3. ආයතන යමක වර්ණනාව
පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා
දැන් මූල යමකයෙහි දේශනා කළ කුසලාදි ධර්මයත් ආයතන යමකයෙහි ද සංග්‍රහකොට ඛන්‍ධ යමකයට අනතුරුව දේශනා කළ ආයතන යමකයේ වර්ණනාව වේ. එහි ඛන්‍ධ යමකයෙහි කියන ලද නයින් ම පෙළෙහි නියමය දතයුතුය. එහි මෙන් මෙහි ද පණ්ණත්තිවාර, පවත්තිවාර, පරිඤ්ඤාවාර යයි මහාවාර තුනක් වේ. වචනාර්ථය ද ඒවායේ කියන ලද අයුරින්ම දතයුතුය. මෙහි ද පණ්ණත්තිවාරය උද්දේස නිද්දේස වශයෙන් නියම දෙකකි. සෙසු දෙකෙහි නිද්දේස වශයෙන් ම වේ. එහෙයින් එහි ද්වාදසායතනානි යන පදය ආදිකොට නායතනා න මනො යි දක්වා පණ්ණත්ති වාරයේ උද්දේසවාරය දතයුතුය. එහි ද්වාදසායතනානි යන මෙය යමක වශයෙන් ඇසිය යුතු ආයතනයන්ගේ උද්දේසයි. චක්ඛායතනං.. -පෙ- ධම්මායතනං ඒවායේම ප්‍රභේද වශයෙන් නාම නියමයයි. යමක වශයෙන් මෙහි ඇසීමේ පහසුව සඳහා පළමුව පිළිවෙලින් අජ්ඣත්ත රූප ආයතන කියන ලදි. බාහිර රූප ආයතන පසුව අවසානයෙහි මනායතන ධම්මායතන,
යට යම්සේ ස්කන්ධ වශයෙන් මෙන් මෙසේ මෙහි මේ ආයතනය්නගේ වශයෙන් පදසොධනවාරය, පදසොධන මූලචක්කවාරය, සුද්ධායතනවාරය, සුද්ධායතන මූලචක්කවාරය යයි නයවාර සතරක් වේ. මෙහි එක එකක් අනුලෝම පටිලෝම වශයෙන් දෙපරිදි වේ. ඒවායේ අර්ථ එහි කියන ලද නයින්ම දතයුතුය. ඛන්‍ධ යමකයෙහි පදසෝධනවාර අනුලෝම වාරයේ යම්සේ රූපං රූපක්ඛන්‍ධො, රූපක්ඛන්‍ධො රූපං යනාදි පංච යමකයක් වීද, එසේම මෙහි චක්ඛු චක්ඛායතනං, චක්ඛායතනං චක්ඛූ යනාදි දොළොසක් වේ. පටිලෝම වාරයෙහි ද න චක්ඛු න චක්ඛායතනං න චක්ඛායතනං න චක්ඛු යනාදි දොළොසක් වේ. මෙහි පදසෝධන මූලචක්කවාර අනුලෝම වාරයෙහි එක් එක් ආයතන මූලක එකොලහ බැගින් කර එකසිය තිස්දෙකක් වේ. සුද්ධායතනවාර අනුලෝම වාරයෙහි දොළොසක්, පටිලෝම වාරයෙහි දොළොසක් සුද්ධායතන මූල චක්කවාර අනුලෝම වාරයෙහි එක් එක් ආයතන මූලක එකොළහ බැගින් කොට යමක එකසිය තිස්දෙකක් වේ. පටිලෝමවාරයෙහි ද එක්සිය තිස්දෙකක්ම වේ. මෙසේ යමක පන්සිය සැත්තෑසයක් ඒ ඒ වාර අනුව (576 = 12x2 = 24 + 12x11 = 132x4 = 528 + 24 = 576) පුච්ඡා එක්දහස් එකසිය පනස් දෙකක් වේ. (576x2 = 1152) අර්ථ දෙදහස් තුන්සිය සතරක් වේ. (1152x2 = 2304) මෙසේ යුක්ත වූ පණ්ණත්ති වාරයේ උද්දේස වාරය දතයුතුය.
පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා
නිද්දේස වාරයෙහි වනාහි යට ඛන්‍ධ යමකයේ පණ්ණත්තිවාර නිද්දේසයෙහි කියන ලද නයින් අර්ථය දතයුතුය. විශේෂ හැර. එහි විශේෂය මෙසේය. දිබ්බ චක්ඛු දෙවන විද්‍යා ඤාණයයි. පඤ්ඤාචක්ඛු තෙවැනි විද්‍යා ඤාණයයි. දිබ්බසොතං දෙවැනි අභිඥා ඤාණයයි. තණ්හා සොතං තෘෂ්ණාව. අවසෙසො කායො නාමකය, රූපකාය, හස්තිකාය, අශ්වකාය මෙනි. අවසෙසං රූපං රූපායතනයෙන් සේස වූ භූත, උපාදාය රූපද පියරූප, මිහිරි රූපද. සීලගන්‍ධො යනාදිය හැමීම් අර්ථයෙන් සීලාදියටම නම් වේ. අත්‍ථරසො ආදියද යහපත් මිහිරි අර්ථයෙන් අර්ථවලටම නම් වේ. අවසෙසො ධම්මො අනේක ප්‍රභේද වූ පර්යාප්ති ධර්මාදිය මෙහි විශේෂයයි.
පවත්තිවාරවණ්ණනා
මෙහි ද පවත්තිවාරයේ උප්පාද වාරවල අන්තර තුනෙහි එක එකේ කාලභේද හය වේ. ඒවායේ එක් එක් කාලයෙහි පුද්ගල වාරාදි තුන්වාරයක් වේ. ඒ සියල්ල අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ. එහි වර්තමාන කාලයේ පුද්ගලවාරයේ අනුලෝම නයෙහි ඛන්‍ධ යමකයෙහි රූපස්කන්ධ මූලක සතරය. වේදනා ස්ක්නධ මූලක තුනය, සඤ්ඤා ස්කන්ධ මූලක දෙකය, සංඛාර ස්කන්ධමූලක එකයයි අගහිත ගහණයෙන් යමක දහයක් වේ. එසේම යමෙකුට චක්ඛායතනය උපදීද ඔහුට සෝතායතනය උපදී. යමෙකුට වනාහි සෝතායතනය උපදීද ඔහුට චක්ඛායතනය උපදී. යමෙකුට චක්ඛායතනය උපදීද ඔහුට ඝානායතන ජිව්හායතන කායායතන රූපායතන සද්දායතන ගන්ධායතන, රසායතන, පොට්ඨබ්බායතන, මනායතන ධම්මායතන උපදී. යමෙකුට වනාහි ධම්මායතන උපදීද ඔහුට චක්ඛායතන උපදීයයි මෙසේ චක්ඛායතන මූලක එකොලහක් ද යමෙකුට සෝතායතනය උපදීද ඔහුට ඝානායතනය උපදී යනාදි නයින් සෝතායතන මූලක දහයක් ද ඝානායතන මූලක නවයක් ද ජිව්හායතන මූලක අටක් ද කායායතන මූලක සතක් ද රූපායතන මූලක හයක් ද සද්දායතන මූලක පහක් ද ගන්ධායතන මූලක හතරක්ද රසායතන මූලක තුනක් ද පොට්ඨබ්බායතන මූලක දෙකක්ද මනායතන මූලක එකක්දැයි අගහිත ගහණයෙන් හැටහයක් යමක වේ.