රථවිනීත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු රථවිනීත සූත්‍රයයි. එහි රාජගහෙ එනම් නගරයෙහි ඒ නගරය වනාහී මහා මන්ධාතු මහා ගෝවින්ද ආදීන් විසින් පරිහරණය කරන ලද බැවින් රාජගහ යයි කියනු ලැබේ. මෙහි අන්‍ය වූ ප්‍රකාරයන් වර්ණනා කරති. ඔවුන්ගෙන් කිම මේ ඒ නගරයේ නාමයයි. මේ නගරය බුද්ධ කාලයෙහි ද, චක්‍රවර්ති කාලයෙහි ද, නගරය වේ. සෙසු කල හිස් වූයේ යක්ෂයන් විසින් අරක් ගන්නා ලදී. ඔවුන්ට වසන්ත වනයක්ව සිටී. වෙළුවනෙ කලන්දක නිවාපෙ වෙළුවනං ඒ උද්‍යානයේ නාමයයි. එය වනාහි හුණ ගසින්ද අටළොස් රියන් පවුරකින් ද, ගෝ පුර අට්ටාල ආදියෙන් යුක්තය. නීලවරණ වූයේ මනහර වෙයි. එහෙයින් වෙළුවන යයි කියයි. තව ද මෙහි ලෙහෙනුන්ට වැටුප් දුන්නාහු, එහෙයින් කලන්දක නිවාප යයි කියනු ලැබේ.
පෙර එක්තරා රජෙක් එහි උයකෙළි කෙළීමට පැමිණියේ සුරා මදයෙන් මත් වී දහවල් නින්දට පැමිණියේ ශයනය කළේය. ඔහුගේ පිරිවර ජනයා ද රජු ශයනය කළේයයි මල්පල ආදියෙන් පොළඹවනු ලබන්නේ ඔබනොබ ඇවිද්දේය. එකල රා ගඳ නිසා එක්තරා ගස් සිදුරකින් කළු නයෙක් නික්ම රජු ඉදිරියට ආයේය. ඒ දැක රුක් දේවතාවා රජුගේ ජීවිතය දෙමියි ලෙහෙන වෙසින් අවුත් කණ ළඟ ශබ්ද කළේය. රජු පිබිදියේය. කළු නයා නැවතුනේය. හෙතෙම එය දැක මේ ලෙහෙනා විසින් මට ජීවිත දානය දුන්නේ යයි එහි ලෙහෙනුන්ට වැටුප් පිහිටුවීය. ජීවිත දානයෙන් ද ඝෝෂා කළේය. එතැන් පටන් කලන්දක නිවාප යයි ප්‍රසිද්ධියට පත්විය. කලන්දක යනු ලෙහෙනුන්ට නමකි.
ජාතිභූමකා ජාති භූමියෙහි වැසි වූ, එහි ජාති භූමි යනු උපන් තැනයි. ඒ මේ උපන් තැන කොසොල් මහරජු ආදීන්ගේ නොවේ. චංකි බ්‍රාහ්මණ ආදීන්ගේ ද නොවේ. ශක්‍ර සුයාම සන්තුසිත ආදීන්ගේ නොවේ. අසූ මහා ශ්‍රාවක ආදී අන්‍ය සත්ත්වයන්ගේ උපන් තැන ජාතභූමි යයි නො කියනු ලැබේ. යමෙකුගේ උපන්දිනයෙහි දස සහශ්‍රී ලෝකධාතුව එකම ධජපෙල ඇතිව විසුරුණු මල් සුවඳ සුණු ගඳින් සුවඳ වූවා පිපුණා වූ සියළු ගස්වැල්වලින් යුත් නදුනුයන මෙන් බබළන්නී නෙළුම් කොළයක වූ දියබිඳක් සේ කම්පා වූද ජාත්යන්ධයන්ගේ රූපයන් දැකීම ආදී නොයෙක් ප්රාතිහාර්ය පෑවා වූද, ඒ සර්වඥ බෝධි සත්ත්වයන්ගේ උපන්බිම වූ ශාක්‍ය ජනපදයෙහි, කපිලවස්තු ගෘහය උපන් බිම යයි කියනු ලැබේ.
ධම්මගරුභාවවණ්ණනා
වස්සං වුත්ථා තෙමසක් වස් වසන ලද්දාහූ, පවාරණය කළ පැවරුම් ඇති. භගවා එතදවොච මහණෙනි! කිම ඉවසිය හැකිද? ආදී වචනයන්ගෙන් ආගන්තුක පිළිසඳර කොට එතං කොනු ඛො භික්ඛවෙ ආදී වචන කීය. ඒ භික්ෂූහු වනාහි මහණෙනි, කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම වෙහෙස නැතිව මග ආවාහුද? පිණ්ඩපාතය නොලැබී ක්ලාන්ත වූයේද යළි මහණෙනි, තෙපි කොහි සිට ආවාහුද? ආදී පිළිසඳර විසින් විචාරන ලද්දාහූ භාග්‍යවතුන් වහන්ස! ශාක්‍ය ජනපදයෙහි කපිලවස්ථාගාරයේ සිට ජාත භූමියෙන් ආම්භයි කීහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන මහරජුගේ, සුක්කොදන රජුගේ, සක්කොදන රජුගේ, ධොතොදන රජුගේ, අමිතොදන රජුගේ, අමිතා දේවියගේ, පමිතා දේවියගේ, මහා ප්රජාපතීගේ ආදී සියළු ශාක්‍ය මණ්ඩලයාගේ සුවදුක් නො විචාළේය. අනතුරුව තමාත් දශ කථා වස්තුලාභී වූ අනුනුත් එහි සමාදන් කරවන්නා වූ ප්‍රතිපත්ති සම්පන්න වූ භික්ෂුවක් විචාරණ සේක්, කොනු චො භික්ඛවෙ යනාදිය වදාළහ.
කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන ආදීන්ගේ සුවදුක් නො විචාරා මෙබඳු වූ භික්ෂුවකගේම විචාරන සේක්, ප්‍රිය බැවිනි. බුදුරදුන්ට ප්‍රතිපන්න භික්ෂූහු ද, භික්ෂුණීහු ද, උපාසක උපාසිකාවෝ ද, ප්‍රිය වෙත්. මනාප වෙත්. කුමක් හෙයින්ද? ධර්ම ගරුත්වය හෙයින් තථාගතයෝ ධර්මගරුක වූවාහු වෙති. ඔවුන්ගේ ධර්මගරුක භාවය ද ‘දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො’ මේ අජපල් නුගරුක උපන් අදහසින් බව දතයුතුය.
භාග්‍යවතුන් වහන්සේ ධර්ම ගරුත්වය නිසාම මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ අභිනිෂ්ක්රමණයේ දී තුන්ගව්වක් පමණ පෙරගමන් වැඩියහ. අතිරේක යොදුන් සියයක් ගොස් ගංගා තීරයේ දී දහම් දෙසා මහාකප්පින ස්ථවිරයන් රහත් බලයෙහි පිහිටවූහ. එක්දිනක් බතින් පසුව පන්සාලිස් යොදුන් මග ගෙවා ගොස් කුඹල් නිවසේ තුන්යම රෑ මුලුල්ලේ දහම් දෙසා පුක්කුසාති කුලපුත්‍රයා අනාගාමි කළ සේක. එක්විස් යොදුන් ගොස් වනවාසී තෙරණුන්දෑට අනුග්‍රහ කළහ. සැටයොදුන් මග ගොස් ඛදිරවනිය රේවත තෙරුන්ට දහම් දෙසූහ. අනුරුද්ධ තෙරුන් පාචීනවංස මිගදායෙහි හුන්නේ මහා පුරුෂ විතර්කය විතර්ක කෙරේයයි දැන අහසින් එහි ගොස් තෙරුන් හමුවෙහි බැස සාධුකාර දුන්හ. කුටිකණ්ණසොණ තෙරුන්ට එක් ගඳකිළියෙහි සෙනසුන් පනවවා අලුයම දම් දෙසුමට ආරාධනා කොට, ස්වර භඤ්ඤය (මිහිරි ගායනය) අවසානයේ සාධුකාර දුන්හ. තුන්ගවු මග ගෙවා ගොස් තුන් කුලපුතුන් වසන තැන, ගොසිංගසාල වනයෙහි සමගි රසයෙහි අනුසස් වදාළහ.
කාශ්‍යප බුදුහාමුදුරුවෝ ද ඝටීකාර කුඹල්කරුගේ නිවෙසට ගොස් මෙතෙම අනාගාමී ඵලයට පැමිණි ආර්යයෙකැයි විශ්වාස උපදවා සියතින් අහර ගෙන වැළඳූහ.