10. ඉන්‍ද්‍රිය යමක වර්ණනාව
දැන් මූල යමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මවල ලැබීම් වශයෙන් එක් දේශයක් සංග්‍රහකොට ධම්ම යමකට අනතුරුව දේශනා කළ ඉන්‍ද්‍රිය යමකයේ වර්ණනාව වේ. එහි ඛන්‍ධ යමකාදියෙහි කියන ලද නයින්ම පෙළ නියමය දතයුතුය. මෙහි ද පණ්ණත්තිවාර ආදි මහාවාර තුනකි. අවශේෂ අන්තරවාර ද කාලභේදාදිය සමග ඛන්‍ධ යමකාදියෙහි පැමිණි ලෙසට සමානය. ඉන්‍ද්‍රියන්ගේ බොහෝ බැවින් ධාතුයමකයට වඩා බොහෝ යමක වේ. යම්සේ යට පුග්ගල වාරාදියෙහි චක්ඛායතන චක්ඛුධාතු මූලක නයෙහි චක්ඛායතන චක්ඛුධාතු සමග ජිව්හායතන කායායතන නොයොදන ලදි. ජිව්හායතන කායායතන මූලක ද යමක යයි නො ගන්නා ලදි. එසේම මෙහි ද චක්ඛුන්‍ද්‍රිය මූලක නයෙහි ජිව්හින්‍ද්‍රිය කායින්‍ද්‍රිය මූලක යමක යයි නොගන්නා ලදි. ඒවා නොගන්නා කරුණ එහි කියන ලදයින්ම දතයුතුය. මනින්‍ද්‍රිය වනාහි චක්ඛුන්‍ද්‍රිය මූලකය මෙන් එසේම ඉත්‍ථින්‍ද්‍රිය මූලකය සමග යම්සේ යෙදීමට යයිද එහෙයින් තබන ලද පිළිවෙලින් නොයොදා සියළු චක්ඛුන්‍ද්‍රිය මූලක සමග අවසානයෙහි යොදන ලදැයි දතයුතුය. චක්ඛුඉන්‍ද්‍රිය සමග ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය යොදන ලදි. සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය දොම්නස් ඉන්‍ද්‍රිය ප්‍රතිසන්ධියක් නැතැයි නොගන්නා ලදි. සොම්නස් ඉන්‍ද්‍රිය උපෙක්ඛා ඉන්‍ද්‍රිය ප්‍රතිසන්ධිය උපත් ස්වභාවයෙන් ගන්නා ලදි. එසේම සද්ධා ඉන්‍ද්‍රියාදි පහද ලෝකෝත්තර තුන ප්‍රතිසන්ධියෙහි අභාවයෙන් ම නොගන්නා ලදි. මෙසේ යමක් ගන්නා ලදද මෙහි ඒවා අනුව චක්ඛුන්‍ද්‍රිය මූලක නයෙහි යමක ගණන දතයුතුය. යම්සේ මෙහි ද සියළු තැන එසේය. යමක් වනාහි නො ගන්නා ලදද ඒවායේ වශයෙන් යමක නොගත යුතුය. ගණන් ගන්නේ නම් මොඝ පුච්ඡා වශයෙන් ගණන් ගතයුතුය. මෙසේ සියළු වාරවල පෙළෙහි නියමය දතයුතුය.
පවත්තිවාරවණ්ණනා
මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ නයමුඛය වේ. සචක්ඛුකානං න ඉත්‍ථීනං බ්‍රහ්ම පාරිසජ්ජාදීන් මෙන්ම රූපීන් ද නපුංසක පුරුෂයන් ද වශයෙන් කියන ලදි. ඔවුන්ට ද ඉත්‍ථීන්‍ද්‍රිය නූපදී. සචක්ඛුකානං න පුරිසානං රූපී බ්‍රහ්මයන්ට ද ස්ත්‍රී නපුංසකයන්ට ද වශයෙන් කියන ලදි. ඔවුන්ට පුරිසින්‍ද්‍රිය නූපදී. අචක්ඛුකානං උප්පජ්ජන්තානං තෙසං ජීවිතින්‍ද්‍රියං උප්පජ්ජති ඒකවෝකාර, චතුවෝකාර, කාමධාතු සත්ත්වයන් සඳහා කියන ලදි. සචක්ඛුකානං විනා සොමනස්සෙන උපේක්‍ෂා සහගත සතර විපාක ප්‍රතිසන්ධි වශයෙන් කියන ලදි. සචක්ඛුකානං විනා උපෙක්ඛාය සෝමනස්ස සහගත ප්‍රතිසන්ධිකයන්ගේ වශයෙන් කියන ලදි. උපෙක්ඛාය අචක්ඛුකානං අහේතුක ප්‍රතිසන්ධි වශයෙන් කියන ලදි. අහෙතුකානං අහේතුක ප්‍රතිසන්ධි සිත සමග සද්ධින්‍ද්‍රියන්ගේ අභාවයන් කියන ලදි. එහි ඒකාන්තයෙන් ම සද්ධා, සති, පඤ්ඤා ආදිය නැත. සමාධි විරිය වනාහි ඉන්‍ද්‍රිය බවට නොපැමිණේ. සහෙතුකානං අචක්ඛුකානං ගබ්භසෙය්‍යක වශයෙන් ද අරූපී වශයෙන් ද කියන ලදි. වෙන සහේතුක අචක්ඛුක නම් නැත. සචක්ඛුකානං අහෙතුකානං අපායෙහි ඕපපාතික වශයෙන් කියන ලදි. සචක්ඛුකානං ඤාණ විප්පයුත්තානං කාම ධාතුවෙහි දුහේතුක ප්‍රතිසන්ධිකයන්ගේ වශයෙන් කියන ලදි. සචක්ඛුකානං ඤාණ සම්පයුත්තානං රූපී බ්‍රහ්මයෝ ද කාමාවචර දෙවි මිනිසුන් ද සඳහා කියන ලදි. ඤාණ සම්පයුත්තානං අචක්ඛුකානං අරූපීන් ද ත්‍රිහේතුක ගබ්භසෙය්‍යකයන් ද සඳහා කියන ලදි.
ජීවිතින්‍ද්‍රිය මූලකයෙහි විනා සොමනස්සෙන උපපජ්ජන්තානං ජීවිතින්‍ද්‍රිය දෙක සඳහා කියන ලදි. පවත්තෙ සොමනස්ස විප්පයුත්තස්ස උප්පාදක්ඛණෙ අරූපී ජීවිතින්‍ද්‍රිය සඳහා කියන ලදි. මෙම නයින් සියළු තැන ප්‍රතිසන්ධි පැවැත්ම වශයෙන් ජීවිතින්‍ද්‍රිය යෙදීම් දතයුතුය. සෝමනස්ස ඉන්‍ද්‍රිය මූලකවල ද ප්‍රතිසන්ධි පැවැත්ම වශයෙන් අර්ථය ගතයුතුය. පටිලෝම නයෙහි වනාහි නිරෝධ වාරයෙහි ද මේවායෙහි ද අන්‍ය ඒවායේ ද ධර්මයන්ගේ යථාලාභ (ලැබීම්) වශයෙන් චුති පටිසන්ධි පැවැත්මෙහි අනුත්පාද නිරෝධ තුන ද දතයුතුය.
අනාගත වාරයෙහි එතෙනෙව භාවෙන මේ පුරුෂ භාවයෙන්ම අතර ඉත්‍ථිභාවයට නොපැමිණ පුරිස පටිසන්ධි ගැනීමෙන් යයි අර්ථ වේ. කති චි භවෙ දස්සෙත්‍වා පරිනිබ්බායිස්සති ප්‍රතිසන්ධි කීයක් ගෙන ස්ත්‍රී භාවයට නොපැමිණම පිරිනිවන්පාන්නේ ද යන අර්ථයයි. දෙවන පුච්ඡාවෙහි ද මෙම නයම වේ.