සත්‍ය කථා
සච්චකථාවණ්ණනා
යුගනන්‍ධ ගුණය ආර්ය මාර්ගයාගේ වශයෙන්, සත්‍යාර්ථය, සත්‍යය ප්‍රතිවේධ විශේෂය, සත්‍ය ලක්‍ෂණ, විධානයද ගෙනහැර දක්වමින්, දේශිත සූත්‍රාන්ත පූර්වංගම සත්‍ය කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි, තථානි යනු යථා ස්වභාව වශයෙන් සත්‍යයෝ, යථා ස්වභාව වූම, ධර්ම සමූහය සත්‍යාර්ථයෙන් සත්‍යයෝයි. සත්‍යාර්ථය ප්‍රථම ඤාණ නිර්දේශ වර්ණනායෙහි යූසේයි. අවිතථානි යනු කියන ලද ස්වභාවයෙහි වෙනස් ස්වභාව විරහිත, සත්‍යයෝ අසත්‍යයෝ නම් නොවෙති. අනඤ්ඤථානි යනු අන්‍ය ස්වභාව විරහිත, අසත්‍යයෝ, සත්‍යයෝ නම් නොවෙති. ඉදං දුක්ඛන්ති භික්ඛවෙ තථමෙතං යනු මහණෙනි, මෙය දුකයැයි යමක් ගැන කියයිද, එය යථා ස්වභාව හෙයින් සත්‍යය, දුක දුකෙක්මය, කියන ලද ස්වභාවයෙහි වෙනස් ආකාරයක් නොමැති හෙයින් අවිතථංයි. දුක දුකක් නොවන්නේ නොවේ. අන් ස්වභාව විරහිත හෙයින් අනඤ්ඤථංයි. දුක සමුදය ආදී ස්වභාවයකට පත් නොවේ. සමුදයාදීන්හිද එම ක්‍රමයමැයි.
පඨමසුත්තන්තනිද්දෙසවණ්ණනා
තථට්ඨෙන යනු නිසි ස්වභාවාර්ථයෙන්, පීළනාර්ථාදීහු ඤාණ කථායෙහි කියන ලද අර්ථමය.
එක පටිවෙධානී යනු එක් මාර්ග ඤාණයෙන් වන ප්‍රතිවේධය, එක්තැන්ව වූ ප්‍රතිවේධය ඒවාටනුයි එකපටිවෙධානියි, අනත්තට්ඨෙන යනු සිව් සත්‍යයන්ගේ ආත්ම විරහිත හෙයින් අනාත්මාර්ථයෙන් එය විශුද්ධි මාර්ගයෙහි යූසේයි. ‘පරමාර්ථ වශයෙන් සියලුම සත්‍යයෝ, වේද, කාරක, නිබ්බුත, ගමක අභාව හෙයින් ශූන්‍යයයි දතයුත්තාහ. එහෙයින් එය යූසේයි.
දුක්ඛමෙවහි න කොචි දුක්ඛිතො - කාරකො න කිරියාච විජ්ජති,
අත්‍ථි නිබ්බුති න නිබ්බුතොපුමා - මග්ගමත්‍ථි ගමකො න විජ්ජති
දුකක්ම වේ. දුකට පත් කිසිවෙක් නොමැත. කරන්නෙක් නොමැත. ක්‍රියාවක් පමණක් විද්‍යමාන වේ. නිවීමක් ඇත. නිවුණු පුද්ගලයෙක් නොමැත. මාර්ගය ඇත. ගමන් කරන්නෙක් විද්‍යමාන නොවේ.
ධුව සුභ සුඛත්ත සුඤ්ඤං - පුරිම ද්වය මත්ත සුඤ්ඤම මත පදං,
ධුව සුභ අත්ත විරහිතො - මග්ගො ඉති සුඤ්ඤතා තෙසු’ති
ප්‍රථම ද්වයය නිත්‍ය, ශුභ, සුව ආත්ම ශූන්‍යයි. අමෘතපදය වූ නිර්වාණය ආත්ම ශූන්‍යයි. මාර්ගය නිත්‍ය, සුව, ආත්ම විරහිතයි. මෙසේ ඒවාහි ශූන්‍යතාවයි.
සච්චට්ඨෙන යනු බොරු නොකියන අර්ථයෙන්, පටිවෙධට්ඨෙන යනු මාර්ග ක්‍ෂණයෙහි අවබෝධ කළයුතු අර්ථයෙන්, එක සංගහිතාහීති යනු සත්‍යාර්ථාදී වශයෙන් එකෙකී අර්ථයෙන් සංග්‍රහ කරන ලදහ. එකත්‍ව ග්‍රහණයට ගියාහුයයි අර්ථයි. යං එක සංගහිතං තං එකත්තං යනු යම්හෙයකින් එකෙකී අර්ථයෙන් සංග්‍රහ කරන ලද්දේද, එහෙයින් එකත්‍වයයි අර්ථයි. සත්‍යයන් බොහෝ වූයේද, ඒකත්‍වය අපේක්‍ෂාකොට ඒකවචනය කරන ලදි. එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣති යනු චතුසත්‍යයන්ගේ පූර්වභාගයෙහි නානත්‍වය හා ඒකත්‍වය ස්වාවස්ථිතව ව්‍යවස්ථාපනය කොට සිටියේ මාර්ගක්‍ෂණයෙහි එක් මාර්ග ඤාණයෙන් තථාර්ථාදිත්වය ඒකත්‍වයෙන් ප්‍රතිවේධ කරයි. කෙසේද? නිරෝධ සත්‍යයෙහි, සත්‍යාර්ථාදී වූ ඒකත්‍වය, අවබෝධ කළ කල්හි, සෙසු සත්‍යයන්ගේද, සත්‍යාර්ථාදී වූ, ඒකත්‍වය අවබෝධ කරන ලද්දේම වේ. යම්සේ පූර්වභාගයෙහි පංචස්කන්ධයන්ගේ නානත්‍වකත්‍වය, ස්වාවස්ථිතව, ව්‍යවස්ථාපනයකොට සිටියහුට මාර්ගයෙන් නැගී සිටුනා කල්හි අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ නැගී සිටිනහුට, එක් ස්කන්ධයෙක්හිද, අනිත්‍යාදී වශයෙන් දිටිකල්හි සෙසු ස්කන්ධයෝද, අනිත්‍යාදී වශයෙන් දුටුවාහුම වෙති. මෙයද එසේයයි දතයුතුය. දුක්ඛස්ස දුක්ඛට්ඨො තථට්ඨො යනු දුක්ඛ සත්‍යයාගේ පීඩාකිරීම් ආදී වූ සිව් වැදෑරුම් අර්ථය ස්වභාවාර්ථයෙන් සත්‍යාර්ථයි. සෙසු සත්‍යයන්හිද මෙම ක්‍රමයමැයි. ඒ සිව්වැදෑරුම් අර්ථයම, ආත්ම අභාවයෙන් අනත්තට්ඨොයි කියන ලද ස්වභාවයෙහි මුසා නොබණනා හෙයින් සච්චට්ඨොයි මාර්ග ක්‍ෂණයෙහි ප්‍රතිවේධ කළයුතු හෙයින් පටිවෙධට්ඨොයි.
යං අනිච්චං යනාදිය සමානතා ලක්‍ෂණ පූර්වංගම කොට දක්වන ලදි. එහි යං අනිච්චං තං දුක්ඛං, යංදුක්ඛං තං අනිච්චං යනු දුක් හටගන්නා මාර්ගය ගන්නා ලදි. එම ත්‍රිවිධ සත්‍යයෝම අනිත්‍ය වූවාහුම, අනිත්‍ය හෙයින් දුක්වූවාහුද වෙති. යං අනිච්චං ච දුක්ඛඤ්ච තං අනත්තාති එම ත්‍රයයම ගන්නා ලද්දාහුය. යං අනිච්චං ච දුක්ඛඤ්ච අනත්තාචාති යනු ඒ ත්‍රයයෙන් සහ නිරෝධ සත්‍යයද සංගෘහිතය. සතරම අනාත්මයහ. තං තථං යනු එම සත්‍ය චතුෂ්කය සත්‍ය ස්වභාව වූයේ, තං සච්චං යනු එම සත්‍ය චතුෂ්කයම යථා ස්වභාවයෙහිලා මුසා නොබණන සුලුය. නවහාකාරෙහි යන ආදීන්හි ‘මහණෙනි, සියල්ල විශිෂ්ට ඤාණයෙන් දතයුතුය’ යන වචනයෙන් විශේෂ දැනුම් අර්ථයෙන් දුක්ඛයාගේ විශේෂ දැනීම් අර්ථයෙහි, සමුදයාගේ ප්‍රහාණාර්ථයෙහි, මාර්ගයාගේ වැඩීම් අර්ථයෙහි, නිරෝධයාගේ සාක්‍ෂාත් කිරීම් අර්ථයෙහි, මෙහි චතුරාර්ය සත්‍යයන්හි ආවේණික ලක්‍ෂණයන් වූ, විශේෂ ඤාණයෙන් දැනීම යෙදෙන හෙයින් විශේෂ ඤාණයෙන් දැනීම් අර්ථයෙන් සිව්සස් දර්ශනයෙන් ප්‍රහාණය යෙදෙන හෙයින් ප්‍රහාණාර්ථයෙන් සිව්සස් වැඩීම් යෙදෙන හෙයින් භාවනාර්ථයෙන්, සිව් සස්හි සාක්‍ෂාත් කිරීම් යෙදෙන හෙයින් සාක්‍ෂාත් කිරීම් අර්ථයෙන් නිර්දේශිත යැයි දතයුතුය. නවහාකාරෙහි තථට්ඨෙන යනාදීන්හි පළමුව කියන ලද ආකාරයෙන්ම යෙදීම් කළයුත්තාහ.