උත්තරිමනුස්සධම්මාදිවණ්ණනා
එසේ වුවත් එයින් මත්තෙහි (සමථ විදර්ශනා ආදී) විශේෂ අධිගමය වලකන්නේ, උත්තරි මනුස්ස ධම්ම අලමරියඤාණ දස්සන විසෙසො යි කීය.
එහි ආර්යයෙකු කරන්නට ප්රමාණවත් යයි ‘අලමරිය’ නමි. ආර්ය භාවයට සමර්ථයයි කියන ලද්දේය. ඥාන දර්ශනයම ඥාන දර්ශන වෙයි. අලමරිය වූයේත් ඤාණ දර්ශන වූයේත් එමනුයි අලමරියඤාණ දස්සන විසෙසො වෙයි. ඤාණදස්සනං යනු දිවැස ද විදර්ශනාවද, මාර්ගයද, ඵලයද, ප්රත්යවේක්ෂා ඤාණය ද, සර්වඥතා ඤාණය ද වේ. ‘අප්පමත්තො සමානො ඤාණ දස්සනං ආරාධෙති යන මෙහි දිවැස ම ඤාණදර්ශන නමි. ‘ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභින්නාමෙති’ යන මෙහි විදර්ශනා ඤාණයයි. ‘අභබ්බා තෙ ඤාණ දස්සනාය අනුත්තරාය සම්බොධාය’ යන තන්හි මාර්ගයයි. ‘අයමඤ්ඤො උත්තරි මනුස්ස ධම්ම අලමරිය ඤාණ දස්සන විසෙසො අධිගතො ඵාසු විහාරො’ යන මෙහි ඵලයයි. ‘ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතො විමුත්ති අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවො’ මෙහි ප්රත්යවේක්ෂා ඤාණයයි. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි. සත්තාහ කාලකතො ආළාරො කාලා මො’ යන මෙහි සර්වඥතා ඥානයයි. මෙහි වූ කලී ලෝකෝත්තර මාර්ගය අදහස් කරන ලදී. හෙතෙම භාග්යවතුන් වහන්සේ ඒ මාර්ගය ප්රතික්ෂේප කිරීම කරයි.
තත්තපරියාහතනති යන මෙයින් ආචාර්යවරයා වළක්වයි. ඔහුට මෙබඳු සිතක් වීල. ‘ශ්රමණ ගෞතමයන් ගුරුවරුන් වෙත එළඹ මනාකොට උගත් ධර්මාන්තරයක් නැත. තර්කකොට විතර්ක කොට මෙසේ වන්නේය මෙසේ වන්නේ යයි ඒ ඒ තත්ත්වයන් අනුව විතර්කයෙන් ගන්නා ලද්දක් කොට දහම් දෙසයි. විමංසානුචරිතං යනු මෙයින් උන්වහන්සේගේ ලෞකික ප්රඥාව ප්රකට කෙරෙයි. ශ්රමණ ගෞතමයෝ ප්රඥා ඇත්තෙකි. හෙතෙම ඒ ප්රඥා සංඛ්යාත වූ ඉන්දියාගේ සිළුමිණ බඳු වූ වීමංසාවම මෙසේ වටනේය මෙසේ වටනේය යි, ඔබමොබ හසුරුවා වීමංසාවෙන් හසුරුවන ලද ධර්මය දේශනා කරයි. සයංපටිභානං මෙයින් මේ බුද්ධ ධර්මයන්හි ප්රත්යක්ෂභාවය වළක්වයි. ඔහුට මෙසේ අදහසක් ඇති විය. ශ්රමණ ගෞතමයන්ට සියුම් ධර්මාන්තරයක් විදර්ශනා මාර්ගයක් ඵලයක්, ප්රත්යක්ෂ වූවක් නම් නැත. එතකුදු වුවත් මෙතෙම ලද පිරිස් ඇත්තේය. සක්විති රජෙකු මෙන් සිව්වණක් පිරිස පිරිවරා සිටිත්. ඔහුගේ දෙතොළ මනාකොට පහස් ඇත්තේය. දිව මොළොක්ය. හඬ මිහිරිය. වචනය නිවැරදිය. ඔහුට යමක් යමක් වැටහේද? ඒ ඒ කරුණ ගෙන තමන්ට වැටහුණු කථාව කියමින් හේ මහජනයා සතුටු කරයි.
යස්සච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො යම් කරුණක් සඳහා ඔහු විසින් ධර්මය දේශනා කරත්ද? රාගය නැසීම පිණිස අශුභ කර්මස්ථානය ය, ද්වේෂය නැසීම සඳහා මෛත්රී භාවනාමය. මෝහය නැසීම සඳහා පංච ධර්මයෝ ය. විතර්කය නැසීම සඳහා ආනාපාන සතියය.
සො නීය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය ඒ ධර්මය මනාකොට පිළිපදින්නහු හේතු වශයෙන්, නය වශයෙන් කරුණු වශයෙන් සංසාර දුකින් මිදීමට පැමිණෙයි. ඒ ධර්මය ඒ අර්ථය සිද්ධ කෙරේ යයි දක්වයි.
මෙය වනාහි තමාගේ අදහස් වශයෙන් හෙතෙම නො කියයි. බුදුවරුන්ගේ ධර්මය අනෛර්යාණිකයයි හෙතෙමේ කියන්නේ ද? එසේ වුවත් කියන්ට අසමර්ථ වේද, ඒ කුමක් හෙයින් ද? දෝෂාරෝපණ භීතියෙනි. විසාලා මහනුවර සෝවාන් වූ සකෘදාගාමී වූ අනාගාමි වූ බොහෝ උපාසක උපාසිකාවෝ වෙති. ඔව්හූ මෙසේ කියති. සුනක්ඛත්තය! ඔබ භාග්යවතුන් වහන්සේගේ ධර්මය අනෛර්යානික යයි කීයෙහි. ඉදින් මේ ධර්මය අනෛර්යානික වූයේ නම් මේ නගරයේ මෙතෙක් ජනයෝ කෙසේ සෝවාන් වූවාහුද? මෙතෙක් කෙසේ සකෘදාගාමී වූවහුද? මෙතෙක් කෙසේ අනාගාමී වූවහුද? මේ ආදී ක්රමයෙන් දෝෂාරෝපණය කරන්නාහු යයි, දෝෂාරෝපණ භීතියෙන් අනෛර්යාණික යයි කියන්නට නොහැකි වන්නේ අර්ජුන විසින් විදින ලද ඊතලයක් සෙයින් ඔහුගේ ධර්මය නොසිස් වූයේ නිවන් පිණිස ජනයා පැමිණෙති. එසේ වුව ද ඔහුගේ අභ්යන්තරයෙහි කිසිවක් නැතැයි කියයි.
අස්සොසි ඛො විසාලාවෙහි බමුණු කුල සිටු කුල ආදී පිරිස් මැද තැන් තැන්වල මෙසේ කියන්නවුන්ගේ ඒ වචනය ඇසී, එසේ වුවත් නො වැළකීය. කුමක් හෙයින් ද? කරුණාව නිසාය. උන්වහන්සේට මෙසේ සිතිණ. මේ තෙමේ කිපියේ දැවෙන්නා වූ හුණ වනයක් මෙන්, උදුනට ලුණු දැමූ කලක මෙන් ද, ක්රෝධයෙන් පිපිරෙයි. මා විසින් වළකන ලද්දේ මා කෙරෙහි ද වෛර බඳින්නේ ය. මෙසේ ඔහුගේ තථාගතයන් කෙරෙහිද, මා කෙරෙහි ද, දෙදෙනා කෙරෙහිම ආඝාතය බඳින අතර එය ඉතා බර වන්නේයයි කරුණාබර බැවින් නො වැළකීය. බුදුවරුන් පිළිබඳව නුගුණ කථා නම් පුන්සඳට බැනීමක් වැනිය. කවරෙක් මොහුගේ කථා අදහයිද? තමාගේ කෙළ සිඳුන කල්හි මුව වියලුනු කල්හි නවත්වනු ඇත. මේ කරුණෙන් ද නොවැළකීය. පිණ්ඩපාත පටික්කන්තො පිණ්ඩපාතය සෙවීමෙන් වෙන්වූයේ,
කොධනො සැඩ වූයේ, ඵරුෂ වූයේ, මොඝ පුරිසො හිස් පුරුෂයා, ඒ එසේ ය යමෙකුට එම ආත්මභාවයෙහිදී ම මාර්ගඵල ලැබීමට හේතු සම්පත් නැත්ද? ඔහු මෝඝ පුරුෂයෙකියි බුදුවරු පවසත්. හේතු සම්පත් ඇතිකල්හිදු එකෙණෙහි මාර්ගයක් හෝ ඵලයක් හෝ නැත්තේ නම් ඔහුට ද ‘හිස් මිනිසා’ යයි කියති. මේ පුද්ගලයාට වනාහි මේ ආත්මයේම මගඵල ලබන්නට හේතුසම්පත් තිබියදීම කවර හෙයකින් මෝසපුරිස යයි කීයේද, කොධා ච පනස්ස එසා වාචා තාසිතා ඔහුගේ සිතේ ඇති ක්රෝධය නිසාම මේ වචන කියන ලදී.