පරිවජ්ජනා පහාතබ්බ
පටිසංඛා යොනිසො චණ්ඩං හත්ථිං පරිවජ්ජෙති යනු මම පැවිද්දෙක් වෙමි. නපුරු වූ ඇතුන් සමීපයෙහි නොසිටිය යුතුයි. ඒ හේතුවෙන් මරණයත් මරණයට සමාන දුකකුත් වන්නේ ද, මෙසේ උපායෙන් මාර්ගයෙන් ප්රත්යවේක්ෂා කොට නපුරු වූ ඇතාගෙන් වෙන්වේද, නික්ම යේද, සියලු තන්හි මෙම ක්රමය මැයි. චණ්ඩං නපුරු නොහික්මුණු යයි කියන ලද්දේ වෙයි. ඛාණු යනු කිහිරි කණු ආදිය. කණ්ටකාධානං කටු පිහිටි තැන්, යම්තැනක කටු පිහිටියේ වෙයිද ඒ අවකාශයයි කියන ලද වෙයි. සොබ්භං යනු හැම පසින්ම ඉවුරු බිඳී ඇති, පපාතං යනු එක පසකින් බුන් ඉවුරු ඇති. චන්දනිකං, ඉඳුල් වතුර ගැබ්මල ආදිය දමන තැන. ඔලිගල්ලං ඒ මඩ ආදියම ගලාබස්නා තැන. එහි දනක් පමණ අශූචියෙන් පිරුනේ වෙයි. මේ දෙතැනම අමනුෂ්යයන්ගෙන් දූෂිත වූවාහු වෙති. අනාසන මෙහි නොසුදුසු අසුන අනාසන නම් වෙති. එය අර්ථ වශයෙන් අනියත ආපත්තියට වස්තු වූ රහසිගත වැසුනු ආයතනයයි දත යුතුයැ. අගොචරො, මෙහි නොසුදුසු ගෝචරය අගෝචර නම් වේ. එය ‘වෙසිය’ ආදී භේද වශයෙන් පස්ආකාර වේ. පාපකෙ මිත්තෙ යනු ලාමක වූ දුශ්ශීල වූ මිත්ර ප්රතිරූපක වූ අමිත්රයෝයි. භනජතං සේවනය කරන්නහු. විඤ්ඤූ බ්රහ්මචාරී පණ්ඩිත වූ බුද්ධිසම්පන්න වූ සබ්රහ්මචාරීහුය. මේ භික්ෂූන්ට විශිෂ්ට නමකි. ඒ භික්ෂූහු එකකර්මය, එකුද්දේසය සමානව හැසිරෙත්නුයි සබ්රහ්මචාරීයයි කියනු ලැබෙත්. පාපකෙ ඨානෙසු ලාමක තැන්වල, ඔකප්පෙය්යුං යනු ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙම කළේයයි හෝ කරන්නේ යයි හෝ අදහන්නාහු ද, නිගමනයකට පැමිණෙන්නාහුද වෙති.
යං හිස්ස යනු හස්ති ආදීන් අතුරෙන් යම්කිසි එකෙකු වේද, ඕහට, සෙස්ස කීනය මැයි. මෙහි ආසවයන්ගේ උපත මෙසේ දතයුත්තේය. හත්ථි ආදීන් හේතුකොට දුකින් පෙලුනහුගේ සැප ප්රාර්ථනා කරන්නේ කාමාසව උපදී. අපට සම්පත්ති භවයෙහි සුගති භවයෙහි මෙබඳු දුකක් නැතැයි භවය ප්රාර්ථනා කරන්නහුට භවාසවයද, මා ඇතෙක් මඩී, මා ඇතෙක් මඩී යයි ගැනීම දිට්ඨි ආසවයයි. සියල්ලන් සමග සම්පයුක්ත වූයේ අවිජ්ජාසව වේයයි
ඉමෙ වුච්චන්ති -පෙ- පරිවජ්ජනා පහාතබ්බා යන මේ ඇත් ආදීන් අතුරෙන් එකක් එකක් පාසා සතර සතර බැගින් නොයෙක් ආසවයෝ මේ සීල සංවර නම් වූ පරිවජ්ජනයෙන් පහකළ යුත්තාහු යයි කියන ලද්දාහු වෙත් යයි දතයුත්තේය.
විනොදනා පහාතබ්බ
පටිසංඛායොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති මේ කරුණින් ද මේ විතර්කය අකුසලය. මේ කරුණින් දුක්ඛ විපාකය. එය වනාහි තමහට දුක් පිණිස පවතී යයි මේ ක්රමයෙන් නුවණින් කාම විතක්කයෝ ආදීනව ප්රත්යවේක්ෂා කොට ඒ ඒ අරමුණෙහි උපන් හටගත් පහළ වූ කාම විතක්කය නො ඉවසයි. සිතට නංවාගෙන වාසය නො කරවයි. අභ්යන්තරයෙහි හෝ වාසය නො කරවයි යන අර්ථයි.
නො ඉවසන්නේ කුමක් කෙරේද? දුරුකරයි හැරදමයි.
කුඩයකින් කසල ඉවත් කරන්නාක් මෙන් නොවේ. සංසිඳුවයි. පෙළයි. විදියි. බැහැර කරයි.
කෙවිටකින් ගවයෙකු මෙන් නොවේ. නමුත් ඒ විතර්කය විනාශ කරයි. පහ වූ අන්තය ඇත්තක් කරයි. යම්සේ ඇතුළතද යටත් පිරිසෙන් ඔහුගේ භවාග මාත්රයකුදු ඉතුරු නොවේ ද එය එපරිද්දෙන් කෙරෙයි.
කෙසේනම් එය එසේ කෙරේ ද යත්, අනභාවං ගමෙති යනු අනුක්රමයෙන් අභාවයට පමුණුවයි. වික්ඛම්භන ප්රහාණයෙන් මනාව වික්ඛම්භනය කෙරේද, එපරිද්දෙන් කරන ලද්දේ යයි කියන ලද්දේය. ව්යාපාද, විහිංසා විතර්කයන්හිද මේ ක්රමයමැයි.
මෙහිදු කාම විතර්කය යනු යො කාමපටිසංයුත්තො තක්කො විතක්කො මිච්ඡා සංකප්පො යයි විභංගයෙහි වදාරණ ලද්දේය. අනෙක් තන්හිද මේ විධි ක්රමයමැයි.
උප්පන්නුප්පන්නෙ යනු උපන් උපන් ඇසිල්ලක් ඇත්තවුන්ම කියන ලද්දේ වෙයි. නැතහොත් වරක් උපන් විතර්කයන් දුරුකොට දෙවන වාරයේ දී මධ්යස්ථ වන්නේ නොවෙයි. සියවරක් වුව ද උපනුපන් විතර්තක දුරු කෙරේමය. පාපකෙ අකුසලෙ යනු ලාමක අරුතින් පාපක වූ, මෝහයෙන් මුලා වූ අරුතින් අකුසල වූ ධම්මෙ යනු ඒ කාම විතර්ක ආදියම නැතහොත් සියලුම නවමහා විතරකයෝ.
නවමහා විතර්ක:- මොවුන් අතුරෙන් තිදෙනෙක් කියන ලද්දාහුමය. සෙස්සෝ, ඤාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, පරානුද්දයතා පටිසංයුත්ත විතක්ක, ලාභ සක්කාර පටිසංයුත්ත විතක්ක, අවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක යන මේ සය දෙන වෙති.