පවත්තිවාරවණ්ණනා
මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ නයමුඛය වේ. සචක්ඛුකානං න ඉත්ථීනං බ්රහ්ම පාරිසජ්ජාදීන් මෙන්ම රූපීන් ද නපුංසක පුරුෂයන් ද වශයෙන් කියන ලදි. ඔවුන්ට ද ඉත්ථීන්ද්රිය නූපදී. සචක්ඛුකානං න පුරිසානං රූපී බ්රහ්මයන්ට ද ස්ත්රී නපුංසකයන්ට ද වශයෙන් කියන ලදි. ඔවුන්ට පුරිසින්ද්රිය නූපදී. අචක්ඛුකානං උප්පජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජති ඒකවෝකාර, චතුවෝකාර, කාමධාතු සත්ත්වයන් සඳහා කියන ලදි. සචක්ඛුකානං විනා සොමනස්සෙන උපේක්ෂා සහගත සතර විපාක ප්රතිසන්ධි වශයෙන් කියන ලදි. සචක්ඛුකානං විනා උපෙක්ඛාය සෝමනස්ස සහගත ප්රතිසන්ධිකයන්ගේ වශයෙන් කියන ලදි. උපෙක්ඛාය අචක්ඛුකානං අහේතුක ප්රතිසන්ධි වශයෙන් කියන ලදි. අහෙතුකානං අහේතුක ප්රතිසන්ධි සිත සමග සද්ධින්ද්රියන්ගේ අභාවයන් කියන ලදි. එහි ඒකාන්තයෙන් ම සද්ධා, සති, පඤ්ඤා ආදිය නැත. සමාධි විරිය වනාහි ඉන්ද්රිය බවට නොපැමිණේ. සහෙතුකානං අචක්ඛුකානං ගබ්භසෙය්යක වශයෙන් ද අරූපී වශයෙන් ද කියන ලදි. වෙන සහේතුක අචක්ඛුක නම් නැත. සචක්ඛුකානං අහෙතුකානං අපායෙහි ඕපපාතික වශයෙන් කියන ලදි. සචක්ඛුකානං ඤාණ විප්පයුත්තානං කාම ධාතුවෙහි දුහේතුක ප්රතිසන්ධිකයන්ගේ වශයෙන් කියන ලදි. සචක්ඛුකානං ඤාණ සම්පයුත්තානං රූපී බ්රහ්මයෝ ද කාමාවචර දෙවි මිනිසුන් ද සඳහා කියන ලදි. ඤාණ සම්පයුත්තානං අචක්ඛුකානං අරූපීන් ද ත්රිහේතුක ගබ්භසෙය්යකයන් ද සඳහා කියන ලදි.
ජීවිතින්ද්රිය මූලකයෙහි විනා සොමනස්සෙන උපපජ්ජන්තානං ජීවිතින්ද්රිය දෙක සඳහා කියන ලදි. පවත්තෙ සොමනස්ස විප්පයුත්තස්ස උප්පාදක්ඛණෙ අරූපී ජීවිතින්ද්රිය සඳහා කියන ලදි. මෙම නයින් සියළු තැන ප්රතිසන්ධි පැවැත්ම වශයෙන් ජීවිතින්ද්රිය යෙදීම් දතයුතුය. සෝමනස්ස ඉන්ද්රිය මූලකවල ද ප්රතිසන්ධි පැවැත්ම වශයෙන් අර්ථය ගතයුතුය. පටිලෝම නයෙහි වනාහි නිරෝධ වාරයෙහි ද මේවායෙහි ද අන්ය ඒවායේ ද ධර්මයන්ගේ යථාලාභ (ලැබීම්) වශයෙන් චුති පටිසන්ධි පැවැත්මෙහි අනුත්පාද නිරෝධ තුන ද දතයුතුය.
අනාගත වාරයෙහි එතෙනෙව භාවෙන මේ පුරුෂ භාවයෙන්ම අතර ඉත්ථිභාවයට නොපැමිණ පුරිස පටිසන්ධි ගැනීමෙන් යයි අර්ථ වේ. කති චි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සති ප්රතිසන්ධි කීයක් ගෙන ස්ත්රී භාවයට නොපැමිණම පිරිනිවන්පාන්නේ ද යන අර්ථයයි. දෙවන පුච්ඡාවෙහි ද මෙම නයම වේ.
වර්තමානයේ අතීත වාරයේ නොවේ. සුද්ධාවාසානං උපපත්ති චිත්තස්ස භංගක්ඛණෙ මනින්ද්රියඤ්ච නූප්පජ්ජිත්ථ චිත්ත යමකයෙහි මෙන් උත්පාද ක්ෂණ ඉක්මවීම් වශයෙන් අර්ථය නොගෙන ඒ භවයෙහි නූපන් පෙර වශයෙන් ගතයුතුය. මෙම නය මුඛයෙන් සියළු පැවැත්ම වාරයෙහි අර්ථ විනිශ්චය දතයුතුය.
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤා වාරයෙහි වනාහි චක්ඛු මූලාදියෙහි එකම චක්ඛුසොත යමකය දක්වන ලදි. යම්හෙයකින් වනාහි බැලිය හැකි අබ්යාකතා ද ලෞකික අබ්යාකත මිශ්රවද වැඩීමෙන්ම වේ. එහෙයින් ඒවා නො දක්වන ලද්දේ ද මෙයම දක්වන ලදි. යම්හෙයකින් වනාහි අකුසලය ඒකාන්තයෙන් ප්රහාණය කළයුතුමය. කුසලය ඒකාන්තයෙන් වැඩිය යුතුය. ලෝකෝත්තර අබ්යාකතය සාක්ෂාත් කළයුතුය. එහෙයින් දොමනස්සින්ද්රියං පජහති දොම්නස් ඉන්ද්රිය දුරුකරයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩිය යුතුයයි ද අඤ්ඤතාවින්ද්රිය සාක්ෂාත් කළයුතු යයි ද කියන ලදි. අඤ්ඤින්ද්රිය වනාහි වැඩිය යුත්තක් ද ඇත. සාක්ෂාත් කළයුත්තක් ද ඇත. එය භාවනා වශයෙන් ම ගන්නා ලදි. එහි දෙව පුග්ගලා යයි සකදාගාමි මාර්ගයුත්තාද අරහත් මාර්ග යුත්තාද ඔවුනතුරෙන් එක්කෙනෙක් සමුච්ඡේද කිරීමට අසමර්ථ බැවින් දොම්නස් ඉන්ද්රිය දුරු නොකෙරේ නම් වේ. එක්කෙනෙක් දෝස ප්රහීන බැවින් චක්ඛුන්ද්රියං න පරිජානාති යයි අනුප්පාදයට පැමිණීමට අසමත් බැවින් නොදනී. මෙම නයින් සියළු විසඳුම්වල අර්ථය දතයුතුය.
ඉන්ද්රිය යමක වර්ණනා නිමි.
නිගමන කථා
මෙපමණකින් -
ඔවායෙහි පිහිටා - නිමි කිස කිසයුත් තමා
යුවතිය ද පෙරදා - කෙළේ නියම අණ සොඳින්
යුවතිය ද පෙරදා - කෙළේ නියම අණ සොඳින්
දෙව්පුරයෙහි සියළු - දෙව්පිරිස මැද වැඩහිඳ
දෙසී යමකය නම් - ගුණ’ගමිණි මුනිරජ ‘තුම්
දෙසී යමකය නම් - ගුණ’ගමිණි මුනිරජ ‘තුම්
පෙළ නියම විදියද - පුළුවුත් විසඳුම් නයද
දක්වනු ඇරඹි මා - යමකයෙ අටුවා කතා
දක්වනු ඇරඹි මා - යමකයෙ අටුවා කතා
ලොවැ බහුල අනතුරු - නැතිවම කිසි අනතුරු
අද එය වන පහක - පමණ බණවර පෙළෙහි
අද එය වන පහක - පමණ බණවර පෙළෙහි
නිමවී එය මෙසේ - පැමිණෙනු හැම නිමාවට
හිතසුව නිවුම වෙත - හැමසත් පැතුම් විලසේ
හිතසුව නිවුම වෙත - හැමසත් පැතුම් විලසේ
යමකප්පකරණ අටුවාව නිමි.