නගර කාණ්ඩය
ඒ අසා මහාසත්ත්වයෝ පියා සමග කථා කරන්නේ මේ ගාථාව කීය.
තෙපි ද දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද එක්වැ ගෙන දැහැමින් රජකරන මා රටින් නෙරැපූහ.
ඉක්බිති රජතුමා පුතාගෙන් සමාව අයදිමින්,
පුත, අප විසින් අකටයුත්තක් කරන ලදී. මා විසින් අභිවෘද්ධිය නසන ලදී. යම්බඳු වූ මම සිවිරට වැසියන්ගේ වචනයෙන් නිදොස් තොප රටින් නෙරපූයෙමි.
මේ ගාථාව කියා තමාගේ දුක නැතිකර ගැනීම පිණිස ඉල්ලමින් මේ ගාථාව කීය.
යම්කිසි අයුරකින් තමා ජීවිතයෙනුදු පිහ හට උපන් දුක්ද මවට හා සොයුරියට උපන් දුක් ද හරනේය.
එහි උදබ්බහෙ පහ කරන්ය. අපි පාණෙහි පියාණෙනි, දරුවකු විසින් ජීවිතය හැරදමා හෝ මව්පියන්ගේ ශෝකය දුක හළ යුතුයි. ඒ නිසා මා කියන දේ කරන්න. මේ තවුස්වෙස් අත්හැර දරුව, රජවෙස් ගන්නයැයි යන අදහසින් ඔහුට මෙය කියන ලදී.
බෝධිසත්ත්වයෝ රාජ්‍යය කරනු කැමැත්තේ නමුත් මෙපමණක්ම නොකියූ දෙයෙහි සැළකිල්ලක් නැතැයි කීය. රජතුමා මහාසත්ත්වයන්ට ආරාධනා කළේය. මහාසත්ත්වයෝ එය පිළිගත්තේය. ඉක්බිති ඔහුගේ ඉවසීම දැනගෙන සහජාත හැටදහසක් ඇමැතිවරු මහරජතුමනි, දැන් ජලස්නානයට කාලයයි. රජස් දැලි ඉවත්කරන්න යැයි කීවාහුය. ඉක්බිති ඔව්හු මහාසත්ත්වයන් වහන්ස, ටික වේලාවක් ඉවසන්න යැයි පන්සලට පිවිස තවුස් උපකරණ බැහැරකොට ඒවා තැන්පත් කර පන්සලින් නික්ම මේ මා විසින්. මාස නවය හමාරක් (සිංහල පොත්වල මාස හතක්) මහණදම් පිරූ තැන, පාරමිතා මුදුන්පත් කර දන් දී මහපොළව කම්පා කළ තැන කියා පන්සලට තුන්වරක් පැදකුණු කර වැඳ පසඟ පිහිටුවා වැඳ සිටියේය. ඉක්බිති කපුවෝ හිසකෙස් රවුල් කැපීම් ආදිය කළහ. සියළු අබරණින් අලංකාර වූ ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් බබලන ඔහුව රාජ්‍යයේ අභිෂේක කළහ. මේ කාරණය පවසන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
ඉක්බිති වෙසතුරු රජ රජස්දැළි සෝදා හැරියේය. රජස්දැළි සෝදා හැර ප්‍රකෘති වෙස් ගත්තේය.
එහි පවාහසී අත්හළේය. හැරද රජවෙස් ගත්තේය යන අර්ථයි.
ඉක්බිති ඔහුගේ යසස මහත් විය. බැලු බැලූ තැන කම්පා වෙයි. ස්තෝත්ර ගායකයෝ මංගල ගායනා කළහ. සියළු තූර්ය භාණ්ඩ ඔසවා ගත්හ. මහා සමුද්‍රය තුළ හෙණ ගිගුරුම් මෙන් නාද විය. හස්ති රත්නය සූදානම් කර සමීපයට ගෙන ආහ. ඔහු උතුම් කඩුව පැළඳගෙන හස්තියා පිටට නැංගේය. එවිටම සියලු අලංකාරයන්ගෙන් සැරසුනු සහජාත හැටදහසක් ඇමතියෝ ඔහු පිරිවරා ගත්හ. මද්‍රි දේවියවද නාවවා අලංකාර කොට, අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කරන විට වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී වූ මංගල වචන පැවසීය. එම කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
හිසින් ස්නානය කළේ පිවිතුරු වස්ත්‍ර ඇත්තේ සව්බරණින් සැදුනේ පච්චය නම් අලි ඇතු පිට නැගී සතුරන් නසන කඩුව බැඳගත්තේය.
ඉක්බිති තමා සමග උපන් මනා දැකුම් ඇති සැටදහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරාගත්හ.
ඉක්බිති සිවි කන්‍යාවෝ රැස්ව මද්රිදේවියද නැහැවූහ. වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනා ද තොප පාලනය කෙරෙත්වා. තවද සඳමහරජ තොප රකීවයි කිව.
එහි පච්චයං නාගං ඒ තමන් උපන්දිනයේ උපන් හස්ති රාජයා, පරන්තපං සතුරන් තවන. පරිකරිංසු පිරිවරා ගත්හ. නන්දයන්තා සතුටු කරන්නාහු. සිවිකඤ්ඤා සිවි රජුගේ බිසෝවරුන් රැස්වී සුවඳ පැනින් නෑවූහ. ජාලිකණ්හාජිනාචුභො මේ ඒ දරුවෝද මව රකිත්වා.