අමරාදේවිය සෙවීම
ඔහු ඇය විසින් කියන ලද මාර්ගයෙන් ඒ ගෙදර ගියේය. ඉක්බිති ඔහුව අමරාදේවියගේ මව දුටුවිට අසුනක් දී ස්වාමී කැඳ පිළිගන්වමියි කීවාය. මෑණියනි! බාල සොහොයුරිය අමරාදේවිය විසින් කැඳ ටිකක් දෙන ලදී. ඒ දියණිය මා වෙනුවෙන් ආවේයැයි සිතමි. මහාසත්ත්වයන් වහන්සේ ඔවුන්ගේ දුප්පත් බව දැනගෙනද මෑණියෙනි! මම ඇඳුම් මසන්නෙක්මි. මැසිය යුතු කිසිවක් තිබේද? ස්වාමීනි ඇත. නමුත් කුලිය දෙන්නට මුදල් නැත. මෑණියෙනි! මුදල්වලින් වැඩක් නැත. ගෙනෙන්න. මසා දෙන්නෙමි. ඇය දිරාගිය කඩමාලු ගෙනැවිත් දුන්නාය. බෝධිසත්ත්වයන් ගෙනා ගෙනා එක මසා නිම කළේය. පුණ්යවන්තයන්ගේ ක්රියාව නම් ඉටුවන්නේය. ඉක්බිති මෑණියෙනි! වීදියේ අන් අයටද කියන්නයැයි ඔහු කීය. ඇය මුළු ගමටම දැනුම් දුන්නාය. මහාසත්ත්වයෝ මහණකම (ඇඳුම් මැසීම) කොට එක දවසින් දහසක් උපයා ගත්තේය. මැහැළියද ඔහුට උදෑසන බත ද පිස දී සවස දරුව, කොපමණ ආහාර පිසම්දැයි ඇසුවාය. මෑණියෙනි! යම්පමණ පිරිසක් මේ ගෘහයෙහි අනුභව කරත්ද, ඒ අයට ප්රමාණවත් වනසේ යැයි කීය. ඕ තොමෝ නොයෙක් ව්යඤ්ජනයන් හා බොහෝ බත් පිසුවාය. අමරා දේවියද සවස හිසෙන් දරමිටියක්ද උකුලෙන් කොළ ද රැගෙන වනයෙන් අවුත් නගර දොරටුවේ දර දමා පසුපස දොරටුවෙන් ගෙට පිවිසියාය. ඇගේ පියාද බොහෝ සවස් වී ආවේය. මහාසත්ත්වයෝ බොහෝ රසයන්ගෙන් යුත් ආහාර අනුභව කළහ. අනික් තැනැත්තිය මව්පියන් වළඳවා තමන් පසුව අනුභව කොට මව්පියන්ගේ පා සෝදා මහා සත්ත්වයන්ගේ පා සේදීය.
හෙතෙම එය පරීක්ෂාකොට දවස් කීපයක් එහිම වාසය කළේය. ඉක්බිති ඇයව විමසන්නේ එක් දවසක් මෙසේ කීය. සොඳුර අමරාදේවිය! අඩනැළියක් පමණ සහල් ගෙන එයින් මට කැඳ ද කැවිලි ද බත් ද පිසන්න. ඇය යහපතැයි පිළිගෙන ඒ සහල් කොටා ප්රධාන සහල්වලින් කැඳ ද, මධ්යම ප්රමාණයේ සහල්වලින් බත් ද සුනුසාල්වලින් කැවිලි ද පිස එයට ගැලපෙන ව්යඤ්ජනද සපයා මහාසත්ත්වයන්ට ව්යඤ්ජන සහිත කැඳ දුන්නේය. කැඳ මුඛයෙහි තබනවාත් සමගම රසනහර පිනාගියේය. හෙතෙම ඇයව විමසීම සඳහාම සොඳුර, පිසන්නට නොදන්නී කුමක් සඳහා මාගේ සහල් විනාශ කළාදැයි කැඳ කෙළ සමග කෙළ ගසා බිම හෙළීය. ඇය නොකිපී, ඉදින් කැඳ යහපත් නොවේනම් කැවිලි කන්න ස්වාමීනි යැයි කියා කැවිලි දුන්නාය. එය ද එසේම කළේය. බත්වලටද එසේ කොට ඔබ පිසන්නට නොදන්නී මා සතු දේ කුමක් නිසා නැසී ද කියා කිපුනාක් මෙන් කෑම වර්ග තුනම එකට අඹරා හිසේ පටන් මුළු සිරුරෙහි තවරා දොරටුවෙහි සිටින්න යැයි කීවේය. ඕ තොමෝ නොකිපී ස්වාමීනි, එසේයැයි එය කළේය. හෙතෙම ඇගේ නිහතමානී බව දැනගෙන සොඳුර එන්නයැයි කීය. ඕ තොමෝ එක වචනයෙන්ම ආවාය. මහාසත්ත්වයන් වහන්සේ නුවරින් එද්දීම කහවණු දහසක් සමග එක් සළුවක් ද බුලත් පසුම්බියෙහි දමා ගෙන ආවේය. හෙතෙම ඒ සළුව බැහැරට ගෙන ඇගේ අතේ තබා සොඳුර, ඔබගේ සහායිකාව සමග නා මේ සළුව පොරවාගෙන එන්න යැයි කීය. ඕ තොමෝ එසේ කළාය.
පණ්ඩිතයෝ උපයාගත් ධනයද ගෙනෙන ලද ධනයද යන සියල්ල ඇගේ මව්පියන්ට දී ඔවුන් සනසා ඇයව ගෙන නගරයට ගොස් [missning trans]