3. තෘතීය සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව
නැවත අන් සූත්‍රයක් බහා, ඉන්‍ද්‍රිය නියමය, නිර්දේශ කරනු කැමැතියේ, ‘පඤ්චිමානි භික්ඛවෙ’ යනාදිය වදාළහ. එහි සොතාපත්ති යංගෙසු යන මෙහි සොත යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එම ස්‍රෝතසට පැමිණීම බොහෝකොට පැමිණීම සෝතාපත්තියි. ස්‍රෝතසට පැමිණීමේ අංගනුයි, කොටස්නුයි. ස්‍රෝතාපත්ති අංගයෝය, ස්‍රෝතසට පැමිණීමේ ස්වභාවයෙහි පූර්වභාග ප්‍රතිලාභ අංගයෝය. සත්පුරුෂ සේවනය ස්‍රෝතාපත්ති අංගයකි. සද්ධර්ම ශ්‍රවණය ස්‍රෝතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම ස්‍රෝතාපත්ති අංගයකි. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ස්‍රෝතාපත්ති අංගයකි. මෙම සතර ස්‍රෝතාපත්ති අංගය, සෙස්ස යට යූ.සේයි. මෙයද මෙම ඉන්‍ද්‍රියයන්ගේ තම විෂයයෙහි ජ්‍යෙෂ්ඨකත්‍වභාවය දැක්වීම සඳහා යූ.සේයි. යම්සේ සිවු සිටු පුත්හු රජුද යැයි රාජපංචම යහළුවන් අතරෙහි නැකැත් ක්‍රීඩා කරන්නෙමුයි, වීථියට බටකල්හි එක් සිටුපුත්‍රයෙකුගේ නිවසට ගියකල්හි අනෙක් සිව්දෙනා නිශ්ශබ්දව හිඳත්. ගෙහිමියාම කෑයුතු දෑ බුදිය යුතු දෑ දෙවු. මොවුන්ට, සුවඳ මල්මාලා ලංකාරාදිය දෙවු යයි ගෙයි විධාන කරයි. දෙවැන්නාගේ, තෙවැන්නාගේ, සිව්වැන්නාගේ ගෘහයට ගියකල්හි අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්. ගෙහිමියාම මොවුන්ට කෑයුතු දෑ, බිය යුතු දෑ දෙවු. මොවුන්ට සුවඳ මල්මාලාලංකාර දෙවු යයි ගෙයි විධාන කරයි. ඉක්බිති සියල්ලම රජුගේ ගෘහයට ගියකල්හි කිසිසේත් රජු හැමතැන ඓශ්වර්යවත්වයෙන් යුක්ත වූයේ නමුදු මෙම අවස්ථාවෙහි තමාගේ ගෘහයෙහිම මොවුන්ට කෑයුතු දෑ බිය යුතු දෑ දෙවු. මොවුන්ට සුවඳ මල් මාලාලංකාර දවෙු යයි විධාන කරයි. එපරිද්දෙන්ම ශ්‍රද්ධා පංචම ඉන්‍ද්‍රියයන්හි ඒවාහි සයෝගයෙන්ම එක්ව වීථියට බස්නාක් මෙන් එක් අරමුණෙක් උපදනා කල්හිද, යම්සේ පළමු ගෘහයෙහි අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කරයිද, එපරිද්දෙන් ස්‍රෝතාපත්ත්‍යාංගයන්ට පත්ව තිර ලක්‍ෂණයෙන් යුත් ශ්‍රද්ධෙන්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති. යම්සේ දෙවැන්නාගේ ගෘහයෙහිදී, අනෙක් සතරදෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කෙරේද, එපරිද්දෙන් සම්‍යක් ප්‍රධානයන්ට පත්ව දැඩිව අල්ලාගැනීම් ලක්‍ෂණැති වීර්යෙන්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති. යම්සේ තෙවැන්නාගේ ගෘහයෙහිදී අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කරයිද, මෙසේ සතිපට්ඨානයන්ට පත්ව එළැඹ සිටීම් ලක්‍ෂණ සතින්‍ද්‍රියම ජ්‍යෙෂ්ඨ වේද, පූර්වාංගම වේද, සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙත්ද, යම්සේ සිව්වැන්නාගේ ගෘහයෙහිදී අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද? ගෙහිමියාම විධාන කෙරේද? එසේම ධ්‍යානයන්ට පත්ව නොවිසිරීම් ලක්‍ෂණ වූ සමාධින්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති. සියල්ලන්ට පසුව රජුගේ ගෘහයට ගිය කල්හි වනාහි යම්සේ අනෙක් සතරදෙන නිශ්ශබ්දව හිඳිත්ද? රජම විධාන කෙරේද? එපරිද්දෙන් චතුරාර්ය සත්‍යයන්ට පත්ව දැනගැනීම් ලක්‍ෂණ වූ ප්‍රඥෙන්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වෙයි. පූර්වාංගම වෙයි. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති.
ක. පභෙදගණනනිද්දෙසවණ්ණනා
සූත්‍රාන්තයෙහි, ප්‍රභේද, ගණන් විමසීම් පූර්වාංගමවම ප්‍රභේද ගණන් නිර්දේශයෙහි, සප්පුරිස සංසෙවෙ යනු සෝභන පුරුෂයන්ගේ මනා සෙවුමෙහි අධිමොක්ඛාධිපතෙය්‍යට්ඨෙන යනු අධිමෝක්‍ෂ සංඛ්‍යාත සෙසු ඉන්‍ද්‍රියයන්හි අධිපති භාවාර්ථයෙන්, සෙසු ඉන්‍ද්‍රියයන්ගේ පූර්වාංගම අර්ථයෙනැයි අර්ථයි. සද්ධම්ම සවණෙ යනු සත්පුරුෂයන්ගේ ධර්මය සෝභන වූ ධර්මයනුයි සද්ධර්මයි. එම සද්ධර්මයාගේ ශ්‍රවණයෙහි, යොනිසො මනසිකාරෙ යනු උපායෙන් මෙනෙහි කිරීමෙහි. ධම්මානුධම්ම පටිපත්තියා යන මෙහි නවලොවුතුරු දහම් අනුව ගිය ධර්මය ධර්මානුධර්මයි. සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපැදීම ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. සම්‍යක් ප්‍රධානාදීන්හිද එම ක්‍රමයයි.
ඛ. චරියාවාරවණ්ණනා
චර්යා වාරයෙහිද මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. හුදෙක් ප්‍රථම වාරය ඉන්‍ද්‍රියයන්ගේ උපදවන කාල වශයෙන් යූ.සේයි. චර්යාවාරය උපන්නවුන්ගේ ආසේවන කාල වශයෙන්, පරිපූර්ණත්වයට පත්වන කාල වශයෙන්ද යූ.සේයි. චර්යා ප්‍රකෘති උස්සනතාව වනාහි අර්ථ වශයෙන් එකකි.
චාරවිහාරනිද්දෙසවණ්ණනා
දැන් චර්යා සම්බන්ධයෙන්ම, චාර, විහාර, නිර්දේශ වශයෙන් අනෙක් ක්‍රමයකින් ඉන්‍ද්‍රිය නියමය නිර්දේශ කරනු කැමැතියේ, චාරොච විහාරොච ආදී වූ උදෙසීම උදෙසා එහි නිර්දේශය වදාළහ. එහි උද්දේසයෙහි පළමුව යම්සේ හැසිරෙන්නා වූ, වාසය කරන්නා වූ නැණවත් සබ්‍රම්සරුන් ගැඹුරුතන්හි ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ පැමිණියේය. පැමිණෙන්නේ යයි විශ්වාස කරන්නාහුය. එසේ ඉන්‍ද්‍රිය සම්පන්නහුගේ හැසිරීමද, විහරණයද, නැණැති සබ්‍රම්සරුන් විසින් අවබෝධ කරන ලද්දේ, ප්‍රතිවේධ කරන ලද්දේ වේයයි උද්දේශයෙහි සම්බන්ධය දතයුත්තේය. උද්දේශ නිර්දේශයන්හි චර්යාව චාරයමය. චාරය චර්යාව වනාහි අර්ථ වශයෙන් එකය. එහෙයින් චාරො යන පදයට නිර්දේශයෙහි චරියා යැයි යූ.සේයි. ඉරියාපථ චරියා යනු ඉරියව්වල හැසිරීම, පැවැත්ම යයි අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. ආයතන චරියා යනු ආයතනයන්හි සිහියෙන් මනාව විමසන ඤාණචර්යාවයි. පත්ති යනු ඵලයි. ඒවාට පැමිණෙත්නුයි පත්ති යැයි යූ.සේයි. සත්ත්වලෝකයාගේ ඉහාත්මයෙහි හා මරණින් මත්තෙහි අභිවෘද්ධි ලොකත්‍ථ නම් වේ. මේ විශේෂයයි.
දැන් ඒ චර්යාවන්හි භූමිය දක්වනුයේ චතුසු ඉරියාපථෙසු යනාදිය වදාළහ. සතිපට්ඨානෙසු යනු ආරම්මණ සතිපට්ඨානයන්හි, සතිපට්ඨානයැයි කියනු ලබන කල්හි, සිහියෙන් අන්‍යයන් ව්‍යවාහර වශයෙන් අන්‍යයන් සේ කොට යූ.සේයි. අරියසච්චෙසු යනු පූර්වභාග ලෞකික සත්‍ය ඤාණයෙන් වෙන් වෙන්ව සත්‍යය පරිග්‍රහ වශයෙන් යූ.සේයි. අරියමග්ගෙසු සාමඤ්ඤ ඵලෙසු යනු ව්‍යවහාර වශයෙන්ම යූ.සේයි. පදෙසෙ යනු ලෝකාර්ථ චර්යායෙහි එක් දේශයෙක්හි අවශේෂ දැයක් නොමැතිව ලෝකාර්ථ චර්යාව බුදුවරුම කරති. නැවත එම චර්යාවන්ම කාරක, පුද්ගල වශයෙන් දක්වනුයේ පණිධි සම්පන්නානං ආදිය වදාළහ. එහි ප්‍රණිධි සම්පන්න නම් ඉරියව්හි ශාන්ත බැවින් මනා ඉරියව් පැවැත්මෙහි යුක්ත, සෙලවිය නොහැකි ඉරියව්වලින් යුත් භික්‍ෂුභාවයට සුදුසු ශාන්ත ඉරියව්වලින් යුක්ත, ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරානං යනු චක්‍ෂුරාදී ෂට් ඉන්‍ද්‍රියයන්හි, තම තමා අයත් විෂයයෙහි පැවැති එක් එක් ද්වාරය වශයෙන් රක්නා ලද ද්වාර ඔවුන්ටනුයි ගුත්තද්වාරායි. ඒ රක්නා ලද ද්වාරයන්ගේ, ද්වාරං යනු මෙහි උපදනා ද්වාර වශයෙන් චක්‍ෂුරාදීහුමය. අප්පමාද විහාරීනං යනු සීලාදීන්හි අප්‍රමාදීව වසනසුලු වූ, අධිචිත්තමනුයුත්තානං යනු සමාධියෙහි අනුයුක්තයනට, බුද්ධි සම්පන්නානං යනු නාමරූප විභාගකිරීම් ආදීකොට ගොත්‍රභූ දක්වා එතෙක් පැවැති ඤාණයෙන් යුක්ත වූවන්ට, සම්මා පටිපන්නානං යනු සිව් මාර්ගක්‍ෂණයෙහි, අධිගත ඵලානං යනු සිව් ඵලක්‍ෂණයෙහි.