සමුදය සත්ය නිර්දේශ වර්ණනාව
සමුදය සත්යය නිර්දේශයෙහි, යායං තණ්හා යනු ඒ මේ තෘෂ්ණාවයි. පොනොභවිකා යනු පුනර්භව කරණය පුනොභවොයි. නැවත භවයක ස්වභාවය මොහුටනුයි පොනොභවිකයි. තවද පුනර්භවය දෙයි. පුනර්භවය සඳහා පවතියි. නැවත නැවත භවයෙහි උපදීනුයි = පොනොභවිකායි. එය වනාහි ඒ පුනර්භවය දෙන්නාහුද, නොදෙන්නාහුද ඇත. පුනර්භවය සඳහා පවතින්නාහුද, නොපවතින්නාහුද ඇත. දුන් ප්රතිසන්ධියෙහිදී, මුහුකුරා ගිය කෙලෙස් ස්වභාවයෙහි සීමාව ඉක්මවා යාම පුනර්භවයයි. පොනබ්භවිකා යනුද පාඨයි. එයම අර්ථයි. සතුටුවීම් සංඛ්යාත තෘෂ්ණා ඇල්මෙන් යුක්ත වූයේනුයි. නන්දිරාග සහගතායි. නන්දිරාගය සමග අර්ථ වශයෙන් එකක් බවට ගියාහුයයි යූ.සේයි. තත්ර තත්රාභිනන්දිනී යම් යම් තන්හි ආත්ම භාවයන් වේද, ඒ ඒ තන්හි විශේෂයෙන් සතුටු වේ. රූපාදී අරමුණුවල ඒ ඒ තන්හි සතුටුවේද, එය රූපාහි නන්දිනියි. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්හි සතුටුවේයයි අර්ථයි. තත්ර තත්රාභිනන්දිතියිද පාඨයි. ඒ ඒ තන්හි සතුටුවේයයි අර්ථයි. සෙය්යථිදං යනු නිපාතයි. එය කවරේද යන අර්ථයි. කාමතණ්හා යනු කාමයන්හි තෘෂ්ණාවයි. පඤ්චකාම ගුණයන්ගෙන් යුත් රාගයට මේ විශේෂ නාමයකි. භව තණ්හා යනු භවයෙහි තෘෂ්ණාවයි. භව ප්රාර්ථනා වශයෙන් උපන්නා වූ ශාශ්වත දෘෂ්ටි සහගත ඇල්මටද, රූප අරූප භවරාගයටද ධ්යාන තෘෂ්ණාවටද මෙය විශේෂ නාමයකි. විභව තණ්හා යනු භව විනාශයෙහි තෘෂ්ණාවයි. නැවත නොඉපදීම් සහිත ඇල්මට මෙය විශේෂ නාමයකි.
දැන් ඒ තෘෂ්ණාවගේ හේතු විස්තර වශයෙන් දක්වන්ට, ‘සා ඛො පනෙසා’ ආදිය වදාළහ. එහි උප්පජ්ජති යනු උපදී. නිවිසති යනු නැවත නැවත පැවැත්ම වශයෙන් පිහිටයි යන අර්ථයි. උපදිනු ලබන්නී කොතැන්හි උපදීද? පවතිනු ලබන්නී කොතැන්හි පවතීදැයි සම්බන්ධයි. යං ලොකෙ පියරූපං සාතරූපං යනු ලෝකයෙහි යම් ප්රිය ස්වභාවයක් වේද? මිහිරි ස්වභාවයක් වේද, එයයි. චක්ඛුං ලොකෙති ලෝකයෙහි චක්ෂුරාදීන්හි මමත්වයෙන් තදින් ඇලුණු සත්ත්වයෝ. සම්පත්හි පිහිටියාහු, තමාගේ ඇස කැඩපත් ආදීන්හි නිමිති ගැනීම් අනුසාරයෙන් මනා ප්රසන්න තාවයෙන් යුත්, පංච ප්රසාදයන්, රන් විමනෙහි ගළවා දැමූ සිංහ කූඩුවක් මෙන් හඟිත්. උස් නැහැයැයි ලද ව්යවහාර ඇති නැහැය ඔතා තබන ලද හිරියල් වැටියක් සේ හඟිත්. දිව රත් කම්බිලි වැස්මක් මෙන්ද, මෘදු, සිනිදු මිහිරි රසදායකයක් මෙන්ද හඟිත්. සිරුර සල් පැලයක් මෙන්ද, රන් තොරණක් මෙන්ද හඟිත්. සිත අන්යයන්ගේ මනසින් අසදෘශ (මාගේ මනස මෙන් උසස් මනසක් අන් අයට නැත. එකම උසස් මනස ඇත්තේ මාහටම පමණි.) කොට උසස්කොට හඟිත්. රූපය රන්කිණිහිරි මල් ආදී වර්ණ මෙන්ද, ශබ්දය මත් කුරුවි කොවුලන්ගේ මන්දස්වර, මිණිගෙඩි බටනලා ඝෝෂාව මෙන්, තමා ලත් සතරමහා භූතයන්ගෙන් හටගත් ගඳ සුවඳ අරමුණු ගැන සිතා, අන් කවරහුට මෙවන් දෑ ඇත්දැයි හඟිත්. ඔවුන්ට මෙසේ හඟින කල්හි, ඒ චක්ෂුරාදී ප්රිය රූපයෝ මෙන්ම මධුර රූපයෝද වෙති. එකල්හි ඔවුන්ට එහි නූපන්නා වූද තෘෂ්ණා උපදියි. උපන්නා වූද තෘෂ්ණා නැවත නැවත පැවැත්ම වශයෙන් පිහිටයි. එහෙයින් තෙරහු, ඇස ලෝකයෙහි ප්රිය ස්වභාවයය, මධුර ස්වභාවයය, මෙහි මේ තෘෂ්ණා තොමෝ උපදිනු ලබන්නී උපදී යන ආදිය කීහ. එහි උප්පජ්ජමානා යනු යම් කලෙක උපදීද? එකල්හි එහි උපදීයයි යන අර්ථයි.
සමුදය සත්ය නිර්දේශ වර්ණනාව නිමි.
නිරෝධ සත්යය නිර්දේශ වර්ණනාව
නිරෝධ සත්ය නිර්දේශයෙහි : යො තස්සා යෙව තණ්හාය යන මෙහි, යම් ඒ දුක්ඛයාගේ යයි කිවයුතු වුවත්, යම්හෙයකින් හටගැනීම් නිරෝධයෙන්ම දුක නිරුද්ධ වේ. වෙනත් ක්රමයකින් නොවේ. දෙසූ පරිදි
යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ, ජින්නොපි රුක්ඛො පුනදෙව රූහති,
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තී දුක්ඛමිදං පුනප්පුනං
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තී දුක්ඛමිදං පුනප්පුනං
යම්සේ තදින් මුලට උපද්රව නොකළ කල්හි වෘක්ෂය සිඳ දැමුයේ වී නමුදු නැවතත් වැඩේද? එපරිද්දෙන්ම සියුම් තෘෂ්ණාවන් නොනැසූ කල්හි මේ දුක නැවත නැවතත් උපදී.
එහෙයින් එම දුක් නිරෝධය දක්වන්නේ, සමුදය නිරෝධයෙන් දක්වන්ට මෙසේ වදාළහ. තථාගතවරු සිංමහ සමාන පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් නිරුද්ධ කරන්නාහු, දුක් නිරෝධය දක්වන්නාහු, හේතුයෙහි පිළිපදිත්. ඵලයෙහි නොවේ. අන්ය තීර්තකයෝ (ශ්වාන) බලු පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් නිරෝධ කරන්නාහු, දුක් නිරෝධය දක්වන්නාහු, ආත්මය වෙහෙසට පත්කිරීමේ යෝගයෙන්ද, එයටම අදාළ දේශනාවෙන්ද ඵලයෙහි පිළිපදිත්. හේතුයෙහි නොවේ. ශාස්තෲන් වහන්සේ සිංහ සමාන පැවතුම් ඇති හෙයින්ද, හේතුයෙහි පිළිපදින්නාහු යො තස්සායෙව ආදිය වදාළහ. ධර්ම සේනාපති සැරියුත් තෙරණුවෝද ශාස්තෲන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන ලද ක්රමයෙන්ම වදාළේය.
එහි, තස්සායෙව තණ්හාය යනු යම් ඒ තෘෂ්ණාවක් වේද, එය පුනර්භවිකයයි කියන ලද්දේ, කාම තෘෂ්ණා වශයෙන් බෙදන ලද්දේ උත්පත්ති විසීම් වශයෙන්ද, යට ප්රකාශිත ඒ තෘෂ්ණාවගේම, අසෙස විරාග නිරොධො යනු මාර්ගය විරාගයයි කියනු ලැබේ. විරාගයෙන් මිදේයයි කියන ලදී. විරාගයෙන් නිරෝධය විරාග නිරෝධයයි. අනුසහගත කෙලෙස් උගුලුවා දමන හෙයින් සේස රහිත විරාගනි නිරෝධය = අසෙස විරාග නිරෝධයි. නොහොත් ප්රහාණය විරාගයයි කියනු ලැබේ. එහෙයින් සේස රහිත විරාගය සේස රහිත නිරෝධය, මෙසේද මෙහි යෙදුම් දතයුත්තාහුය. අර්ථ වශයෙන් වනාහි මේ සියලුම අසේස විරාග නිරෝධයන් ආදීන් නිර්වාණයටම පර්යාය නාමයෝය. පරමාර්ථ වශයෙන් වනාහි නිර්වාණය, දුක්ඛ නිරෝධ ආර්ය සත්යයයි කියනු ලැබේ. යම් හෙයකින් වනාහි, එයට පැමිණ තෘෂ්ණාව අසේසව, තොර වේද, නිරුද්ධ වේද, එහෙයින් එය ඒ තෘෂ්ණාවගේම අසේස විරාග නිරෝධයයි කියනු ලැබේ. නිර්වාණයට පැමිණ තෘෂ්ණාව අත්හරිනු ලැබේද, දුරු කෙරේද? මුදයිද? නොඇලේද? පස්කම් ගුණ ආලයන්හි එකද ආලයක්ද නැත්ද? එහෙයින් නිර්වාණය චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයොයි යූ.සේයි. නිර්වාණය එකක්මය. සියලු සංඛත නාමයන්ට ප්රතිපක්ෂ වශයෙන් මෙයට නොයෙක් නම් වෙති. ඒ කවරේද යත්? අසෙස විරාග, අසෙස නිරෝධ, චාග, පටිනිස්සග්ග, මුත්ති, අනාලය, රාගක්ඛය, දොසක්ඛය, මොහක්ඛය, අනුප්පාද, අප්පවත්ත, අනිමිත්ත, අප්පණිහිත, අනායූහන, අප්පටිසන්ධි, අනුප්පත්ති, අනිමිත්ත, අප්පණිහිත, අනායූහන, අප්පටිසන්ධි, අනුප්පත්ති, අගති, අජාත, අජර, අබ්යාධි, අමත, අසොක, අපරිදෙව, අනුපායාස, අසංකිලිට්ඨ ආදීහුය. සේස රහිත නොඇල්ම, සේස රහිත නිරුද්ධ කිරීම, අත්හැරීම, දුරුකිරීම, මිදීම, ඇල්ම නැතිකිරීම, ඇල්ම ක්ෂය කිරීම, ද්වේෂය ක්ෂය කිරීම, මෝහය ක්ෂය කිරීම, කෙලෙස් නොඉපදීම, කෙලෙස් නොපැවැත්ම, තෘෂ්ණා නිමිති නොගැනීම, තෘෂ්ණාවන්හි නොපිහිටීම, රැස් නොකිරීම, පිළිසිඳීම් නොමැතිවීම, නොඉපදීම්, පැවැත්ම නොමැතිවීම, නොඉපදීම, ජරාවට පත් නොවීම, ව්යාධි නොවීම, නොමැරීම, සෝක නොවීම, නොවැළපීම, බලවත් සිත් තැවුල් නොමැතිවීම, කෙලෙසුන්ගෙන් කිලිටි නොවීම් ආදීහුය.