ඤාණප්පවත්තාකාරවණ්ණනා
දැන් කියන ලද ස්ථානයන්හි තමන්ගේ ඤාණය පවත්නා ආකාරය දක්වන්නේ ඉදානි සාරිපුත්ත ආදිය කීහ.
එහි එකන්ත දුක්ඛාති නිත්‍යයෙන් දුක් වූ නිරන්තරයෙන් දුක් වූ තිප්පා බහුල වූ, කටුකා රළු වූ සෙය්‍යථාපි යනාදිය සමානකම දැක්වීම පිණිස වදාරණ ලදී. එහි කාසූ යන්නෙන් වළඳ රැස ද කියනු ලැබේ.
කින්නු සන්තර මානොව - කාසු බණසි සාරථි
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි - කිං කාසුයා කරිස්ස සි
එම්බා රියැදුර, කුමක් හෙයින් වළ සාරයිද? යහළුව, වළෙන් ඔබට කවර ප්‍රයෝජනයක් දැයි අසන මට පිළිතුරු දෙනු මැනවි.
මෙහි කාසු නම් ආවාටයයි වළයි.
අංගාර කාසුං අපරෙ පුණන්ති, නරා රුදන්තා පරිදඩ්ඪ ගත්තා
අනෙක් මිනිස්සු හඬන්නාහු හාත්පසින් දැවුණු සිරුරු ඇත්තාහු අඟුරු රැස විසුරුවත්.
එහි ‘කාසු’ නම් රාශියයි. මෙහිද ආවාට ‘වළ’ අදහස් කරනු ලැබේ. එහෙයින් කියන ලදී. සාධික පොරිසං පුරංගාරානං යනු අධිකයක් සහිත වූ පුරුෂ ප්‍රමාණය මොහුට ඇත්තේනුයි සාධික පොරිසං පුරංගාරානං යනු වේ. අතිරේක වූ පස්රියනක් යනු අර්ථයි. විච්චිකානං වීතධුමානං යන මෙය පරිදාහයේ බලවත් බව දැක්වීම පිණිස කියන ලදී. ගිනිසිල හෝ දුම ඇති කල්හි වාතය හටගනී. එහෙයින් පරිදාහය බලවත් නොවේ. සම්ම පරතො ග්‍රීෂ්මය අනුව ගියේ තසිතො යනු හටගත් තෘෂ්ණා ඇත්තේ, පිපාසිතො දිය බොනු කැමැත්තේ, එකාසනො මග්ගො නාති එකම මගකින්ම. පිළිවෙළින් යා යුතු වූ දෙපැත්තෙන්ම නිරතුරුවම කටු රුක්වලින් ගහණ වූ පණිධායා අඟුරුවල ප්‍රාර්ථනාවක් නැත්තේම ය. අඟුරුවළ අරභයා ඉරියව් පිහිටවන ලද බැවින් මෙසේ කියන ලදී.
එවමෙව ඛො යන මෙහි මේ සමානකම සැසදීමයි. අඟුරුවළ මෙන් නිරය දතයුතු, අඟුරුවළට යන මග මෙන් නිරයට පැමිණෙන කර්මය ද, මගට බැසගත්තහු මෙන් කර්මයෙන් යුක්ත පුද්ගලයා ද, ඇස් ඇති පුද්ගලයා මෙන් දිවැස් ඇති භාග්‍යවතුන් වහන්සේ ද, යම් සේ ඒ පුද්ගලයා ගමන් ගන්නා දැක මේ පුද්ගලයා මේ මගින් ගොස් අඟුරුවළට වැටෙන්නේ යයි දැනගනී ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රාණඝාතාදීන් අතුරෙන් යම්කිසි කමයක් රැස් කරන්නේ මොහු මෙම කර්මය කොට කොහේ උපදින්නේදැයි ආලෝකය විහිදුවා දිවැසින් බලන්නේ නිරයෙහි උපදින බව දකියි. පංචවිධ බන්‍ධනාදී මහා දුක් විඳින්නාහු දක්නා සේක. තවෙකක් ඇත. ඔහු එහි (මිනිස්ලොව) කර්ම රැස්කරන කාලයෙහි ඔහුගේ වර්ණය අනිකෙක. නිරයෙහි උපන් කාලයෙහි වර්ණය අනිකෙක. එකල්හිත් ඒ සත්ත්ව තෙමේ කර්මයකොට එහි (නිරයෙහි) උපන්නේ යයි බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ නොයෙක් දහස් ගණන් සත්ත්වයන් මධ්‍යයෙහි සිටියේ නමුත් ‘මේ හෙතෙමේ’ යයි ඒ සත්ත්වයාවම හඳුනාගැනීමට හැකිවෙයි. දිවැස්හුගේ ඵලය නම් එයයි.
දෙවැනි උපමාවෙහි යම්හෙයකින් අඟුරු වළෙහි මෙන් ගූථ කුපයෙහි දැවිල්ලක් නැත්ද එහෙයින් එකන්ත අදුක්ඛා යයි නො කියා දුක්ඛා යනාදිය කීහ. මෙහි ද පළමු ක්‍රමය මෙන් ම සමානකම සසඳන බව දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයා ද හස්ති යෝනි ආදියෙහි යම්කිසි තැනෙක උපන්නහු වධ බන්‍ධන, ඇදීම ඉදිරියට ඇදීම පසුපසට ඇදීම ආදී වශයෙන් මහත් වූ දුක්විඳින බව දකින්නේම ය.
තුන්වැනි උපමාවෙහි තනුපත්ත පලායො යනු වලා පටලයක් මෙන් නොව, තුන් පත්‍ර ඇත්තේ, ඒ ගස විරල වූ, කොළ ඇති බව දැක්වීම සඳහා වදාරන ලදී. කබරච්ඡායො විරල වූ සෙවන ඇත්තේ දුක්ඛ බහුලො ප්‍රේත විෂයෙහි දුකම බහුල වේද මද වූ සැපයම වින්ද යුතු වේ. මෙය ද පෙර කී ආකාරයෙන්ම සමානකම් සැසඳිය යුතු වේ.
සතරවැනි උපමාවෙහි බහලපත්ත පලායො බහුල වූ කොළ ඇත්තේ, කොළවලින් ගැවසීගත්තේ, සන්‍දච්ඡායො පහණ සතක් මෙන් ඝණ වූ සෙවන ඇත්තේ සුබ්බහුලා වෙදනා මිනිස් ලොව ක්‍ෂත්‍රිය කුල ආදී සැප බහුල වූ වේදනාවේ විඳිය යුත්තාහු වෙති. ඒ සුව වේදනා විඳීමෙන් උන්නා වූ හෝ හොත්තා වූ හෝ (අය) දකින්නෙමියි දක්වයි. මෙහි ද උපමා සංසන්දනය පෙර පරිදිම දතයුතුයි.
පස්වැනි උපමාවෙහි පාසාදො දීර්ඝ ප්‍රාසාදයක්, උල්ලිත්තාවලිත්තං ඇතුළත හා පිටත හුණු ආලේප කළ, ඵුස්සිතග්ගලං මනාකොට වසන ලද දොර ජනෙල් ඇති, ගොනකත්‍ථතො අඟල් සතරක් පමණ දික් වූ ලොම් ඇති කොඳු පලසින් අතුරන ලද පටිකත්‍ථතො එළුලොම් මුවා සුදු ඇතිරියෙන් අතුරන ලද, පඨලි කත්‍ථතො ඝන වූ සුප් ඇති එළුලොම් මුවා සුදු ඇතිරියෙන් අතුරන ලද, කදලි මිග පවර පච්චත්‍ථරණො කෙසෙල් මුවසම් මුවා උතුම් පසතුරුණෙන් අතුරන ලද, යන අර්ථයි. ඒ පසතුරුණු සුදු වතක් මතුයෙහි කෙසෙල්මුව සම් අතුරා මසා නිම කෙරෙත්ල. ස උත්තරච්ඡාදො උඩුවියන් සහිත වූ මතුයෙහි බඳනා ලද රතු වියන සමග යන අදහසයි. උභතො ලොහිතකූපධානො ශීර්ෂෝපධානයද පාදොපධානය ද පර්යංකයෙහි තබන ලද රතු කොට්ට ඇති, මෙහිද උපමා සැසඳීම පළමු පරිද්දෙන් ම බෙදා දතයුතුයි.