දුතියසුත්තන්තපාළිවණ්ණනා
නැවත අන්‍ය සූත්‍රාන්තයක්හුගේ අර්ථ වශයෙන් සත්‍ය ප්‍රතිවේධය නිර්දේශ කරනු කැමැතියේ, පුබ්බෙ මෙ භික්ඛවෙ ආදීකොට ඇති සූත්‍රාන්තය ගෙනහැර දැක්වූ, එහි පුබ්බෙ මෙ භික්ඛවෙ සම්බොධා යනු මහණෙනි, මාගේ සම්බෝධියෙන් සර්වඥතා ඥානයෙන් පූර්වයෙහි, අනභි සම්බුද්ධස්ස සියලු ධර්මයන් ප්‍රතිවේධ නොකළ, බොධිසත්තස්සෙවසතො යනු බෝධි සත්ත්වයෙකු වූයේම, එතදහොසි යනු බෝධිපර්යංකයෙහි හුන්නා වූ මට මෙබඳු සිතිවිල්ලක් වූයේය. අස්සාදො යනු රසවිඳීනුයි ආස්වාදයි. ආදීනවො යනු දෝෂයයි. නිස්සරණං යනු ඉවත්වීමයි. සුඛං යනු සුවපත් වේනුයි සුඛංයි, යමෙකුට එය උපදීද ඔහු සුවපත් කෙරේයයි අර්ථයි. සොමනස්සං යනු ප්‍රීතිය හා සතුට යෙදීමෙන් සුන්දර වූ මනසක් වන්නේනුයි සුමනොයි, සුන්දර වූ මනසෙහි ස්වභාවය සොමනස්සංයි. සුවයම ප්‍රීති යෝගයෙන් විශේෂයෙන් දක්වයි. අනිච්චං යනු ස්ථිර නොවේ. දුක්ඛං යනු දුකට හේතු හෙයින්ද, සංස්කාරයන්ගේ දුක්ඛතාව බැවින්ද දුක්ය. විපරිණාමධම්මං යනු සිය වශයෙහි නොපැවැත, දිරීමෙන් විනාශයට යාම් වශයෙන් පෙරැළීම් ස්වභාවකොට ඇත්තේය. එයින් අනාත්ම ස්වභාවය යූ.සේයි. ඡන්‍දරාග විනයො යනු ඡන්‍ද සංඛ්‍යාත රාගයෙහි වැළැක්වීම වර්ණ රාගයෙහි නොවේ. ඡන්‍දරාගප්පහාණං යනු එම ඡන්‍ද රාගයෙහිම දුරැලීමයි.
යාවකීවඤ්ච ආදීන්හි මෙම පඤ්චොපාදානස්කන්ධයන්ගේ යම්පමණ -පෙ- යථාභූතං නාබ්භඤ්ඤාසිං යනු අධික වූ ඤාණයෙන් ප්‍රතිවේධ නොකෙළෙමිද එතෙක් අනුත්තරං සම්මා සම්බොධිං යනු අනුත්තර සර්වඥභාවය, අභිසම්බුද්ධො අවබෝධ කළ රහත්හු වෙමියි නෙවාහං පටිඤ්ඤාසිං පිළිණ නොමැ කළෙමියි සම්බන්ධතා වශයෙන් අර්ථයි. කීවඤ්ච යනු නිපාත මාත්‍රයයි. යතො යනු යම්හෙයකින් හෝ යම්කලෙකැ. අථ යනු අනතුරුව, ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි යනු දර්ශන කෘත්‍ය කරණයෙන් දර්ශන සංඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයද මට උපනි. අකුප්පා යනු වෙනස් කරන්ට, සොලවන්ට නොහැකි වන්නේය. විමුත්ති යනු අර්හත් ඵල විමුක්තියයි. එම ඵල ප්‍රත්‍යවේක්‍ෂණයෙන්, මාර්ග නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණද යූසේයි. අය මන්තිමා ජාති යනු මෙය අවසන් ස්කන්ධ ප්‍රවෘත්තියයි. නත්‍ථිදානි පුනබ්භවො යනු දැන් නැවැත ඉපැත්මක් නොමැත. ඉන් ප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණය යූ.සේයි. රහත්හට ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණ නොවේ.
දුතියසුත්තන්තනිද්දෙසවණ්ණනා
සත්‍ය ප්‍රතිවේධ ඤාණ යෝජනා ක්‍රමයෙහිද, අයං රූපස්ස අස්සාදොති පහාණ පටිවෙධො යනු පූර්වභාගයෙහි තෘෂ්ණා සම්ප්‍රයුක්ත රූපයෙහි අස්වාද යැයි දැන, මාර්ගක්‍ෂණයෙහි සමුදය ප්‍රහාණ සංඛ්‍යාත සමුදය සත්‍ය ප්‍රතිවේධය, සමුදය සච්චං යනු සමුදය සත්‍ය ප්‍රතිවේධ ඤාණය, ආර්ය සත්‍යාරම්මණ ඤාණයද, ‘යම්කිසි කුසල්දම් කෙනෙක් වෙත්ද, ඒ සියල්ල සිව් අරි සස්හි සංග්‍රහයට යෙත් යනාදීන්හි මෙන් සත්‍යයයි යූ.සේයි. අයං රූපස්ස ආදී නවොති පරිඤ්ඤා පටිවෙධො යනු පූර්වභාගයෙහි මේ රූපයෙහි ආදීනවයැයි දැන, මාර්ග ක්‍ෂණයෙහි, දුක විශේෂයෙන් දැනීම් සංඛ්‍යාත, දුක්ඛ සත්‍යය ප්‍රතිවේධයයි, දුක්ඛ සච්චං යනු දුක්ඛ සත්‍යය ප්‍රතිවේධ ඤාණයයි. ඉදං රූපස්ස නිස්සරණන්ති සච්ඡිකිරියා පටිවෙධො යනු පූර්වභාගයෙහි මේ රූපයෙහි නිදහස්වීම යැයි දැන, මාර්ගක්‍ෂණයෙහි, නිරෝධය සාක්‍ෂාත් කිරීම් සංඛයාත නිරෝධ සත්‍ය ප්‍රතිවේධයයි. නිරොධ සච්චං යනු නිරෝධ සත්‍යාරම්මණි වූ, නිරෝධ සත්‍ය ප්‍රතිවේධ ඤාණයයි. යා ඉමෙසු තීසු ඨානෙසු යනු මෙම කියන ලද ආකාර ඇති දුක්ඛ, සමුදය, නිරෝධ යන ත්‍රයයෙහි, ප්‍රතිවේධ වශයෙන් පැවැති යම් දෘෂ්ටියක් යම් සංකල්පයක්දැයි යා දිට්ඨි යො සංකප්පොයි යෙදීමය. භාවනා පටිවෙධො යනු මේ මාර්ග භාවනා සංඛ්‍යාත මාර්ග සත්‍යය ප්‍රතිවේධයයි. මග්ග සච්චං යනු මාර්ග සත්‍ය ප්‍රතිවේධ ඤාණයයි.