව යම් මහා නියඟයක් පැමිණි කල්හි සියලු තණකොළ වියලී ගියේද, දිව තෙමන පමණකුත් ජලය නැති වූයේ ද, එකල්හි මුව සමූහයෝ වියලි තණ ද, පරඬැල් ද කමින් වෙවුලමින් මෙන් හැසිරෙන කල්හි, නිවාප තෘණයාගේ සුවඳ ආඝ්‍රාණය කොට වධ බන්ධනාදිය නො සලකා වැට කඩමින් ඇතුල් වෙති. ඔවුන්ට නිවාප තණ අතිශයින් ප්‍රියමනාප වන බැවිනි. නෙවාපික තෙපීමේ (අයිතිකරුවන්) එය දැක දෙතුන් දිනක් ප්‍රමාද ද ඇත. මුවේ විවරකළ දොරෙන් ඇතුල් වී හැකිතරම් කා දිය බී පැනයති. දෙවන දවසෙහි කිසිවක් සිදු නොවේ. කන් සලමින් කා දිය බී නො වෙවුලන ගතියෙන් යෙති. ඊළඟ දවසේ කිසිවක් කිරීමට කිසිවෙක් නැතැයි යැපෙන තාක් කා වතුර බී සෙවන තැනකට වී නිදති. ඔවුන්ගේ ප්‍රමාද බව දුටු වැද්දෝ දොර වසා පිරිවර සමගින් වටකොට, කෙළවරක සිට කොට කොට යති. මෙසේ ඔවුන් ඒ නිවාපස්ථානයේ නේවාපිකයා විසින් කැමති පරිද්දෙන් තමන්ගේ කටයුතු කරති.
තත්‍ර භික්ඛවෙ මහණෙනි! ඒ මෘග සමූහයන් කෙරෙහි පඨමා මිගජාතා මෘග සමූහයෝ පළමුවෙනි දෙවෙනි කියා නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ පැමිණ පිළිවෙළින් පළමුවෙනි දෙවෙනි තෙවැනි සිව්වෙනි වශයෙන් නම් කොට දැක්වීය. ඉද්ධානු භාවා යනු කැමති පරිද්දෙන් කළයුතු බැවින්, මෙහි වසඟ බවම ඉද්ධි යයි ද ආනුභාවයයිද අදහස් කළහ.
භයභොගා බියෙන් කළයුතු පරිභෝගයෙන්, බලවිරියං යනු ඔබිනොබ හැසිරෙන වායෝ ධාතුව පරිහායි පිරිහුනේය යන අර්ථයි.
උපනිස්සාය ආසයං කප්පෙය්‍යාම යනු ඇතුළතට වැදී කන්නවුනට බයම වෙයි. පිටතින් අවුත් කන්නවුන්ටද එයම වෙයි. අපි වනාහි මේ නිවාපන ස්ථානය ඇසුරු කොට එක පැත්තක (පිටත) වාසය කරන්නේ නම් ඉතා හොඳයයි සිතුවෙමු. උපනිස්සාය ආසයං කප්පයිංසු වැද්දෝ වූ කලී හැමදාම ප්‍රමාද වන්නේ නොවෙති. අපි තැන් තැන්වල සෙවණ ඇති තැන්වල ලැහැබ්වල, වැට අයිනේ එක්පසෙක සිටින්නෙමු. වැද්දන් කෑමට හෝ මුව දෙවීමට හෝ පිටත ගියකල්හි නිවාස වත්තට පැන කෑ පමණක් බිව් පමණක් කොට අප වසන තැන්වලටම පිවිසෙන්නෙමු යයි නිවාප වත්ත ඇසුරුකොට වනයෙහි ගස් මුල් සෙවණ තැන්, පඳුරු තුළ ආදියෙහි විසූහ. භුඤ්ජිංසු යට කී ආකාරයෙන් වැද්දන්ගේ ප්‍රමාද කාලය දැක වහ වහා පිවිස තණ කෑවාහු වෙති.
කෙටුභීනො යනු හික්මුණු කෛරාටිකයෝ ඉද්ධිමන්තා යන ඍද්ධි ඇත්තවුන් මෙන්, පරජනා යක්‍ෂයෝ, මොවුන් මෘග සමූහයෝ නො වෙති. ආගතිංවා ගතිංවා යනු මෙතැනින් එති. අසවල් තැනින් යති. මේ කිසිවක් නො දන්නමෝ වෙමු. දණ්ඩවාකරාහි යනු දඬුවර දැල්වලින් සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසු යනු මොව්හූ මායා ඇත්තෝය. ඉතා දුර නොයත්. කිට්ටුව ම සිටින්නාහු වෙති. නිවාප ක්‍ෂේත්‍රය හාත්පස මහත් වූ අවසරය පිරිවැරුවාහු වෙති. අද්දසාසුං මෙසේ වටකොට හාත්පස දැල් එලා වටකොට බලන්නාහු දුටුවාහුය යන අර්ථයි. යම් තැනකට ඔවුහු ගියාහුද, එතැන දුටුවාහුය.
යන්නූන මයං තත්‍ථ අගතීති ඔව්හූ වනාහි මෙසේ සිතූහ. ඇතුළත හෙට ඇතුළත කරන්නවුන්ට ද බිය වේ. පිටතින් ඇවිත් කන්නවුන්ට ද, සමීපයේ ජීවත්ව කන්නවුන්ට ද බියම උපදී. යම්හෙයකින් ඔවුන්ද වරදැලින් වටකොට ගනිත්ද ඒ නිසාම ඔවුන්ට මෙසේ සිතිණ. අපි යම්හෙයකින් නේවාපිකයාට ද, නේවාපික පිරිසට ද සුදුසු නො වේද, විෂය නො වේද, අරමුණු නොවේද, එබඳු තැනෙක්හි වාසය කරන්නෙමු නම් එය ඉතා මැනවි. අඤ්ඤෙ ඝංට්ටෙස්සන්තී එහෙයින් එයින් ඉතා දුර වසන්නා වූ අන්‍යයෝ ද පැමිණ ගැටෙන්නාහ. තෙ ඝට්ටිතා අඤ්ඤෙ ඔවුහු ද ගැටෙන්නාහු එයින් ඉතා දුර වසන්නා වූ අන්‍යයන් සමග ගැටෙන්නාහ. එවං ඉමං නිවාපං නිවුත්තං සබ්බසො මිගජාතා රිඤ්චිස්සන්ති යනු මෙසේ අප විසින් වපුරන ලද නිවාපය සියලු මුවන් විසින්, මුව සමූහයා විසින් අත්හරින්නාහ. දුරු කරන්නාහ. අජ්ඣුපෙක්ඛෙය්‍යාමා ඔවුන් ගැනීමට අපි අපොහොසත් වෙමු. දුරු කරන්නෙමු. යම් සේ එසේ එන්නා වූ තරුණ මුවකු හෝ පැටියෙකු හෝ මහල්ලෙක් හෝ දුබලයෙක් හෝ රැලින් වෙන් වූ කෙනෙක් හෝ ලබන්නට හැකි වන්නේය. නො එන කල්හි මේ කිසිත් නැත්තේය. අජ්ඣුපෙක්ඛිංසු ඛො භික්ඛවෙ යනු මෙසේ සිතා උත්සාහ නො කරන්නෝ වූහ.