පරිඤ්ඤාවාරවණ්ණනා
ඉන් අනතුරුව පරිඤ්ඤාවාරයෙහි ද කාල ප්‍රභේද සයෙක් ම වේ. අනුලෝම පටිලෝම වශයෙන් නය දෙකකි. පුග්ගල වාර ඔකාසවාර පුග්ගලෝකාසවාර යයි මේ පුග්ගල වාර තුනම ලබයි. ඉතිරි දෙක නොලැබේ. කුමන කරුණකින්ද? සමාන විසඳුම් බැවිනි. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි තැනක රූප ස්කන්ධය දනීද වේදනා ස්කන්ධය ද දනීමය. වේදනා ස්කන්ධය දනීද රූපස්කන්ධය ද දනීමය. රූපස්කන්ධය නොදනීද වේදනා ස්කන්ධය ද නොදනී. වේදනා ස්කන්ධය නොදනී ද රූපස්කන්ධය ද නොදනී. එහෙයින් ඒවායෙහි ද යත්‍ථ රූපක්ඛන්‍ධං පරිජානාති තත්‍ථ වෙදනාක්ඛන්‍ධං පරිජානාති ආදි වශයෙන් ප්‍රශ්නකොට ආමන්තා යන විසඳීම කළයුතු වන්නේය. සමාන විසඳුම් බැවින් ඒවා මෙහි නොදක්වන ලදැයි දතයුතුය.
එසේ නැතහොත් පරිඤ්ඤා කෘත්‍යය නම් පුද්ගලයාටම වේ. අවකාශය නොවේ. පුද්ගලයාම දැනගැනීමට සමර්ථ වේ. අවකාශය නොවේ යයි මෙහි පුද්ගලවාරයම ගන්නා ලදි. අවකාශ වාරය නොවේ. එය නොගන්නා ලද බැවින් ඉන් අනතුරුව පුග්ගලො කායවාරය ලබන්නේද, නො ගන්නා ලදි. යමෙක් වනාහි මේ පුද්ගල වාරය ගන්නා ලද්දේ, එහි වර්තමාන කාලයෙහි රූප ස්කන්ධ මූලක සතරකි. වේදනා ස්කන්ධ මූලක තුනකි. සඤ්ඤා ස්කන්ධ මූලක දෙකකි. සංඛාරා ස්ක්නධ මූලක එකකියි යට කියන ලද නයින්ම අනුලෝම නයෙහි අගහිත ගහණයෙන් යමක දහයකි. පටිලෝම නයෙහි දහයයි විස්සකි. එසේම සෙසු කාල සයේ ද එකිනෙකේ විස්ස බැගින් යමක එක්සිය විස්සක් වේ. පුච්ඡා දෙසිය සතලිහකි. අර්ථ හාරසිය අසූවකි. මෙය මෙහි පෙළෙහි නියමයයි.
මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි අතීත අනාගත වර්තමාන සංඛ්‍යාත ත්‍රිවිධ කාල පවත්ති වාරයෙහි මෙන් චුතිපටිසන්ධි වශයෙන් නො ලැබේ. පැවතීමේ චිත්තක්‍ෂණ වශයෙන්ම ලබයි. එහෙයින් මෙහි යො රූපක්ඛන්‍ධං පරිජානාති සො වෙදනාක්ඛන්‍ධං පරිජානාති යමෙක් රූපස්කන්ධය දනී නම් හේ වේදනා ස්කන්ධය දනීද? යනාදි ප්‍රශ්නවලට ආමන්තා ඔව් යයි විසඳීම කරන ලදි. ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි නිවන් අරමුණු කරා සිතෙන් පංචස්කන්ධය දැනගැනීමේ කෘත්‍යය ඇතිවීමෙන් එක් ස්කන්ධයක් දැනගැනීමෙන් සෙසු ස්කන්ධවල ද දැනීම ඇතිවන්නේ යයි කියනු ලැබේ. මෙසේ මෙහි පරිජානාති යන ප්‍රශ්නවල අනුලෝම නයෙහි පරිඤ්ඤා කෘත්‍යයේ මුදුන් පැමිණි අග්‍ර වූ මාර්ගය යුක්තවීම සඳහා ආමන්තා යයි කියන ලදැයි දතයුතුය. පටිලෝම නයෙහි වනාහි න පරිජානිති යන ප්‍රශ්නවල පුහුදුන් අය සඳහා ආමන්තා යයි කියන ලදි. පරිජානිත්‍ථ යන මේ අතීත කාලවාරයෙහි මාර්ගයට අනතුරුව අග්‍රඵලයෙහි (රහත්) සිටියහුට ද පරිඤ්ඤා කෘත්‍යයේ (දැනගැනීම් කිසේ) අවසානය වූ බැවින් පරිජානිත්‍ථම නම් වේ.
යො රූපක්ඛන්‍ධං පරිජානාති සො වෙදනක්ඛන්‍ධං පරිජානිත්‍ථ (යමෙක් රූපස්කන්ධය දැනගනීද ඔහු වේදනා ස්කන්ධය දැන ගත්තේද?) යන ප්‍රශ්නයෙන් අග්‍රමාර්ගයෙන් යුක්තදැයි අසයි. යම්හෙයකින් හෙතෙම ස්කන්ධ පංචකය දැනගැනීමය නම් වේ. තවම අවසාන පරිඤ්ඤා කෘත්‍යය නොවේ. එහෙයින් නැතැයි කියන ලදි. දෙවන ප්‍රශ්නයෙහි වනාහි පරිජානිත්‍ථ යයි රහත්බව අසයි. ඔහුගේ අවසාන පරිඤ්ඤා කෘත්‍යය ඔහුගේ පරිඤ්ඤෙය්‍ය ද නොවේ. එහෙයින් නො යයි ප්‍රතිසේධය කරන ලදි. පටිලෝම නය විසඳීමෙහි වනාහි මෙහි අරහා රූපක්ඛන්‍ධං න පරිජානාති අරහා රූපස්කන්ධය නොදනී. අරහත් හෝ දැනීමේ අභාවයෙන් කියන ලදි. අග්ගමග්ගසමංගි වෙදනාක්ඛන්‍ධං න පරිජානිත්‍ථ අරහත්ත මාර්ගස්ථ වූවහුට නොනිමි පරිඤ්ඤා කෘත්‍යය නිසා කියන ලදි. හුදෙක් වේදනා ස්කන්ධය පමණක් නොව එකම ධර්මයක්වත් නොදැන ගත්තේමය. මෙය වනාහි පුච්ඡා වශයෙන් කියන ලදි. නො ච රූපක්ඛන්‍ධං යයි මෙය පුච්ඡා වශයෙන් කියන ලදි. හේ සෙසු ස්කන්ධ දනී.
යො රූපක්ඛන්‍ධං පරිජානාති සො වෙදනාක්ඛන්‍ධං පරිජානිස්සති යයි යමෙක් රූපස්කන්ධය දනී. හේ වෙදනා ස්කන්ධය දන්නේද? මෙහි යම්හෙයකින් මාර්ගස්ථ පුද්ගලයා ඒකචිත්ත ක්‍ෂණිකය. එහෙයින් හේ දැනගන්නේ යයි යන සංඛ්‍යාවට නොයේ. එහෙයින් කියන ලදි. නො කියා. තෙ රූපක්ඛන්‍ධඤ්ච න පරිජානිත්‍ථාති පුච්ඡා සභාගයෙන් කියන ලදි. නොදැනගත්හ යනු මෙහි අර්ථයයි. මේ උපායෙන් සියළු තැන අර්ථ විනිශ්චය දතයුතුය.
පරිඤ්ඤාවාරය නිමි.
ඛන්‍ධ යමක වර්ණනාව නිමි.
3. ආයතන යමක වර්ණනාව
පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා
දැන් මූල යමකයෙහි දේශනා කළ කුසලාදි ධර්මයත් ආයතන යමකයෙහි ද සංග්‍රහකොට ඛන්‍ධ යමකයට අනතුරුව දේශනා කළ ආයතන යමකයේ වර්ණනාව වේ. එහි ඛන්‍ධ යමකයෙහි කියන ලද නයින් ම පෙළෙහි නියමය දතයුතුය. එහි මෙන් මෙහි ද පණ්ණත්තිවාර, පවත්තිවාර, පරිඤ්ඤාවාර යයි මහාවාර තුනක් වේ. වචනාර්ථය ද ඒවායේ කියන ලද අයුරින්ම දතයුතුය. මෙහි ද පණ්ණත්තිවාරය උද්දේස නිද්දේස වශයෙන් නියම දෙකකි. සෙසු දෙකෙහි නිද්දේස වශයෙන් ම වේ. එහෙයින් එහි ද්වාදසායතනානි යන පදය ආදිකොට නායතනා න මනො යි දක්වා පණ්ණත්ති වාරයේ උද්දේසවාරය දතයුතුය. එහි ද්වාදසායතනානි යන මෙය යමක වශයෙන් ඇසිය යුතු ආයතනයන්ගේ උද්දේසයි. චක්ඛායතනං.. -පෙ- ධම්මායතනං ඒවායේම ප්‍රභේද වශයෙන් නාම නියමයයි. යමක වශයෙන් මෙහි ඇසීමේ පහසුව සඳහා පළමුව පිළිවෙලින් අජ්ඣත්ත රූප ආයතන කියන ලදි. බාහිර රූප ආයතන පසුව අවසානයෙහි මනායතන ධම්මායතන,