අඩු වැඩි නැතිව භාග්යවතුන් වහන්සේ කුමක් හෙයින් බොජ්ඣංග ධර්ම හතක්ම වදාරණ ලද්දාහුද? ථීන හා උද්ධච්චයට ප්රතිපක්ෂ බැවින් හතක්ම වදාරණ ලදී. ඒ මෙසේය. මෙහි බොජ්ඣංගයෝ කී දෙනෙක් ථීනයට ප්රතිවිරුද්ධ වෙන්ද? එබැවින් වදාළහ. යස්මිඤ්ච ඛො භික්ඛවෙ සමයෙ ලීනං චිත්තං හොති. කාලො තස්මිං සමයෙ ධම්ම විචය බොජ්ඣංගස්ස භාවනාය, කාලො විරිය බොජ්ඣංගස්ස භාවනාය කාලො පීති බොජ්ඣංගස්ස භාවනාය (මහණෙනි, යම් කලෙක කුසීත බැවින් හැකිළුණු සිතක් වේද, එසමයෙහි ධම්මවිචය බොජ්ඣංගය වැඩීමට සුදුසු වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට සුදුසු වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කල්වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කල්වෙයි.) තිදෙනෙක් උද්ධච්චයට ප්රතිපක්ෂ වෙති. එහෙයින් වදාළහ. යස්මිඤච ඛො භික්ඛවෙ සමයෙ උද්ධතං චිත්තං හොති කාලො තස්මිං සමයෙ පස්සද්ධි සම්බොජ්ඣංගස්ස භාවනාය කාලො සමාධි සම්බොජ්ඣංගස භාවනාය කාලේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාය (මහණෙනි, යම්කලෙක උද්ධත වූ සිත වේද, එසමයෙහි සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි.) එක් බොජ්ඣංග ධර්මයක් මෙහි සබ්බත්ථික වේ. එය මෙසේ වදාළහ. සතිඤ්ච ඛවාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි මෙහි සබ්බත්ථක යයි ද පාඨයකි. දෙතැන්හිම සියලු තන්හි කැමතිවිය යුතුය යන අරුතම ලැබෙයි. මෙසේ හෙයින් ලීන උද්ධච්ච දෙකට ප්රතිපක්ෂ හෙයින්ද සතිය සබ්බත්ථික හෙයින් බොජ්ඣංග සතක්ම අඩුවැඩි නැතිව වදාරණ ලද බව දතයුතුය.
මෙසේ පළමුකොට සති සම්බොජ්ඣංග යනාදි නයින් කියන ලද සත්ත පදයන්ගේම අර්ථ වර්ණනාව දැන, දැන් භාවෙති විවෙක නිස්සිතං යනාදියෙහි අර්ථ වර්ණනාව මෙසේ දතයුත්තීය. භාවෙති, වඩයි. තමාගේ චිත්ත සන්තානයෙහි නැවත නැවත උපදවයි පහළ කරවයි යන අර්ථයයි. විවේකය ඇසුරු කෙළේනුයි විවේකනිස්සිත නම් වේ. විවෙකය යනු වෙන් වූ බවයි. එම විවේකය තදංග විවේකය වික්ඛම්භන විවේකය සමුච්ඡෙද විවේකය, පටිප්පස්සදධි විවේකය, නිස්සරණ විවේකය යයි පස්අයුරු වේ. ඔවුන්ගේ නානත්වය අරිය ධම්මෙ අවිනීතො යන මෙහි කී නියායෙන්ම දතයුතුයැ. එසේම එම විවේකයම එහි විනය යයි වදාරණ ලද්දේය. මෙසේ මේ පංචවිධ විවේකයෙහි
විවෙක නිස්සිතං යනු තදංග විවෙක නිස්සිත වූ ද, සමුචේඡද විවෙක නිස්සිත වූ ද, නිස්සරණ විවෙක නිස්සිත වූ ද, සති සම්බොජ්ඣංගය වඩයි යන මේ අර්ථය දතයුතුය.
එසේම මෙම බොජ්ඣංග භාවනාවෙහි යෙදුන යෝගී තෙම විදර්ශනා මොහොතෙහි කෘත්ය වශයෙන් තදංග විවෙක නිස්සිත වූ ද, අධ්යාසය වශයෙන් සමුච්ඡෙද විවේක නිස්සිත වූ ද ආලම්බන වශයෙන් නිස්සරණ විවෙක නිස්සිත වූ ද සති සම්බොජ්ඣංගය වඩයි.
පංචවිධ විවේක නිස්සිත වූහ යයි කිසියම් ආචාර්ය කෙනෙක් කියති. ඔවුහු හුදු බලවත් විදර්ශනා මාර්ග-ඵල ක්ෂණයෙහිම බොජ්ඣංගයන් උද්ධරණය නොකෙරෙත්. විදර්ශනා පාදක, කසිණ-ධ්යාන, අනාපාන අශුභ-බ්රහ්මවිහාර ධ්යානයන්හිම උද්ධිරණය කෙරෙත්. අර්ථකථාචාර්යයන් විසින් නොද වලකන ලදහ. එහෙයින් ඔවුන්ගේ මතයෙහි මෙම ධ්යානයන්ගේ ප්රවෘත්ති ක්ෂණයෙහි කෘත්ය වශයෙන්ම විෂ්කම්භන විවේක නිස්සිත වෙයි.
[missing trans]
වොස්සග්ග ද්විධ වෙයි. පරිච්චාග වොස්සග්ගය පක්ඛන්ධන වොස්සග්ගය යනුවෙනි. ඔවුන් අතුරෙහි පරිච්චාග වොස්සග්ගය යනු තදංග වශයෙන් විදර්ශනා මොහොතෙහි ද සමුච්ඡෙද වශයෙන් මාර්ග අවස්ථාවෙහි ද ක්ලේශයන්ගේ ප්රහාණයයි. පක්ඛන්දන වොස්සග්ගය යනු විදර්ශනා අවස්ථාවෙහි එයට නැමුනු බැවින් ද මාර්ග අවස්ථාවෙහි අරමුණු කිරීමෙන් ද ‘නිවන’ පක්ඛන්දනයයි ඒ දෙකම ලෞකික ලෝකෝත්තර මිශ්ර අරුත් ගැනුම් ක්රමයකට සුදුසුය. එබැවින් මේ සති සම්බොජ්ඣංගයම උක්තිප්රකාරයෙන් ක්ලේශයන් පරිත්යාග කෙරෙයි. දුරලයි. නිවනට පනියි. වොස්සග්ග පරිනාමිං ය මේ සියලු වචනයෙන්ම නිවන පිණිස පිරිනමන්නා වූ පිරිනමන ලද්දා වූද යන අර්ථයෙන් කියන ලදී. මුහුකුරා යන්නා වූ ද මුහුකුරා ගියා වූ ද යන මෙය කියන ලද්දේ වෙයි. කරුණු එසේ හෙයින් මේ බොජ්ඣංග භාවනාවෙහි යෙදුනා වූ මහණතෙම යම්සේ සති සම්බොජ්ඣංගය, කෙලෙස් පරිත්යාගය වොස්සග්ගය පිණිසත් නිබ්බාන පක්ඛන්දන වොස්සග්ගය පිණිසත් මෝරා යේද, යම්සේ මුහුකුරුවන ලද්දේ වේද, එසේ එය වඩාලයි. සෙසු බොජ්ඣංග ධර්මයන්ද මේ ක්රමයයි.