පවත්තිවාරවණ්ණනා
දැන් යස්ස රූපක්ඛන්ධො යනාදි නයින් පවත්තිවාරය අරඹන ලදි. එහෙයින් මෙහි උද්දේසවාරය නොකියන ලදද? යට දක්වන ලද නය බව. පණ්ණත්තිවාර උද්දේස වාරයෙහි නය දක්වන ලදි. ඒ නයින් වනාහි මෙහි නොකියන ලද එය දැනගැනීමට හැකියයි එය නොකියා නිද්දේසවාරයම අරඹන ලදි. මේ පවත්තිවාර සංඛ්යාත මහා වාරයෙහි උප්පාද වාරය නිරොධ වාරය උප්පාදනිරොධවාරය යයි අන්තර්වාර තුනක් වේ. ඒවා අතුරෙන් පළමුව ධර්මයන්ගේ උප්පාද ලක්ෂණය දක්වන ලද බැවින් උප්පාදවාරය යයි කියයි. දෙවනුව ඒවායේම නිරෝධ ලක්ෂණ දක්වන ලද බැවින් නිරෝධවාරය යයි කියයි. තෙවනුව දෙකේම ලක්ෂණ දක්වන ලද බැවින් නිරෝධවාරය යයි කියයි. මෙහි උප්පාද වාරයෙන් ධර්මයන්ගේ උපදිනා ආකාරයම දක්වන ලදි. නිරෝධ වාරයෙන් ඉපදීම නම් නිත්ය නොවේ යයි ඒවායේම අනිත්යතා දක්වන ලදි. උප්පාද නිරෝධවාරයෙන් ඒ දෙකම දක්වන ලදි.
එහි උප්පාද වාරයෙහි පළමුව අද්ධ තුන වශයෙන් කාලභේද හයක් වේ. වර්තමානය, අතීතය, අනාගතය, වර්තමානයෙන් අතීතය, වර්තමානයෙන් අනාගතය, අතීතයේ අනාගතය. ඒවා අතරෙන් යමකට රූපස්කන්ධය උපදී යයි වර්තමානය අභිධාන වශයෙන් වර්තමානය දතයුතුය. එය වර්තමාන ධර්මයන්ගේ ප්රත්යක්ෂ වශයෙන් ගතයුතු හෙයින් අතිශයින් දැනගන්නේ යයි පළමුව කියන ලදි. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජත්ථා අතීත අභිධාන වශයෙන් අතීතය දතයුතුය. එය ප්රත්යක්ෂයෙන් අනුභූත පූර්ව වූ අතීත ධර්මයන්ගේ අනුමානයෙන් අනාගතයෙහි හොඳින් දැනගැනීම කරන හෙයින් දෙවනුව කියන ලදි. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති අනාගත අභිධාන වශයෙන් අනාගතය දතයුතුය. එය ප්රත්යක්ෂයෙන් ම අනුභූත පූර්ව වශයෙන් ම ගන්නා ලද ධර්ම අනුමානයෙන් අනාගතයෙහි ද මෙබඳු වූ ධර්ම උපදින්නේ යයි ගතයුතු වශයෙන් තුන්වනුව කියන ලදි.
යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති, තස්ස වෙදනාක්ඛන්දො උප්පජ්ජිත්ථ මෙසේ වර්තමානය සමග අතීත අභිධාන වශයෙන් වර්තමානයෙන් අතීතය දතයුතුය. එය තුන් මිශ්රකවල දැනගත හැකි බැවින් සතරවනුව කියන ලදි. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති, තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති වර්තමානය සමග අනාගත අභිධාන වශයෙන් වර්තමානයෙන් අනාගතය දතයුතුය. එය ප්රත්යක්ෂ වශයෙන් ගතයුත්තක් ඇති බැවින් අර්ථ වශයෙන් හොඳින් දතහැකි යයි පස්වනුව කියන ලදි. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති මෙසේ වර්තමානය සමග අනාගත අභිධාන වශයෙන් අතීතයෙන් අනාගතය දතයුතුය. එය මුලින් දැනගැනීමට අපහසු යයි සවැනිව කියන ලදි.
මෙසේ මේ කාලභේද සයෙහි යමක් මේ පළමු වර්තමානය, එහි පුග්ගලතො ඔකාසතො පුග්ගලො කාසතො යයි වාර තුනක් වේ. ඒවායින් යස්ස මෙසේ පුද්ගල වශයෙන් ස්කන්ධයන්ගේ උත්පත්තිය දක්වන්නේ පුද්ගල වාර වේ. යත්ථ මෙසේ ඕකාශ වශයෙන් ස්කන්ධයන්ගේ උත්පත්ති දක්වන්නේ ඕකාසවාර වේ. යස්ස යත්ථ මෙසේ පුද්ගල ඕකාශ වශයෙන් ස්කන්ධයන්ගේ උත්පත්ති දක්වන්නේ පුද්ගල ඕකාස වාර වේ. මේ වාර තුනම පළමුව අනුලෝම නයින් නිද්දේස කොට පසුව පටිලෝම නයෙන් නිර්දිෂ්ඨය. ඒවායින් “උප්පජ්ජති’, ‘උප්පජ්ජිත්ථ’, ‘උප්පජ්ජස්සති’ මෙසේ වචනයෙන් උත්පත්ති දක්වන්නේ අනුලෝම නය වේ. ‘නූප්පජ්ජති’, ‘නූප්පජ්ජිත්ථ’, ‘නූප්පජ්ජිස්සති’ මෙසේ වචනයෙන් අනුත්පත්ති දක්වන්නේ පටිලෝම නය වේ.
එහි වර්තමාන කාලයෙහි පළමුව පුද්ගල වාරයේ අනුලෝම නයෙහි යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති, තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජති යස්ස වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජති, තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති, තස්ස සඤ්ඤාක්ඛන්ධො, සංඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ඡො උප්පජ්ජති, යස්ස වා පන විඤ්ඤාණක්ඛන්ඡො උප්පජ්ජති, තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති. මෙසේ රූපස්කන්ධ මූලක, යමක සතර වේ. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජති, තස්ස සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජති යනාදි නයෙන් වෙදනාක්ඛන්ධ මූලක තුන, සඤ්ඤාක්ඛන්ධ මූලක දෙක, සංඛාරක්ඛන්ධ මූලක එක යයි අගහිත ගහණයෙන් (නොගන්නා ලද්ද ගැනීමෙන්) යමක දහයක් වේ.
එහි රූපස්කන්ධ මූලක සතරෙහි මුලින් එකක්ම විසඳන ලදි. සෙස්ස ඊට සමාන විසඳීම් යයි පෙළෙහි ලඝුභාවය සඳහා සංක්ෂිප්ත කරන ලදි. වෙදනාක්ඛන්ධාදි මූලකවල ද ආමන්තා යයි එකසමාන විසඳීම වේ. එහෙයින් ඒවා ද පෙළෙහි ලඝුභාවය සඳහා සංක්ෂේප කරන ලද්දේමය. මෙසේ මේවා වර්තමාන කාලයේ පුද්ගලවාරයේ අනුලෝම නයෙහි එක් යමක විසඳීමකින්ම යමක දහයක් විසඳන ලද්දේ වේයයි දතයුතුය. පුද්ගල වාරයෙහි දහය මෙන් ඕකාස වාරයෙහි දහයක් ද පුග්ගලොකාස වාරයෙහි දහයක්දැයි වර්තමාන කාලයේ තුන්වාරයේ අනුලෝම නයෙහි යමක තිහක් වේ. අනුලෝමයෙහි මෙන් පටිලෝම නයෙහි ද සියල්ල වර්තමාන කාලයේ යමක හැටක් වේ. ඒවායේ පුච්ඡා එක්සිය විස්සක් වේ. අර්ථ දෙසිය සතලිසක් වේ යයි දතයුතු. මෙසේ සෙසු පස්කාල භේදයෙහි ද පුද්ගලාදි භේදයෙන් අනුලෝම පටිලෝම නය වශයෙන් සය සය වාර, එක එක වාරයෙහි දහය දහය කොට හැට හැට යමක යයි යමක තුන්සියයක්. ඒවා පෙර ඒවා සමග යමක තුන්සිය හැටක් වේ. පුච්ඡා හත්සිය විස්සක් වේ. අර්ථ එක්දහස් හාරසිය හතලිහක් වේ. මෙය උප්පාද වාරයෙහි පෙළෙහි නියමයයි. උප්පාද වාරයෙහි නිරෝධ වාරයෙහිද උප්පාද නිරෝධ වාරයෙහිදැයි සියළුම පවත්ති මහා වාරයෙහි යමක එක්දහස් අසූවක් වේ. පුච්ඡා දෙදහස් එකසිය හැටක් වේ. අර්ථ හාරදහස් තුන්සිය විස්සක් වේ යයි දතයුතුය.