දේශනා අනුමෝදනා
මෙය අසා සතුටට පත් බමුණු තෙම, අනුකම්පිතරූපා යනාදිය කීහ. එහි අනුකම්පිත රූපා යනු අනුකම්පිත ජාතිකා අනුකම්පා කළ ස්වභාව ඇති. ජනතා යනු ජන සමූහ තෙම, යථා තං අරහතා සම්මා සම්බුද්ධෙන යනුවෙන් යම්සේ එම සම්මා සම්බුද්ධ තෙම අනුකම්පා කරන්නේ ද එසේම අනුකම්පා කළ ස්වභාව ඇත්තාහු යයි.
මෙසේ කියා යළිත් බුදුරදුන්ගේ එම දේශනාව අනුමෝදන් වෙමින් භාග්යවතුන් වහන්සේ මෙසේ කීහ. අභික්කන්තං භො ගොතම අභික්කන්තං භොගොතම යන මෙහි අභික්කන්ත ශබ්දය ඛය - සුන්දර, අභිරූප අබ්භනු මොදනා (=අනුමෝදන් වීම) යන අර්ථයන්හි දක්නට ලැබේ. අභික්කන්තො භන්තෙ රත්ති නික්ඛන්තො පඨමො යාමො චිරනිසින්නො භික්ඛු සංඝො යනාදි තන්හි ක්ෂයවීම යන අර්ථයෙහි වේ. අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්ත තරොච පණීත තරො ච යන ආදි තන්හි සුන්දර යන අර්ථයෙහි වේ.
කොමෙ වන්දති පාදානි, ඉද්ධියා යසසාජලං
අභික්ක්න්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා
අභික්ක්න්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා
(ඉද්ධියෙන් ද යසසින් ද දිලිසෙමින් අභිරූප වූ වර්ණයෙන් සියලු දිගුන් බබලවමින් කවරෙක් මාගේ පාදයන් වඳිත්ද)
යනාදී තන්හි අභිරූප යන අර්ථයෙහි වේ.
අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ යනාදි තන්හි අනුමෝදනා අර්ථයෙහි දක්නට ලැබේ. මෙහිද අනුමොදනා අර්ථයෙහි වේ. එහෙයින් මැනව. පින්වත් ගෞතමයනි, මැනව පින්වත් ගෞතමයෙනි යයි කියන ලද්දේ වේයයි දතයුත්තේය.
භයෙ කොධෙ පසංසායං තුරිතෙ කොතුහලච්ඡරෙ
භා සෙ සොකෙ පසාදෙච කරෙ ආමෙණ්ඩිතං බුධො,
භා සෙ සොකෙ පසාදෙච කරෙ ආමෙණ්ඩිතං බුධො,
(භයෙහිද ක්රෝධයෙහිද පසංසාවෙහිද සීග්රයෙහිද කුහුල් බැව්හිද පුදුම වීමෙහිද සිනහවෙහිද සෝකයෙහිද ප්රසාදයෙහිද බුද්ධිමත් තෙම ආම්රෙඩිතය (එක ශබ්දය දෙවරක් ප්රයෝග කිරීම කරන්නේය)
මේ ආම්රෙඩිත අර්ථයෙන් ද, මෙහි ප්රසාද වශයෙන් ද මේ අභික්කන්ත ශබ්දය දෙවරක් යොදන ලද්දේ යයි දතයුතුය. නැතහොත් අභික්කන්තං යනු ඉතා කාන්තය. ඉතා හොඳය. ඉතා මනාපය. ඉතා සුන්දර යයි කියන ලද්දේ වෙයි.
එහි එකම අභික්කන්ත ශබ්දයෙන් දේශනාවට ස්තුති කෙරේ. එක් අතකින් තමාගේ පැහැදීම ප්රකාශ කරයි. මේ වූකලී මෙහි අදහසයි. භගවත් ගෞතමයන් වහන්ස, දේශනාව අතිශයින් කාන්තය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් ඉෂ්ටය. මේ දේශනාව අසා මගේ පැහැදී භාග්යවතුන් වහන්සේ කෙරෙහි ද, දේශනාව කෙරෙහිදැයි මේ දෙඅරුත සඳහාම තුති කෙරේ. භාග්යවතුන් වහන්සේගේ වචනය ඉතා මනහරය. දොස් නසන හෙයිනි. භාග්යවතුන් වහන්සේගේ වචනය ඉතා මැනවි. උතුම් වූ ගුණයට පමුණුවන හෙයිනි. එසේම ශ්රද්ධාව උපදවන හෙයින්ද ප්රඥාව උපදවන හෙයින් ද මැනව. එසේ අර්ථ සහිත බැවින්ද ව්යඤ්ජන සහිත බැවින්ද මැනව. නොගැඹුරු පද ඇති හෙයින්ද මැනව. කනට මිහිරි හෙයින්ද මැනව. හෘදයංගම හෙයින්ද මැනවි. තමා උසස්කොට දැක්වීමක් අනුන් පහත්කොට සැලකීමක් නැති බැවින්ද මැනවි. කරුණාවෙන් සිහිල් හෙයින්ද, ප්රඥාවෙන් නිර්මල හෙයින්ද මැනවි. විනාශය ඉවසන හෙයින්ද මැනවි. ඇසීමෙන් සුව එලවන හෙයින්ද විමසීමෙන් හිත එලවන හෙයින්ද යන මේ ආදීන් ගෙන යෙදිය යුතු හෙයින්,
එයින් මත්තෙහි උපමා සතරකින් දේශනාවට පසසයි. එහි නික්කුජ්ජිතං, අධෝමුඛ කොට තබන ලද මුව යටිහුරු වූ හෝයි. උක්කුජ්ජෙය්ය මුව උඩුහුරු කරන්නේය. පටිච්ඡන්නං තණපත් ආදියෙන් වසන ලද්දක්, විවරෙය්ය, විවෘත කරන්ය. මූළහස්ස දිශා මුළා වූවහුට මග්ගං ආචික්ඛෙය්ය අත ගෙන මේ මගයයි කියන්නේය. අන්ධකාරෙ කාළ පක්ෂය, චාතුද්දසියා මධ්යම රාත්රිය ඝන වනය, මේඝ පටලය යන අංග සතරින් යුක්ත වූ, පළමුකොට දක්වන ලද්දේ නො ගැඹුරු වූ පදාර්ථය.
(මේ මතු කියනු ලබන්නේ) අභිප්රාය අථ යෝජනාවයි. යමෙක් මුව යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුමුව කරන්නේ ද, මෙසේ අසත් ධර්මයෙහි පතිත වූ මා අසද් ධර්මයෙන් සද්ධර්ම මුඛයට නගා සිටුවන්නා වූ, යම් සේ පටිච්ඡන්න වූවක් විවෘත කරන්නේ ද එසේ කාශ්යප භාග්යවතුන් වහන්සේගේ ශාසන අන්තර්ධානයේ පටන් මිසදිටු ගැන්මෙන් වැසුන සසුන විවෘත කරන්නා වූ, යම්සේ මුළා වූවෙකුට මග කියන්නේ ද, එසේ වැරදිමගට මිථ්යා මගට පිළිපන්නා වූ මට සඟමොක් ප්රකාශ කරන්නා වූ, අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේ ද මෙසේ මෝහාන්ධකාරයෙහි නිමග්න වූ බුද්ධාදි රතන රූපයන් නොදක්නා වූ මට ඒ (තුණුරුවන්) ප්රතිච්ඡාදක වූ මොහඳුර දුරුකරන දෙසුම් නමැති පහන් දැරීමෙන් භවත් ගෞතමයන් විසින් මට මෙවන් ක්රමවලින් ප්රකාශ කළ හෙයින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශ කරන ලද්දේ විය.
ප්රසන්න ආකාර
මෙසේ දහම් දෙසුමට තුතිකොට මෙම දෙසුමෙන් තුණුරුවන් කෙරෙහි පහන් සිත් ඇත්තේ පහන් බව දක්වන්නේ එසාහං ආදිය කීහ. එහි එසාහං යනු ඒ එම යනුයි. භවන්තං ගොතමං සරණං ගච්ඡාමි යනුවෙන්, මට පින්වත් ගෞතමයන් වහන්සේගේ සරණය. පිහිටය. දුක් නසන්නේ ද හිතවත් දෙය සලසන්නේ ද වෙති යන මේ අදහසින් භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. භජනය කරමි. සේවනය කරමි. පයුරුපාසනය කරමි. නැතහොත් මෙසේ දනිමි. අවබෝධ කරමියි යන අර්ථයි. යම් ධාතු කෙනෙකුන් ගමනාර්ථය වේද බුද්ධියක් එහි අර්ථයක් වේද, එබැවින් ගච්ඡාමි යනු මේ පදයාගේ අරුත දනිමි. අවබෝධ කරමියි යන මේ අර්ථය කියන ලද්දේ විය.
ධම්මඤ්ච භික්ඛු සංඝඤ්ච මෙහි වනාහි අවබෝධ කළ මග ඇත්තේ, සච්ඡිකත නිරෝධය ඇත්තේ අනුශාසනා පරිදි පිළිපදින්නවුන් අපායෙහි නොවැටෙන්නවුන් කොට ධරානුයි ධම්ම නම් වේ. ඒ ධර්මය තෙම ආර්ය මාර්ගයද නිර්වාණයද වේ. එහෙයින් කියන ලදී. යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා අරියො අටඨංගිකො මග්ගො තෙසං අග්ග මක්ඛායත්ති (මහණෙනි, යම්තාක් සංඛත ධර්මයෝ වෙත් ද ඔවුන් අතුරෙන් ආර්ය අට්ඨාංගික මාර්ගය අග්ර යයි කියනු ලැබේ.) යන විස්තරයෙහි හුදෙක් ආර්ය මාර්ගය ද නිර්වාණය ද පමණක් නොවේ. යළිදු ආර්ය ඵලයත් සමග පර්යාප්ති ධර්මයද වෙයි. ඡත්ත මානවක විමාන වස්තුවෙහි මෙසේ කියන ලදී.
රාගවිරාග මනෙජමසොකං, ධම්මමසංඛතමප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ථමුපෙමි
මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ථමුපෙමි
(රාගය දුරු වූ තණ්හා රහිත වූ සෝක රහිත වූ අසංඛත වූ මේ නව ලොව්තුරු දහම පිළිකුල් නොවූ මිහිරි වූ ප්රගුණ කටයුතු වූ මනාව බෙදන ලද්දා වූ මේ පර්යාප්ති ධර්මයද සරණ පිණිස පැමිණෙමි.)
මෙහි රාග විරාග යනුවෙන් මාර්ගය කියන ලද්දේය. අනෙජ මසොකං යනුවෙන් ඵලය කියන ලද්දේය. ධම්මමසංඛත යනුවෙන් නිර්වාණය කියන ලදි.
අප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං පිටකත්රයෙහි විභාග කරන ලද සියලු ස්කන්ධයෝ කියන ලද්දාහුය. වැරදි සීල, දිට්ඨි සමූහය නසන ලද්දාහුය යන අරුතින් සංඝනම් වේ. එය අර්ථ වශයෙන් අට්ඨ අරිය පුග්ගල සමූහය කියන ලද්දේ වෙයි. එය එම විමාන වස්තුවෙහිම මෙසේ කියන ලදී.