භයභේරව සේනාසන
තස්ස මය්හං යන්නෙහි අනුසන්ධි කවරේද? බෝසත් තෙම මේ සොලොස් අරමුණු පරීක්‍ෂා කරන්නේ භයභේරවයක් නොදැක, භයභේරව නම් මෙවන් රාත්‍රිවල මෙබඳු සෙනසුන්වල පෙනෙයි. එහිදු එය නිශ්චය වශයෙන්ම සොයමි යයි. භයභේරව ගවේෂණය කළේය. මේ අදහස බ්‍රාහ්මණයා හට දක්වන භාග්‍යවතුන් වහන්සේ තස්ස මය්හං ආදිය වදාළහ.
එහි යා තා යන මේ පද දෙක රාත්‍රීන්ගේම උද්දෙස, නිද්දෙස වචනයි. අභිඤ්ඤතා යන මෙහි අභි යනු ලක්‍ෂණ අර්ථයෙහි උපසර්ගයකි. එහෙයින් අභිඤ්ඤතා යනු සඳ පිරීමෙන් ද සඳ ගෙවීමෙන් ද යන මේ ආදි ලක්‍ෂණයන්ගෙන් ප්‍රසිද්ධ වූ යයි දතයුත්තාහුය. අභිලක්ඛිතා යන මෙහි උපසර්ග මාත්‍රමැයි. එහෙයින් අභිලක්ඛිත ලකුණු කටයුතු වූ යන අර්ථයි. පෙහෙවස් සමාදානය, බණ ඇසීම, පූජාසත්කාර ආදිය කිරීම පිණිස ලකුණු කටයුතු වූ සැලකිය යුතු වූ උපලක්‍ෂණ කටයුතු වූ යයි කියන ලද්දේ වෙයි.
චතුද්දසී යනු පක්‍ෂයෙහි පළමුදින සිට තුදුස්වන දිනය සපුරන රාත්‍රියෙහි. පඤ්චදසී - අට්ඨමී යනුද මෙසේයි. පක්ඛස්ස පුර පක්‍ෂයාගේ ද අවපක්‍ෂයාගේ ද මොවුහු තුනක් තුනක් බැගින් රාත්‍රීහු සයක් වෙති. එහෙයින් සියලු තන්හි පක්ඛ යන වචනය යෙදිය යුතුය. පක්‍ෂය පිළිබඳ තුදුස්වක පක්‍ෂය පිළිබඳවද පසළොස්වක, පක්‍ෂය පිළිබඳ අටවක යයි කියායි. ඉක්බිති පඤ්චදසී (විසේනිය) කුමක් හෙයින් නොගන්නා ලද්දේද යත්? සබ්බකාලික නොවන හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ නූපන් කල්හිද, ඉපිද නොපිරිනිවි කල්හිද පඤ්චමී (විසේනිය) ලකුණු නොකරන ලද්දේමැයි. පිරිනිවි කල්හි වනාහි ධර්ම සංග්‍රාහක තෙරුන් වහන්සේලා බණ ඇසීම කලකින් වේයයි සිතූහ. අනතුරුව පංචමී යයි සම්මතකොට බණ ඇසීමේ දිනයක් වශයෙන් තැබූහ. එතැන් පටන් හෝ විසේනිය ලකුණු කරන ලද්දේ විය. එහෙත් අසබ්බකාලික හෙයින් මෙහි නොගන්නා ලද්දී යයි දතයුතු.
තථාරූපාසු, එබඳු වූ, අරාම චෙතියානි පුෂ්පාරාම, ඵලාරාම ආදි ආරාමයෝම ආරාමචෙතිය නම් වෙති. (චිත්ති කතට්ඨෙන) විසිතුරු කරන ලද්දේය යන අරුතින් චෙතිය යයි කියනු ලබත්. පූජනීය අර්ථයෙන් ද එසේ කියන ලද වෙයි. වනචෙතියානි බලිහරණය කරන වනලැහැබ්, සුභගවන, දේවශාලවනාදීහු වනයෝම වන චෙතියයෝ වෙති. රුක්ඛචෙතියානි ගම් නියම්ගම්වල ද්වාරයන්හි වූ පිදිය යුතු වෘක්‍ෂයෝම ‘රුක්ඛචෙතිය’ නම් වෙති. ලෝවැසියෝ දෙවියන් විසින් අරක් ගන්නා ලද්දාහු යයි සිතමින් හෝ ඒ ආරාමාදීන් කෙරෙහිම දෙවියනැයි යන සංඥා ඇතිව ආරාම වන, වෘක්‍ෂයන්, සලකති. පුදති. එහෙයින් ඒ සියල්ලෝම ‘චෙතිය’ යයි කියනු ලැබෙත්. භිංසනකානි යනු භය උපදවන්නා වූ දැකීමෙන් ද ඇසීමෙන් ද භය උපදවත්. සලොමහංසානි යනුවෙන් පිවිසෙන කල්හිම රොමෝද්ගමය උපදවන හෙයින්, රෝමෝද්ගමය සමග පවතිත්.
අප්පෙව නාම පස්සෙය්‍යං එම භය හා භයානක අරමුණු දන්නේ නම් ඉතා මැනවයි. අපරෙන සමයෙන ‘එතදහොසි යන්නුනාහං’ යයි සිතන කාලයෙන් අන්‍ය කාලයෙක්හි.
තත්‍ථ ච මෙ බ්‍රාහ්මණ විහරතො යනු එවැනි සෙනසුන්වල (කෙබඳු සෙනසුන්ද යත්) යම් යම් තැනක් මිනිසුන්ගේ යැදීම්වල පුදකිරීම්වලට යෝග්‍ය වූ යක්‍ෂ අධිගෘහිත ස්ථානයක් වේද, මල් දුම්, මස්, ලේ, චුරුණුතෙල්, මේද බඩදිව, පපු ආදියෙන් (ඒවා) විසුරුවීමෙන් තෙත් වූ පොලෝ ඇත්තේ ද, යක්‍ෂ-රාක්‍ෂස පිසාච ආදීන්ගේ අසහාය පැන්හලක් මෙන් වූයේ ද, යම්තැනක් දවල් කාලයෙහිදු දක්නවුන්ගේ ළය පලන්නාක් මෙන් වේද, ඒ ස්ථාන සඳහා කීහ. තත්‍ථ ච මෙ බ්‍රාහ්මණ විහරතො, යයි ද, මගො වා ආගච්ඡති අං හෝ කුර හප්පවමින්, ගෝණ, කඟවේණ, දිව, හුරු ආදි ප්‍රභේදයන්ට අයත් මෘගයෙක් හෝ එයි. සියලු සිවුපාවුන්ටම මෙහි මග යනු නමකි. කිසිතැනක කාණසිගාලද (මග යයි) කියනු ලැබේ. එහෙයින් කියන ලදී.