අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධර්ම භාජනයෙහි සතිපට්ඨානය ලෝකෝත්තර වශයෙන් අරඹන ලද බැවින් කායාදි අරමුණුවල ලෞකික සතිපට්ඨානයෙහි පෙල තබන ලදි. සියළුම කායානුපස්සනාදි සතිපට්ඨාන ධම්ම සංගනියේ බෙදන ලද්දේ මුඛමාත්ර වශයෙන් දක්වා කියන ලදි.
එය නය භේදය දතයුතුය. කෙසේද? පළමුවෙන් කායානුපස්සනාව සෝවාන් මාර්ගයේ ධ්යාන අභිනිවේෂයෙහි :- සුද්ධිකපටිපදා, සුද්ධික සුඤ්ඤතා, සුඤ්ඤත පටිපදා, සුද්ධික අප්පණිහිතං, අප්පණිහිත පටිපදා යයි මේ ස්ථාන පහේ දෙක දෙක චතුක්ක පංචක නය වශයෙන් නය දහයක් වේ. සෙසු ඒවායෙහි වීසති අභිනිවේසවල නය දෙසීයක්ද ඒවා සතර අධිපතීන්ගේ වශයෙන් සතරෙන් ගුණකර අටක්ද මෙසේ ශුද්ධික දෙකය. අධිපති සමග අටදැයි සියල්ල නය දහසක් වේ. වේදනානුපස්සනාදියෙහිද ශුද්ධික ස්ථානයේදැයි සෝවාන් මාර්ගයෙහි නය පන්දහසක් වෙයි. සෝවාන් මාර්ගයෙහි මෙන් මෙසේ සෙසු මාර්ගවලද කුසලයෙහි නය විසිදහසක්ද සුඤ්ඤතඅප්පණිහිත අනිමිත්ත භේදයෙන් තුනෙන් ගුණකර නය සැටදහසක්ද එසේම සකිච්චසාධක සංසිද්ධික කිච්ච (ක්රියාහේතුව, සිදුවීමක ක්රියාව) කුසල විපාක වශයෙන් දෙයාකාරය. කායානුපස්සනාදි වශයෙන් ද සුද්ධික වශයෙන් කුසලයෙහි පහක්ද, විපාකයෙහි පහක්දැයි විස්තර වාර දහයකින් දසප්රභේද වූ නය අසූදහසකින් ප්රතිමණ්ඩිත වූ අභිධම්ම භාජනීය නිර්දේශයයි.
ප්රශ්න විචාරක වර්ණනාව
ප්රශ්න විචාරයෙහි සතිපට්ඨානවල කුසලාදි භාවය පෙල ඇසුරෙන්ම දතයුතුය. ආරම්මණ ත්රිකයෙහි සියල්ලම නිවන් අරමුණු කරන හෙයින් අප්පමාන අරමුණු වේ. මාර්ග අරමුණු නොවේ. සහජාත හේතු වශයෙන් මග්ගහේතුක වේ. විරිය හෝ වීමංසය හෝ ප්රධානව මාර්ග භාවනා කාලයෙහි මාර්ගාධිපති වේ. ඡන්ද, චිත්ත ප්රධානව මාර්ග භාවනා කාලයේ මාර්ගාධිපති යයි කිවහැකි නොවේ. ඵල කාලයද එසේය. අතීතාදියෙහිද එක් අරමුණක් ඇතැයි කිවහැකි නොවේ. නිවන බාහිර ධර්මයක් බැවින් බාහිර අරමුණක් වේ. මෙසේ ප්රශ්න විචාරයෙහි නිපදවන ලද ලෝකෝත්රයෙහිම සතිපට්ඨානයයි කියන ලදි. සම්මා සම්බුදුන් විසින් සූත්රාන්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්රව සතිපට්ඨාන කියන ලදි. අභිධර්ම භාජනියෙහිද ප්රශ්න විචාරයෙහිද ලෝකෝත්තර වශයෙන් සතිපට්ඨාන කියන ලදි. මෙසේ සතිපට්ඨාන විභංගයද තිපරිවෘතය ගෙනහැර දක්වා බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ හත්වන සතිපට්ඨාන විභංග නිර්දේශයයි.