ආහාරසුද්ධිවණ්ණනා
ආහාරෙන සුද්ධි ඩෙබර ආදී එක්තරා ස්වල්ප වූ ආහාරයකින් ශුද්ධිය ලබන්ට හැක්කේ යයි මෙබඳු පිළිගැනීම් ඇත්තාහු වෙති. එවමාහංසු මෙසේ කියත්. කොලෙහි, ඩෙබරවලින් කොළො දකං ඩෙබර මිරිකා කළ පානය. කොල විකති ඩෙබරවලින් කළ විවිධාකාර ආහාර, එක පරමො මේ ප්‍රමාණය සීමා වූයේ මොහුට යයි ඒත පරම වේ. එදා මෙයට ඒකානූ කපකට පෙර ඩෙබර ගෙඩි බෙලි ගෙඩි තල්ගෙඩි පමණ වූයේ නොවේ. අද ඩෙබර ගෙඩියක් යම් ප්‍රමාණ වේද, එදා ද එම ප්‍රමාණයම වෙයි.
අධිමත්තක සීමානං අතිශය කෙට්ටු බවට. ආසීතික පබ්බානි වා කාළ පබ්බානි වා ආසීතික නම් පැළෑටි වර්ගයේ හෝ කළුවැලේ ගැට තැන්හි මැළවී මැද උස් උස් වූවාහු වෙත් ද, මගේ අඟපසඟ ද ඒ සමාන වූයේය. ඔට්ඨපදන්ති ඔටුවාගේ පිය මැද ගැඹුරු වේ ද, එපරිද්දෙන් බෝසතුන්ගේ මස් ලේ මැලවිණ. වස් දොර ඇතුළත පිවිසි බැවින් තට්ටම් මැද ගැඹුරු විය. එකල ඔහු බිම හුන් කල ඊ පගලියකින් ඇක්මුණු කලක් මෙන් මැද උස් වෙයි. වට්ටනාවලී යම්සේ නූලකින් අමුණන ලද නවගුණවැලේ ඇට අතරින් අතර පහත් වේ ද, ඇට පිහිටි තැන් උස් වේද, එපරිද්දෙන් කොඳුඇට පේලිය උස්පහත් වෙයි. ජරසාලාය ගොපානසියො දිරාපත් වූ ගොඩනැගිල්ලක ගොනැස්ස (පරාල යටලී ආදිය) බිත්තිවලින් වැටී බිම සිටියේ ද එකක් යට වී එකක් උඩ සිටී ද, බෝ සතුන්ගේ ඉලඇට එසේ නොවෙති. එහෙත් ලේ සිඳුනු විට මස් මැළවුණු විට, (දිය වූ විට) ඉලඇට අතරින් සම යටට බැස්සහ. ඒ සඳහා මෙය කියන ලදී.
ඔක්ඛායිකා යටට ගියාහු, ඔහුගේ ලේ සිඳුණු කල, මස් දියවුණු කල ඇස්වටය හිස්මුලට හැපී සිටියේය. ඇස් තාරකා බඳු විය. ආමකච්ඡින්තො ඉතා තරුණ කාලයේ සිඳින ලදුයේ, ඔහු අව් සුළගින් පැලෙන්නේ ද මැලවෙන්නේ ද විය.
යාවස්සු මෙ සාරිපුත්තා ශාරිපුත්‍රය, මගේ උදරයේ සිවිය පිටකටුව දක්වා ඇලුණි වෙයි. නොහොත් මගේ දුෂ්කරක්‍රියාව යම්තරම් බැරෑරුම් වූයේ ද මගේ උදර සිවිය පිටකටුවට ඇලුනේ යයි මෙහි සම්බන්ධය දතයුතු. පිට්ඨි කණ්ටකං යෙව පරිගණ්හාමි පිටකටුව සමග ගනිමි. උදරච්ඡවිං යෙව පරිගණ්හාමි උදර සිවිය සමග ගනිමි. අවකුජ්ජො පපතාමි මළ මූ කිරීම පිණිස උන්නා වූ ඔහුගේ මුත්‍රා නො නික්මේ. මලය වූ කලී ඉගිනි ඇට එකක් දෙකක් පමණ නික්මේ. බලවත් වූ දුක් උපදවයි. සිරුරින් ඩාදිය වැගිරේ. එහිමැ යටිකුරුව බිම වැටේ. ‘අවකුජ්ජො පපතාමි’ යනු එහෙයින් කීහ. තමෙමකායං ඒ එකුන් අනූවන කපට පෙර ශරීරය මහා සච්චක සූත්‍රයෙහි පශ්චිමභවික ශරීරය සඳහා ‘ඉමමෙව කායං’ යනුවෙන් වදාළහ. පූතිමුලානි මස් හෝ ලේ ඇතිකල්හි (ලෝම) පවතී. මස් ලේ නැති කල්හි සම්කඩක ලෝමයන් මෙන් අතෙහිම ඇලෙති. ‘පූතිමූලානි කායසමා පතනති’ යනු එහෙයින් වදාළහ.
අලමරියඤාණ දස්සන විසෙසං ආර්යභාවය කරන්නට සමත් වූ, ලෝකෝත්තර මාර්ගය. ඉමිස්සා යෙව අරියාය පඤ්ඤායාති විදර්ශන ප්‍රඥාව නො ලැබීමෙන්, යායං අරියා යම් ආර්ය මාර්ග ප්‍රඥාවකට පැමිණෙන ලද්දේ ද මේ කියන ලදී. යම් සේ මෙකල්හි විදර්ශනා ප්‍රඥාව ලැබූ බැවින් මාර්ග ප්‍රඥාව ලබන ලද්දේ ද, එපරිද්දෙන් මෙයින් එක් අනූ කපකට පෙර විදර්ශනා ප්‍රඥාව නො ලැබූ බැවින් ලෝකෝත්තර මාර්ග ප්‍රඥාවට නො පැමිණියෙමි. තෙරුන්වහන්සේ මෙසේ කීහ. ‘ඉමිස්සායෙව’ යනුවෙන් වදාළ ප්‍රඥාවද ‘යායං අරියා’ යන්නෙන් වදාළ ප්‍රඥාවද මාර්ග ප්‍රඥාව මැයි. එකල්හි ඔහුට භික්‍ෂූහු මෙසේ කීහ. ‘වහන්ස, එසේ ඇති කල්හි මාර්ගයට නොපැමිණියේ ම මාර්ගයට නො පැමිණියේ යයි කියන ලදී. ඇවැත්නි, යම්කිසිවක් දක්වන්නට නො හැකි වෙමි. එසේ වුවත් දෙකම මාර්ග ප්‍රඥාව මැයි’ මෙය ම මෙහි සුදුසුය. වෙනත් අයුරකින් සිදු වූයේ නම් ‘යා අයං’ යන නිර්දේශය සුදුසු නො වන්නේ ය.
සංසාරසුද්ධිආදිවණ්ණනා
සංසාරෙන සුද්ධිති බොහෝ කලක් සැරිසරා පිරිසිදු වෙති යි කියත්. උප්පත්තියා සුද්ධි බොහෝවර ඉපදීමෙන් සිද්ධ වෙතියි කියති. ආවාසෙන සුද්ධි බොහෝ තැන්වල විසීමෙන් සුද්ධ වේයයි කියති. තුන් තන්හි සැරිසැරීම් වශයෙන් ‘සංසාරය’ ඉපදීම් වශයෙන් ‘උත්පත්ති’ බොහෝ තැන්වල විසීම් වශයෙන් ‘ආවාසො’ යයි ස්කන්‍ධ වශයෙන් ම කියන ලදී. යඤ්ඤෙන බොහෝ යාගයන් යැද සුද්ධ වේයයි කියති. මුද්ධා වසත්තෙන සක් තුනකින් ක්‍ෂත්‍රිය රාජාභිෂේකයෙන් මුදුනෙහි අභිෂේක කරන ලද්දහු විසින් අග්ගි පරිචරියායා බොහෝ ගිනි පිදීමෙන් සුද්ධ වෙතියි කියති.
දහරො තරුණයා යුවාති යොවුන් බැවින් යුක්ත වූ තැනැත්තා සුසුකාළ කෙසො මනා වූ කළු කෙස් ඇත්තා - සදෙදන යොබ්බන්නෙ සමන්නාගතො යන මෙයින් යම් යොවුන් බවකින් යුක්ත වූවේ තරුණ වේද? ඔහුගේ ඒ යොවුන් බව සොඳුරු යයි සිත්කළු යයි දක්වයි. පඨමෙන වයසාති පළමුවන වයස නම් තිස්වසරයි. එයින් සමන්විත වූයේ යන අදහසයි. පඤ්ඤා වෙය්‍යත්තියෙන යනු නුවණින් ව්‍යක්ත බවින්, ජිණ්ණො ජරාවෙන් දිරූයෙමි. වුද්ධො වැඩිහිටි බවට පැමිණ අඟපසඟ ඇතියෙමි. මහල්ලකො උපතින් මහළු වූයේ වෙමි. අද්ධගතො බොහෝ කල් ගියේ, දීර්ඝ කාලයක් ඉක්ම ගියේ, වයො අනුසන්තා හොති අවුරුදු සියයේ තුන්වන කොටස වූ අවසාන කොටසට පැමිණියෙමි. අභීතිකො මෙ වයො වත්තතීති මේ සූත්‍රය වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂයෙන් වදාළ සේක. එහෙයින් කියන ලදී. පරමාය උතුම් වූ, සතියා යනාදියෙහි පද සියයක් ද, පද දහසක් ද, කියත් කියත්ම උගෙනීමට සමර්ථ බව සති නමි. එය ම සිත්හි ලා විමසා ගැනීමෙහි සමත් බව ගති නමි. මෙසේ ගන්නා ලද දරණ ලද්ද, හැදෑරීම් කරන්නට සමර්ථ බව, ධිති නමි. ඔහුගේ අර්ථයෙහි ද කරණයෙහි ද, දැකීමෙහි සමත් බව පඤ්ඤාවෙය්‍යත්ති නම් වේ.