දුතියසුත්තන්තනිද්දෙසවණ්ණනා
සත්ය ප්රතිවේධ ඤාණ යෝජනා ක්රමයෙහිද, අයං රූපස්ස අස්සාදොති පහාණ පටිවෙධො යනු පූර්වභාගයෙහි තෘෂ්ණා සම්ප්රයුක්ත රූපයෙහි අස්වාද යැයි දැන, මාර්ගක්ෂණයෙහි සමුදය ප්රහාණ සංඛ්යාත සමුදය සත්ය ප්රතිවේධය, සමුදය සච්චං යනු සමුදය සත්ය ප්රතිවේධ ඤාණය, ආර්ය සත්යාරම්මණ ඤාණයද, ‘යම්කිසි කුසල්දම් කෙනෙක් වෙත්ද, ඒ සියල්ල සිව් අරි සස්හි සංග්රහයට යෙත් යනාදීන්හි මෙන් සත්යයයි යූ.සේයි. අයං රූපස්ස ආදී නවොති පරිඤ්ඤා පටිවෙධො යනු පූර්වභාගයෙහි මේ රූපයෙහි ආදීනවයැයි දැන, මාර්ග ක්ෂණයෙහි, දුක විශේෂයෙන් දැනීම් සංඛ්යාත, දුක්ඛ සත්යය ප්රතිවේධයයි, දුක්ඛ සච්චං යනු දුක්ඛ සත්යය ප්රතිවේධ ඤාණයයි. ඉදං රූපස්ස නිස්සරණන්ති සච්ඡිකිරියා පටිවෙධො යනු පූර්වභාගයෙහි මේ රූපයෙහි නිදහස්වීම යැයි දැන, මාර්ගක්ෂණයෙහි, නිරෝධය සාක්ෂාත් කිරීම් සංඛයාත නිරෝධ සත්ය ප්රතිවේධයයි. නිරොධ සච්චං යනු නිරෝධ සත්යාරම්මණි වූ, නිරෝධ සත්ය ප්රතිවේධ ඤාණයයි. යා ඉමෙසු තීසු ඨානෙසු යනු මෙම කියන ලද ආකාර ඇති දුක්ඛ, සමුදය, නිරෝධ යන ත්රයයෙහි, ප්රතිවේධ වශයෙන් පැවැති යම් දෘෂ්ටියක් යම් සංකල්පයක්දැයි යා දිට්ඨි යො සංකප්පොයි යෙදීමය. භාවනා පටිවෙධො යනු මේ මාර්ග භාවනා සංඛ්යාත මාර්ග සත්යය ප්රතිවේධයයි. මග්ග සච්චං යනු මාර්ග සත්ය ප්රතිවේධ ඤාණයයි.
නැවත වෙනත් ක්රමයකින්, සත්යයන්ද, සත්යප්රතිවේධයද, දක්වනුයේ, සච්චන්ති කතිහාකාරෙහි සච්චං යනාදිය වදාළහ. එහි සියලු සර්වඥ බෝසත්වරු, බෝධි පර්යංකයෙහි වැඩහුන්නාහු, ජරාමරණාදී වූ දුක්ඛ සත්යයට, ජාති ආදී වූ සමුදය කවරනම් හේතුවකින් හටගනිත්දැයි සොයති. එසේ සොයන්නාහු ජරා මරණාදී දුක්ඛ සත්යයට, ජාති ආදී වූ, සමුදය සත්යය ප්රත්යය වේයයි තීරණය කරන්නාහු පරිග්රහණය කරති. එහෙයින් එම සෙවීමද, එම පරිග්රහණයද සත්යයන්ගේ සෙවීම හෙයින්ද, පරිග්රහණය හෙයින්ද, සත්යයයි නිගමනය කොට එසනට්ඨෙන පරිග්ගහට්ඨෙන යයි යූසේයි. මෙම ක්රමය පසේබුදුවරුන්ටද ප්රත්යය පරිග්රහණයෙහි ලැබේමය. ශ්රාවකයින්ට වනාහි ශ්රවණය කිරීම් වශයෙන් ප්රත්යය පරිග්රහණය ලැබේ. පටිවෙධට්ඨෙන යනු පූර්වභාගයෙහි, එසේ සොයන ලද්දා වූ හා පරිගෘහිතයෝද, මාර්ගක්ෂණයෙහි එක් ප්රතිවේධාර්ථයෙන්,
කින්නිදානං යන ආදීන්හි නිදානාදීන් සියලු කාරණයන්ට පර්යාය වචනයි. යම්හෙයකින් ඵලය ගෙනදේද එය හේතුවයි. එහෙයින් එය ගනිවු යයි අර්පණය කරවන්නාක් මෙනි. එහෙයින් නිදානයයි යූ.සේයි. යම්හෙයකින් ඵලය ඉන් උදාවේද? හටගනීද? ප්රභව වේද? එහෙයින් සමුදය ජාති ප්රභවයැයි යූ.සේයි. මේ වනාහි මෙහි අර්ථයි. එයට කුමක් නිදාන වූයේදැයි කින්නිදානංයි එයට කුමක් සමුදයදැයි කිං සමුදයං යි එයට කවර හටගැනීමක් දැයි කිං ජාතිකංයි. එයට කවර ප්රභවයක්දැයි කිම්පභවංයි එය හටගැන්මට, කියන ද අර්ථයෙන්, නිදානයද, සමුදයද, ජාතියද ප්රභවයද වේ. එහෙයින් ජාති නිදානයයි ආදිය වදාළහ. ජරා මරණං යනු දුක්ඛ සත්යයයි. ජරා මරණ සමුදයං යනු එයට ප්රත්යය වූයේ සමුදය සත්යයයි. ජරා මරණ නිරොධං යනු නිරොධ සත්යයයි. ජරා මරණ නිරොධ ගාමිණී පටිපදං යනු මාර්ග සත්යයයි. මෙම ක්රමයෙන්ම සියලු පදයන්හි අර්ථය දතයුතුය.
නිරොධ පජානනා යනු අරමුණු කිරීමෙන් නිරෝධයෙහි දැනීම, ජාති සියා දුක්ඛසච්චං සියා සමුදය සච්චං යනු භව ප්රත්යයෙන් පැහැදිලි වන අර්ථයෙන්, දුක්ඛ සත්යය ජරා මරණයට ප්රත්යාර්ථයෙන් සමුදය සත්යයයි, සෙස්සෙහිද එම ක්රමයමැයි. අවිජ්ජා සියා දුක්ඛ සච්චං යනු ආශ්රව සමුදයෙන් අවිද්යා සමුදය සමුදයාර්ථයෙනි.
සත්යකථා වර්ණනාව නිමි.
බෝධ්යඞ්ග කථා
බොජ්ඣඞ්ගකථාවණ්ණනා
සත්ය ප්රතිවේධ සිදුකරන, බෝධ්යංග විශේෂය දක්වන්නහු විසින් දේශිත, සූත්රාන්ත පූර්වංගම බෝධ්යංග කථායෙහි පෙර නුවූ අර්ථ අනු වර්ණනාවයි. එහි සූත්රාන්තයෙහි බොජ්ඣංගා යනු බෝධියගේ හෝ බෝධියට අංගනුයි බොජ්ඣංග යයි යූසේයි. යම් මේ ධර්ම සාමාග්රියෙන්, ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි උපදින මැළි හා නොසන්සුන් පිහිටීම්, කර්ම රැස්කිරීම්, කාමසුඛල්ලිකානුයෝග, ආත්මය වෙහෙසට පත්කරන යෝග, උච්ඡේද, ශාස්වත අභිනිවේසාදී නොයෙක් උපද්රවයන්ට ප්රතිපක්ෂ වූ, සති, ධම්මවිචය, වීර්ය, ප්රීති, පස්සද්ධි, උපේක්ෂා සංඛ්යාත ධර්ම සාමාග්රිය තුළින් ආර්යශ්රාවක තෙමේ අවබෝධ කෙරේනුයි සලකා බෝධියැයි යූ.සේයි. අවබෝධ කෙරේ කෙලෙස් චිත්ත පරම්පරා නිද්රාවෙන් නැගිටියි. චතුරාර්ය සත්යයන් ප්රතිවේධ කරයි. නිර්වාණයම හෝ සාක්ෂාත් කෙරේයයි යූ.සේයි. දෙසූ පරිදි ‘සප්ත බොධ්යංගයන් වඩා අනුත්තර සම්යක් සම්බෝධිය මනාව අවබෝධ කළෙමි’. එහෙයින් ධර්ම සාමග්රී සංඛ්යාත බෝධියගේ අංගයෝනුයි බොජ්ඣංගායි. ධ්යානාංග, මාර්ගාංගාදීහු මෙනි. යමෙක් වනාහි මෙම කියන ලද, ආකාරයට අනුව එම ධර්ම සාමග්රියයෙන් අවබෝධ කෙරේනුයි සලකා ආර්යශ්රාවක තෙමේ ‘බෝධි’ යයි යූ.සේයි. එම බෝධියට අංගනුයි බොජ්ඣංගායි, සේනාංග-රථාංග ආදිය මෙනි. එහෙයින් අටුවාචාර්යයෝ කීහු, ‘අවබෝධ කරන්නා වූ පුද්ගලයාගේ අංගයෝනුයි බොජ්ඣංගායි, සති සම්බොධ්යාංගාදීන්ගේ අර්ථ අභිඤ්ඤෙය්ය නිර්දේශයෙහි යූ.සේයි.