යම්සේ සැපද එසේම දුකය. නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳින්නේ අදුක්ඛමසුඛ වේදනාව විඳිමියි දනී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූප කර්මස්ථානය වදාරා අරූප කර්මස්ථානය වදාරන්නේ, වේදනා වශයෙන් වදාළහ. රූප කර්මස්ථානය අරූප කර්මස්ථානය යයි කර්මස්ථානය දෙවැදෑරුම් වේ. රූප පරිග්ගහ අරූප පරිග්ගහ යයි මෙයම කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ එහිදී රූප කර්මස්ථානය වදාරන්නේ සංක්‍ෂේප මෙනෙහි කිරීම් වශයෙන් හෝ විස්තර මෙනෙහි කිරීම් වශයෙන් හෝ චතුධාතු සිහිකිරීම වදාරති. ඒ දෙකම විසුද්ධි මාර්ගයෙහි සියළු ආකාරයෙන් දක්වන ලද්දේමය.
අරූප කර්මස්ථානය වේදනා වශයෙන් බොහෝසෙයින් වදාරති. ඵස්ස වේදනා චිත්ත වශයෙන් අරූප කර්මස්ථානයට පිවිසීම තුන්ආකාර වේ. කෙසේද? සමහර කෙනෙකුට සංක්‍ෂේපයෙන් හෝ විස්තර වශයෙන් අරූප කර්මස්ථානය පරීක්‍ෂා කරනවිට ඒ අරමුණෙහි ම චිත්ත චෛතසිකයන්ගේ පළමුවන (අභිනිපාතයෙන්) පිවිසීමෙන් එම අරමුණ ස්පර්ශ කරමින් උපදින ස්පර්ශය ප්‍රකට වේ. සමහර කෙනෙකුට ඒ අරමුණු විඳින වේදනාව උපදී. ඒ අරමුණ හැඳිනගන්නා සංඥාවද සිතන්නා වූ චේතනාවද දැනගන්නවා විඤ්ඤාණයද උපදී. ස්පර්ශ පංචකයෙහිම විමසීම කරයි. යමෙකුට වේදනාව ප්‍රකට වේද? එයද වේදනාව පමණක් නූපදී. එය සමග ඒ අරමුණ ස්පර්ශ කරන ස්පර්ශයද උපදී. හැඳිනගන්නා වූ සංඥාවද සිතන්නා වූ චේතනාවද දැනගන්නා වූ විඤ්ඤාණයද උපදීයයි ස්පර්ශ පංචකය විමසයි. යමෙකුට විඤ්ඤාණය ප්‍රකට වේද? එයද තනිව විඤ්ඤාණය පමණක් නූපදී. එය සමග ඒ අරමුණ ස්පර්ශය කරන ස්පර්ශයද විඳින වේදනාවද හැඳිනගන්නා සංඥාවද සිතන්නා වූ චේතනාවද උපදීයයි ස්පර්ශය පස්වැනි කොටම විමසයි. [check trans here]
ඒ ඵස්ස පස්වැනි ධර්මයෝ කුමක් ඇසුරු කරත්දැයි පරීක්‍ෂා කරන්නේ වස්තු ආශ්‍රිත යයි දැනගනී. වස්තුනම් කරජ (මව්පියන් නිසා හටගත් ශරීරය) කියයි. යමක් උදෙසා කියන ලදද, මගේ මේ විඤ්ඤාණය මෙහි ආශ්‍රිතය. මෙහි බැඳුණේයයි හේ අර්ථ වශයෙන් හේතුවෙන් ම උපාදාය රූපයෝද, මෙසේ මෙහි ස්පර්ශය පස්වැනි කොට ඇති වස්තු රූපය නාමය යයි නාමරූපය දකී. මෙහි රූපය රූප ස්කන්ධයයි. නාමය සතර අරූප ස්කන්ධයයි. පංචස්කන්ධයෙන් මාත්‍රය වේ. පංචස්කන්ධය නාමරූප විනිර්මුක්තය. පංචස්කන්ධය පංචස්කන්ධයෙන් විනිර්මුක්ත නාමරූප නැත.
මේ පංචස්කන්ධ කුමන හේතුවකින් පවතීද? පරීක්‍ෂා කරන්නේ අවිද්‍යාදි හේතුක යයි දකී. එයින් ප්‍රත්‍යය සහ ප්‍රත්‍යුත්පන්නද හැර අන්‍ය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත. පිරිසිදු සංස්කාර රාශිය යයි ප්‍රත්‍ය සහිත නාමරූප වශයෙන් ත්‍රිලක්‍ෂණය නගා විදර්ශනා පිළිවෙලින් අනිත්‍ය දුක්ඛ අනාත්මය විමර්ශනය කරන්නේ හැසිරේ. හේ අද අද යයි ප්‍රතිවේධය බලාපොරොත්තු වන්නේ එබඳු දවසෙහි සෘතු පුද්ගල භෝජන ධම්ම සවණ සප්පාය (සාත්තුව) ලබා එක් ආසනයක හුන්නේම විපස්සනාව මුදුන් පමුණුවා රහත්බවෙහි පිහිටයි. මෙසේ මේ තුන්දෙනාගේම රහත්බව දක්වා කමටහන් කියන ලදි.