විනොදනා පහාතබ්බ
පටිසංඛායොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති මේ කරුණින් ද මේ විතර්කය අකුසලය. මේ කරුණින් දුක්ඛ විපාකය. එය වනාහි තමහට දුක් පිණිස පවතී යයි මේ ක්‍රමයෙන් නුවණින් කාම විතක්කයෝ ආදීනව ප්රත්යවේක්ෂා කොට ඒ ඒ අරමුණෙහි උපන් හටගත් පහළ වූ කාම විතක්කය නො ඉවසයි. සිතට නංවාගෙන වාසය නො කරවයි. අභ්‍යන්තරයෙහි හෝ වාසය නො කරවයි යන අර්ථයි.
නො ඉවසන්නේ කුමක් කෙරේද? දුරුකරයි හැරදමයි.
කුඩයකින් කසල ඉවත් කරන්නාක් මෙන් නොවේ. සංසිඳුවයි. පෙළයි. විදියි. බැහැර කරයි.
කෙවිටකින් ගවයෙකු මෙන් නොවේ. නමුත් ඒ විතර්කය විනාශ කරයි. පහ වූ අන්තය ඇත්තක් කරයි. යම්සේ ඇතුළතද යටත් පිරිසෙන් ඔහුගේ භවාග මාත්‍රයකුදු ඉතුරු නොවේ ද එය එපරිද්දෙන් කෙරෙයි.
කෙසේනම් එය එසේ කෙරේ ද යත්, අනභාවං ගමෙති යනු අනුක්රමයෙන් අභාවයට පමුණුවයි. වික්ඛම්භන ප්‍රහාණයෙන් මනාව වික්ඛම්භනය කෙරේද, එපරිද්දෙන් කරන ලද්දේ යයි කියන ලද්දේය. ව්‍යාපාද, විහිංසා විතර්කයන්හිද මේ ක්‍රමයමැයි.
මෙහිදු කාම විතර්කය යනු යො කාමපටිසංයුත්තො තක්කො විතක්කො මිච්ඡා සංකප්පො යයි විභංගයෙහි වදාරණ ලද්දේය. අනෙක් තන්හිද මේ විධි ක්‍රමයමැයි.
උප්පන්නුප්පන්නෙ යනු උපන් උපන් ඇසිල්ලක් ඇත්තවුන්ම කියන ලද්දේ වෙයි. නැතහොත් වරක් උපන් විතර්කයන් දුරුකොට දෙවන වාරයේ දී මධ්‍යස්ථ වන්නේ නොවෙයි. සියවරක් වුව ද උපනුපන් විතර්තක දුරු කෙරේමය. පාපකෙ අකුසලෙ යනු ලාමක අරුතින් පාපක වූ, මෝහයෙන් මුලා වූ අරුතින් අකුසල වූ ධම්මෙ යනු ඒ කාම විතර්ක ආදියම නැතහොත් සියලුම නවමහා විතරකයෝ.
නවමහා විතර්ක:- මොවුන් අතුරෙන් තිදෙනෙක් කියන ලද්දාහුමය. සෙස්සෝ, ඤාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, පරානුද්දයතා පටිසංයුත්ත විතක්ක, ලාභ සක්කාර පටිසංයුත්ත විතක්ක, අවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක යන මේ සය දෙන වෙති.
යං හිස්ස යන මේ විතර්කයන් අතුරෙන් කිසිවක් ඔහුට වේ. සෙස්ස කී ක්‍රමයෙන්ම සිදුවේ. මෙහි කාම විතර්කය නම් කාමාසවයයි. එයින් විශේෂ වූයේ භවාසවයයි. එහි සම්පයුත්ත වූයේ දිට්ඨි ආසවයයි. සියලු විතර්කයන්හි අවිජ්ජාව අවිජ්ජාසව නම් වේ. මෙසේ ආසවයන්ගේ උපත දතයුතුයැ.
ඉමෙ වුච්චන්ති -පෙ- විනොදනා පහාතබ්බා යන මේ කාම විතක්ක ආදීන්ගේ වශයෙන් කියන ලද ආශ්‍රවයෝ ඒ ඒ විතර්කයෙහි ආදීනව ප්රත්යවේක්ෂා කිරීම් සහිත වූ මේ ‘විරිය’ සංවර නම් වූ විනෝදනයෙන් පහකට යුත්තාහු යයි දතයුත්තාහුය.
භාවනා පහාතබ්බ
පටිසංඛා යොනිසො සති සම්බොජ්ඣංගං භාවෙති යනුවෙන් භාවනා නොකිරීමේ ආදීනව ද භාවනාවගේ ආනිශංස ද, උපායෙන් මාර්ගයෙන් ප්රත්යවේක්ෂා කොට සති සම්බොජ්ඣංගය වඩයි. සියලු තන්හි මෙම ක්‍රමය මැයි. ඉදින් මෙහි මතු මාර්ග තුන ලැබෙන සමයෙහි උපන්නා වූ ලෝකෝත්තර බොජ්ඣංගයෝම අදහස් කරන ලද්දාහුය. එතකුදු වුවත් ආදි කම්මිකයන්ගේ බොජ්ඣංග විෂයෙහි මුලා නොවීම පිණිස ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ නයින් ඔවුන්ගේ අර්ථ වර්ණනාව කරන්නෙමි. මෙහි වනාහි ලෞකික නය හැර, ලෝකෝත්තර නයම ගතයුත්තේය. සති සම්බොජ්ඣංගං යනාදි ක්‍රමයෙන් වදාරණ ලද්දා වූ මුල් පදයන් සත්දෙනාගෙන් පළමුකොට
බොජ්ඣංග වණ්ණනා
අත්ථතො ලක්ඛණ දීහි කමතොච විනිච්ඡයො
අනුනාධි කතො චෙව විඤ්ඤාතබ්බො විභාවිනො
අනුනාධි කතො චෙව විඤ්ඤාතබ්බො විභාවිනො
(නැණවතුන් විසින් අරුත් වශයෙන් ද ලක්‍ෂණාදීන්ගේ වශයෙන් ද අනුනාධික වශයෙන් ද විනිශ්චය දතයුතුය.)
සති සම්බොජ්ඣංගය
එහි පළමුකොට සති සම්බොජ්ඣංගයෙහි සිහි කිරීම් අර්ථයෙන් සති නම් වේ. සතිය තොමෝ එළඹ සිටීම ලක්‍ෂණකොට ඇත්තේය. අපිලාපනය (මතුකර පෙන්වීම) ලක්‍ෂණකොට ඇත්තේ හෝ වෙයි. මෙසේ කියන ලද්දේ වෙයි. යථා මහාරාජ, රඤ්ඤො භාණ්ඩාගාරිකො රඤ්ඤො සාපතෙය්යං, අපිලාපෙති, එත්තකං මහාරාජ හිරඤ්ඤං එත්තකං සුවණ්ණං එත්තතං සාපතෙය්යන්ති, එව මෙව ඛො මහාරාජ සති උප්පජ්ජමානා කුසලා කුසල සාවජ්ජානවජ්ජ හීනප්පණීත, කණ්හ සුක්ක සප්පටිභාගෙ ධම්මෙ අපිලාපෙති ඉමෙ චත්තාරො සතිපට්ඨානාති (මහරජ, රජුගේ භාණ්ඩාගාරික තෙමේ රජුගේ සම්පත්තිය යම්සේ සිහි කරවා ද, මහරජ, අමුරන් මෙපමණය රත්තරන් මෙපමණය. සෙසු ධනය මෙපමණ යයි එපරිද්දෙන් මහරජ, සතිය තොමෝ උපදවන්නී, කුසලා කුසල සාවද්‍ය අනවද්‍ය හීන ප්‍රණීත කණ්හ සුක්ක සප්පටිභාග ධර්මයන් සිහිකරවයි. මොවුහු සතර සතිපට්ඨානයෝයි.) යනු විස්තරයයි. අපිලාපන රසයයි. කෘත්‍ය වශයෙන්ම මේ සතියගේ අපිලාපන ලක්ෂණයයි. තෙරුන් විසින් කියන ලද්දේය. මුලා නොවීම රසයයි. ගෝචරයෙහි අභිමුඛ බව පච්චුපට්ඨාන යයි. (වැහෙන ආකාරයයි) සතියම බොජ්ඣංග වූයේ සති සම්බොජ්ඣංග නම් වේ. බෝධිය පිණිස පවත්නා ධර්ම සමූහයාගේ හෝ බෝධිය නම් වූ ආර්ය ශ්‍රාවකයාගේ අංගනුයි. බොජ්ඣංග නම් වේ.
මෙහි කුමක් කියන ලද්දේ ද යත්? ලෞකික ලෝකෝත්තර, මාර්ගක්ෂණයෙහි උපදින්නා වූ ලීන-උද්ධච්ච-පතිට්ඨාන-ආයූහන-කාමසුඛ අත්තකිලමථානුයෝග-උචේඡද-සස්සත දිට්ඨි යන මොවුන්ට ඇතුලත්වීම් ආදි වූ නොයෙක් උපද්‍රවයන්ට ප්රතිපක්ෂ වූ, යම් මේ ධර්ම සමූහයක් වේද, සති-ධම්මවිචය-විරිය-පීති-පස්සද්ධි-සමාධි-උපෙක්ඛා නම් වූ යම් ධර්ම සමුහයක එකතුවකින් ධර්මාවබෝධය වන නිසා මෙයට බොධි යයි කියනු ලැබේ.
බුජ්ඣති යන්නෙන් කිලෙස සන්තාන නිද්‍රාවෙන් නැගී සිටියි. චතුරාර්ය සත්‍ය හෝ ප්‍රතිවේධ කෙරෙයි. නිර්වාණය හෝ සාක්ෂාත් කෙරේ යයි කියන ලද්දේ වෙයි. මෙසේ වදාළහ. සත්ත බොජ්ඣංගෙ භාවෙත්වා අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධො යනුවෙන් ඒ ධර්මයන්ගේ එකතුව නම් වූ බෝධියගේ එකතුව වේනුයි බොජ්ඣංග නම් වේ.