9. අන්තරාමල සූත්ර වර්ණනාව
නවවන සූත්රයෙහි - අන්තරාමලා යන මෙහි - අන්තරා ශබ්දය :
නදීතීරෙසු සණ්ඨානෙ සභාසු රථියාසු ච
ජනා සංගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං’
ජනා සංගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං’
ගංතෙරදී ද විඩා සන්සිඳුවන තැනදී ද සභාවලදී ද වීදිවලදී ද ජනතාව රැස්වී මා ගැන ද ඔබවහන්සේ ගැන ද කථා කරති. හේතුව කුමක්ද?
යනාදී තැන්වල කාරණයෙහි ආයේය. ‘අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ත’ ‘ස්වාමීනි, භාජනයක් සෝදන එක්තරා ස්ත්රියක් විදුලිය කොටන මොහොතෙහි මා දුටුවාය’ යනාදියෙහි මොහොතෙහි (ක්ෂණය යන අරුතෙහි) ආයේය. ‘අපිචායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති’ තවද මේ තපෝදා නදිය මහානිරය දෙකක් අතරින් පැමිණෙයි’ යනාදියෙහි විවරය යන අර්ථයෙහි ආයේය.
පීතවත්ථෙ පීතධජෙ පීතාලංකාර භූසිතෙ
පීතන්තරාහි වග්ගුහි අපිලන්ධාව සොභති
පීතන්තරාහි වග්ගුහි අපිලන්ධාව සොභති
රන්වන් වස්ත්ර ඇත්තීය. රන්වන් ධජ ඇත්තීය. රන්වන් අබරණින් බබළන්නීය. තී සිත්කලු වූ මනරම් වූ රන්වන් උතුරුසළුවෙන් නොසැරසුනීම හොබනෙහිය
ආදියෙහි උතුරුසළුව යන අර්ථයෙහි ආයේය. ‘යස්සන්තරතො න සන්ති කොපා’ ‘යමෙකුගේ සිතෙහි කෝපය නැද්ද? යනාදී තැන්වල සිත යන අර්ථයෙහි ආයේය. මෙහිද සිත යන අර්ථයෙහිම දතයුතුය. එහෙයින් අන්තරයෙහි - සිතෙහි වීම අන්තරා නමි. යම් සිතක ඉපිද ඒ සිත කිලිටි බව ඇතිකිරිමෙන් ‘මල’ නම් වේ. එහි මලය, ශරීරමල චිත්තමල යනුවෙන් දෙපරිදිය. ඒ අතරින් සිරුරෙහි උපන් දහඩිය කුණු ආදිය ද එහි ලැගගත් ආගන්තුක (පිටින් පැමිණි) දූවිලි ද ශරිරමලය වෙයි. එය ජලයෙන් ඉවත්කළ යුතුය. රාගාදී සිත කිලිටිකරන දේ එසේ නොවේ. රාගාදී සිත කිළිටි කරන චිත්තමල ආර්ය මාර්ගවලින්ම ඉවත්කළ යුතුය. පැරැන්නන් විසින් මේ කාරණය (මෙසේ) කියන ලදී.
රූපෙන සංකිලිට්ඨෙන සංකිලිස්සන්ති මානවා
රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති අනක්ඛාතං මහෙසිනා
රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති අනක්ඛාතං මහෙසිනා
රූපය කිලිටිවීමෙන් මිනිස්සු කිළිටි වෙති’යි රූපය පිරිසිදු වූ කල්හි මිනිස්සු පිරිසිදු වෙතියි මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකරන ලදී.
චිත්තම්හි සංකිලිට්ඨම්හි සංකිලිස්සන්ති මානවා
චිත්තෙ සුද්ධෙ විසුජ්ඣන්ති ඉතිවුත්තං මහෙසිනා
චිත්තෙ සුද්ධෙ විසුජ්ඣන්ති ඉතිවුත්තං මහෙසිනා
සිත කිළිටු වූ කල්හි මිනිස්සු කිළිටි වෙති’යි සිත පිරිසිදු කළ කල්හි මිනිස්සු පිරිසිදු වෙතියි මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
එහෙයින් භාග්යවතුන් වහන්සේ ‘චිත්ත සංකිලෙසා භික්ඛවෙ සත්තා සංකිලිස්සන්ති, චිත්තවොදානා විසුජ්ඣන්ති’ ‘මහණෙනි, සත්ත්වයෝ සිත කිළිටිවීමෙන් කිළිටි වෙති. සිත පිරිසිදු වීමෙන් පිරිසිදු වෙති’යි වදාළහ. එහෙයින් භාග්යවතුන් වහන්සේ මෙහිදී ද චිත්තමල පිරිසිදු කිරීම පිණිස පිළිපැදිය යුතුයයි දක්වමින් ‘තයො මෙ භික්ඛවෙ අන්තරා මලා’ යනුවෙන් වදාළහ.
යම්සේ මේ ලෝභාදිය සත්ත්වයන්ගේ සිතෙහි ඉපිද කිළිටි බව ඇතිකරන, නොයෙක් ආකාර කිළුටු සම්පාදක යන අරුතින් අන්තරා මල නම් වේ. මෙසේ එක්ව අනුභව කොට එක්ව නිදා වැරදි සොයන (මිතුරු වෙසින් සිටින) සතුරකු මෙන් සිතෙහිම ඉපිද සත්ත්වයන්ට නොයෙක් ආකාර අනර්ථ ගෙනදෙන නොයෙක් ආකාර දුක් උපදවන ඒවා යයි දක්වමින් ‘අන්තරා අමිත්තා’ යනාදිය කීහ. එහි මිත්රයාට ප්රතිපක්ෂ වශයෙන් අමිත්තා අමිත්රයෝය. සතුරු ක්රියා කිරීම් වශයෙන් සපත්තා සපත්තයෝය. හිංසා කිරීමෙන් වධකා වධකයෝය. කෙළින්ම (සෘජුව) විරුද්ධකම් කරන හෙයින් පච්චත්ථිකා පච්චත්ථිකයෝය.
එහිදී කරුණු දෙකකින් ලෝභාදියේ අමිත්රභව ආදිය දතයුතුය. වෛරි පුද්ගලයා වනාහි ඉඩක් ලබමින් තමාගේ වෛරී පුද්ගලයාගේ හිස ආයුධයකින් හෝ හෙළයි. උපායකින් හෝ මහත් අනර්ථයක් උපදවයි. මේ ලෝභාදිය ප්රඥාව නමැති හිස හෙළීමෙන් (කපා දැමීමෙන්) ද (අණ්ඩජ ආදී) යෝනි ප්රතිපාදනයෙන් ද ඊට වඩා බලවත් වූ අනතුරක් උපදවයි. කෙසේද? ඇස් දොරට (චක්ඛු ද්වාරයට) ප්රිය (අප්රිය) ආදී අරමුණු හමු වූ කල්හි සුදුසු පරිදි ඒවා නිමිතිකොට (නිසා) ලෝභාදිය උපදියි. මෙපමණකින් ඔහුගේ ප්රඥාව නමැති හිස හෙළන ලද්දේ (කපාදමන ලද්දේ) වෙයි. සෝත ද්වාරාදියෙහි ද මේ ක්රමයමයි. මෙසේ නුවණ නමැති හිස වැටීමෙන් අමිතුරන් ආදීන්ට සමාන බව දතයුතුය. ලෝභාදිය වනාහි කර්මනිදාන වී අණ්ඩජ ආදී භේද ඇති යෝනි සතර ළඟට පමුණුවයි. ඔහුට යෝනි පැමිණීම (යෝනි ඇතිවීම) මුල්කොට ඇති මහා භය විසිපහත් දෙතිස්කර්ම (වධ) ත් ආයේම වෙයි. (ලෝභාදිය කර්මයන්ට මුල්වී යෝනි සතරත් එමෙන්ම භය විසිපහත්, දෙතිස්වධත් ලබාදෙයි.) මෙසේ යෝනි ප්රතිපාදනයෙන් (යෝනි සැපයීමෙන්) ද ඒවායේ අමිත්ර ආදීන්ට සමාන බව දතයුතුය. මෙසේ ලෝභාදිය අමිත්ර ආදීන්ට සමාන බැවින් ද සිතින් හටගත් බැවින් ද ‘අන්තරා අමිත්තා’ යනාදිය කියන ලදී. තවද අමිත්රයන් විසින් කරන්නට නොහැකි දෙය ද ලෝභාදිය කරයි. අමිත්ර බව ආදිය ද ලෝභාදියෙන් උපදී යන අරුතින් ඒවායේ අමිත්ර බව ආදිය දතයුතුය. මේ කාරණය (මෙසේ) කියන ලදී :
දිසො දිසං යං තං කයිරා වෙරී වා පන වෙරිනං
මිච්ඡා පණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ
මිච්ඡා පණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ
‘සතුරෙක් සතුරෙකුට හෝ වෛරී පුද්ගලයෙක් වෛරී පුද්ගලයකුට හෝ යම් අනතුරක් කරන්නේ නම් වරදවා පිහිටුවන ලද සිත ඔහු එයටත් වඩා පාපියකු කරන්නේය.’
ගාථාවන්හි දී තමාගේ ද අනුන්ගේ ද අනර්ථය උපදවයි යන අරුතින් අනත්ථ ජනනො නම් වෙයි. ඒ කාරණය (මෙසේ) කියන ලදී -
‘ලෝභයෙන් මැඩගත් පුද්ගලයා කයින් වචනින් මනසින් යමක් රැස් කරයි ද එයද අකුසලය. ලෝභ වූයේ ලෝභයෙන් මැඩගන්නා ලද්දේ ලෝභයෙන් අල්ලාගත් සිත් ඇත්තේ ‘මම බලවත් වෙමි. මම බලයෙන් ප්රයෝජන ඇත්තෙක් වෙමි’ අනුන්ට මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ ගැරහීමෙන් හෝ නෙරපීමෙන් හෝ නැති දොසකින් දුක් උපදවා ද එය ද අකුශලය. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති ලෝභය සමුදය කොට ඇති ලෝභය ප්රත්යය කොට ඇති නොයෙක් පාපක අකුශල ධර්ම ඔහුට පහළ වෙයි.’