පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤා වාරයෙහි වනාහි චක්ඛු මූලාදියෙහි එකම චක්ඛුසොත යමකය දක්වන ලදි. යම්හෙයකින් වනාහි බැලිය හැකි අබ්‍යාකතා ද ලෞකික අබ්‍යාකත මිශ්‍රවද වැඩීමෙන්ම වේ. එහෙයින් ඒවා නො දක්වන ලද්දේ ද මෙයම දක්වන ලදි. යම්හෙයකින් වනාහි අකුසලය ඒකාන්තයෙන් ප්‍රහාණය කළයුතුමය. කුසලය ඒකාන්තයෙන් වැඩිය යුතුය. ලෝකෝත්තර අබ්‍යාකතය සාක්‍ෂාත් කළයුතුය. එහෙයින් දොමනස්සින්‍ද්‍රියං පජහති දොම්නස් ඉන්‍ද්‍රිය දුරුකරයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩිය යුතුයයි ද අඤ්ඤතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කළයුතු යයි ද කියන ලදි. අඤ්ඤින්‍ද්‍රිය වනාහි වැඩිය යුත්තක් ද ඇත. සාක්‍ෂාත් කළයුත්තක් ද ඇත. එය භාවනා වශයෙන් ම ගන්නා ලදි. එහි දෙව පුග්ගලා යයි සකදාගාමි මාර්ගයුත්තාද අරහත් මාර්ග යුත්තාද ඔවුනතුරෙන් එක්කෙනෙක් සමුච්ඡේද කිරීමට අසමර්ථ බැවින් දොම්නස් ඉන්‍ද්‍රිය දුරු නොකෙරේ නම් වේ. එක්කෙනෙක් දෝස ප්‍රහීන බැවින් චක්ඛුන්‍ද්‍රියං න පරිජානාති යයි අනුප්පාදයට පැමිණීමට අසමත් බැවින් නොදනී. මෙම නයින් සියළු විසඳුම්වල අර්ථය දතයුතුය.
ඉන්‍ද්‍රිය යමක වර්ණනා නිමි.
නිගමන කථා
මෙපමණකින් -
ඔවායෙහි පිහිටා - නිමි කිස කිසයුත් තමා
යුවතිය ද පෙරදා - කෙළේ නියම අණ සොඳින්
දෙව්පුරයෙහි සියළු - දෙව්පිරිස මැද වැඩහිඳ
දෙසී යමකය නම් - ගුණ’ගමිණි මුනිරජ ‘තුම්
පෙළ නියම විදියද - පුළුවුත් විසඳුම් නයද
දක්වනු ඇරඹි මා - යමකයෙ අටුවා කතා
ලොවැ බහුල අනතුරු - නැතිවම කිසි අනතුරු
අද එය වන පහක - පමණ බණවර පෙළෙහි
නිමවී එය මෙසේ - පැමිණෙනු හැම නිමාවට
හිතසුව නිවුම වෙත - හැමසත් පැතුම් විලසේ
යමකප්පකරණ අටුවාව නිමි.