මෙණ්ඩක ප්‍රශ්නය
වෙන දිනයක රජතෙමේ උදෑසන ආහාරය ගෙන දිග්ශාලාවේ සක්මන් කරන්නේ දොරෙහි සුළං කවුළුවෙන් එක් එළුවකු ද සුනඛයකු ද මිතුරුව සිටිනු දැක්කේය. ඒ එළුවා වනාහි ඇත්හළෙහි ඇතාගේ ඉදිරිපිට දමන ලද නොතැලුණු තණ කෑවේය. ඉක්බිති ඌව ඇත්ගොව්වෝ පහරදී පළවා හැරියහ. එක් අයෙක් වේගයෙන් දුවගොස් හඬනගා පැනයන්නහුගේ පිටට මුගුරකින් පහරදුන්නේය. ඌ පිට නමාගෙන වේදනාවෙන් යුතුව ගොස් රජගෙදර මහා බිත්තිය ළඟ පිළිකන්නේ හොත්තේය. ඒ දවසට රජුගේ මහා භෝජනාගාරයේ ඇට, සම් ආදිය කාදමා වැඩුනා වූ සුනඛයෙක් බත් උයන්නන් බත් සූදානම් කර පිටත සිට ශරීරයේ දහඩිය නිවාගන්නා කල්හි මස්මාළු සුවඳ ඉවසා ගන්නට නොහැකිව ප්‍රධාන කුස්සියට පිවිස පියන පෙරළා මස් කෑවේය. බත් උයන්නා භාජන සද්දය ඇසී කුස්සියට පිවිස ඒ සුනඛයාව දැක දොර වසා ඌට ගල් මුගුරු ආදියෙන් තැලුවේය. ඌ කන ලද මස් මුඛයෙන්ම ඉවත දමා මහා හඬ දී පැන ගියේය. බත් උයන්නාද ඌ පිටත ගිය බව දැන ලුහුබැඳ ගොස් පිට හරහා මුගුරකින් පහර දුන්නේය. ඌද පිටකොන්ද නමාගෙන එක් පාදයක් ඔසවාගෙන එළුවා වැටීසිටිය තැනටම ආවේය. ඉක්බිති එළුවා ඔහුගෙන් මෙසේ ඇසීය. මිත්‍රය! කුමක් නිසා පිටකොන්ද නමාගෙන එන්නෙහිද? කිම ඔබට වාතාබාධයක් තිබේද? සුනඛයාද මෙසේ ඇසීය. ඔබ ද පිට නමාගෙන එන්නෙහිය. කිම ඔබගේ ශරීරයේ වාත වේදනාවක් පවතීද, ඔහු තමාට සිදු වූ දේ විස්තර කළේය.
ඉක්බිති එළුවා ඔහුගෙන් ඇසීය. කිම ඔබ නැවතත් කුස්සියට යන්නට හැකිවන්නෙහිද? නොහැක්කෙමි. ගියොත් මගේ ජීවිතය නැතිවෙයි. නුඹට ඇළට යන්නට හැකිද? මට ද එහි යා නොහැක. එහි ගියොත් මාගේ ජීවිතය නැතිවෙයි. අප දැන් කෙසේ හෝ ජීවත්විය යුතුයැයි උපායයක් සිතූහ. ඉක්බිති එළුවා මෙසේ කීය. ඉදින් අපි එකට ජීවත්වීමට හැක්කෙමු නම් එක් උපායක් ඇත. එසේනම් කියව. මිතුර, ඔබ මෙතැන්පටන් ඇත්හළට යව. මොහු තණකොළ නොකන්නේ යැයි ඔබ කෙරෙහි ඇත්ගොව්වෝ සැක පහළකර නොගනිත්. නුඹ මට තණකොළ ගෙනෙව. මම ද කුස්සියට පිවිසෙමි. මොහු මස් නොකන්නේයැයි බත් උයන්නා මා කෙරෙහි සැක නොකරයි. මම ද නුඹට මස් ගෙන එන්නෙමි. ඔව්හු මේ උපාය අපට ඇතැයි දෙදෙනාම පිළිගෙන සුනඛයා ඇත්හළට ගොස් තණමිටියක් කටින් ගෙන මහා බිත්ති පිළිකන්නෙහි තැබුවේය. අනිකාද කුස්සියට ගොස් මස්කෑල්ලක් මුව පිරෙන්නට ඩැහැගෙන අවුත් එහිම තබයි. සුනඛයා මස් කයි. එළුවා තණකොළ කයි. ඔව්හු මේ උපක්‍රමයෙන් සමගි වූවාහු සතුටු වූවාහු මහා බිත්ති පිළිකන්නෙහි වාසය කරති. රජු ඔවුන්ගේ මිතුදම දැක මෙසේ සිතීය. මා විසින් නුදුටුවිරු දෙයක් දකින ලදී. මොව්හු සතුරන් වුවත් සමගිව වාසය කරති. මේ කාරණය ගෙන ප්‍රශ්න කොට පණ්ඩිතයන්ගෙන් විචාරමි. මේ ප්‍රශ්නය නොදන්නහුව රටින් පිටුවහල් කරන්නෙමි. එය දන්නහුට මෙබදු පණ්ඩිතයෙක් නම් නැතැයි ඔහුට සත්කාර දක්වමි. අද වේලා නැත. හෙට උපස්ථාන වේලාවේ පැමිණිවිට අසන්නෙමි. ඔහු පසුදා පණ්ඩිතයත් සේවය සඳහා පැමිණි කල්හි ප්‍රශ්නය විචාරන්නේ මේ ගාථාව කීය.
මේ ලොව කිසිකලෙකත් සත් පියවරකුදු එක්ව ගමන් නොකළ සතුරෝ දෙදෙනෙක් පෙර නොවූ විරූ ලෙසින් එක්වැ හැසිරෙත් නම් ඊට හේතු කවරේද?
එහි පටිසන්‍ධාය යනු විශ්වාසකොට එකට එකතුවී.
මෙයද කියා නැවත මෙසේ කීය,
ඉදින් අද පෙරබත් වේලාවෙහි මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වන්නහු නම් තොප සියළු දෙනම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තන්ගෙන් මට ප්‍රයෝජනයක් නැත.
සේනක තෙමේ ප්‍රධාන අසුනෙහි හුන්නේ, පණ්ඩිතයන් ආසන කෙළවර හුන්නේය. ඔහු ඒ ප්‍රශ්නය ගැන කල්පනා කරන්නේ අර්ථය නොදැක මෙසේ සිතීය. මේ රජු අඥාන වූයේ මේ ප්‍රශ්නය ගැන සිතා විසඳා ගන්නට අසමත් වූයේ ඔහු විසින් කිසිවක් දකින ලදී. එක් දිනක් අවස්ථාව ලැබ මේ ප්‍රශ්නය විසඳන්නෙමියි සේනක තෙමේ කිසියම් උපායකින් අද එක් දවසක් ඉවසනු ලැබේවායි කීය. ඉතිරි සතර දෙනද අඳුරු කුටියකට පිවිසියාක්හු මෙන් කිසිවක් නුදුටුහ. සේනක තෙමේ මහෞෂධයන් පිළිබඳ තොරතුරු කෙසේදැයි බෝසතුන් දෙස බැලීය. ඔහු ද ඔහු දෙස බැලීය. සේනක බැලූ ආකාරයෙන්ම ඔහුගේ අදහස දැනගෙන පණ්ඩිතයන්ටද නොවැටහේ. ඒ නිසා එක් දවසක් කල් බලාපොරොත්තු වෙයි. මොහුගේ මනදොල පුරවන්නෙමියි රජු සමග විශ්වාසයක් මහා හඬින් සිනාසී, මහරජතුමනි! ප්‍රශ්නය විසඳන්නට නොහැකි අප සියල්ලන්වම රටින් පිටුවහල් කරන්නේද. මෙයද එක් ප්‍රශ්නයක් යැයි සැලකීය. අපි මේ ප්‍රශ්නය කියන්නට අපොහොසත් වෙමු. තවද තරමක් ගැටලු සහිත ප්‍රශ්නය මොහු මහජනයා මැදදී කියන්නට නොහැකිය. එක් පැත්තක් ගැන සිතා පසුව නුඹලාටම කියන්නෙමු. අපට ඉඩක් ලබාදෙන්න. මහා සත්ත්වයන් තර්කකොට මේ ගාථා දෙක කීය.
මහජනයා රැස්වූ කල්හි මහත් වූ ජන කෝලාහල ඇති කලැ විසිරුණු සිත් ඇත්තමෝ නොයෙක් සිතුවිලි ඇත්තමෝ මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වෙමු.
මහරජ, පණ්ඩිතයෝ ඒකාග්‍ර වූ චිත්තයෙන් යුතුවැ එකිනෙකා රහසිගතවැ විවේකයෙහි සිටියාහු අරුත් සලකා නිශ්චයකොට කියන්නට සමත් වන්නාහ.
එහි සම්මසිත්‍වාන යනු කය සිත දෙකේ විවේකයෙන් සිටියා වූ මේ ධීරයෝ මේ ප්‍රශ්නය සළකා බලා ඉක්බිති ඔහු මේ කාරණය කියත්.
රජු ඔහුගේ කථාව අසා සතුටු නොවූ සිත් ඇත්තේ නමුත් යහපත්ව සිතා කියන්න. නොකියන්නවුන් පිටුවහල් කරන්නෙමියි තර්ජනය කළේය. පණ්ඩිතයෝ සතරදෙනම ප්‍රාසාදයෙන් බැස්සාහ. සේනක අන් අයට මෙසේ කීය. දරුවෙනි, රජු සූක්‍ෂම ප්‍රශ්නයක් ඇසීය. නොකියන්නේ නම් මහත් බියක් ඇති වන්නේය. නුඹලා සුදුසු බොජුන් වළඳා හොඳින් විමසා බලන්න. ඔව්හු තම තමන්ගේ නිවෙස්වලට ගියහ. පණ්ඩිතයෝ ද නැගිට උදුම්බරා දේවියගේ සමීපයට ගොස් දේවියනි, අද හෝ ඊයේ රජතුමා බොහෝ වේලාවක් කොහි ගත කළේදැයි ඇසීය. මලණ්ඩ, දිග්ශාලාවේ වා කවුළුවෙන් බලන්නේ සක්මන් කරයි. ඉක්බිති බෝධිසත්ත්වයෝ මෙසේ සිතූහ. රජු විසින් මේ පැත්තෙන් කිසිවක් දුටුවා විය යුතුය. එහි ගොස් පිටත බලන්නේ එලුවාගේ හා සුනඛයාගේ ක්‍රියාව දැක රජු විසින් ප්‍රශ්නය සකස්කරන ලදී යැයි සනිටුහන් කොට ගෙදර ගියේය. ඉතිරි තුන්දෙනාම සිතා කිසිවක් නොදැක සේනක සමීපයට ගියහ. ඔහු ඔවුන් විචාළේය. නුඹලා විසින් ප්‍රශ්නයට විසඳුම් දකින ලද ද? ආචාර්යයෙනි! නැත. ඉදින් මෙසේනම් තොපව පිටුවහල් කරන්නේය. කුමක් කරන්නහුද? අපි කුමක් දකින්නෙමුද? ඔබ දුටුවෙහිද? මම ද නො දකිමි. නුඹලා නොදක්නා කල්හි අපි කෙසේ දකින්නෙමු ද? රජු සමීපයේ සිතා කියන්නෙමුයි සිංහනාද කොට ආවෝ වෙමු. නොකියන කල්හි රජු කිපෙන්නේය. කුමක් කරවුද? අප විසින් විසඳුමක් මේ ප්‍රශ්නයට දකින්නට නොහැක. පණ්ඩිතයන් විසින් සියවරක් සිතුයේ වන්නේය. එච්. ඔහු සමීපයට යමුයි ඒ සතරදෙනද බෝධිසත්ත්වයන්ගේ ගේ දොරකඩට ගොස් එකත්පස්ව සිටියාහු මහා සත්ත්වයන්ගෙන් විමසූහ. කිම, පණ්ඩිතයෙනි. ඔබ විසින් ප්‍රශ්නය ගැන සිතන ලද්දේ ද? මා නොසිතන්නේ නම් වෙන කවරෙක් සිතන්නේද? එසේය. සිතුවෙමි. එසේනම් අපටත් කියන්න.