සංසාරසුද්ධිආදිවණ්ණනා
සංසාරෙන සුද්ධිති බොහෝ කලක් සැරිසරා පිරිසිදු වෙති යි කියත්. උප්පත්තියා සුද්ධි බොහෝවර ඉපදීමෙන් සිද්ධ වෙතියි කියති. ආවාසෙන සුද්ධි බොහෝ තැන්වල විසීමෙන් සුද්ධ වේයයි කියති. තුන් තන්හි සැරිසැරීම් වශයෙන් ‘සංසාරය’ ඉපදීම් වශයෙන් ‘උත්පත්ති’ බොහෝ තැන්වල විසීම් වශයෙන් ‘ආවාසො’ යයි ස්කන්ධ වශයෙන් ම කියන ලදී. යඤ්ඤෙන බොහෝ යාගයන් යැද සුද්ධ වේයයි කියති. මුද්ධා වසත්තෙන සක් තුනකින් ක්ෂත්රිය රාජාභිෂේකයෙන් මුදුනෙහි අභිෂේක කරන ලද්දහු විසින් අග්ගි පරිචරියායා බොහෝ ගිනි පිදීමෙන් සුද්ධ වෙතියි කියති.
දහරො තරුණයා යුවාති යොවුන් බැවින් යුක්ත වූ තැනැත්තා සුසුකාළ කෙසො මනා වූ කළු කෙස් ඇත්තා - සදෙදන යොබ්බන්නෙ සමන්නාගතො යන මෙයින් යම් යොවුන් බවකින් යුක්ත වූවේ තරුණ වේද? ඔහුගේ ඒ යොවුන් බව සොඳුරු යයි සිත්කළු යයි දක්වයි. පඨමෙන වයසාති පළමුවන වයස නම් තිස්වසරයි. එයින් සමන්විත වූයේ යන අදහසයි. පඤ්ඤා වෙය්යත්තියෙන යනු නුවණින් ව්‍යක්ත බවින්, ජිණ්ණො ජරාවෙන් දිරූයෙමි. වුද්ධො වැඩිහිටි බවට පැමිණ අඟපසඟ ඇතියෙමි. මහල්ලකො උපතින් මහළු වූයේ වෙමි. අද්ධගතො බොහෝ කල් ගියේ, දීර්ඝ කාලයක් ඉක්ම ගියේ, වයො අනුසන්තා හොති අවුරුදු සියයේ තුන්වන කොටස වූ අවසාන කොටසට පැමිණියෙමි. අභීතිකො මෙ වයො වත්තතීති මේ සූත්‍රය වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂයෙන් වදාළ සේක. එහෙයින් කියන ලදී. පරමාය උතුම් වූ, සතියා යනාදියෙහි පද සියයක් ද, පද දහසක් ද, කියත් කියත්ම උගෙනීමට සමර්ථ බව සති නමි. එය ම සිත්හි ලා විමසා ගැනීමෙහි සමත් බව ගති නමි. මෙසේ ගන්නා ලද දරණ ලද්ද, හැදෑරීම් කරන්නට සමර්ථ බව, ධිති නමි. ඔහුගේ අර්ථයෙහි ද කරණයෙහි ද, දැකීමෙහි සමත් බව පඤ්ඤාවෙය්යත්ති නම් වේ.
දළ්හධම්මො ධනුග්ගහො දැඩි වූ දුන්නක් ගෙන සිටින දුනුවායෙක් දළ්හධනු නමි. ‘ද්විසහස්සත්ථාමං’ දෙදහසක් පුරුෂයන්ගේ ශක්තිය ඇත්තේ යයි කියනු ලැබේ. ද්විහස්සත්ථාම නම්, නගන ලද දුනු දඬුයෙහි (දුනුදිය ඇදීමෙහි) ගෙල පමණට ඔසොවන ලද ද, එම දුනුදියෙහි බඳනා ලද ලෝහ ඊයම් ආදීන්ගේ බර පොළවෙන් උඩට එසවේද, එයයි. සික්ඛිතො දහ දොළොස් වසක් ගුරු ගෙදර උගන්නා ලද ශිල්පය ඇති, කතහත්ථො සමහරු ශිල්පය උගනියි. පළපුරුද්ද (කෘතහස්ත බව) ඇති නොවේ. මේ වනාහි පළපුරුද්ද ඇත්තේ වෙයි. වශීතාව ඇත්තේ වෙයි. කතුපාසනො රාජකුල ආදියෙහි දක්වන ශිල්ප ඇත්තේ ලහුකෙන අසන්නො ඇතුළත සිදුරුකොට පුලුන් ආදිය පුරවා කරන ලද ලා පිරියම් ඇති සැහැල්ලු ඊයෙන්, මෙසේ කරන ලද්දේ, එක් ඉස්බක් යන රිට දෙඉස්බක් යාමටද අට ඉස්බක් යන ඊය සොළොස් ඉස්බක් යාමටද හැකිවීම සඳහායි. අට්ඨකසිරෙ නිදුකින්, අතිපාතෙය්ය ඉක්මවන්නේය. එවං අධිමන්ත සකිමන්තො යම් සේ ඒ ධනුර්ධර තෙමේ, ඒ වියත් සතරඟුල් සෙවනැල්ල වහාම ඉක්මවාද, එසේ පද සියයක්, පද දහසක්, ඉගෙනගන්ට හදාරන්ට, අර්ථාන්විත කරුණු විමසන්නට සමත් වේ යන අර්ථයි. අඤ්ඤත්ර අසිත පීත ඛායිත සායාතානි වැළඳීම්, පානය කිරීම් ආදිය භාග්‍යවතුන් වහන්සේ විසින් ද, භික්ෂූන් විසින් ද, කළයුත්තාහු වෙත් ද, එම කාර්යයන් කරන පමණට කල්වේලා තබා යයි දක්වත්.
අපරියාදින්නයෙව ක්ෂය නො වූයේමය. ඉදින් එක භික්ෂුවක් කායානුපස්සනා විචාරයි. තව කෙනෙක් වේදනානුපස්සනාව විචාරයි. තව අයෙක් ධම්මානුපස්සනාව විචාරයි. මොහු විසින් විචාළ කල්හි මම විචාරන්නේ එකෙක් එකකු නොබලා ද, එසේ ඇතිකල්හි ඔවුන්ගේ වාරය පැමිණෙයි. එහෙත් එපරිද්දෙන් සර්වඥවරයන්ගේ වාරය නො පෙනෙයි. එක් වියත් සතරඟුල් ඡායාව පළමුවම භාග්‍යවතුන් වහන්සේ, තුදුස් ආකාරයකින් කායානුපස්සනාව ද, නවවිධ වූ වේදනානුපස්සනාව ද, සොළොස් ආකාර චිත්තානුපස්සනාව ද, පස් අයුරකින් ධම්මානුපස්සනාවද, වදාළහ. පළමුකොට මොව්හු සතරදෙන සිටිත්වා. අනෙක් අය, සතර සම්‍යක් ප්‍රධන් වීර්යයෙහි ද, අනෙක් අය ඉද්ධිපාදයන් විෂයයෙහි ද, අනෙක් අය පංච ඉන්ද්රිය විෂයයෙහි ද, අනෙක් අය පංච බලය විෂයයෙහිද, අනෙක් අය සප්ත බොජ්ඣංග විෂයයෙහි ද අනෙක් අය ආර්ය අෂ්ටාංගික මාර්ග විෂයයෙහි ද, ප්‍රශ්න විචාරන්නාහු නම්, එය ද භාග්‍යවතුන් වහන්සේ විසඳන සේක. ඉදින් මොහු අටදෙන සිටිත්වා. ඉන් අනෙක් තිස්හත් දෙනෙක් බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ප්‍රශ්න විචාරන්නේ නම් එය භාග්‍යවතුන් වහන්සේ එකෙණෙහිම විසඳන සේක. කවර හෙයින්ද, යම් හෙයකින් ලෞකික මහජනයා එක්පදයක් කියත්ද? එකල්හි ආනන්ද හිමියෝ අටපදයක් කියති. ආනන්ද හිමියන් එක පදයක් කියන කල්හි භාග්‍යවතුන් වහන්සේ පද දහසයක් වදාරයි. කුමක් හෙයින්ද? භාග්‍යවතුන් වහන්සේගේ දිව මොළොක් නිසාය. තොළ සුපර්ශිත නිසාය. වචනය නොගිලින ලද නිසාය. භවඞ්ගපරිවාසය ලහු නිසා ය (කෙටි නිසා ය). අපරියාදිණ්ණා යෙවස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්මදෙසනා යනු එහෙයින් කියන ලදී.