චුතූපපාත කථා
චුතූපපාත කථාවෙහි මෙහි භාග්‍යවතුන් වහන්සේගේ වශයෙන් පාලියෙහි ආවේ වෙයි. එහෙයින් පස්සාමි පජානාමි යයි කියන ලද්දීය. විශේෂත්වයකට ඇත්තේ මෙයයි. සෙස්ස විසුද්ධිමග්ගයෙහි දැක්වූ පරිදිම වෙයි.
මෙහි වනාහි විජ්ජා යනු දිබ්බචක්ඛුඤාණ විද්‍යාවයි. අවිජ්ජා යනු සත්ත්වයන් චුතිය හා පටිසන්ධිය වසන අවිජ්ජාවයි. සෙස්ස කී පරිදිමැයි. යම් හෙයකින් පිරූ පාරමී දම් ඇති මහාසත්ත්වයන් වහන්සේට පරිකර්ම කෘත්‍යයක් නම් නැත. ඔහු විසින් සිත ඒ සඳහා නැමූ කල්හිම අනෙකාකාර වූ පූර්වෙ නිවාස සිහිකරන, දිවැසින් සතුන් බලත්, යමෙක් මෙහි පරිකර්මය ආදිකොට භාවනා ක්‍රමය කියන ලද්දේ වෙයි. එයින් මෙහි ප්‍රයෝජනයක් නැත.
ආසවක්ඛය ඤාණය
තුන්වන විද්‍යාවෙහි සො එවං සමාහිතෙ චිත්තෙ යයි විපස්සනා පාදක හතරවන ධ්‍යානය දතයුතුයැ. ආසවානං ඛයෙ ඤාණාය රහත් මග නැණ පිණිස, ඒ එසේමැයි. රහත්මග වනාහි ආසවයන් නසන හෙයින් (ආසවානං ඛයො ඉති) ආසවක්ඛය යයි කියනු ලැබේ. ඒ ආසවයන් නැතිකිරීමෙහි ද මේ ඤාණය වෙයි. එහි ඇතුළත් වූ හෙයිනි. චිත්තං අභිනින්නාමෙසිං විදර්ශනා චිත්තය එළවීමි. සො ඉදං දුක්ඛං යන මේ ආදි තන්හි මෙතෙක් දුකය, මෙයින් වැඩියක් නැතැයි සියලුම දුක්ඛ සත්‍යය රස ලක්‍ෂණ සහිත ප්‍රතිවෙධයන් යථා භූතං තත් වූ යථාභූතං අම්හඤ්ඤාසිං තත් වූ පරිද්දෙන් විශේෂයෙන් අවබෝධ කෙළෙමි. දැනගතිමි. ප්‍රතිවෙධ කළෙමි. ඒ දුක්ඛයාගේ ඉපදවීමේ තෘෂ්ණාව අයං දුක්ඛ සමුදයො යනුයි. දුක, දුකට හේතුව යන දෙකම යම් තැනකට පැමිණ නිරුද්ධ වේද, ඒ ඔවුන්ගේ නොපැවැත්ම නම් වූ නිවන අයං දුක්ඛ නිරොධො යනුයි. ඒ නිවනට පමුණුවන්නා වූ ආර්ය මාර්ගය අයං දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා යනුයි. රස සහිත ලක්‍ෂණ ප්‍රතිවේධයෙන් තත් වූ පරිද්දෙන් විශේෂයෙන් අවබෝධ කළෙමි. දැනගතිමි. ප්‍රතිවේධ කළෙමියි මෙසේ අර්ථය දතයුත්තේය.
මෙසේ ස්වරූප වශයෙන් සත්‍යයන් දක්වා දැන් කෙලෙස් වශයෙන් පරියාය වශයෙන් දක්වන සේක් ඉමෙ ආසවා යනාදිය වදාළහ.
ප්‍රත්‍යවේක්‍ෂා ඥානය
තස්ස මෙ එවං ජානතො එවං පස්සතො යනුවෙන්, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මගේ විපස්සනා ඥාණය සමග කෙළවරට පැමිණි මාර්ගය වදාරති. කාම ආසවයෙන් විමුච්චිත්‍ථ යන මෙහි ඵලක්‍ෂණය දක්වයි. මාර්ග ක්‍ෂණයෙහි සිත මිදෙයි. ඵල ක්‍ෂණයෙහි මිදුනේ වෙයි. විමුත්තස්මිං විමුත්ත මිති ඤාණං යන මෙයින් ප්‍රත්‍යවේක්‍ෂා ඥානය දක්වයි. ඛීණා ජාති යන මෙයින් ප්‍රත්‍යවේක්‍ෂා ඥානයාගේ භූමිය වදාරති. ඒ ඥානයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඛීණා ජාති යනාදිය දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේගේ කවර ජාතියක් ඛීණ වූවා ද, එය කෙසේ දැනගත් සේක් ද යත් උන්වහන්සේන්ගේ ඉක්මුණු ජාති තොමෝ ක්‍ෂය නොවූවා වෙයි. පෙරම ක්‍ෂය වූ හෙයිනි. අනාගතයද නොවෙයි. අනාගතයෙහි උත්සාහයක් නැති හෙයිනි. පවත්නා ජාතියද නොවෙයි. විද්‍යමාන හෙයිනි.
මාර්ගය නොවැඩු බැවින් ඒක-චතු-පංච වෝකාර භවයන්හි ඒක චතු-පංච ස්කන්ධයන්ගෙන් යුත් යම් ජාතියක උපදින්නී ද ඕ තොමෝ මාර්ගය වැඩු බැවින් නූපදනා ස්වභාව ඇති බවට පැමිණීමෙන් ක්‍ෂය වූ ඒ භාග්‍යවත්හු මාර්ග භාවනාවෙන් ප්‍රහීණ ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කොට කෙලෙසුන් නැති කල්හි විද්‍යමාන වූ ද එම කර්මය මත්තෙහි පිළිසිඳ නොදෙන්නේ වේදැයි දන්නාහු දැනගත් සේක.
වුසිතං යනු වැස නිමවන ලද්දේය. හාත්පසින් වැස නිමවන ලද්දේය. කරන ලද්දේය. හැසිරෙන ලද්දේය. නිමවන ලද්දේය යන අර්ථයි. බ්‍රහ්මචරියං මාර්ග බ්‍රහ්ම චර්යාව, කල්‍යාණ පෘථජ්ජනයා සමග සත්ත සේඛයෝ බඹසර වසන්නාහු නම් වෙති. ඛීණාසව තෙමෙ වැස නිමකරන ලද බඹසර ඇත්තේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ වුසිතං බ්‍රහ්ම චරියං යයි දැනගත් සේක. කතං කරණීයං සිවුසස්හි සතර මාර්ගයන්ගෙන් පරිඤ්ඤා-සච්ඡිකිරියා-භාවනා වශයෙන් සොළසාකාර කෘත්‍ය නිමවන ලද්දේය යන අර්ථයි. කල්‍යාණ පෘථජ්ජන ආදිහු වනාහි එම කෘත්‍යය කරත්, ඛීණාසව තෙමේ කත කරණීය නම් වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කළයුතු දෙය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ කතං කරණීයං යයි දැනගත්තේය.
නාපරං ඉත්‍ථත්තාය යනු මෙවිට යළි මෙබඳු බව පිණිස මෙසේ සොළොස් ආකාර කෘත්‍යයාගේ අභාවයෙන්, කෙලෙස් ප්‍රහාණ්‍ය පිණිස හෝ මාර්ග භාවනා කෘත්‍යයක් මට නැතැයි දැනගත්තේය. නැතහොත් ඉත්‍ථත්තාය මෙබඳු භාවයෙන් මෙබඳු ප්‍රාකාරයෙන් දැන් පවත්නා ස්කන්ධ සන්තතියෙන් අන්‍ය වූ ස්කන්ධ පරම්පරාවක් මට නැත. මේ පංච ස්කන්ධයෝ වනාහි පරිඤ්ඤාත වූවාහු මුල් සිඳපු ගස් මෙන් සිටිති. ඔවුහු චරිමක විඤ්ඤාණයාගේ නිරෝධයෙන් දර රහිත ගින්නක් මෙන් නිවෙන්නාහු යයි දැනගත් සේක.
දැන් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා ඥානයෙන් පරිගෘහිත වූ එම ආසවක්ඛය ඤාණය බමුණාට දන්වන සේක්, අයං ඛො මෙ බ්‍රාහ්මණ යන ආදිය වදාළහ. එහි විජ්ජා යනු රහත්මග ඥාන නම් විද්‍යාවයි. අවිජ්ජා යනු සිවුසස් මුවහ කරන අවිද්‍යාවයි. සෙස්ස කී නයින් දතයුතුයැ.
මෙතෙකින් පුබ්බේ නිවාස ඤාණයෙන් අතීත ඤාණයද, දිබ්බ චක්ඛු ඤාණයෙන්, වර්තමාන හා අනාගත ඤාණයද, ආසවක්ඛය ඤාණයෙන් සියලු ලෝකෝත්තර ගුණයදැයි මෙසේ ත්‍රිවිද්‍යාවන්ගෙන් සියළු සර්වඥ ගුණයන් සංග්‍රහ කොට ප්‍රකාශකරන සේක්, තමන් වහන්සේගේ නොමුළා විහරණය - බ්‍රාහ්මණයා හට දැක්වූ සේක.
අරණ්‍යවාසය
මෙසේ කී කල්හි බ්‍රාහ්මණ තෙම මෙසේ සිතී. ශ්‍රමණ භවත් ගෞතම තෙම සර්වඥ බව ප්‍රතිඥා කරයි. අද දක්වාත් අරණ්‍යවාසය අත් නොහරියි. ඔහු විසින් කළයුතු අන් කිසිවක් ඇද්දැයි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අදහස දැන මෙම අජ්ඣාසයානු සන්ධියෙහි (පිහිටා) සියා ඛො පන තෙ යනාදිය වදාළහ.
සියා ඛො පන තෙ බ්‍රාහ්මණ එවමස්ස යනුවෙන් බ්‍රාහ්මණය, ඔබට කිසිවිටෙක මෙබඳු සිතක් වන්නේය. න ඛො පනෙතං බ්‍රාහ්මණ, එවං දට්ඨබ්බං බමුණ, ඔබ විසින් මේ මාගේ පත්ත සේනාසන ඇසුරු කිරීම වනාහි පහනොකළ රාගාදිය ඇති බැවිනැයි, මෙසේ නොදතයුතුය. මෙසේ පත්ත සේනාසන පටිසේවනය හේතුරහිත බව ප්‍රතික්‍ෂෙප කොට කරුණු දක්වන සේක්, දෙව ඛො අහං ආදිය වදාළහ. එහි අර්ථයම අත්‍ථවස නම් වේ. එහෙයින්, දෙව ඛො අහං බ්‍රහ්මණ අත්‍ථවසෙ යනුවෙන් බ්‍රාහ්මණය, මම වනාහි අර්ථ දෙකක් කාරණා දෙකක් දක්නෙම්. කියන ලද්දේ වෙයි. අත්තනොච දිට්ඨධම්ම සුඛවිහාරං යන මෙහි දිට්ඨධම්ම නම් පෙනෙන්නා වූ මේ ආත්මභාවයයි. ඵාසුවිහාර නම් සතර ඉරියව්වල පහසුතාවයයි. යම් හෙයකින් වනයෙහි හුදකලා වූවහුට යටත් පිරිසෙන් වනයෙහි උච්චාර - පස්සාව කර්මයෙහි සිට සියලු ඉරියාපථයෝ පහසු වෙති. එහෙයින් දිට්ඨධම්ම සුඛ විහාරං යන ඉහාත්ම සැප විහරණයම දිටඨධම්ම සුඛ විහාර වශයෙන් දතයුතුයැ.
පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො යනු, කෙසේනම් අරණ්‍යවාසයෙන් පශ්චිම ජනතා තොමෝ අනුකම්පා ලැබුවා වේද? සැදැහැයෙන් සසුන් වන් කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේගේ අරණ්‍යවාසය දැක, භාග්‍යවතුන් වහන්සේ පවා අරණ්‍ය සේනාසන අත් නොහරිති. ඒ භාග්‍යවතුන් වහන්සේට පරිඤ්ඤාත ධර්මයෙක් නොම ඇත. පහාතබ්බ ධර්මයෙක් නොම ඇත. භාවෙතබ්බ ධර්මයෙක්ද නොම ඇත. සච්ඡිකාතබ්බ ධර්මයක්ද නොම ඇත. අප වැන්නවුන් ගැන කියනුම කවරේදැයි සිතා එහි (ආරණ්‍යයෙහි වාසය කළ යුතුම යයි හඟිත්.) මෙසේ වහා දුක් කෙළවර කරන්නාහු වන්නාහු යයි. මෙසේ පශ්චිම ජනතා තොමෝ අනුකම්පා ලබන්නාහු වන්නී යයි කියන ලද්දේ වෙයි. මෙම අරුත දක්වමින් මෙසේ වදාළහ. පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො යනුවෙන්