ප්‍රශ්න විචාරක වර්ණනාව
මෙහි සම්මප්පධාන නිපන් ලෝකෝත්තරවලින්ම කියන ලදැයි දතයුතුය. පඤ්හ පුච්ඡකයෙහි පෙල අනුසාරයෙන් සම්මප්පධානවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණත්‍රිකයෙහි මේ සියල්ල අප්‍රමාණ වූ නිවන අරබයා පවතින බැවින් අප්පමාණ ආරම්මණමය. මග්ගාරම්මණ නොවේ. සහජාත හේතු වශයෙන් මාර්ග හේතු වේ. වීමංසය ප්‍රධානකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ග අධිපති වේ. ඡන්‍ද චිත්ත ප්‍රධානත්වය මාර්ග භාවනාවේ නොකිවයුතු අධිපති වේ. විරිය ප්‍රධානය අනිත් වීර්යයන් නැති නිසා නොකිවයුතු මාර්ග අධිපති හෝ මාර්ග අධිපති නොවන හෝ අතීතාදියෙහි එක් අරමුණක ඇති බව නොකිව යුතුය. නිවනේ වනාහි බාහිර ධර්මතා බාහිර අරමුණු වේ. මෙසේ මෙහි ප්‍රශ්න විමසීමෙන් නිපන් ලෝකෝත්තරම සම්මප්පධානයයි කියන ලදි. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සූත්‍රාන්ත භාජනියෙහිම ලෞකික ලෝකෝත්තර මිශ්‍රව දේශනා කරන ලදි. අභිධර්ම භාජනිය ප්‍රශ්න විමසීමෙහි ලෝකෝත්තර පමණක් දේශනා කරන ලදි. මෙසේ මේ සම්මප්පධාන විභංගයද තිපරි වෘත්තයව ගෙනහැර බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ අටවන සම්මප්පධාන විභංග නිද්දේසයයි.
9. ඉද්ධිපාද විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඊට අනතුරුව දැන් ඉද්ධිපාද විභංගයෙහි චත්තාරො යනු ගණන සීමා කිරීමය. ඉද්ධිපාදා යනු මෙහි සමෘද්ධ වේ. සිදුවේ. ඉද්ධි වේ. සිදුවේ. නිපදවේ යයි යන අර්ථය වේ. සිදුවන්නේ මෙයින් සත්ත්වයෝ ඉද්ධාවෘද්ධි වේ. උසස්බවට ගියේ වෙයි යනුද ඉද්ධි වේ. පළමු අර්ථයෙන්ම ඉද්ධියම ඉද්ධිපාද වේ. ඉද්ධි කොටස් යන අර්ථයි. දෙවන අර්ථයෙන් ඉද්ධියේ පාද යයි ඉද්ධිපාද වේ. පාදො යනු ප්‍රතිෂ්ඨාවය. අධිගමයට උපාය යන අර්ථයයි. එසේ හෙයින් යමකින් මතුමත්තෙහි විශේෂ සංඛ්‍යාත වූ ඉද්ධි පැමිණේ. එහෙයින් පාද යයි කියනු ලැබේ. මෙසේ ඉද්ධිපාද සතරකැයි දතයුතුය.
දැන් ඒවා බෙදා දැක්වීමට ඉධ භික්ඛූ යනාදිය ආරම්භ කරන ලදි. එහි ඉධ භික්ඛූ යනු මේ ශාසනයෙහි භික්‍ෂූන් වහන්සේය. ඡන්‍ද සමාධිපධාන සංඛාර සමන්නාගතං යන මෙහි ඡන්දය හේතු වූ හෝ ඡන්දය අධික වූ සමාජය ඡන්‍ද සමාධි වේ. කරනු කැමති කැමැත්ත මුල්කොට ලබන ලද සමාධියට මෙය සම්‍යක් වචනයකි. ප්‍රධාන වූ සංඛාර ප්‍රධාන සංඛාර වේ. සිව්කිස සාදන සම්මප්පධාන වීර්යය මෙය සමාන වචනයකි. සමන්නාගතං ඡන්‍ද සමාධියෙන්ද ප්‍රධාන සංඛාරවලින්ද යුක්ත වූ ඉද්ධිපාදං යනු සමෘද්ධ වීමයි. මෙයින් සිදුවේය යන අර්ථයෙන් සත්ත්වයෝ සම්පූර්ණ වෙති. උසස් බවට පැමිණෙති. මේ ආකාරයෙන් ඉද්ධි යන සංඛ්‍යාවට ඇතුළත් උපචාර ධ්‍යාන කුසල් සිත් යුක්ත වූ ඡන්‍ද සමාධි පධාන සංඛාරවල අධිෂ්ඨාන අර්ථයෙන් පාදවූ සෙසු සිත් රාශිය යන අර්ථයයි. යමකින් පසු ඉද්ධිපාද වූයේ නම් එබඳුවූ වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ස්කන්ධ යයි කියන ලදි. එය මේ අර්ථයෙන් යෙදේ. සෙස්ස මේ නයින් දතයුතුය. යම්සේ ඡන්‍දය අධිපතිකොට ලැබූ සමාධිය ඡන්‍ද සමාධියි කියන ලදි. එසේම විරිය චිත්ත වීමංස අධිපතිකොට ලබන සමාධිය විරිය චිත්ත වීමංස යයි කියනු ලැබේ.
දැන් ඡන්‍ද සමාධි ආදි පද බෙදා දැක්වීමට කථඤ්ච භික්ඛු යනාදිය ආරම්භ කරන ලදි. එහි ඡන්‍දඤ්චෙ භික්ඛු අධිපතිං කරිත්‍වා යනු භික්‍ෂුව ඡන්‍දය අධිපති ඡන්‍ද ජ්‍යෙෂ්ඨ ඡන්‍දධුර ඡන්‍ද පෙරටු කොට සමාධි ලබයි. උපදවයි. මෙසේ ඉපදවීමෙන් මේ සමාධිය ඡන්‍ද සමාධියයි කියනු ලැබේ යන අර්ථයයි. විරියඤ්චෙති ආදියෙහිද මෙම නයයි. ඉමෙ වුච්චන්ති පධාන සංඛාර යන මෙපමණකින් ඡන්‍ද ඉද්ධිපාදය වඩන භික්‍ෂුවගේ ප්‍රධාන අභිසංස්කාර සංඛ්‍යාත සිව්කිස සිදුකරන වීර්ය කියන ලදි. තදෙකජ්ඣං අභිසඤ්ඤූ හිත්‍වා යනු ඒ සියල්ලම එක්රැස් කොට යන අර්ථයි. සංඛං ගච්ඡති එක ව්‍යවහාරයකට යයි කියා දැනගත යුතුය යන අර්ථයි.
දැන් ඡන්‍ද සමාධි ප්‍රධාන සංඛාර යන මේ පද සමූහයෙහි ඡන්‍දාදි ධර්ම බෙදා දැක්වීමට තත්‍ථ කතමො ඡන්‍දො යනාදිය ආරම්භ කරන ලදි. එය නොගැඹුරු අර්ථයම වේ.
උපෙතො හොතී ඉද්ධිපාද සංඛ්‍යාත ධර්ම රාශිය යුක්ත වේ. තෙසං ධම්මානං ඒවායේ යුක්ත වූ ඡන්‍දාදි ධර්මයන්ගේ. ඉද්ධි සමිද්ධීති ආදිය සියළු සමෘද්ධවීම් ස්ථාන වචන වේ. මෙසේ පවතින සමෘද්ධවීම් අර්ථයෙන් ඉද්ධි වේ. සම්පූර්ණ වූ ඉද්ධිය සමිද්ධි වේ. උපසර්ගයෙන් පදාර්ථය වැඩිදියුණු කෙරේ. සිදුවන ආකාරය ඉජ්ඣනා ය. සමිජ්ඣනා උපසර්ගයෙන් පදය වඩන ලදි. තමාගේ සන්තානයෙහි පහළවීම් වශයෙන් ලැබීම ලාභො වේ. පිරිහුනද වීර්ය ආරම්භ කිරීම් වශයෙන් නැවත ලැබීම පටිලාභො වේ. උපසර්ගයෙන් පදය වඩන ලදි. පත්තී අධිගමයයි. අපරිහානි වශයෙන් මනාව පැමිණීම සම්පත්ති වේ. ඵුසනා ප්‍රතිලාභ ස්පර්ශ කිරීම. සච්ඡිකිරියා ප්‍රතිලාභ සාක්‍ෂාත් කිරීම. උපසම්පදා නැවත ලැබීම් පැමිණීම යයි දතයුතුය.
තථාභූතස්ස ඒ ආකාරයෙන් වූ. ඒ ඡන්‍දාදි ධර්ම නැවත ලැබ සිටින්නේය යන අර්ථය වේ. වෙදනක්ඛන්‍ධො යන ආදියෙන් ඡන්‍දාදිය ඇතුළත්කොට ස්කන්ධ සතරම කියන ලදි. තෙ ධම්මෙ යනු ඒ සතර අරූප ස්කන්ධයෙහි ඡන්‍දාදි තුන් ධර්ම යයි ද කියන ලදි. ආසෙවති යනු කියන ලද අර්ථම වේ. සෙසු ඉද්ධිපාද නිර්දේශවලද මෙනයින්ම අර්ථ දැනගත යුතුය.
මෙපමණකින් කුමක් කියන ලදද? භික්‍ෂූන් සතර දෙනාගේ කමටහන් මුදුන්පත්වීම කියන ලදි. එක් භික්‍ෂුවක් ඡන්‍දය පිහිටකොට ගනී. කරනු කැමති කුසල ධර්ම ඡන්‍දයෙන් අර්ථ නිපදවීම ඇතිකල්හි මම ලෝකෝත්තර දහම් උපදවමි. මම මෙය ඉපදවීමේ බරක් නැතැයි ඡන්‍දය දෙමු. බර පෙරටුකොට සිත පිහිටකොට ගනියි. එක්කෙනෙක් ප්‍රඥාව පිහිට කොට ගනී. ප්‍රඥාවෙන් අර්ථය නිපදවා ගත් කල්හි මම ලෝකෝත්තර දහම් උපදවමි. එය ඉපදවීමේ බරක් මට නැතැයි ප්‍රඥාව දෙටුකොට ධූරකොට පෙරටුකොට ලෝකේත්තර දහම් නිපදවයි.