දුක්කරකාරිකාදිසුද්ධිවණ්ණනා
අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත - චතුරංග සමන්නාගතං යන මෙය කුමක් අරභයා කියන ලද ද? වෙනම අනුසන්ධි වශයෙන් ආරබ්ධයහ. මේ වනාහි සුනක්ඛත්ත දුෂ්කර ක්‍රියාවෙන් ශුද්ධිය වේයයි කියන පිළිගැනීම ඇත්තේල. එහෙයින් ඔහුට භාග්‍යවතුන් වහන්සේ මා විසිනුදු එක් ආත්ම භාවයක සිට චතුරංගයෙන් සමන්විත වූ දුෂ්කරකියා කරන ලද, දුෂ්කර ක්‍රියා කරන්නවුන් අතරින් නම් මා හා සමානයෙක් නැත. දුෂ්කර ක්‍රියාවෙන් ශුද්ධිය ඇතිවන්නේ නම් මම ම ශුද්ධ වූවෙක් වන්නෙමි යි දැක්වීමට මේ දේශනාව ආරම්භ කළේය.
තව ද මේ සුනක්ඛත්ත තෙම දුෂ්කර ක්‍රියාවෙහි ප්‍රසන්න වූවෙක. ඔහුගේ ඒ ප්‍රසන්න භාවය අද්දසා ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවි පුත්තො අචෙලකං කොරක්ඛත්තිකං චතුකුණ්ඩිකං ඡමානිකිණ්ණං භක්ඛාසං මුඛෙනෙව ඛාදන්තං මුඛෙන භුඤ්ජන්තං දිස්වානස්ස එතදහොසි. සාධුරූපො වතභො අරහං සමණෙ චතුකුණ්ඩිකො ඡමානිකිණ්ණං භක්ඛාසං මුඛෙනෙ ඛාදති මුඛෙන භුඤ්ජති ති මේ ආදී වූ පාටික සූත්‍රයෙහි ආ පිළිවෙළින් දතයුතු.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙතෙමේ ද දුෂ්කර ක්‍රියාවෙහි ප්‍රසන්න වූවෙක. මා විසින් ද එක් ආත්ම භාවයක සිට සිව්රහින් යුත් දුෂ්කර ක්‍රියාව කරන ලද, දුෂ්කර ක්‍රියාවෙහි පහදනා වූ මොහු විසින් මා කෙරෙහි පැහැදිය යුතු වන්නේ ය. ඔහුගේ ඒ ප්‍රසාදය මා කෙරෙහි නැතැයි දක්වන්නාහු ද මේ දේශනාව ආරම්භ කළහ.
එහි බ්‍රහ්මචරියං යනු දානය ද, වතාවත් ද, ශික්‍ෂාපද ද, බ්‍රහ්ම විහාරය ද, ධර්ම දේශනාව ද, මෛථුන විරතිය ද, ස්වදාර සන්තෝෂය ද උපෝසථය ද, ආර්ය මාර්ග ද, මුළු සසුන ද, අධ්‍යාශය ද, වීර්යය ද කියනු ලැබේ.
භග්ගවය, සුනක්ඛත්ත නම් ලිච්ඡවී පුත්‍රයා කොරක්ඛත්තිය නම් නග්නයා දෙදන වැලමිට බිම තබා හැසිරෙන්නහු, බිම දමන ලද ආහාරය මුඛයෙන් ම කන්නහු, මුඛයෙන් ම බුදින්නහු දුටුයේය. දැක ඔහුට මෙසේ සිතිණ. ඒකාන්තයෙන් සොඳුරු පියවි ඇති රහත් මහණෙක. දෙදණ වැලමිට බිම තබා බිම දමන ලද ආහාරය මුඛයෙන්ම කයි.
කිං තෙ වතං කිංපන බ්‍රහ්මචරියං - කිස්ස සුචිණ්ණසස අයං විපාකො
ඉද්ධි ජුතී බල විරියූපපත්ති - අක්බාභි මෙ නාග මහා විමානං
නාගරාජය, තොප විසින් සමාදාන වන ලද ව්‍රතය කිම! දාන සංඛ්‍යාත බ්‍රහ්මචරියාව, ශ්‍රේෂ්ට චරියාව කිමෙක්ද? මනාකොට රැස්කරන ලද කවර කර්මයක විපාක වේද? ආනුභාවය ද කාන්තිය ද වෙයි. කාය බලයෙන් හා උත්සාහයෙන් ද සමන්විත වූයේ මහත් වූ විමානයක් ද වේ. මේ මා විසින් විචාරණ ලද්දේ කියව!
අහඤ්ච භරියාව මනුස්ස ලෝකෙ - සද්ධා උභො දානපතී අහුම්හ
ඔපාන භූතං මෙ සරං තදාසී - සන්තප්පිතා සමණ බ්‍රාහ්මණාච
මම ද භාර්යාව ද අපි දෙදෙන මිනිස් ලොව ශ්‍රද්ධාව ඇත්තේ දානපතියෝ වීමු. එකල්හි මගේ ගෙය සතරමං සන්ධියක කණින ලද පොකුණක් මෙන් විය. මහණ බමුණෝ ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලදී.
තම්මෙ වතං තං පන බ්‍රහ්මචරියං - තස්ස සුචිණ්ණසස අයං විපාකො
ඉද්ධී ජුතී බලවිරියූපපත්ති - ඉධංච මෙ ධීර මහා විමානං
වීර්යයන් වහන්ස! මා විසින් සමාදන් වන ලද ඒ ව්‍රතය වෙයි. ඒ දාන සංඛ්‍යාත ශ්‍රේෂ්ඨ චරියාව වෙයි. මනාකොට රැස්කරන ලද ඒ කර්මයාගේ මේ විපාකයයි. ආනුභාවය ද කාන්තිය ද වෙයි. කාය බලයෙන් ද හා උත්සාහයෙන් යුක්ත වෙමි. මේ මහත් වූ විමානය ද වේ.
මේ පුණ්ණක ජාතකයෙහි ‘දානය’ බ්‍රහ්මචරියයි කියන ලද
කෙන පාණි කාම දදො - කෙන පාණි මධුස්ස වො
කෙන තෙ බ්‍රහ්මචරියෙන - පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති
තෙන පාණි කාමදදො - තෙන පාණි මධුස්සවො
තෙන මෙ බ්‍රහ්මචරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති
මේ අංකුර ප්‍රේත වත්‍ථුවෙහි ‘වතාවත’ බ්‍රහ්මචරියයි කියන ලදී.
‘ඉදං වො තං’ භිකඛවෙ තිත්තිරියං නාම බ්‍රහ්මචරියං අහොසි’ යයි. තිත්තිර ජාතකයෙහි පංච ශික්‍ෂාපදය ‘බ්‍රහ්මචරිය’ යයි කියන ලදී. ‘තං ඛොපන පඤ්චසිඛ බ්‍රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගාය යාවදෙව බ්‍රහ්මලොකුප්පත්තියා’ යයි මහා ගෝවින්ද සූත්‍රයෙහි ‘බ්‍රහ්ම විහාරයෝ බ්‍රහ්මචරියයි කියන ලදී. එකස්මිං බ්‍රහ්මචරියස්මිං සහස්සං මච්චු භායිනො යන මෙහි ධර්මදේශනාව ‘බ්‍රහ්ම චරියයි’ කියන ලදී. පරෙ අබ්‍රහ්මචාරි භවිස්සන්ති මයමෙත්‍ථ බ්‍රහ්මචාරී භවිස්සාමී, සල්ලෙඛ සූත්‍රයෙහි ‘මෛථුන විරතිය’ බ්‍රහ්මචරිය යයි කියන ලදී.
මයඤ්ච භරියා නාතික්කමාය - අම්හෙ ච භරියා නාතික්කමන්ති
අඤ්ඤත්‍ර තාහි බ්‍රහ්මචරියං චරාම - තස්මාති අම්හං දහරා නමීයරෙ
මහා ධම්මපාල ජාතකයෙහි ස්වදාර සන්තෝෂය බ්‍රහ්මචරිය යයි කියන ලදී.
හීනෙන බ්‍රහ්මචරියෙන - ඛත්තියෙ උප පජ්ජති
මජ්ඣිමෙනච දෙවදත්තං - උත්තමෙන විසුජ්ඣති
මෙසේ නිමි ජාතකයෙහි ආත්ම දමන වශයෙන් කරන ලද අෂ්ටාංගික උපෝසථය බ්‍රහ්මචරිය යයි කියන ලදී.
ඉදං ඛො පන පඤ්චසිඛ බ්‍රහ්මචරියං එකන්ත නිබ්බිදාය විරාගාය -පෙ- අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො
මහා ගෝවින්ද සූත්‍රයෙහි ම ‘ආර්ය මාර්ගය’ බ්‍රහ්මචරිය යයි කියන ලදී. තයිදං බ්‍රහ්මචරියං ඉධඤ්චෙව ථිතඤ්ච විත්‍ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසි තන්ති’ පාසාදික සූත්‍රයෙහි ශික්‍ෂාත්‍රය සංග්‍රහ වූ සියළු ශාසනය ‘බ්‍රහ්මචරිය’ යයි කියන ලදී.
අපි අතරමානානං ඵලසාව සමිජ්ඣති
විපක්ක බ්‍රහ්මචරියොස්මි - එවං ජානාහි ගාමිණි
මෙහි අධ්‍යාශය බ්‍රහ්මචරිය යයි කියන ලදී.
මෙහි වනාහි වීර්යය බ්‍රහ්මචරිය යයි අදහස් කරන ලදී. වීර්ය බ්‍රහ්මචරියාවට මෙම සූත්‍රයම නිදසුන් වේ. ඒ මේ වීරියය එක් අත්බවෙක්හී සිව් වැදෑරුම් දුෂ්කර ක්‍රියාව කළ බැවින්, චතුරංග සමන්නාගත යයි වදාළහ.
තපස්සී සුදං හොමී යන මෙහි සුදං යනු නිපාතයි. තපස් ඇත්තෙක් වීමි යන අර්ථයි. පරමතපස්සී උතුම් වූ තපස් ඇත්තෙක්, පස් ඇත්තවුන් අතුරෙන් උතුම් වූවෙක් ලූඛස්සුදං හොමි රූක්‍ෂ වූයෙම් වෙමි. ජෙගුච්ඡි පාපයට ජිගුප්සා කරන්නෙමි. පවිචිතස්සුදං හොමි මම උතුම් විවේකය ඇතියෙක් වෙමි.
තත්‍රස්සු මෙ ඉදං සාරිපුත්ත ඒ චතුරංග බ්‍රහ්මචරියාවෙහි මේ මාගේ තපස් ඇති බව වෙයි. තපසින් යුක්ත භාවයෙහි මාගේ මේ අචේලකාදී තපසින් යුක්ත බව වේයයි දක්වති.
එහි අචෙලකො සෙල් රහිත වූයේ, නග්න වූයේ මුත්තාචාරො හරින ලද ආචාර ඇත්තේ උච්චාර කර්මාදියෙහි ලෞකික කුලපුත්‍රයන්ගේ හැසිරීමෙන් වෙන් වූයේ, මළ මූ කෙරෙහි කමි බුදිමි. හත්‍ථාපලෙචනො අතෙහි බත්පිඩ නිමිකල්හි දිවෙන් අත ලෝනෙමි. මළ හෝ කොට අතෙහිම දඬුකඩෙක යන හැඟීම ඇතිව, අතින්ම පිස දමමි. ඔව්හූ දඬුකඳ සත්ත්වයෙකැයි පනවත්ල. එහෙයින් ඔවුන්ගේ පිළිවෙත පුරමින් මෙසේ කළේය. භික්‍ෂාව පිළිගැනීම සඳහා එනු මැනැවි වහන්ස’යි කියන ලදුයේත් නොඒනුයි න එහි භදන්තික නම් වෙයි. එසේ වී නම් සිටිනු මැනවි වහන්ස’යි කියන ලද්දේ නොසිටීනුයි නතිට්ඨභදන්තික නම් වෙයි. ඒ දෙකම තීර්ථකයෝ මොහුගේ වචනය කරන ලද්දේ යයි නොකරති. මම ද එසේ කළෙමියි දක්වති. අභිහට - පළමුකොට ගෙන එලවන ලද භික්‍ෂාව, උද්දිස්සකටං මෙය ඔබ උදෙසා කරන ලදැයි ආරොචනය කළ භික්‍ෂාව, න නිමන්තනං අසවල් නම් කුලයට හෝ වීදියට හෝ ගමට හෝ පිවිසෙනු මැනවැයි නිමන්ත්‍රණය කළ භික්‍ෂාව නො ඉවසමි. නොපිළිගනිමි.