ථේර අපදාන
1. බුද්ධ වර්‍ගය
අභ්‍යන්තර නිදාන වර්ණනාව
“මෙසේ පිරිසිදු සිතින් බුද්ධ චරිතාපදානය අසනු මැනවි. අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් ධර්මරාජයෝ සමත්‍රිංශත් පාරමිතා ධර්ම පුරණ ලදහ.”
මෙහි අථ යනු අධිකාරිබලය හඳුන්වන නිපාත පදය විභක්තිවලට ගැලපෙන නිපාත පදයකි. නැතහොත්,
අධිකාර, මංගල, නිෂ්පන්න, අවධාරණ, අතරතුර, ගමන යන අර්ථයන්හි අථ ශබ්දය පවතී.
ඒ එසේමැයි:-
අධික ක්‍රියාව, අධිෂ්ඨාන, අධික අර්ථය බැබලීම ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ භාවයෙන්ද, අධිකාර හඳුන්වනු ලැබේ යයි,
කියන ලද බැවින් බුදුවරුන්ගේ සමතිංසත් පාරමී ධර්මයන් අධික කෘත්‍ය වශයෙන්ද, ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ වශයෙන්ද, අධිකාර අර්ථයෙන් අථ ශබ්දය අපදානයේ යොදනු ලැබේ. ත්‍රිවිධ බෝධිසත්ත්වවරුන්ගේ සත්ත්වයන්ගේ පූජා මංගල යන අර්ථයෙන්ද “පිදිය යුත්තන් පිදීමද උතුම් මංගල්‍යයකි.” යන වචනයෙන් මංගල අර්ථයෙන් අථ ශබ්දයෙන් කියන ලද බව පෙනේ. බුද්ධාදී භාග්‍යවතුන්ගේ වාසනා කෘත්‍යය ද අරහත්ත මාර්ගයෙන් නිපන් බැවින් නිෂ්පන්න අර්ථයෙන් අථ ශබ්දය අපදානයෙහි කියන ලදී. බුද්දක පාඨ සංග්‍රහ කරන ලදි. සංග්‍රහ කරන ලද බැවින් අතරතුර යන අර්ථයෙන් අථ ශබ්දය යෙදීම සුදුසු වේ. මෙයින් බුද්දක පාඨයේ පටන් අගමන (වෙන්වීම) අර්ථයෙන් අථ ශබ්දයෙන් ප්‍රකාශ වේ.
බුද්ධො යනු මෙහි සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධ නම් වේ. අවබෝධ කළයුතු ජනතාවට අවබෝධ කරවන බැවින් බුද්ධ නමි. සර්වඥතා ඥානය ඇති බැවින් බුද්ධ නමි. සියළු දර්ශන දුටු බැවින් බුද්ධ නම් වේ. කෙලෙස් දුරුකළ නිසා බුද්ධ නම් වේ. මහරහත් බැවින් බුද්ධ නමි. උපක්ලේශ ධර්මයන් ශේෂ නොකොට දුරුකළ බැවින් බුද්ධ නම් වේ. ප්‍රවෘජ්‍යා සංඛ්‍යාත බුද්ධ නම් දෙවැන්නකු නැති බැවින් බුද්ධ නම් වේ. තෘෂ්ණාව ප්‍රහාණය කළ බැවින් බුද්ධ නම් වේ. ඒකායන මාර්ගය අංගය බුද්ධ නම් එකම නිරුත්තර සම්මා සම්බුද්ධත්වයට පත්වූ නිසා බුද්ධ නම් වේ. අබුද්ධිය (මෝඩකම නොදැනීම) තුළින් බුද්ධිය ඉස්මතු කළ බැවින් බුද්ධ නමි. බුද්ධියෙන් බුද්ධිය අවබෝධ කරන නිසාද, අර්ථය ප්‍රකට කරන නිසාද, යම්සේ නීල වර්ණයෙන් යුතු වස්ත්‍රය නිල් වස්ත්‍ර, රතු වර්ණයෙන් යුතු වූයේ රතු වස්ත්‍ර යයි කියනු ලැබේද? එසේ බුද්ධිගුණ යෝගයෙන් යුතු හෙයින් බුද්ධ නම් වේ. නැතහොත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ නිසා බුද්ධ යයි කියනු ලැබේ. එම ඤාණයෙන් මුළු දසදහස් ගණන් ක්ලේශ සමූහයා ක්‍ෂයකොට නිර්වාණ අධිගමයට පත් ඤාණය බෝධි යයි කියනු ලැබේ. එයින් යුක්ත වූද එමගින් රැස්කළ යුතු පුද්ගලයා බුද්ධ නම් වේ. එම ඤාණයෙන්ම පසේබුදුවරුද සියළු ක්ලේශ ක්‍ෂය කොට නිර්වාණය අවබෝධ කරගනියි. බුදුවරු නම් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී දම් පුරා බෝධිඤාණය අධිගත කළ බැවින් ඉන්ද්‍රිය පරියත්ති ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, යමක පටිහාරිය ඥානය, සර්වඥතා ඥානය, අනාවරණ, ආසයානුසයා, අසාධාරණ ඥානයන්ගෙන් සමාධිගත වූ බැවින් එකම ධර්මදේශනාවකින් අප්‍රමාණ සත්ත්වයන්ට ධර්මය නමැති අමෘතය පොවා, නිර්වාණාධිගමයට යොමු කරන බැවින් එම ඥානය බුදුන්ටම අධිකාර බැවින් එයද සම්බුද්ධ චරිතයටම අදාළ වේ. බුද්ධාපදානය දෙවැදෑරුම් වේ. කුසල-අකුශල වශයෙනි. කුසල අකුසල වශයෙන් පසේබුදුවරුන්ට එය කිරීමට නොහැකිය. ප්‍රත්‍යය දායකයන්ට සංග්‍රහ කරමින් –
“ඔබ කැමති වන ප්‍රාර්ථනා කරන සියල්ල වහාම සමෘද්ධ වේවා! පුන් පෝදා චන්ද්‍රයා මෙන් චිත්ත සංකල්පනාවෝ පිරෙත්වා!
[missing trans] බබළන මාණික්‍යයක් මෙන් සඵල වේවා!
මේ ගාථා දෙකෙන්ම ධර්මදේශනා කරති. දේශනා කරන්නේ නමුත් අසංඛෙය්‍යයක් සත්ත්ව කොට්ඨාසවලට අවබෝධ කිරීමට නොහැකි වෙති. එහෙයින් බුදුන් හා සමානව එකම ලෙස සර්වඥතාවය නැති හෙයින් පච්චේක බුද්ධ නම් වේ.
ඔවුන්ගේ අපදාන තොරතුරු පච්චේක බුද්ධාපදාන නම් වේ. දිගුකලක් සිටි බැවින් ථෙරා නම් වේ. ස්ථිරසාර ශීල ආචාර ගුණයෙන් යුක්ත බැවින් ථෙර නම් වේ. නැතහොත් ස්ථිරසාර ලෙස සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනවලින් යුක්ත නිසා ස්ථවිර නම් වේ. නැතහොත් ස්ථිර ලෙස නිර්වාණ මහාර්ගය අනුගත මගට පිළිපන් නිසා ථෙර නම් වේ. තෙරවරුන්ගේ අපදානය ථෙරාපදාන නම් වේ. එසේම තාදී ගුණයෙන් යුක්ත බැවින් ථෙරී නම් වේ. තෙරණියන්ගේ චරිතකථා ථෙරී අපදාන නම් වේ. මේවා අතර බුද්ධ අපදානය සමග අපදාන පහක් ඇති බැවින් සූත්‍රාන්තවල පංච අපදාන කියත්. එසේ හෙයින් පුරාණයන් කියන ලදී.
“අපදාන පහකි. සූත්‍ර පහකි. මේ බුද්ධ අපදානය පළමුව පිළිවෙළ දතයුතුය.
පසේ බුදුවරුන්ගේ අපදානයද අපදාන පහකි. සූත්‍රාන්ත පහකි. එසේ හෙයින් පෞරාණිකයන් කියන ලදි –
“අපදාන පහකි. සූත්‍රාන්ත පහකි. මේ පසේ බුදුවරුන්ගේ අපදානය දෙවෙනි අනුපිළිවෙළ බව දතයුතුය.”
ථෙර අපදානවලද, පන්සිය දහයක් අධිකකොට ඇති අපදාන වර්ග වශයෙන් පනස් එකක් වර්ග ඇත. (10x51) එබැවින් පෞරාණිකයන් කියන ලදී –
“පන්සිය දහයක් අපදාන වර්ග පනස් එකකි. මේ ථෙර අපදානය තෙවෙනි අනුපිළිවෙළට දතයුතුය”.
ථෙරී අපදානවල හතළිහක් අපදාන ඇත. වර්ග වශයෙන් සතරකි. එබැවින් පෞරාණිකයන් කියන ලදි –
“වර්ග සතරකින් සතළිහක් අපදාන ඇති මේ ථෙරී අපදානය සතරවෙනි අනුපිළිවෙළයි.”
අපදාන යනු; මෙහි අපදාන ශබ්දය කාරණා ගැනීම පහවයාම අනුපිළිවෙළ තමන් හුවාදැක්වීම යන අර්ථවල දක්නට ලැබේ. ඒ එසේමය. “මේ ක්‍ෂත්‍රියන්ගේ අපදාන, බ්‍රහ්මයන්ගේ අපදාන යනුවෙන් ආදි කාරණාවලද දක්නට ලැබේ. ක්‍ෂත්‍රියයන්ගේ කරුණු, බමුණන්ගේ කරුණු යන අර්ථයයි. “උපාසකයන්ගේ චරිත” ආදි වශයෙන්ද දක්නට ලැබේ. සරළ වශයෙන් ගැනීම අර්ථයයි. වෙළෙන්දන්ගේ අපදානය සුද්‍රයන්ගේ අපදාන වශයෙන් ආදි අර්ථ අපගමනාර්ථයෙහි දක්නට ලැබේ. එසේ ඔවුන්ගේ ඉවත්වයාම යන අර්ථයයි. පිණ්ඩපාතික භික්‍ෂුව අනුපිළිවෙළ වශයෙන් පිඬු පිණිස හැසිරෙයි. ආදි ලෙස අනුපිළිවෙළ දක්නට ලැබේ. ගෘහ පිළිවෙළින් සැරිසරයි යන අර්ථයයි. මේ මහණකමින් ඉවත්වූයේ, බ්‍රහ්මත්වයෙන් ඉවත්වූයේ යන අපදානයයි. අක්‍රෝෂණයේද දක්නට ලැබේ. ආක්‍රෝෂ කරයි. පරිභව කරයි යන අර්ථයයි. මෙහි වනාහි කාරණෙ දක්නට ලැබේ. එහෙයින් බුදුවරුන්ගේ අපදානය බුද්ධාපදාන බුදුන්ගේ තොරතුරු යන අර්ථයයි. ගංගා වැලි උපමාකොට ඇති, අනේක වූ බුදුවරුන්ගේ දානපාරමිතාදි වශයෙන් සමතිංසත් පාරමිතා කාරණා ලෙස දතයුතුය. තවද, අධිකාරාදියෙහි සුදුසු අපදාන වේ. පිරිසිදු මනසින් අසවු යනුවෙන් සම්බන්ධ නම් වේ.