ගිහිගෙයි වාසය පිළිබඳ ප්‍රශ්නය
මෙසේද කියා වනාහි රජු මෙසේ සිතීය. මේ මාණවකයා පණ්ඩිතයාව ගෙන රිසිසේ යන්නේද ඔහු ගිය කාලයේ පටන් මට මිහිරි වූ ධර්මකථා දුලබ වන්නේය. ඉදින් මට මොහුව එම ස්ථානයේ තබා ගිහිගෙයි වාසය පිළිබඳ ප්‍රශ්නයක් අසන්න. ඉක්බිති ඔහුට මෙසේ කීය. පණ්ඩිතය! ඔබ මෙයින් ගිය කල්හි මා හට මිහිරි ධර්මකථා දුලබ වන්නේය. අලංකාර කරන ලද ධර්මාසනයේ හිඳ තමන්ගේ තැන සිට මාහට ඝරාවාස ප්‍රශ්නය කියන්න. හෙතෙම යහපතැයි පිළිතුරු දී සරසන ලද ධර්මාසනයේ වාඩිවී රජු විසින් විචාරණ ලද ප්‍රශ්නය විසඳීය. ඒ ප්‍රශ්නය මෙසේය.
විධුර පණ්ඩිතයෙනි, සිය නිවසෙහි වසන ගිහියාට තම ආරක්‍ෂාව කෙසේ වන්නේ ද? චතුර්විධ සංග්‍රහය කෙසේ වන්නේද?
කෙසේ නිදුක් වේද? කෙසේ සත්‍යවාදී වේද? කෙසේ මෙලොවින් පරලොව ගොස් ශෝක නොකරන්නේද?
එහි ඛෙමා වුත්ති කථං අස්ස යනු කෙසේනම් ගිහිගෙයි වසන්නහුට නිර්භය, ආරක්‍ෂාව වන්නේද? කථංනු අස්ස සංගහො යනු සතරවැදෑරුම් සංග්‍රහ වස්තූන් ඔහුට කෙසේ වන්නේද? අව්‍යාපජ්ඣං නිදුක් බව. සච්චවාදී ච (මානවකය, කෙසේනම් සත්‍යවාදී බව වන්නේ ද? පෙච්ච යනු පරලොව ගොස්.
[missing trans]
එහි ඤාණ ගති ඇති ධෛර්යය ඇති විපුල ප්‍රඥා ඇති සූක්‍ෂම අර්ථ දන්නා නුවණ ඇති හැම දහම් පිරිසිඳ දන්නා නුවණ ඇති විධුර පණ්ඩිත තෙමේ රජුට මෙසේ කීය.
අනුන් අයත් බිරියන් හා වැරදි හැසිරීම් නොකටයුතු රසවත් ආහාර තනිව රස නොවිඳිය යුතුය. ඥාන වර්ධනයට හේතු නොවන ලෝකායත ශාස්ත්‍රය සේවනය නොකළ යුතුය.
සිල්වත් වීමය. වත්සපන් වීමයි. කුසල් දහම්හි අප්‍රමාද වීමය. තියුණු නුවණැති වීමය. යටත් පැවැත්මය. මසුරු නොවීමය. කීකරු බවය. මිහිරි කථාවය. මොලොක් බවය යන ගති ඇත්තෙක් වන්නේය.
මිතුරන්ට සංග්‍රහ කරන්නේ දුගී මගී ආදීන්ට බෙදා දී වළඳිනුයේ කටයුතු සංවිධාන කරනුයේ හැමකල්හි මහණ බමුණන් ආහාරපානයෙන් සතුටු කරන්නේය.
දහමට කැමැත්තය. දැනුම දියුණු කිරීමට මහණ බමුණන්ගෙන් ප්‍රශ්න කිරීමය. සිල්වතුන් හා උගතුන් ගෞරව පූර්වකව ඇසුරු කිරිමය.
සිය නිවසෙහි වෙසෙන ගිහියාගේ ආරක්‍ෂා සහිත පැවැත්ම මෙසේයැ. ඔහුගේ චතුර්විධ සංග්‍රහයද මෙසේ වන්නේය.
සත්‍යවාදී මානවක තෙමේ මෙසේ පිළිපැදීම නිසා ව්‍යාබාධා රහිත වන්නේය. මෙලොවින් පරලොවට ගොස් පරලොවදී ශෝක නොකරන්නේය.
එහි තං තත්‍ථ යනු මහණෙනි, ඔහු ඒ රජුව එහි ධර්ම සභාවෙහි ඤාණ ගතියෙන් ගතිමත් වූ ඔසවන ලද වීර්යයෙන් ධිතිමා නම් වූ මහත් වූ ප්‍රඥාවෙන් මතිමා වූ මෘදුසියුම් අර්ථ දන්නා නුවණින් අත්‍ථදස්සිමා නම් වූ පිරිසිඳ දැනගන්නා වූ නුවණ නම් වූ ප්‍රඥාවෙන් සියළු ධර්මයන් සංස්කරණය කළා වූ විධුර පණ්ඩිතයා මෙය න සාධාරණදාරස්ස ආදී වචන කීය. එහිදී යමෙක් අනුන්ගේ භාර්යාවන් කෙරෙහි වැරදි ලෙස හැසිරේද ඔහු සාධාරණ ධාරො නම් වේ. එබඳු කෙනෙක් නොවන්නේය. සාදුමෙකතො මහා රසයෙන් යුත් ප්‍රණීත ආහාර අනුන්ට නොදී තනියම අනුභව නොකරන්නේය. ලොකායතිකං අනර්ථයෙන් යුත් ස්වර්ග මාර්ගය ලබා නොදෙන්නා වූ නෛර්යාණික නොවූ පරලොවක් නැත යන විතණ්ඩකථා සල්ලාප ලෝකායතිකවාද සේවනය නොකරන්නේය. නෙකං පඤ්ඤාය වද්ධන්ති මේ ලෝකායත අදහස්වලින් ප්‍රඥාව වර්ධනය වන්නේ නැත. සීලවා අඛණ්ඩ වූ පංචශීලය ඇති. වත්තසම්පණ්ණො ගිහිගෙයි වතාවත්වලින් රජු පිළිබඳ වතාවත්වලින් හෝ යුක්ත වූයේ. අප්පමත්තො කුසල් දහම්හි අප්‍රමාදී වූ නිවාතවුත්තිං අතිමානය නොකොට යටහත් පැවතුම් ඇති අවවාද අනුශාසනා පිළිගන්නේ අත්‍ථද්ධො තද වූ මසුරු බවෙන් තොර. සූරතො කීකරු බවෙන් යුත් සඛිලො ප්‍රේමනීය වචනවලින් යුක්ත. මුදු කය, වචනය, සිත යන මේවායේ එරුෂ බව නැති.
සංගහෙතාච මිත්තානං මිත්‍ර සංග්‍රහ කරන දානාදියෙහි යමෙක් යමකින් සංග්‍රහයක් බලාපොරොත්තු වේද ඔහුට ඒ දෙයින්ම සංග්‍රහ කරන. සංවිභාගී ධාර්මික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට යදියන්ට පරිත්‍යාග කරන. විධානවා මේ කාලයෙහි සීසෑම කළ යුතුයි. මේ කාලයේ වැපිරිය යුතුය. මෙසේ සියළු කටයුතුවල සංවිධානයේ දක්‍ෂ වූ තප්පෙය්‍ය ගන්නා ගන්නා භාජත පුරවා දෙන්නේ තෘප්තියට පත්කරන්නේය. ධම්මාකාමො ප්‍රවේණි ධර්මයත්, සුවරිත ධර්මයත් කැමැති වන්නේ, පතන්නේ. සූතාධාරො ශ්‍රැතියට ආධාර වූ. පරිපුච්ඡකො ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණ ස්වාමීනි! කෙසේද යනාදී ලෙස අසන ස්වභාව ඇති. සක්කච්චං ගෞරවයෙන්. එවංනු අස්ස සංගහො මෙසේ මොහුට සංග්‍රහ කළා වන්නේය. සච්චවාදී මෙසේ පිළිපන්නේ සත්‍යවාදී නම් විය.