ජාතක අටුවාව
(ප්‍රථම භාගය)
ග්‍රන්‍ථාරම්භ කථා
ජාතිකොටි සහස්සෙහි පමාණරහිතං හිතං,
ලොකස්ස ලොකනාථෙන කතං යෙන මහෙසිනා.
ලොකස්ස ලොකනාථෙන කතං යෙන මහෙසිනා.
තස්ස පාදෙ නමස්සිත්‍වා කත්‍වා ධම්මස්ස ච ඤ්ජලිං,
සඞ්ඝඤ්ච පතිමානෙත්‍වා සබ්බසම්මාන භාජනං.
සඞ්ඝඤ්ච පතිමානෙත්‍වා සබ්බසම්මාන භාජනං.
නමස්සනාදිතො අස්ස පුඤ්ඤස්ස රතනත්තයෙ,
පවත්තස්සානුභාවෙන භෙත්‍වා සබ්බෙ උපද්දවෙ.
පවත්තස්සානුභාවෙන භෙත්‍වා සබ්බෙ උපද්දවෙ.
තිලෝ සරණ වූ යම් මහා ඉරිසින් වහන්සේ නමක් විසින් (බුදුරජුන්) කෙළ දහසක් අත්බැව්හි ලෝවැසියන්ට ප්‍රමාණ කළ නො හැකි යහපතක් කරන ලද ද,
උන් වහන්සේගේ සිරිපා යුවල නැමැද ධර්මයට ද ඇදිළි බැඳ (නැමඳ) සැමගේ බුහුමනට බඳුන් වූ සඟරුවන ද ගෞරවාදරයෙන් පුදා,
තෙරුවන විෂයයෙහි නැමදීම් ආදී වශයෙන් පවත්වන ලද ඒ පුණ්‍ය මහිමයෙන් සියලු උවදුරු නසා,
තං තං කාරණමාගම්ම දෙසිතානි ජුතීමතා,
අපණ්ණකාදීනි පුරා ජාතකානි මහෙසිනා.
අපණ්ණකාදීනි පුරා ජාතකානි මහෙසිනා.
යානි යෙසු චිරං සත්‍ථා ලොකනිත්‍ථරණත්‍ථිකො,
අනන්තෙ බොධිසම්භාරෙ පරිපාචෙසි නායකො.
අනන්තෙ බොධිසම්භාරෙ පරිපාචෙසි නායකො.
තානි සබ්බානි එකජ්ඣං ආරොපෙන්තෙහි සඞ්ගහං,
ජාතකං නාම සඞ්ගීතං ධම්මසඞ්ගාහකෙහි යං.
ජාතකං නාම සඞ්ගීතං ධම්මසඞ්ගාහකෙහි යං.
ශෝභාමත් වූ මහාසෘෂි බුදු රදුන් විසින් පෙර දවස අර්ථෝත්පත්ති වශයෙන් එළැඹ සිටි කාරණය අනුව අපණ්ණකාදී යම් ඒ ජාතකයන් දෙසන ලද ද,
තිලොවට නායක වූ ලෝවැසියන් සසරින් එතැර කිරීම අරමුණු කොට ඇති, දෙව්මිනිසුන්ගේ අනුශාසක වූ බුදු රජහු, යම් ඒ ජාතකයන්හි බුද්ධත්වයට හේතු වූ පාරමී ධර්මයන් පූරණය කළේ වී ද,
ඒ සියලු ජාතකයන් එකට සංග්‍රහ කොට ප්‍රථම ධර්ම සංගායනාවේ දී මහ තෙරවරුන් විසින් ජාතක නමින් ප්‍රකරණයක් සංගායනා කරන ලද ද,
බුද්ධවංසස්ස එතස්ස ඉච්ඡන්තෙන චිරට්ඨිතිං,
යාචිතො අභිගන්ත්‍වාන ථෙරෙන අත්‍ථදස්සිනා.
යාචිතො අභිගන්ත්‍වාන ථෙරෙන අත්‍ථදස්සිනා.
අසංසට්ඨ විහාරෙන සදා සද්ධිවිහාරිනා,
තථෙව බුද්ධමිත්තෙන සන්තචිත්තෙන විඤ්ඤුනා.
තථෙව බුද්ධමිත්තෙන සන්තචිත්තෙන විඤ්ඤුනා.
මහිංසාසකවංසම්හි සම්භූතෙන නයඤ්ඤුනා,
බුද්ධදෙවෙන ච තථා භික්‍ඛුනා සුද්ධබුද්ධිනා.
බුද්ධදෙවෙන ච තථා භික්‍ඛුනා සුද්ධබුද්ධිනා.
අපණ්ණකාදී ජාතක මගින් දැක්වෙන බුදු රජුන්ගේ පරම්පරා කථා මාර්ගය වූ බුද්ධ වංසයෙහි දිගුකල් පැවැතීම කැමැති වූ අත්ථදස්සි මහතෙරුන් විසින් ගෞරව පූර්වක ව ළඟට අවුත් අයදනා ලද,
එ සේ ම දහර මහණ ආදීන් හා අමිශ්‍ර විහරණ ඇති හැම කල්හි සමග වාසය කරන සන්සුන් සිත් ඇති නුවණැති බුද්ධමිත්ත තෙරණුවන් විසින් ද
මහිංසාසක රාජ වංසයෙහි හෝ එනම් පරපුරෙහි පහළ වූ ඒකන්තනය ආදී චතුර්විධ න්‍යාය ධර්මය ප්‍රගුණ කළ තියුණු ඤාණයෙන් යුත් බුද්ධදේව නම් යතිවරයන් විසින් ද එ සේ ම අයදනා ලද මම,
මහාපුරිස චරියානං ආනුභාවං අචින්‍තියං,
තස්ස විජ්ජොතයන්‍තස්ස ජාතකස්සත්‍ථවණ්ණනං.
තස්ස විජ්ජොතයන්‍තස්ස ජාතකස්සත්‍ථවණ්ණනං.
මහාවිහාරවාසීනං වාචනාමග්ග නිස්සිතං,
භාසිස්සං භාසතො තම්මෙ සාධු ගණ්හන්තු සාධවොති.
භාසිස්සං භාසතො තම්මෙ සාධු ගණ්හන්තු සාධවොති.
බෝසත්වරුන්ගේ පෙරුම් දම් චර්යාවන්ගේ මහිමය සිතිය නො හැකිය. ඒ බෝසත් චර්යාවන් ප්‍රකාශ කරන,
මහා විහාරවාසී තෙරවරුන්ගේ වදන් මඟ ඇසුරු කළ ඒ ජාතක කථාවන්ගේ ව්‍යාඛ්‍යානය ප්‍රකාශ කරමි. ඒ මාගේ භාෂිතය සූදීහු එකඟ සිතින් ගනිත්වා.
නිදාන කථා
ඒ මේ ජාතක අර්ථ වර්‍ණනාව දූරේ නිදාන - ඈත හේතුව, අවිදූරේ නිදාන - නුදුරු හේතුව, සන්තිකෙ නිදාන - ළඟ හේතුව යන ත්‍රිවිධ හේතූන් දක්වා විස්තර කැරෙන කල්හි, යම් කෙනෙක් එය අසත් ද, ඔවුහු ආරම්භයේ පටන් දත් බැවින් හොඳින් දත් කෙනෙක් වෙත්. එහෙයින් ඒ ත්‍රිවිධ හේතූන් දක්වා වර්ණනා කරමු.
පළමු කොට ඒ නිදාන හෙවත් හේතූන්ගේ කාල පරිච්ඡේදය දත යුතුයි. දිවකුරු බුදු රජුන්ගේ පාමුල කළ ප්‍රාර්ථනා ඇති බෝසතුන්ගේ වෙසතුරු අත්බව දක්වාත් එයින් චුත ව තුසිත පුරයෙහි ඉපදීම දක්වාත් අතර කථා පුවත දූරේ නිදාන හෙවත් ඈත හේතුව නමි. තුසිත පුරයෙන් චුත ව බෝමැඩ බුද්ධත්වයට පැමිණීම දක්වා පැවැති කථා පුවත අවිදූරේ නිදාන හෙවත් නුදුරු හේතුව නමි. ළඟ හේතුව හෙවත් සන්නිකෙ නිදානය වනාහි යම් යම් තැනක බුදු රජහු වැඩ වෙසෙත් ද ඒ ඒ තැන්වල දී ලැබේ.
දූරෙනිදාන කථා
එහි දූරේ නිදාන - ඈ හේතුව නම් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මතුයෙහි අමරවතී නම් නගරයක් විය. එහි සුමේධ නම් බමුණෙක් වාසය කළේය. ඔහු මව්පිය දෙපසින් ම කුලවන්ය. පිරිසිදු මව් කුස ඇත්තේය. සත් කුල පරපුර දක්වා ම කුලය නිසා නින්දා නො ලද්දේය. පැහැපත්ය. දැකුම්කළුය. රූපත්ය. පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය. ඔහු අන් ශිල්පාදියක් නො ඉගෙන බමුණු දහම ම උගත්තේය. සුමේධ ළදරු වියේ සිටියදී ම මව්පියෝ මිය ගියහ. ඔහුගේ භාණ්ඩාගාරික ඇමැති, ලේකම් පොත ගෙනවුත් කුමරුනි, මෙපමණ මව්ට අයත් ධනය ය. මෙපමණ පියා සතු ධනය ය. මෙපමණ මුතුන් මීමුතුන් සතු ධනය ය. මේ මහත් ධනය පරිභෝග කරනු මැනවි යි කීය. සුමේධ පණ්ඩිතයෝ මෙසේ සිතී. මේ සා මහත් ධනය රැස් කළ මගේ මව්පිය මීමුත්තෝ පරලොව යන්නාහු, කහවණුත් පමණකුදු රැගෙන නො ගියාහුය. මා ඒ ධනය ගෙනයා හැකි ක්‍රමයක් කළ යුතුය යි රජුන් දැනුවත් කොට නුවර බෙර හසුරුවා මහජනයාට ධනය දන් දී තවුස් පැවිද්දෙන් පැවිදි විය. මේ සිද්ධිය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙහි දී සුමේධ කථා පුවත කිව යුතුය. මේ කථා පුවත බුද්ධ වංසයෙහි සවිස්තර ව කීව ද ගාථාවලින් පමණක් කී නිසා මනාව ප්‍රකට නො වේ. එම නිසා අපි එපුවත අතරතුර ගාථා දක්වමින් කියමු.
සුමෙධ කථා
සාරාසංඛ්‍යය කල්ප ලක්‍ෂයක් මතුයෙහි දශාකාර ශබ්දයෙන් තොර නො වූ අමරවතී නමින් ද අමර නමින් ද වූ නගරයක් විය. ඒ සඳහා බුද්ධ වංසයෙහි කියන ලදි.
“සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මතුයෙහි සිත්කළු, දැකුම්කළු, දශවිධ ශබ්දයෙන් තොර නො වූ, ආහාර පාන සුලභ වූ අමර නම් නගරයක් විය.”
එහි දශවිධ ශබ්දයෙන් තොර නො වූ යනු ඇත්, අස්, රිය, බෙර, මිහිඟු බෙර, වීණා ශබ්දය, ගීත ශබ්ද, හක් නාදය, තාලම් ශබ්දය හා කනු, බොනු, අනුභව කරනු යන මේ දශවිධ ශබ්දයෙන් තොර නො වීය. මේ ශබ්දයන්ගෙන් එක් කොටසක් පමණක් ගෙන බුද්ධ වංසයෙහි,
“ඇත් හඬ, අස් හඬ, බෙර හඬ, සක් හඬ, රථ හඬ හා කනු බොනු යි ආහාරපානයෙන් ඝෝෂිත වූයේය.”
බුද්ධ වංසයෙහි මේ ගාථා කියා,
ඒ නගරය සියලු නගරාංගයෙන් යුක්තය. සියලු කැමැති දෙයින් පිරුනේය. සත් රුවනින් යුක්ත විය. නොයෙක් දෙයින් ගැවසුණි. දෙව් නුවරක් මෙන් පොහොසත් විය. පින් කළවුන්ට වාස භවනයක් විය.