8. සම්මප්පධාන විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඊට අනතුරු දැන් සම්මප්පධාන විභංගයේ චත්තාරො යනු ගණන දැක්වීමය. එනිසා උඩ හෝ යට නොවන සම්මප්පධාන සීමා පෙන්වීමයි. සම්මප්පධාන යන කරුණු වශයෙන් ප්‍රධාන, උපාය වශයෙන් ප්‍රධාන, නුවණ වශයෙන් ප්‍රධාන බව දැක්වීමය. ඉධ භික්ඛු ශාසනයෙහි පිළිපන් භික්‍ෂුව. අනුප්පන්නානං නොඉපදුනා වූ පාපකානං ලාමක වූ අකුසලානං ධම්මානං අදක්‍ෂ බවින් යුත් දහම්. අනුප්පාදනය - නොඉපදීම සඳහා. ඡන්දං ජනෙති කරනු කැමති බව සංඛ්‍යාත කුසල කැමැත්ත උපදවයි. වායන්ති, ප්‍රයෝගය උත්සාහකරයි. චිත්තං පග්ගණ්හාති. ඒ සමග උපදින වීර්යයෙන් සිත ඔසවා තබයි. පදහති ප්‍රධන්වීර්ය කරයි. පිළිවෙලින් ඒ පද සතරම ඇසුරුකිරීම, වැඩීම, බහුලව යෙදීම, නිතර යෙදීම යනුවෙන් යෙදිය යුතුයි.
උප්පන්නං පාපකානං නූපන්නේ යයි නොකිවයුතු පැමිණ පාප ධර්මයන්ගේ පහාණය දුරුකිරීම සඳහා. අනුප්පන්නානං කුසලානං ධම්මානං නොඉපදුණු කුසල සංඛ්‍යාත ධර්ම. උප්පාදානය - ඉපදීම සඳහා. උප්පන්නං - ඉපදවවූ ඨිතියා සිටීම සඳහා. අසම්මොසාය නුමුළාවීම සඳහා. භීය්‍යොභාවාය නැවත නැවත වැඩීම සඳහා. වෙපුල්ලාය - මහත් බව සඳහා. භාවනාය - වැඩීම. පාරිපූරියා - පරිපූර්ණ වීම. සතර සම්‍යක් ප්‍රධානවල උද්දෙසවාර වශයෙන් මෙය ඒකපදික වශයෙන් අර්ථ දැක්වීමයි.
දැන් ඒ පද බෙදා දැක්වීමට කථඤ්ච භික්ඛූ අනුප්පන්නානං ආදි නයින් නිද්දේසවාරය ආරම්භ කළහ. එහි යට ධර්ම සංග්‍රහය ආවා වූ ලෙස එහි වර්ණනාව කියන ලද නයින් දතයුතුය. එහි නොපැමිණි. නිද්දේසයෙහි යො ඡන්‍දො යමක් කැමැත්ත වශයෙන්. ඡන්‍දය. ඡන්‍දිකතා රුචිය ඇති බව. කැමැත්ත ඇතිවන ආකාරය හෝ වේ. කත්තුකම්‍යතා කරනු කැමති බව. කුසලො - දක්‍ෂ. ධම්මඡන්‍දො ස්වභාව කැමැත්ත මේ කැමැත්ත නම් තණ්හා ඡන්‍දො දිට්ඨි ඡන්‍ද විරිය ඡන්‍ද ධම්ම ඡන්‍ද වශයෙන් විවිධය. නානාප්‍රකාරය. ඒවා අතරෙන් ධම්ම ඡන්‍දය යයි මෙතැන කුසල් කරනු කැමති බව අදහස් කරයි.
ඉමං ඡන්‍දං ජනෙති කැමැත්තෙන් කරන්නේය යන්නය. සඤ්ජනෙති උපසර්ගයෙන් පදාර්ථය වැඩිදියුණු කරයි. උට්ඨපෙති කැමැත්ත කරයි. සමුට්ඨපෙති - උපසර්ගයෙන් අර්ථය වඩයි. නිබ්බත්තෙති කැමැත්ත කරන්නේම ඉපිදවීම නම් වේ. අභිනිබ්බත්තෙති උපසර්ගයේ අර්ථය වඩයි. තවද කැමැත්ත කරන්නේම ඡන්‍දං ජනෙති වේ. එය නිතර කරන්නේ සංජනෙති නම් වේ. කිසියම් අනතුරකට පැමිණ එයින් ඔසවන්නේ උට්ඨපෙති වේ. නොසිඳී පැවැත්මට පමුණුවන්නේ සමුට්ඨපෙති වේ. එය ප්‍රකට කරන්නේ තිබ්බත්තෙති නමි. නොපසුබැසීමෙන් නොසැඟවීමෙන් ඉදිරියට පැමිණවීමෙන් උපදවන්නේ අභිනිබ්බත්තෙති නමි.
විරිය නිද්දේසයෙහි වීර්ය කරන්නේම විරියං ආරභති නම් වේ. ආසෙවති භාවෙති නැවත නැවත කරන්නේ. බහුලීකරොති මුලින්ම කරන්නේ. ආරහති, නැවත නැවත කරන්නේ. සමාරභති භාවනා වශයෙන් භජනය කරන්නේ ආසේවති වේ. වඩන්නේ භාවෙති වේ. සියළු කටයුතුවල එයම බහුලව කරන්නේ බහුලී කරොති යයි දතයුතුය.
චිත්ත පග්ගහ නිර්දේශයෙහි වීර්යයෙන් උපකාර කරන්නේ. චිත්තං පග්ගණ්හාති උක්ඛිපති වේ. නැවත නැවත උත්සාහවත් කරන්නේ සම්පග්ගණ්හාති වේ. මෙසේ සම්පග්ගහිත වීම නිසා නොවැටහෙයි. එසේ ඊට වීර්ය උපස්ථම්භ වීමෙන් උපස්ථම්භ වන්නේ උපත්ථම්භ වේ. උපස්ථම්භ වී ස්ථිරවීමට නැවත නැවත උපස්ථම්භ වීම පච්චුපත්‍ථම්භ නමි.