ඕපම්ම වර්ගය
කකචූපම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු කකචූපම සූත්‍රයයි. එහි මොලිය එග්ගුන්නො මෝලිය නම් (සිළුව) කොණ්ඩය යයි කියනු ලැබේ.
ඡෙත්‍වාන මොලිං වර ගන්‍ධ වාසිතං
වෙහාසයං උක්ඛිපි සක්‍ය පුඞ්ගවො
රතනස්ස චඞ්ගොටවරෙන වාසවො
සහස්ස නෙත්තො සිරසා පටිග්ගහි
වෙහාසයං උක්ඛිපි සක්‍ය පුඞ්ගවො
රතනස්ස චඞ්ගොටවරෙන වාසවො
සහස්ස නෙත්තො සිරසා පටිග්ගහි
බෝසත් තෙම උතුම් වූ සුවඳ ගල්වන ලද කොණ්ඩය සිඳ අහසට දැමීය. ශක්‍ර දේවේන්ද්‍රයා උතුම් වූ රන් කරඬුවකින් මුදුනින් පිළිගත්තේ ය.
ඔහුගේ කොණ්ඩය ‘මොලිය’ ගිහි කල විශාල විය. එහෙයින් ඔහුට මොලිය එග්ගුණ යන නාමය උපන. පැවිදි වුව ද ඔහු ඒ නමින් ම හඳුන්වති. අතිවෙලං වේලා ඉක්මවා, එහි කාලවේලා, සීමා වෙලා - සීල වේලායයි වෙලාව තෙ පරිදි වේ. තායං වෙලායං ඉමං උදානං උදානෙසි යන මෙහි කාල වේලාවය. ඨිත ධම්මො වෙලං නාති වත්තති යන මෙහි සීමවේලාවය නමි. වෙලා අනතික්කම්මො සෙතුඝාතො, යිද, වෙලා වෙසා අනතික්කමනට්ඨෙන යනු ද සීලවේලා නමි. මේ ත්‍රිවිධ වූ වේලාවන්ම ඔහු ඉක්මවූයේය. භික්‍ෂුණීන්ට අවවාද කරන්නට කාලයක් නම් ඇත. හෙතෙම හිරු අස්තංගත වූ කල්හිද, අවවාද කරන්නේ ඒ සීම වේලාවද ඉක්මවීය. භික්‍ෂුණීන්ට අවවාද කිරීමෙහි ප්‍රමාණයක් සීමාවක් චාරිත්‍රයක් ඇත. හෙතෙම වචන පහකින් හයකින් මත්තෙහි අවවාද කරන්නේ කාල වේලාවද ඉක්මවීය. යළි කථා කරන්නේ ක්‍රීඩා සහගතකොට දුට්ඨුල්ලාපත්ති ඇවතට පොහොනක් කොට කථා කරති. මෙසේ සීල වේලාව ඉක්මවීය.
සංසට්ඨො මිශ්‍ර වූයේ සමාන සුවදුක් ඇතියෙක් ව, සම්මුඛා අභිමුඛයෙහි, අවණ්ණං භාසති ඔවුන් පිසීම්, කෙටීම්, ආදිය කරන්නවුන් දැක, මොවුන්ට නො ඇවැත් නම් නැත. (ඇවැත් ඇති) මේ භික්‍ෂුණීහු අනාචාර ඇත්තාහුය. නරක ව්‍රත ඇත්තාහුය. ප්‍රගල්හ (කාය වාග්) වූවාහු යයි අගුණ කියයි. අධිකරණම්පි කරොති මේ භික්‍ෂූහු මේ භික්‍ෂුණීන් දුටුකල පටන් මේ භික්‍ෂූන්ගේ ඇස් දැවෙති. මේ විහාරයෙහි මල් පිදීම හෝ ආසන සේදීම් හෝ පිරිබඩ කිරීම් ආදිය හෝ මොවුන්ගේ වශයෙන් පවතිත්. මෑලා ලජ්ජා ඇති කුල දූවරුන්ය. තෙපි මේ අයට මේ මේ වචන කියහු ද, තොපට මේ නම් ඇවැත් වෙති. විනයධරයන් වෙත පැමිණිවිට විනිශ්චය දුන මැනවැයි අධිකරණය ඉදිරියට අදියි.
මොලිය ඒග්ගුන්නස්ස අවණ්ණං භාසති මේ මහණ හට ඇවැත් ඇත. නිරතුරු මොහුගේ පිරිවෙන් දොර භික්‍ෂුණීන්ගෙන් නොසිස් යයි අගුණ කියයි. අධිකරණම්පි කරොන්ති මෝලිය එග්ගුන තෙරුන් දුටු කල පටන් මේ භික්‍ෂූන්ගේ ඇස් දැවෙති. මේ විහාරයෙහි අන්‍යයන්ගේ වාසස්ථානයක් බලන්නට ද නො හැකිය. විහාරයට පැමිණි භික්‍ෂුණීහු අවවාද හෝ පිළිසඳර හෝ උද්දේස පද හෝ තෙරුන් නිසාම ලබති. මෙතෙම කුල පුත්‍රයෙක, ලජ්ජා ඇත්තෙක. කුකුස් ඇත්තෙක. මෙබඳු භික්‍ෂුවකට තෙපි මේ වචන කියහුද? එවූ විනයධරයන් ඉදිරියේ විනිශ්චය දෙවු යයි අධිකරණයට ඉදිරිපත් කරත්.
සො භික්ඛු භගවන්තං එතදවොච ප්‍රිය බව කැමැත්තෙන් නොම වෙයි. භේදාධ්‍යාශයෙන් නොවෙයි. වැඩ කැමති බැවින් හිතවත්ව කීය. ඔහුට මෙසේ සිතීල, මෙසේ සංසර්ගව වාසය කරන්නා වූ මේ භික්‍ෂුවට අයස උපදින්නේ ය. හෙතෙම ශාසනයාගේ ද අගුණයෙක් විය. එතකුදු වුවත් වෙනත් කෙනෙකු විසින් කීවත් මොහු මෙය නො නවත්නේ ය. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසා අවවාද දී නැවැත්විය යුතු වන්නේය. ඔහුට වැඩ කැමති බැවින් භාග්‍යවතුන් වහන්සේ ආයස්මා භන්තෙ ආදී වචන කීයේය.
ආමන්තෙහි දන්වව, ආමන්තෙහි කැඳවව.
තස්මා යම්හෙයකින් තෙපි සද්ධාය, සැදැහැයෙන් කුලපුත්‍ර වූයේ ද සැදැහැයෙන් පැවිදි වූයේ ද? යම්හෙයකින් හෝ මොවුන් සමග සංසර්ගව වාසය කරන්නා වූ තොපට යමෙක් තුමූ ඒ භික්‍ෂුණීන්ට ආක්‍රෝශ කරන්නාහු පහර දෙන්නාහූ වෙත් ද ඔවුන් කෙරෙහි දොම්නස උපදින්නේද? සංසර්ග ප්‍රහීණ වූ කල්හි නූපදින්නේ ද එහෙයින් තත්‍ර ඒ නුගුණ කීමෙහි ගෙහසිතා පංචකාම ගුණ නිශ්‍රිත වූ, ඡන්‍දා තෘෂ්ණා ඡන්‍දයෝද, ප්‍රතිඝ ඡන්‍දයෝ ද, විපරිණතං රාගයෙන් රත් වූ සිත ද විපර්යාස වේ. දුෂ්ට වූ සිත ද මුළා වූ සිත ද, විපර්යාස වේ. මෙහි තෘෂ්ණා ඡන්‍ද වශයෙන් රත් වූ, ප්‍රතිඝ ඡන්‍ද වශයෙන් දුෂ්ට වූ සිත වටී. හිතානුකම්පී හිතවත්ව අනුකම්පා කරන්නේ හිතයෙන් පතුරුවන්නේ න දොසන්තරෙ ද්වේෂ සිත් ඇත්තේ නො වන්නෙමි.