මණි කාණ්ඩය
හෙතෙම රජුගේ කථාව අසා මහරජ, මෙය කුමන නමක්දැයි කියවේ. එක් අශ්වයෙක් අශ්වයන් දහසකට වුවත් අලගු තබයි. එක් මැණිකක් මැණික් දහසකට අලගු වෙයි. සියළු අශ්වයෝ එකසමාන නොවෙත්. මොහුගේ වේගය බලව් යැයි කියා අශ්වයා පිට නැගී ප්‍රාකාරයට උඩින් පැන්නේය. සත්යොදුන් නගරය ගෙලින්ගෙල ස්පර්ශ වන ලෙස අශ්වයන්ගෙන් වටකරන ලද්දේ විය. ඉක්බිති ක්‍රමයෙන් අශ්වයා නොපෙනී ගියේය. යක්‍ෂයාද නොපෙනී ගියේය. උදරයෙහි බඳිනලද රන්පටිය ද වටකරන ලද්දාක් මෙන් විය. ඔහු අශ්වයා පිටින් බැස ගියේය. මහරජ, අශ්වයාගේ වේගය දුටුවේදැයි අසා එසේය. දකින ලදී යැයි කී කල්හි මහරජ, දැන් බලන්නයැයි කියා අශ්වයාව ඇතුල්නගර උද්‍යානයෙහි ජලය මතුපිට පිටත් කළේය. කුර අග නොතෙමී පැන්නේය. ඉක්බිති ඔහු නෙලුම්කොළ මත ඇවිද අතින් ගසා අත දිගහැරියේය. අශ්වයා අවුත් අත්ලෙහි පිහිටියේය. එයින් මහරජ, මෙබඳු අශ්ව රත්නයක් වටනේද නැද්දැයි කියා මානවය, වටිනේයැයි කියා එහි ආනුභාවය ප්‍රකාශ කරන්නේ මෙසේ කීය.
නරදේවයෙනි, තෙපි මාගේ මේ මිණිරුවන බලව. මෙහි ස්ත්‍රීන්ගේ රූප ද පුරුෂයන්ගේ රූප ද ඇත.
මුවන්ගේ රූපද පක්‍ෂීන්ගේ රූපද පැනෙයි. නාගයන්ද ගුරුළන්ද මැණිකෙහි නිමැවුණු අසිරිය බලන්න.
එහි ඉත්‍ථීනං ඒ මාණික්‍ය රත්නයෙහි අලංකාර ලෙස පිළියෙල කරන ලද නොයෙක් ස්ත්‍රීන් පිළිබඳ විග්‍රහයන්ද පුරුෂ විග්‍රහයන්ද නොයෙක් ආකාර මුව, පක්‍ෂි සමූහ සේනාංග ආදී වූ දේද්ද පෙනෙත්. ඒවා දක්වමින් මෙසේ කීය. නිම්මිතං මෙබඳු වූ පුදුමසහගත දෙයක් මාණික්‍යයෙහි නිර්මාණය කරන ලදී. බලන්න. තවෙකක්ද ඇත.
[missing trans]
මිණිරුවනෙහි නිමැවුනු හස්තිසේනා රථසේනා අශ්වසේනා ධජවලින් යුත් පාබල සේනා යන චතුරංගනී සේනා බලව.
ඇත්ගොව්වන්, අස්ගොව්වන්, රියැදුරන්, පාබළ සේනාවන් යන සේනා සමූහය මැණිකෙහි නිමැවුණු අයුරු බලව.
එහි බලග්ගානි බලයන්. වියූළහානි එක්රැස්ව පිහිටියා වූ,
උස්වූ පදනම් ඇති බොහෝ පවුරු හා තොරණ ඇති පුරයද සිවුමංසල හා ළගන්නා භූමිභාගයද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
[missing trans]
එහි පුරං යනු නගරය. උද්දාපසම්පන්නං ප්‍රාකාරයෙන් යුක්ත වූ. බහුපකාර තොරණං උස් පවුරු ඇති නගරදොරටුව. සිංඝාටකෙසු සිව්මංසලවල. භූමියො නාගරූප දොරටුවෙහි විසිතුරු රමණීය භූමි ප්‍රදේශ ඇති. එසිකා නගර දොරටුවල ඔසවන ලද ඉන්‍ද්‍රඛීල. පලිඛං හරස් බාල්ක. අයමෙව කියාද පාඨයක් ඇත. අග්ගලානි නගර දොරටුවල ජනෙල්. ද්වාරෙ දොරටු ගෙවල්.
තොරන් මුදුන්වල හංසයන්, කොස්වාළිහිණියන් මොනරුන් සක්වාළිහිණින් ඇටිකුකුලන් කළුකොවුලන් විසිතුරු පියාපත් ඇති කොවුලන් හා ජීවංජීවක පක්‍ෂීන්ද යන බොහෝ පක්‍ෂීන්ගේ රූසටහන් ඇත. නොයෙක් වර්ගයනට අයත් පක්‍ෂීන් ගැවසීගත් අයුරු මිණිරුවනෙහි නිමවුනු අසිරිය බලව.
එහි තොරණමග්ගෙසු මේ නගරයෙහි තොරණ් අග කුණාලකා කළුපාට කොවුලන්. චිත්‍රා යනු විසිතුරු පියාපත් ඇති කොවුලන්.
මැනවින් ගොඩනැගූ පවුරු ඇති අසිරිමත් වූ ලොමුදහගන්නා වූ නගන ලද ධජ ඇති මනස්කාන්ත වූ රන්වැලි අතුල නගරය බලන්න.
ඒ නගරයෙහි කොටස් ලෙස බෙදන ලද ආපනශාලාද නිවාසය ගෙබිම්ද ගෘහසන්‍ධිද ලොකු කුඩා වීදි ද බලව.
එහි සුපාකාර යනු ස්වර්ණමය ප්‍රාකාරයෙන් වට වූ පණ්ණසාලායො නොයෙක් ආකාර වෙළඳ භාණ්ඩවලින් පිරුණු වෙළඳසැල් නිවෙසනෙ නිවෙසෙ ච ගෘහයන් හා ගෘහ වස්තූන්. සන්‍ධිබ්‍යූහෙ ගෘහ සන්‍ධීන්ද බෙදී නොගිය වීදීන්ද පතද්ධියො බෙදීගිය වීථි.