ක. පභෙදගණනනිද්දෙසවණ්ණනා
සූත්‍රාන්තයෙහි, ප්‍රභේද, ගණන් විමසීම් පූර්වාංගමවම ප්‍රභේද ගණන් නිර්දේශයෙහි, සප්පුරිස සංසෙවෙ යනු සෝභන පුරුෂයන්ගේ මනා සෙවුමෙහි අධිමොක්ඛාධිපතෙය්‍යට්ඨෙන යනු අධිමෝක්‍ෂ සංඛ්‍යාත සෙසු ඉන්‍ද්‍රියයන්හි අධිපති භාවාර්ථයෙන්, සෙසු ඉන්‍ද්‍රියයන්ගේ පූර්වාංගම අර්ථයෙනැයි අර්ථයි. සද්ධම්ම සවණෙ යනු සත්පුරුෂයන්ගේ ධර්මය සෝභන වූ ධර්මයනුයි සද්ධර්මයි. එම සද්ධර්මයාගේ ශ්‍රවණයෙහි, යොනිසො මනසිකාරෙ යනු උපායෙන් මෙනෙහි කිරීමෙහි. ධම්මානුධම්ම පටිපත්තියා යන මෙහි නවලොවුතුරු දහම් අනුව ගිය ධර්මය ධර්මානුධර්මයි. සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපැදීම ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. සම්‍යක් ප්‍රධානාදීන්හිද එම ක්‍රමයයි.
ඛ. චරියාවාරවණ්ණනා
චර්යා වාරයෙහිද මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. හුදෙක් ප්‍රථම වාරය ඉන්‍ද්‍රියයන්ගේ උපදවන කාල වශයෙන් යූ.සේයි. චර්යාවාරය උපන්නවුන්ගේ ආසේවන කාල වශයෙන්, පරිපූර්ණත්වයට පත්වන කාල වශයෙන්ද යූ.සේයි. චර්යා ප්‍රකෘති උස්සනතාව වනාහි අර්ථ වශයෙන් එකකි.
චාරවිහාරනිද්දෙසවණ්ණනා
දැන් චර්යා සම්බන්ධයෙන්ම, චාර, විහාර, නිර්දේශ වශයෙන් අනෙක් ක්‍රමයකින් ඉන්‍ද්‍රිය නියමය නිර්දේශ කරනු කැමැතියේ, චාරොච විහාරොච ආදී වූ උදෙසීම උදෙසා එහි නිර්දේශය වදාළහ. එහි උද්දේසයෙහි පළමුව යම්සේ හැසිරෙන්නා වූ, වාසය කරන්නා වූ නැණවත් සබ්‍රම්සරුන් ගැඹුරුතන්හි ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ පැමිණියේය. පැමිණෙන්නේ යයි විශ්වාස කරන්නාහුය. එසේ ඉන්‍ද්‍රිය සම්පන්නහුගේ හැසිරීමද, විහරණයද, නැණැති සබ්‍රම්සරුන් විසින් අවබෝධ කරන ලද්දේ, ප්‍රතිවේධ කරන ලද්දේ වේයයි උද්දේශයෙහි සම්බන්ධය දතයුත්තේය. උද්දේශ නිර්දේශයන්හි චර්යාව චාරයමය. චාරය චර්යාව වනාහි අර්ථ වශයෙන් එකය. එහෙයින් චාරො යන පදයට නිර්දේශයෙහි චරියා යැයි යූ.සේයි. ඉරියාපථ චරියා යනු ඉරියව්වල හැසිරීම, පැවැත්ම යයි අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. ආයතන චරියා යනු ආයතනයන්හි සිහියෙන් මනාව විමසන ඤාණචර්යාවයි. පත්ති යනු ඵලයි. ඒවාට පැමිණෙත්නුයි පත්ති යැයි යූ.සේයි. සත්ත්වලෝකයාගේ ඉහාත්මයෙහි හා මරණින් මත්තෙහි අභිවෘද්ධි ලොකත්‍ථ නම් වේ. මේ විශේෂයයි.
දැන් ඒ චර්යාවන්හි භූමිය දක්වනුයේ චතුසු ඉරියාපථෙසු යනාදිය වදාළහ. සතිපට්ඨානෙසු යනු ආරම්මණ සතිපට්ඨානයන්හි, සතිපට්ඨානයැයි කියනු ලබන කල්හි, සිහියෙන් අන්‍යයන් ව්‍යවාහර වශයෙන් අන්‍යයන් සේ කොට යූ.සේයි. අරියසච්චෙසු යනු පූර්වභාග ලෞකික සත්‍ය ඤාණයෙන් වෙන් වෙන්ව සත්‍යය පරිග්‍රහ වශයෙන් යූ.සේයි. අරියමග්ගෙසු සාමඤ්ඤ ඵලෙසු යනු ව්‍යවහාර වශයෙන්ම යූ.සේයි. පදෙසෙ යනු ලෝකාර්ථ චර්යායෙහි එක් දේශයෙක්හි අවශේෂ දැයක් නොමැතිව ලෝකාර්ථ චර්යාව බුදුවරුම කරති. නැවත එම චර්යාවන්ම කාරක, පුද්ගල වශයෙන් දක්වනුයේ පණිධි සම්පන්නානං ආදිය වදාළහ. එහි ප්‍රණිධි සම්පන්න නම් ඉරියව්හි ශාන්ත බැවින් මනා ඉරියව් පැවැත්මෙහි යුක්ත, සෙලවිය නොහැකි ඉරියව්වලින් යුත් භික්‍ෂුභාවයට සුදුසු ශාන්ත ඉරියව්වලින් යුක්ත, ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරානං යනු චක්‍ෂුරාදී ෂට් ඉන්‍ද්‍රියයන්හි, තම තමා අයත් විෂයයෙහි පැවැති එක් එක් ද්වාරය වශයෙන් රක්නා ලද ද්වාර ඔවුන්ටනුයි ගුත්තද්වාරායි. ඒ රක්නා ලද ද්වාරයන්ගේ, ද්වාරං යනු මෙහි උපදනා ද්වාර වශයෙන් චක්‍ෂුරාදීහුමය. අප්පමාද විහාරීනං යනු සීලාදීන්හි අප්‍රමාදීව වසනසුලු වූ, අධිචිත්තමනුයුත්තානං යනු සමාධියෙහි අනුයුක්තයනට, බුද්ධි සම්පන්නානං යනු නාමරූප විභාගකිරීම් ආදීකොට ගොත්‍රභූ දක්වා එතෙක් පැවැති ඤාණයෙන් යුක්ත වූවන්ට, සම්මා පටිපන්නානං යනු සිව් මාර්ගක්‍ෂණයෙහි, අධිගත ඵලානං යනු සිව් ඵලක්‍ෂණයෙහි.
අධිමුච්චන්තො යනු නිශ්චය කරනුයේ, සද්ධාය චරති යනු ශ්‍රද්ධා වශයෙන් පවතියි. [missing trans] විජානන්තො යනු ඉන්‍ද්‍රිය සම්ප්‍රයුක්ත ජවන පූර්වාංගම, ආවර්ජන විඤ්ඤාණයෙන් අරමුණ දැනගනුයේ, විඤ්ඤාණචරියාය යනු ආවර්ජන විඤ්ඤාණ චර්යා වශයෙන්, එවං පටිපන්නස්ස යනු ජවනය සහිතව ඉන්‍ද්‍රිය චර්යායෙහි පිළිපන්නහුට, කුසලා ධම්මා ආයාපෙන්ති යනු සමථ විදර්ශනා වශයෙන් පැවැති කුසල්දම් අතිශයින් යැපෙත් - පවතිත් යනු අර්ථයි. ආයතන චරියාය යනු කුසල්දම්හි අතිශයින් ප්‍රයත්න චර්යාවෙන් උත්සාහවත් චර්යායෙන්, පැවැත්වීම් චර්යායෙන් යයි යූ.සේයි. විසේසමධිගච්ඡති යනු විෂ්කම්භන, තදංග, සමුච්ඡේද පටිප්පස්සද්ධි වශයෙන් අවබෝධ කරයි. දර්ශන චර්යාදීහු කියන ලද අර්ථමය.
සද්ධාය විහරති යන ආදීන්හි ශ්‍රද්ධාදියෙන් යුක්ත වූ ඉරියව් විහරණය දතයුතුය. අනුබුද්ධො යනු අනුමාන බුද්ධියෙන්, පටිවිද්ධො යනු ප්‍රත්‍යක්‍ෂ බුද්ධියෙන්, අධිමෝක්‍ෂාර්ථාදීන්හි, අනුමානයෙන් දන්නා ලද ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද දෑහි චාරයද, විහාරයද අනුමානයෙන් දන්නා ලද්දේ වේ. ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද්දේ වෙයි. එහෙයින් අනුබෝධ, ප්‍රතිවේධයන්හිද නිශ්චය කිරීම් අර්ථාදීහු නිර්දිෂ්ටයහ.
එවං සද්ධාය චරන්තං යන ආදීන්හි එවං යනු කියන ලද ආකාරය නිර්දේශ කරනුයේ යථා ශබ්දයෙහි අර්ථය නිර්දේශ කරයි. විඤ්ඤූති ආදීන්හිද, යථා ස්වභාවයෙන් දනිත්නුයි විඤ්ඤූයි, දැනගත් ස්වභාවය පැහැදිලි කරත්. ප්‍රකට කෙරෙත්නුයි විභාවියි. පර්වතයෙහි හෙනක් මෙන් කෙලෙස් මැඩලයි. හිංසනයට පත්කෙරේනුයි මෙධායි. වහා ග්‍රහණ, ධාරණ අර්ථයෙන්ද මෙධායි. ධාරණ ශක්තිය ඔවුන්ට ඇතියේනුයි මෙධාවියි. ඤාණ ස්වභාවයෙහි පවතිත්, යෙති. පවතිත්නුයි පණ්ඩිතා, බුද්ධි සම්පත්තියෙන් යුක්ත වූ හෙයින් බුද්ධි සම්පන්නායි. බ්‍රහ්ම චර්යාව සමග උතුම් ප්‍රතිපදාවෙහි හැසිරෙත්නුයි සබ්‍රහ්මචාරිනොයි. අපලොකන කර්මාදි, සිව් වැදෑරුම් කර්ම එක්ව කිරීම් වශයෙන් එකං කම්මංයි. සිව් වැදෑරුම් ප්‍රාතිමෝක්‍ෂ උදෙසීමද එසේය. සමාන ශික්‍ෂා ඔවුන්ටනුයි සමසික්ඛායි. සම ශික්‍ෂාවන්ගේ ස්වභාවය සමසික්ඛතායි. සමසික්ඛාතා යනුවෙන්ද කියවති. යම් කෙනෙකුන්ට එක් කර්මයක්, එක් උදෙසීමක් වේද, එය සමසික්ඛතායි. ඔවුහු සබ්‍රහ්මචාරීහුයැයි යූ.සේයි. ඣානානි යයි කිවයුතු කල්හි ඣානායි. ලිංග විපර්යාසය කරන ලදි. විමොක්ඛා තෙවදෑරුම් හෝ අටවැදෑරුම් විමොක්‍ෂ, සමාධි යනු සවිතර්ක සවිචාර අවිතර්ක විචාරමාත්‍ර, අවිතර්ක අවිචාර යන තෙවදෑරුම් සමාධීහුය. සමාපත්තියො යනු සුඤ්ඤත-අනිමිත්ත-අප්‍රණිහිත යන ත්‍රයයි. අභිඤ්ඤායො යනු ෂට් අභිඥාවෝය.