පූර්වෙනිවාස කථා
යම් ගුණ කෙනෙකුන් ලබාදුන්නේ වේද, ඔවුන් අතුරෙන් ඒකදේශයක් දක්වන සේක්, සො එවං සමාහිතෙ චිත්තෙ යනාදිය වදාළහ.
එහි (පුබ්බෙනිවාස-දිබ්බචක්ඛු) ද්විධ විද්‍යාවන්ගේ පදානු වර්ණනාවද, භාවනා නයද විසුද්ධි මග්ගයෙහි විස්තර වශයෙන් දක්වන ලදී. හුදෙක් එහි, සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- අභිනින්නාමෙති යයි කියන ලදී. මෙහි අභිනින්නාමෙසිං යයි කියන ලදී.
අයං ඛො, මෙ බ්‍රාහ්මණ යන මේ අර්පණා වාරයද එහි නොම ආයේය. මෙයම එහි විශේෂයි. එහි සො යනු ඒ මම අභිනින්නාමෙසිං, එලවීමි. අභිනින්නාමෙසිං යන වචනයෙන් ද, සො යන මෙහි ඒ මම යයි මෙසේ අර්ථය දතයුත්තේය.
තව ද යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ වශයෙන් මේ පූර්වේනිවාසානුස්මෘති ඥානය ආයේ ද, එහෙයින් සො තතො චුතො ඉධූපපන්නො යයි මෙහි මෙසේ යෝජනා දත යුත්තීය. යම් හෙයකින් මෙහි සො තතො චුතො යනු පෙරලා නවත්තන්නහුගේ ප්‍රත්‍යවේක්‍ෂාව වේද එහෙයින් ඉධූපපන්නො යනු මේ මෙහි උත්පත්තියට අනතුරුව (යන අර්ථයි) අමුත්‍ර උදපාදිං යනු තුෂිත භවනය සඳහා වදාළහයි දතයුතුය.
තත්‍රාපාසිං එවං නාමො ඒ තුෂිත දෙව්ලොව ‘සේතකේතු නම් දිව්‍යපුත්‍රයා වීමි. එවං ගොත්තො, ඒ දේවතාවුන් සමග සමාන ගෝත්‍ර - ඇත්තෙම්, එවං වණ්ණො ස්වර්ණ වර්ණ වූයෙම්, එවමාහාරො දිව්‍යමය සුධාහාර ඇත්තෙම්, එවං සුඛ දුක්ඛ පටිසංවෙදි, මෙසේ දිව්‍යමය සැප විඳිනසුළු වූයෙමි. දුක වනාහි සංස්කාරයන්ගේ දුඃඛමාත්‍රය මැයි. මෙසේ සත් පනස් කෙල ලක්‍ෂයක් අවුරුදු ආයු ඇත්තෙම් වීමි. සො තතො චුතො ඒ මම තුෂිත දෙව්ලොවින් චුත වූයෙම්, ඉධූපපන්නො මෙහි මායා දේවියගේ කුසෙහි උපන්නේ වීමි.
අයං ඛො මෙ බ්‍රාහ්මණ, ආදි තන්හි මෙ මා විසින් විජ්ජා යනු විදිතකරණාර්ථයෙන් (=අවබෝධ) විජ්ජා නම් කුමක් විදිත කෙරේද? පෙර විසූ ආත්ම භාවයෝය. අවිජ්ජා යනු අවිදිත (අනවබෝධ) අර්ථයෙන් අවිජ්ජා නම් වේ. එම අවබෝධ නැණ වසන මෝහයයි කියනු ලැබේ. [missing trans]
ආලොකො යනු ඕ විද්‍යා තොමෝම ආලෝකමත් කරන අර්ථයෙන් ආලෝකය යයි කියනු ලැබේ. මෙහි වනාහි එම විද්‍යාව අවබෝධ කළේය යන මේ අර්ථයයි. සෙස්ස ප්‍රශංසා කිරීම සඳහාය. මෙහි මෙම යෙදීම්හු වෙති. මා විසින් මේ විද්‍යාතොමෝ අවබෝධ කරන ලද්දීය. අධිගත විජ්ජා ඇති මගේ අවිජ්ජා තොමෝ පහව ගියාය. නැසුනාහ යන අර්ථයි. කුමක් හෙයින් ද, යම් හෙයකින් විද්‍යාව පහළ වූවා ද, මේ නයමැයි ඉතිරි පද දෙක පිළිබඳවද,
යථාතං යනු මෙහි යථා යනු උපමා අර්ථයෙහිය. තං යනු නිපාතයි. සතියගේ අවිප්පවාසයෙන් අප්පමත්තස්ස ප්‍රාමාද වූවහුට වීරිය නමැති අව්වෙන්, ආතාපිනො තැවෙන්නහුට කයෙහි ද, ජීවිතයෙහි ද අපේක්‍ෂා රහිත බැවින් පහිතත්තස්ස, නිවනට මෙහෙයවන ලද සිත් ඇත්තහුට, අත්හරින ලද සිත් ඇත්තහුට යන අර්ථයි. මෙයින් කියන ලද්දේ වෙයි. අප්‍රමාදීව කෙලෙස් තවන වර ඇතිව මුදාහළ සිත් ඇතිව, වාසය කරන්නෙකු විසින්, යම්සේ අවිද්‍යාව නසන ලද්දී ද, විද්‍යා තොමෝ උපදවනු ලබන්නී ද, අන්‍ධකාරය නසන ලදී ද, ආලෝකය උපදවන්නී ද, එපරිද්දෙන් මවිසින් අවිද්‍යාව නසන ලද්දීය. විද්‍යාව උපදවන ලද්දීය. තමස (අඳුර) නසන ලද්දීය. ආලෝකය උපන්නේය. එපරිද්දෙන් මා විසින් වීර්යයට අනුරූප වූ ප්‍රතිඵලය ලබන ලද්දේය.
පූර්වෙනිවාස කථා නිමි.
චුතූපපාත කථා
චුතූපපාත කථාවෙහි මෙහි භාග්‍යවතුන් වහන්සේගේ වශයෙන් පාලියෙහි ආවේ වෙයි. එහෙයින් පස්සාමි පජානාමි යයි කියන ලද්දීය. විශේෂත්වයකට ඇත්තේ මෙයයි. සෙස්ස විසුද්ධිමග්ගයෙහි දැක්වූ පරිදිම වෙයි.
මෙහි වනාහි විජ්ජා යනු දිබ්බචක්ඛුඤාණ විද්‍යාවයි. අවිජ්ජා යනු සත්ත්වයන් චුතිය හා පටිසන්ධිය වසන අවිජ්ජාවයි. සෙස්ස කී පරිදිමැයි. යම් හෙයකින් පිරූ පාරමී දම් ඇති මහාසත්ත්වයන් වහන්සේට පරිකර්ම කෘත්‍යයක් නම් නැත. ඔහු විසින් සිත ඒ සඳහා නැමූ කල්හිම අනෙකාකාර වූ පූර්වෙ නිවාස සිහිකරන, දිවැසින් සතුන් බලත්, යමෙක් මෙහි පරිකර්මය ආදිකොට භාවනා ක්‍රමය කියන ලද්දේ වෙයි. එයින් මෙහි ප්‍රයෝජනයක් නැත.
ආසවක්ඛය ඤාණය
තුන්වන විද්‍යාවෙහි සො එවං සමාහිතෙ චිත්තෙ යයි විපස්සනා පාදක හතරවන ධ්‍යානය දතයුතුයැ. ආසවානං ඛයෙ ඤාණාය රහත් මග නැණ පිණිස, ඒ එසේමැයි. රහත්මග වනාහි ආසවයන් නසන හෙයින් (ආසවානං ඛයො ඉති) ආසවක්ඛය යයි කියනු ලැබේ. ඒ ආසවයන් නැතිකිරීමෙහි ද මේ ඤාණය වෙයි. එහි ඇතුළත් වූ හෙයිනි. චිත්තං අභිනින්නාමෙසිං විදර්ශනා චිත්තය එළවීමි. සො ඉදං දුක්ඛං යන මේ ආදි තන්හි මෙතෙක් දුකය, මෙයින් වැඩියක් නැතැයි සියලුම දුක්ඛ සත්‍යය රස ලක්‍ෂණ සහිත ප්‍රතිවෙධයන් යථා භූතං තත් වූ යථාභූතං අම්හඤ්ඤාසිං තත් වූ පරිද්දෙන් විශේෂයෙන් අවබෝධ කෙළෙමි. දැනගතිමි. ප්‍රතිවෙධ කළෙමි. ඒ දුක්ඛයාගේ ඉපදවීමේ තෘෂ්ණාව අයං දුක්ඛ සමුදයො යනුයි. දුක, දුකට හේතුව යන දෙකම යම් තැනකට පැමිණ නිරුද්ධ වේද, ඒ ඔවුන්ගේ නොපැවැත්ම නම් වූ නිවන අයං දුක්ඛ නිරොධො යනුයි. ඒ නිවනට පමුණුවන්නා වූ ආර්ය මාර්ගය අයං දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා යනුයි. රස සහිත ලක්‍ෂණ ප්‍රතිවේධයෙන් තත් වූ පරිද්දෙන් විශේෂයෙන් අවබෝධ කළෙමි. දැනගතිමි. ප්‍රතිවේධ කළෙමියි මෙසේ අර්ථය දතයුත්තේය.
මෙසේ ස්වරූප වශයෙන් සත්‍යයන් දක්වා දැන් කෙලෙස් වශයෙන් පරියාය වශයෙන් දක්වන සේක් ඉමෙ ආසවා යනාදිය වදාළහ.
ප්‍රත්‍යවේක්‍ෂා ඥානය
තස්ස මෙ එවං ජානතො එවං පස්සතො යනුවෙන්, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මගේ විපස්සනා ඥාණය සමග කෙළවරට පැමිණි මාර්ගය වදාරති. කාම ආසවයෙන් විමුච්චිත්‍ථ යන මෙහි ඵලක්‍ෂණය දක්වයි. මාර්ග ක්‍ෂණයෙහි සිත මිදෙයි. ඵල ක්‍ෂණයෙහි මිදුනේ වෙයි. විමුත්තස්මිං විමුත්ත මිති ඤාණං යන මෙයින් ප්‍රත්‍යවේක්‍ෂා ඥානය දක්වයි. ඛීණා ජාති යන මෙයින් ප්‍රත්‍යවේක්‍ෂා ඥානයාගේ භූමිය වදාරති. ඒ ඥානයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඛීණා ජාති යනාදිය දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේගේ කවර ජාතියක් ඛීණ වූවා ද, එය කෙසේ දැනගත් සේක් ද යත් උන්වහන්සේන්ගේ ඉක්මුණු ජාති තොමෝ ක්‍ෂය නොවූවා වෙයි. පෙරම ක්‍ෂය වූ හෙයිනි. අනාගතයද නොවෙයි. අනාගතයෙහි උත්සාහයක් නැති හෙයිනි. පවත්නා ජාතියද නොවෙයි. විද්‍යමාන හෙයිනි.
මාර්ගය නොවැඩු බැවින් ඒක-චතු-පංච වෝකාර භවයන්හි ඒක චතු-පංච ස්කන්ධයන්ගෙන් යුත් යම් ජාතියක උපදින්නී ද ඕ තොමෝ මාර්ගය වැඩු බැවින් නූපදනා ස්වභාව ඇති බවට පැමිණීමෙන් ක්‍ෂය වූ ඒ භාග්‍යවත්හු මාර්ග භාවනාවෙන් ප්‍රහීණ ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කොට කෙලෙසුන් නැති කල්හි විද්‍යමාන වූ ද එම කර්මය මත්තෙහි පිළිසිඳ නොදෙන්නේ වේදැයි දන්නාහු දැනගත් සේක.