16. රාහුල ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මත් තෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතුවූ පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දනුමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ශික්ෂාකාමීන් අතර අගතන්හි තබනු දැක ඔහුද එම තනතුර පතන්නේ සෙනසුන් පිරිසිදු කිරීම අලංකාර කිරීම ආදි උදාර පින්කොට ප්රාර්ථනයක් කළේය. ඔහු එයින් චුතව දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභයසම්පත් අනුභවකොට මෙම බුද්ධෝත්පාදයෙහි අපගේ බෝධිසත්ත්වයන් නිසා යශෝධරා දේවියගේ කුසෙහි ඉපිද රාහුලයයි ලබන ලද නම් ඇත්තේ මහත් වූ ක්ෂත්රිය පිරිවරින් වැඩුණේය. ඔහුගේ පැවිදි විධානය බන්ධකයෙහි ආ පරිදිමය. ඔහු පැවිදිව ශාස්තෲන් වහන්සේ සමීපයෙහි නොයෙක් සූත්රාපදේශයන්ගෙන් ලද අවවාද ඇත්තේ මුහුකුරා ගිය ඥානය ඇත්තේ විදර්ශනාවෙහි උත්සුකව රහත් බවට පත්විය. රහත් වී තමාගේ ප්රතිපත්තිය නැවත බලා රහත් බව ප්රකාශ කරන්නේ –
උභයෙනෙව සම්පන්නො - රාහුලභද්දොතිමංවිදු,
යඤ්චහි පුත්තො බුද්ධස්ස - යඤ්ච ධම්මෙසු චක්ඛුමා
යඤ්චහි පුත්තො බුද්ධස්ස - යඤ්ච ධම්මෙසු චක්ඛුමා
උබය සැපතින් යුතු - දනිති රාහුල භද්දයැයි මා,
බුදුරදුගෙ පුත් වෙමි - දහමෙහි යෙදූ ඇස් ඇති
බුදුරදුගෙ පුත් වෙමි - දහමෙහි යෙදූ ඇස් ඇති
යඤ්චමෙ ආසවා ඛීණා - යඤ්චනත්ථි පුනබ්භවො,
අරහා දක්ඛිණෙය්යොම්හි - තෙවිජ්ජො අමතං දදො
අරහා දක්ඛිණෙය්යොම්හි - තෙවිජ්ජො අමතං දදො
මාකෙලෙස් සිඳුණේය - නැත නැවත ඉපදීමක්
රහත් වෙමි දනට නිසිවෙම් - තෙවිඳු දත්තෙමි අමා දෙන්නෙම්
රහත් වෙමි දනට නිසිවෙම් - තෙවිඳු දත්තෙමි අමා දෙන්නෙම්
කාමන්ධා ජාල පච්ඡන්නා - තණ්හාඡදන ඡාදිනා,
පමත්ත බන්ධුනා බද්ධා - මච්ඡාව කුමිනාමුඛෙ
පමත්ත බන්ධුනා බද්ධා - මච්ඡාව කුමිනාමුඛෙ
කාමයෙන් අඳවී මොහොදැල ඇලී පැටලී - තණ්හා වැස්මෙන් වැසුණෝ
මරහුට බැඳී ඇත - කෙමන මුවෙහි මසුන් මෙන්
මරහුට බැඳී ඇත - කෙමන මුවෙහි මසුන් මෙන්
තං කාමං අහමුජ්ඣිත්වා - ජෙත්වා මාරස්ස බන්ධනං
සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූතොස්මි නිබ්බුතො
සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූතොස්මි නිබ්බුතො
ඒ කම් සැපත් අත්හැර - මරහුගෙ බැමිද සිඳදා,
තණ්හාව සහමුලින් උදුරා - සිහිල් වූයෙමි නිවුණෙමි
තණ්හාව සහමුලින් උදුරා - සිහිල් වූයෙමි නිවුණෙමි
ගාථා සතර කීය. එහි උභයෙනෙව සම්පන්නො යනු ජාති සම්පදාව ප්රතිපත්ති සම්පදාව යන උභය සම්පත්තියෙන් සම්පන්නො යුක්ත වූයේ. රාහුලභද්දොති මංවිදූ යනු සමග බ්රහ්මචර්යාවෙහි හැසිරෙන්නෝ හඳුන්වති. ඔහුගේ උපන් පුවත අසා බෝධිසත්ත්වයන් විසින් රාහුලයෙක් උපන්නේය. බන්ධනයක් ඇති වූයේ යයි කියූ වචනය උදෙසා සුද්ධෝදන මහරජතුමා රාහුලයයි නමක් තැබීය. හේ මුලින්ම පියා විසින් කියන ලද ක්රමයම ගෙන රාහුල භද්රයයි මා හැඳින්වූහ යනු කීය. භද්දො යනු ප්රශංසා වචනයක්මය. පසුකලෙක ශාස්තෲන් වහන්සේ ඔහු ශික්ෂාකාමී බවින් අගතන්හි තැබූ සේක. මහණෙනි, මාගේ ශ්රාවක භික්ෂූන් අතර යමෙක් ශික්ෂාකාමීන් අතර අගතැන්පත් වේද ඒ රාහුලයයි.
මෙසේ ඔහු පැමිණි අගතැන් ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ පදුමුත්තර භගවතො යනාදිය කීය. සත්තභූමිම්හි පාසාදෙ යනු ප්රසාදය සොම්නස දනවතියි පාසාදනම් වේ. එකක් මත එකක් සිටි බිම් සතක් යම් ප්රාසාදයක ඇත්තේද ඒ ප්රාසාදය සත්බුමු නමි. ඒ සත්බුමු ප්රාසාදයෙහි ආදාසං සන්ථරි අහං යනු කැඩපතක් නිපදවා ලෝකයට ජ්යෙෂ්ඨ වූ භාග්යවත් වූ තාදී ගුණ ඇති බුදුරදුන්ට මම ඇතිරිල්ලක් දුනිමි. අතුරා පූජා කෙළෙමි යන අර්ථයි.
ඛීණාසව සහස්සෙහි යනු රහතුන් දහස් ගණනකින් පරිකිණ්ණො පිරිවරන ලදුයේ. දිපදින්දො දෙපා ඇත්තවුන්ට ඉන්දො ස්වාමී වූ, නරාසභො මහා මුනීන්ද්රයන් වහන්සේ, ඔවුන් සමග ගඳකිළියට උපාගමි පිවිසි සේක යන අර්ථයි.
විරොචන්තො ගන්ධකුටිං යනු ඒ ගඳකිළිය බබුළුවන්නේ. දෙවියන්ට දෙවිවූයේ දේවදේව නමි. නරයන්ට ප්රධාන වූයේ නරාසභ නම් වූ ජ්යෙෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ මෙම විවරණ ගාථා අභාසථ කියූ සේක යන සම්බන්ධයි.
යෙනායං ජොතිකා සෙය්යා යනු යම් උපාසකයකු විසින් මේ ප්රාසාද සංඛ්යාත සෙය්යා ජොතීතා අලංකාර කරන ලද්දේද ජෝතිමත් කරන ලද්දේද ආදාසොව කංසලෝහමය වූ කැඩපතක් මෙන් මනාසේ සමකොට අතුරන ලද්දේ, ඒ උපාසකයා කිත්තයිස්සාමි ප්රකට කරන්නෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
අට්ඨානමෙතං යං තාදී යම් කරුණෙකින් තාදී ඉටු අනිටු කරුණුවලදී කම්පානොවන බැවින් තාදී නමි. අගාරෙ ගෘහ වාසයෙහි රතිං ඇලුණු බව අජ්ඣගා පැමිණියේය යනුයි. මේ කරුණ අස්ථාන කරුණ යන අර්ථයි.