ප්රශ්න විචාරක වර්ණනාව
ප්රශ්න විචාරයෙහි සතිපට්ඨානවල කුසලාදි භාවය පෙල ඇසුරෙන්ම දතයුතුය. ආරම්මණ ත්රිකයෙහි සියල්ලම නිවන් අරමුණු කරන හෙයින් අප්පමාන අරමුණු වේ. මාර්ග අරමුණු නොවේ. සහජාත හේතු වශයෙන් මග්ගහේතුක වේ. විරිය හෝ වීමංසය හෝ ප්රධානව මාර්ග භාවනා කාලයෙහි මාර්ගාධිපති වේ. ඡන්ද, චිත්ත ප්රධානව මාර්ග භාවනා කාලයේ මාර්ගාධිපති යයි කිවහැකි නොවේ. ඵල කාලයද එසේය. අතීතාදියෙහිද එක් අරමුණක් ඇතැයි කිවහැකි නොවේ. නිවන බාහිර ධර්මයක් බැවින් බාහිර අරමුණක් වේ. මෙසේ ප්රශ්න විචාරයෙහි නිපදවන ලද ලෝකෝත්රයෙහිම සතිපට්ඨානයයි කියන ලදි. සම්මා සම්බුදුන් විසින් සූත්රාන්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්රව සතිපට්ඨාන කියන ලදි. අභිධර්ම භාජනියෙහිද ප්රශ්න විචාරයෙහිද ලෝකෝත්තර වශයෙන් සතිපට්ඨාන කියන ලදි. මෙසේ සතිපට්ඨාන විභංගයද තිපරිවෘතය ගෙනහැර දක්වා බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ හත්වන සතිපට්ඨාන විභංග නිර්දේශයයි.