අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්මභජනියෙහි සියලු සම්මප්පධාන ධම්ම සංගණියෙහි බෙදන ලද නයේ මාතෘකා පමණක් දැක්වීමෙන් විස්තර කරන ලදි. එහි නය භේදය දැනගත යුතුය. කෙසේද? පළමු ප්‍රථම සම්මප්පධානයෙහි සෝවාන් මාර්ගයේ ධ්‍යානාභිනිවේශයෙහි සුද්ධික පටිපදා, සුද්ධික සුඤ්ඤතා සුඤ්ඤත පටිපදා අප්පණිහිතා අප්පණිහිත පටිපදා යන මේ ස්ථාන පහේ දෙක දෙක සතර සහ පස්වැනි නය වශයෙන් නය දහයක් වේ. මෙසේ සෙසු ඒවායෙහිද විසි අභිනිවේශ නය දෙකක් යයි සියයික. ඒවා සතර අධිපතීන්ගේ සතර ගුණයෙන් අටකි. මෙසේ සුද්ධික වශයෙන් දෙකකි. අධිපති සමග අට යයි සියල්ල නය දහසක් වේ. දෙවන සම්මප්පධානවල සුද්ධික සම්මප්පධානයදැයි සෝවාන් මගෙහි නය පන්දහසක් වේ. සෝවාන් මගෙහි මෙන් සෙසු මාර්ගවල කුසල වශයෙන්ම නය විසිදහසක් වේ. නය දෙක අනුව හතලිහක අභිනිවේශ දෙකේ දහයකි. එවිට පනහකි. එය නය දෙකින් සියයකි. එය එදා අධිපති අට ගැන සුද්ධික දෙකෙන් දහකි. එවිට දාහකි. පක්‍ෂික නයෙන් සෝවාන් මගෙහි පන්දහසකි. සෙසු මාර්ගද ආව නය විපාකයෙහි (ඵලයෙහි) සම්මප්පධානවලින් කළයුතු දෙයක් නැත. ඒ නිසා විපාක වාර ගණන් නොගන්නා ලදි.
අභිධම්ම භාජනියයි.
ප්‍රශ්න විචාරක වර්ණනාව
මෙහි සම්මප්පධාන නිපන් ලෝකෝත්තරවලින්ම කියන ලදැයි දතයුතුය. පඤ්හ පුච්ඡකයෙහි පෙල අනුසාරයෙන් සම්මප්පධානවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණත්‍රිකයෙහි මේ සියල්ල අප්‍රමාණ වූ නිවන අරබයා පවතින බැවින් අප්පමාණ ආරම්මණමය. මග්ගාරම්මණ නොවේ. සහජාත හේතු වශයෙන් මාර්ග හේතු වේ. වීමංසය ප්‍රධානකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ග අධිපති වේ. ඡන්‍ද චිත්ත ප්‍රධානත්වය මාර්ග භාවනාවේ නොකිවයුතු අධිපති වේ. විරිය ප්‍රධානය අනිත් වීර්යයන් නැති නිසා නොකිවයුතු මාර්ග අධිපති හෝ මාර්ග අධිපති නොවන හෝ අතීතාදියෙහි එක් අරමුණක ඇති බව නොකිව යුතුය. නිවනේ වනාහි බාහිර ධර්මතා බාහිර අරමුණු වේ. මෙසේ මෙහි ප්‍රශ්න විමසීමෙන් නිපන් ලෝකෝත්තරම සම්මප්පධානයයි කියන ලදි. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සූත්‍රාන්ත භාජනියෙහිම ලෞකික ලෝකෝත්තර මිශ්‍රව දේශනා කරන ලදි. අභිධර්ම භාජනිය ප්‍රශ්න විමසීමෙහි ලෝකෝත්තර පමණක් දේශනා කරන ලදි. මෙසේ මේ සම්මප්පධාන විභංගයද තිපරි වෘත්තයව ගෙනහැර බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ අටවන සම්මප්පධාන විභංග නිද්දේසයයි.
9. ඉද්ධිපාද විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඊට අනතුරුව දැන් ඉද්ධිපාද විභංගයෙහි චත්තාරො යනු ගණන සීමා කිරීමය. ඉද්ධිපාදා යනු මෙහි සමෘද්ධ වේ. සිදුවේ. ඉද්ධි වේ. සිදුවේ. නිපදවේ යයි යන අර්ථය වේ. සිදුවන්නේ මෙයින් සත්ත්වයෝ ඉද්ධාවෘද්ධි වේ. උසස්බවට ගියේ වෙයි යනුද ඉද්ධි වේ. පළමු අර්ථයෙන්ම ඉද්ධියම ඉද්ධිපාද වේ. ඉද්ධි කොටස් යන අර්ථයි. දෙවන අර්ථයෙන් ඉද්ධියේ පාද යයි ඉද්ධිපාද වේ. පාදො යනු ප්‍රතිෂ්ඨාවය. අධිගමයට උපාය යන අර්ථයයි. එසේ හෙයින් යමකින් මතුමත්තෙහි විශේෂ සංඛ්‍යාත වූ ඉද්ධි පැමිණේ. එහෙයින් පාද යයි කියනු ලැබේ. මෙසේ ඉද්ධිපාද සතරකැයි දතයුතුය.
දැන් ඒවා බෙදා දැක්වීමට ඉධ භික්ඛූ යනාදිය ආරම්භ කරන ලදි. එහි ඉධ භික්ඛූ යනු මේ ශාසනයෙහි භික්‍ෂූන් වහන්සේය. ඡන්‍ද සමාධිපධාන සංඛාර සමන්නාගතං යන මෙහි ඡන්දය හේතු වූ හෝ ඡන්දය අධික වූ සමාජය ඡන්‍ද සමාධි වේ. කරනු කැමති කැමැත්ත මුල්කොට ලබන ලද සමාධියට මෙය සම්‍යක් වචනයකි. ප්‍රධාන වූ සංඛාර ප්‍රධාන සංඛාර වේ. සිව්කිස සාදන සම්මප්පධාන වීර්යය මෙය සමාන වචනයකි. සමන්නාගතං ඡන්‍ද සමාධියෙන්ද ප්‍රධාන සංඛාරවලින්ද යුක්ත වූ ඉද්ධිපාදං යනු සමෘද්ධ වීමයි. මෙයින් සිදුවේය යන අර්ථයෙන් සත්ත්වයෝ සම්පූර්ණ වෙති. උසස් බවට පැමිණෙති. මේ ආකාරයෙන් ඉද්ධි යන සංඛ්‍යාවට ඇතුළත් උපචාර ධ්‍යාන කුසල් සිත් යුක්ත වූ ඡන්‍ද සමාධි පධාන සංඛාරවල අධිෂ්ඨාන අර්ථයෙන් පාදවූ සෙසු සිත් රාශිය යන අර්ථයයි. යමකින් පසු ඉද්ධිපාද වූයේ නම් එබඳුවූ වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ස්කන්ධ යයි කියන ලදි. එය මේ අර්ථයෙන් යෙදේ. සෙස්ස මේ නයින් දතයුතුය. යම්සේ ඡන්‍දය අධිපතිකොට ලැබූ සමාධිය ඡන්‍ද සමාධියි කියන ලදි. එසේම විරිය චිත්ත වීමංස අධිපතිකොට ලබන සමාධිය විරිය චිත්ත වීමංස යයි කියනු ලැබේ.