රතන සතර සොරකම් කිරිම
ඉක්බිති එක්දිනක් සේනක තෙමේ ඉතිරි තුන්දෙනා තමන්ගේ සමීපයට පැමිණි කල්හි ඔවුන් අමතා අපි දැන් මහෞෂධ ගෘහපති පුත්රයාට නොසෑහෙන්නෝ වෙමු. දැන් වනාහි ඔහු විසින් ඉතාදක්ෂ භාර්යාවක් ගෙනෙන ලදී. කුමක් හෝ කියා ඔහුත් රජුත් අතර භේදයක් ඇති කරමුයැයි කීය. ආචාරීණි, අපි කිසිවක් නොදන්නෙමු. ඔබම දන්නෙහිය. වේවා. නොසිතන්න. උපායක් ඇත. මම රජුගේ චූඩාමාණික්යය සොරකම්කොට ගෙනෙන්නෙමි. පුක්කුස, නුඹ ස්වර්ණමය මාලාව ගෙනෙන්න. කාවින්ද, නුඹ ඇතිරිල්ල ගෙනෙව. දේවින්ද, නුඹ රන්මිරිවැඩිසඟල ගෙනෙන්න. මේ සතරදෙනාම උපායකින් ඒවා ගෙන ආහ. ඉක්බිති නො දැනෙන ලෙස ගෘහපති පුත්රයාගේ ගෙට යවන්නෙමුයි සේනක තෙමේ පළමුව මැණික මෝරු කළයට දමා දාසියකගේ අතේ යැව්වේය. මේ මෝරු කළය වෙන අයට ගන්නට නොදී ඉදින් මහෞෂධයන්ගේ ගෙයි අය ගන්නේ නම් කළයත් සමගම දෙවයි කීය. ඕ තොමෝ පණ්ඩිතයන්ගේ ගේ දොරකඩට ගොස් මෝරු ගන්නේද, මෝරු ගන්නේද කියමින් එහෙ මෙහෙ ඇවිදියි.
අමරාදේවිය දොරටුවේ සිටියා ඇගේ ක්රියාව දැක මේ තැනැත්තිය වෙන තැනකට නොයයි. මෙහි කුමක් හෝ රහසක් තිබිය යුතුයැයි සිතා ඉඟි සළකුණකින් අන් දාසීන් පසෙකට කර තමාම ඒ දාසියට කථාකොට, මෑණියනි! එන්න මෝරු ගන්නෙමියි කැඳවා ඈ පැමිණි කල්හි දාසීන්ට කථා කළ නමුත් නොඑන කල්හි යන්න. දාසීන්ට කථා කරන්නයැයි ඇය වට පිටත්කර කළයට අත දමා මැණික දැක ඒ පැමිණි තැනැත්තියගෙන් විචාළේය. මෑණියනි! ඔබ කාගේද? මම සේනක පණ්ඩිතයන්ගේ දාසියක් වෙමි. ඉක්බිති ඇගේ මවගේද නම අසා එසේනම් මෝරු දෙන්න යැයි කියා ආර්යාවෙනි, ඔබලා මිලදී ගන්නා කල්හි මට මුදල් අවශ්ය නැත. කළයත් සමග ගන්න කියා කී කල්හි එසේනම් යන්න කියා ඇයව පිටත්කර හැර අසවල් මාසයේ අසවල් දවසේ සේක ඇදුරා අසවල් දාසි දියණිය අත්තේ රජුගේ චූඩා මාණික්යය එවන ලදැයි ලිපියක ලියා ගත්තාය. පුක්කුස තෙමේ රන්මාලය සමන්මල් සුමුඟක තබා යැවීය. කාවින්ද තෙමේ කම්බිලිය කොළ පැසක දමා යැවීය. දේවින්ද තෙමේ රන්මිරිවැඩි සඟල ගොයම්වැටි අතරේ බැඳ යැවීය. ඕ තොමෝ ඒ සියල්ලම ගෙන ලියුමෙහි නම් සහ රූප හැඳ මහාසත්ත්වයන්ට දන්වා තැබීය.
ඒසතරදෙන රජගෙදරට ගොස් දේවයන් වහන්ස, කුමක් නිසා ඔබවහන්සේගේ චූඩා මාණික්යය නොපළඳින්නේදැයි ඇසූහ. පළඳිමි. ගෙනෙන්න යයි කීය. මාණික්යය නුදුටහ. ඉතිරි දේවද නුදුටහ. ඉක්බිති ඒසතරදෙන දේවයිනි, ඔබවහන්සේගේ ආභරණ මහෞෂධයන්ගේ ගෙයි ඇත. ඒවා ඔහු පාවිච්චි කරයි. දේවයන් වහන්ස, ගෘහපති පුත්රයා ඔබවහන්ගේ සතුරෙකියි භේද කළහ. ඉක්බිති ඔහුගේ හිතවත්තු ගොස් පණ්ඩිතයන්ට සැළ කළහ. හෙතෙම රජු දැක දැනගන්නෙමියි රාජසේවයට ගියේය. රජු ද කිපී නොදනිමි. මෙහි අවුත් කුමක් කරන්නද යැයි කියා තමා දකින්නට අවකාස නුදුන්නේය. පණ්ඩිතයෝ රජු කුපිත වූ බව දැන ගෙදරට ම ගියේය. රජු ඔහුව අල්ලා ගෙනෙන්නට යයි අණ කළේය. පණ්ඩිතයෝ හිතවතුන්ගෙන් අසා එතනින් නික්ම යායුතුයයි තීරණය කර අමරා දේවියට සළකුණක් කොට වෙස් වලාගෙන නගරයෙන් නික්ම දකුණු යවමැදුම්ගමට ගොස් කුඹල් ගෙදරක කුඹල් සේවය කළේය. පණ්ඩිතයන් පලාගොස් ඇතැයි නගරයෙහි මහත් කලබලයක් ඇතිවිය.
සේනකාදී සතරදෙනාද පණ්ඩිතයන් පළාගිය බව දැන, නොසිතන්න. අපි පණ්ඩිතයෝ නොවෙමුද? ඔවුනොවුන්ට නොදන්වා අමරා දේවියට පණිවිඩ යැවූහ. ඇය සිව්දෙනා විසින්ම එවන ලද පණිවිඩ රැගෙන අසවල් අසවල් වේලාවේ පැමිණෙන්න යැයි කියා ඔවුන් පැමිණි කල්හි හිස මුඩුකර වැසිකිළි වලක දමා මහා දුකට පත්කර රජුට දැනුම් දී ඔවුන් සමග රත්න සතර ද ගෙන්වාගෙන, [missing trans]
[missing trans]