2. ඛන්ධ යමක වර්ණනාව
පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා
දැන් මූලයමකයෙහි දෙසන ලද්දා වූම කුසලාද ධර්මයන් ස්කන්ධ වශයෙන් සංග්රහකොට මූලයමකට අනතුරුව දෙසන ලද ඛන්ධ යමකයේ වර්ණනාව වේ. එහි පළමුව පෙළෙහි නියමය මෙසේ දතයුතුය. මේ ඛන්ධ යමකයෙහි මහාවාර තුනක් වේ. පණ්ණත්තිවාර, පවත්තිවාර, පරිඤ්ඤාවාර යනු ඒ තුනයි. ඒවායින් පණ්ණත්තිවාරය ස්කන්ධයන්ගේ නම් අභිධාත සෝධන වශයෙන් ගන්නා ලද බැවින් පණ්ණත්තිවාර යයි කියනු ලැබේ. පවත්තිවාරය එයින් ශෝධනය කරන ලද නම් අභිධාන ස්කන්ධයන්ගේ උත්පද නිරෝධ වශයෙන් පැවැත්ම ශෝධනය කරමින් ගන්නා ලදි. එහෙයින් පවත්තිවාර යයි කියනු ලැබේ. පරිඤ්ඤාවාරය මේ අනුක්රමයෙන් පවත්නා ස්කන්ධයන්ගේ සංක්ෂෙපයෙන් පරිඤ්ඤා තුනක් දක්වමින් ගන්නා ලදි. එහෙයින් පරිඤ්ඤාවාර යයි කියනු ලැබේ. එහි පණ්ණත්තිවාරය උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් විස්තර කරන ලදි. ඉතිරි දෙකෙහි උද්දේසවාරය නැත. මුල පටන් පුච්ඡා විස්සජ්ජන (ඇසීම් විසඳීම්) වශයෙන් එක් ආකාරයකින් නියම කරන ලදි. එහි පඤ්චක්ඛන්ධා යන පදය මුල්කොට න ඛන්ධා න සංඛාරා පදය දක්වා පණ්ණත්තිවාරයේ උද්දේස වාරය දතයුතුයි. පුච්ඡාවාර යනු ද ඊටම නමකි. එහි පඤ්චක්ඛන්ධා යන මෙය යමක වශයෙන් ඇසිය යුතු ස්කන්ධයන්ගේ උද්දේසයයි. රූපක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො යනු ඒවායෙම ප්රභේද වශයෙන් නාම වෙන් කිරීමයි.
දැන් මේ ස්කන්ධයන්ගේ වශයෙන්, පද ශෝධන වාරය පදසෝධන මූල චක්කවාරය, සුද්ධ ඛන්ධවාරය, සුද්ධඛන්ධමූලචක්කවාරය යයි නය වාර සතරෙක් වේ. එහි රූපං රූපක්ඛන්ධො රූපක්ඛන්ධො රූපං යනාදී නයෙන් පදම ශෝධනය කොට යන ලද්දේ පදශෝධනය වාරය නම් වේ. එය අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ. එහි අනුලෝම වාරයෙහි රූපං රූපක්ඛන්ධො, රූපක්ඛන්ධො රූපං යනාදි පංච යමක වේ. පටිලෝම වාරයෙහි ද න රූපං න රූපක්ඛන්ධො න රූපක්ඛන්ධො න රූපං යනාදි පසම ඉන්පසු ඒවායේම පද ශෝධන වාරයෙහි සේදූ ස්කන්ධවල රූපං රූපක්ඛන්ධො, ඛන්ධා වෙදක්ඛන්ධො යනාදි නයින් එක් එක් ඛන්ධ මූලකවල සතර සතර චක්ර බැඳ ගියේ පදශෝධන මූලකවල චක්රයන්ගේ ඇති බැවින් පදසෝධන මූල චක්කවාර නම් වේ. එය ද අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ. එහි අනුලෝම වාරයෙහි රූපං රූපක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො යනාදි එක් එක් ඛන්ධ මූලකවල සතර සතර කොට යමක විස්සෙක් වේ. පටිලෝම වාරයෙහි ද න රූපං රූපක්ඛන්ධො, න ඛන්ධා වෙදනාක්ඛන්ධො යනාදි විස්සක්ම වේ.
ඉන්පසු රූපං රූපක්ඛන්ධො, ඛන්ධා රූපං යනාදි නයින් සුද්ධ ඛන්ධ වශයෙන් ම ගියේ සුද්ධ ඛන්ධවාර නම් වේ. එහි ඛන්ධා රූපං යනාදියෙහි ඛන්ධ රූප ස්කන්ධ වේ. ඛන්ධ වේදනාස්කන්ධ වේ යන අර්ථය ගතයුතුය. කුමක් හෙයින්ද? නිද්දේස වාරයෙහි මෙසේ බෙදන ලද බැවිනි. එහි වනාහි රූපං ඛන්ධොති ආමන්තා ඛන්ධා රූපක්ඛන්ධොති රූපක්ඛන්ධො ඛන්ධොචෙව රූපක්ඛන්ධො ච අවසෙසා ඛන්ධා න රූපක්ඛන්ධො යයි මෙසේ ඛන්ධා රූපං යනාදියේ ඛන්ධා රූපක්ඛන්ධො යනාදි නයින් පද උදුරා අර්ථය බෙදන ලදි. ඒ කාරණයෙන් ද මෙය සුද්ධ ඛන්ධවාර යයි කියන ලදි. වචන සෝධනයෙහි මෙන් මෙහි ඛන්ධ යන වචනය ප්රමාණ නොවේ. සුද්ධ ඛන්ධ ලැබෙන හැටියෙන් අර්ථ ප්රමාණ වේ. පසුව එන ආයතන යමකාදියෙහි ද මෙම නයම වේ. මේ සුද්ධ ඛන්ධ වාරය ද අනුලෝම පටිලෝම වශයෙන් දෙවැදෑරුම් වේ. එහි අනුලෝම වාරයෙහි රූපං ඛන්ධො ඛන්ධා රූපං යනාදි පංච යමක වේ. පටිලෝම වාරයෙහි ද න රූපං න ඛන්ධො න ඛන්ධා න රූපං යනාදි පසක්ම වේ.
ඉන්පසුව ඒ සුද්ධ ඛන්ධයන්ගේ ම රූපං ඛන්ධො, ඛන්ධ වෙදනා යනාදි නයින් එක් එක් ඛන්ධ මූලක සතර සතර සක් බැඳ ගියේ සුද්ධ මූලකවල සක් ඇති බැවින් සුද්ධ ඛන්ධ මූල චක්කවාර නම් වේ. එහි ඛන්ධා වෙදනා යනාදියෙහි ඛන්ධ වෙදනා ස්කන්ධ යයි ආදි නයින් අර්ථය දතයුතුය. නිද්දේස වාරය සමග අන් අයුරකින් විරෝධ වේ. එය ද අනුලෝම පටිලෝම වශයෙන් දෙයාකාර වේ. එහි අනුලෝම වාරයෙහි රූපං ඛන්ධො ඛන්ධා වෙදනා යනාදිය එක් එක් ඛන්ධමූලක සතර සතර කොටස් වශයෙන් විසි යමක වේ. පටිලෝම වාරයෙහි ද න රූපං න ඛන්ධො, න ඛන්ධා න වෙදනා යනාදි විස්සක්ම වේ. මෙසේ පළමුව යමක එක්සිය එකකින් පුච්ඡා දෙසීයකින් එක් එක් පුච්ඡායෙහි නිශ්චය සංශය වශයෙන් අර්ථ දෙක දෙක කොට අර්ථ හාරසියයකින් ප්රතිමණ්ඩිත පණ්ණත්තිවාරයේ උද්දේසවාරය දතයුතුය.