වෙදනානුපස්සනානිද්දෙසවණ්ණනා
වේදනානුපස්සනා නිද්දේසයෙහි ද යට කියන ලද්දට සමානව කියන ලද නයින්ම දතයුතුය. සුඛං වෙදනං වෙදයමානො යනාදියෙහි වනාහි සුඛං වෙදනං යනු කායික හෝ මානසික හෝ සැප වේදනාවක් විඳින්නේ මම සැප වේදනාවක් විඳිමි යයි දනී යන අර්ථයයි. එහි උඩුකුරුව හොවනා දරුවෝද කිරිබොන ආදි කාලයෙහි සැප විඳින්නේ සැප වේදනාවක් විඳිමුයි දනිති. මෙය එබඳු දැනීමක් උදසො නොකියන ලදි. එබඳු දැනීමක් සිතා යයි යන අවබෝධය දුරු නොකරයි. සත්ත්ව සංඥාව උදුරා නොදමයි. කර්මස්ථානය හෝ සතිපට්ඨාන භාවනාව හෝ නොවේ. මේ භික්‍ෂුවගේ දැනීම සත්ත්ව අවබෝධය දුරුකරයි. සත්ත්ව සංඥාවද උදුරා දමයි. කර්මස්ථානය සතිපට්ඨාන භාවනාවද වේ. මෙහි කවරෙක් විඳීද? වේදනාව කවරෙකුටද? වේදනාව කුමන කරුණක්ද? යන මෙහි දැන විඳීම සඳහා කියන ලදි.
එහි කවෙරක් විඳීද? යන්නෙහි කිසි පුද්ගලයෙක් හෝ සතෙක් නොවිඳී. කාටද වේදනාව? කිසි සතෙකුට හෝ පුද්ගලයෙකුට වේදනාව නැත. වේදනාව කුමන කරුණකටද යන වස්තු හා අරමුණුවලටය මේ වේදනාව. ඒ නිසා එය මෙසේ දතයුතුය. ඒ වේදනා පැවැත්ම ගෙන මං විඳිමියි යන ව්‍යවහාර මාත්‍රය වේයයි මෙසේ සලකමින් මේ තෙමේ සැපවේදනා විඳිමි යයි දනීයයි දතයුතුය. සිතුල්පව්වෙහි එක්තරා තෙරනමක් මෙනි.
ස්ථවිරයන් වහන්සේ වනාහි බලවත් වේදනාවෙන් උත්සාහ ගන්නේ එහේ මෙහේ පෙරළෙති. එහි වැසි එක් දහර භික්‍ෂු නමක් ස්වාමීන් වහන්ස, රිදෙන්නේ කොතනදැයි ඇසීය. ඇවැත්නි, වෙන වෙනම රිදෙන තැනක් නම් නැත. වස්තුව අරමුණු කොට වේදනාව විඳීයයි කීහ. මෙසේ දැනගත් කාලයේ සිට ඉවසීම වටිනවා නේද ස්වාමීන් වහන්ස යයි දහරා කීය. ඇවැත්නි, ඉවසමි. ස්වාමීන් වහන්ස, ඉවසීම යෙහෙකි. ස්ථවිරයන් වහන්සේ ඉවසූහ. වාතය හෘදය දක්වා ගොස් එය පැලීය. ඇඳෙහි අතුනුබහන් විසිරුණි. ස්ථවිරයන් වහන්සේ මෙපමණ ඉවසීම ඇවැත්නි වටීදැයි කුඩා භික්‍ෂුවට පෙන්වීය. කුඩා භික්‍ෂුව නිශ්ශබ්ද විය. ස්ථවිරයන් වහන්සේ විරිය සමාධිය යොදාගෙන සිව්පිළිසිඹියා සහිතව රහත්බවට පත්ව සිහියෙන් යුක්තව පිරිනිවන් පෑහ.
යම්සේ සැපද එසේම දුකය. නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳින්නේ අදුක්ඛමසුඛ වේදනාව විඳිමියි දනී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූප කර්මස්ථානය වදාරා අරූප කර්මස්ථානය වදාරන්නේ, වේදනා වශයෙන් වදාළහ. රූප කර්මස්ථානය අරූප කර්මස්ථානය යයි කර්මස්ථානය දෙවැදෑරුම් වේ. රූප පරිග්ගහ අරූප පරිග්ගහ යයි මෙයම කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ එහිදී රූප කර්මස්ථානය වදාරන්නේ සංක්‍ෂේප මෙනෙහි කිරීම් වශයෙන් හෝ විස්තර මෙනෙහි කිරීම් වශයෙන් හෝ චතුධාතු සිහිකිරීම වදාරති. ඒ දෙකම විසුද්ධි මාර්ගයෙහි සියළු ආකාරයෙන් දක්වන ලද්දේමය.
අරූප කර්මස්ථානය වේදනා වශයෙන් බොහෝසෙයින් වදාරති. ඵස්ස වේදනා චිත්ත වශයෙන් අරූප කර්මස්ථානයට පිවිසීම තුන්ආකාර වේ. කෙසේද? සමහර කෙනෙකුට සංක්‍ෂේපයෙන් හෝ විස්තර වශයෙන් අරූප කර්මස්ථානය පරීක්‍ෂා කරනවිට ඒ අරමුණෙහි ම චිත්ත චෛතසිකයන්ගේ පළමුවන (අභිනිපාතයෙන්) පිවිසීමෙන් එම අරමුණ ස්පර්ශ කරමින් උපදින ස්පර්ශය ප්‍රකට වේ. සමහර කෙනෙකුට ඒ අරමුණු විඳින වේදනාව උපදී. ඒ අරමුණ හැඳිනගන්නා සංඥාවද සිතන්නා වූ චේතනාවද දැනගන්නවා විඤ්ඤාණයද උපදී. ස්පර්ශ පංචකයෙහිම විමසීම කරයි. යමෙකුට වේදනාව ප්‍රකට වේද? එයද වේදනාව පමණක් නූපදී. එය සමග ඒ අරමුණ ස්පර්ශ කරන ස්පර්ශයද උපදී. හැඳිනගන්නා වූ සංඥාවද සිතන්නා වූ චේතනාවද දැනගන්නා වූ විඤ්ඤාණයද උපදීයයි ස්පර්ශ පංචකය විමසයි. යමෙකුට විඤ්ඤාණය ප්‍රකට වේද? එයද තනිව විඤ්ඤාණය පමණක් නූපදී. එය සමග ඒ අරමුණ ස්පර්ශය කරන ස්පර්ශයද විඳින වේදනාවද හැඳිනගන්නා සංඥාවද සිතන්නා වූ චේතනාවද උපදීයයි ස්පර්ශය පස්වැනි කොටම විමසයි. [check trans here]
ඒ ඵස්ස පස්වැනි ධර්මයෝ කුමක් ඇසුරු කරත්දැයි පරීක්‍ෂා කරන්නේ වස්තු ආශ්‍රිත යයි දැනගනී. වස්තුනම් කරජ (මව්පියන් නිසා හටගත් ශරීරය) කියයි. යමක් උදෙසා කියන ලදද, මගේ මේ විඤ්ඤාණය මෙහි ආශ්‍රිතය. මෙහි බැඳුණේයයි හේ අර්ථ වශයෙන් හේතුවෙන් ම උපාදාය රූපයෝද, මෙසේ මෙහි ස්පර්ශය පස්වැනි කොට ඇති වස්තු රූපය නාමය යයි නාමරූපය දකී. මෙහි රූපය රූප ස්කන්ධයයි. නාමය සතර අරූප ස්කන්ධයයි. පංචස්කන්ධයෙන් මාත්‍රය වේ. පංචස්කන්ධය නාමරූප විනිර්මුක්තය. පංචස්කන්ධය පංචස්කන්ධයෙන් විනිර්මුක්ත නාමරූප නැත.
මේ පංචස්කන්ධ කුමන හේතුවකින් පවතීද? පරීක්‍ෂා කරන්නේ අවිද්‍යාදි හේතුක යයි දකී. එයින් ප්‍රත්‍යය සහ ප්‍රත්‍යුත්පන්නද හැර අන්‍ය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත. පිරිසිදු සංස්කාර රාශිය යයි ප්‍රත්‍ය සහිත නාමරූප වශයෙන් ත්‍රිලක්‍ෂණය නගා විදර්ශනා පිළිවෙලින් අනිත්‍ය දුක්ඛ අනාත්මය විමර්ශනය කරන්නේ හැසිරේ. හේ අද අද යයි ප්‍රතිවේධය බලාපොරොත්තු වන්නේ එබඳු දවසෙහි සෘතු පුද්ගල භෝජන ධම්ම සවණ සප්පාය (සාත්තුව) ලබා එක් ආසනයක හුන්නේම විපස්සනාව මුදුන් පමුණුවා රහත්බවෙහි පිහිටයි. මෙසේ මේ තුන්දෙනාගේම රහත්බව දක්වා කමටහන් කියන ලදි.