වෙදනානුපස්සනාදිඋද්දෙසවණ්ණනා
වේදනානුපස්සනා සතිපට්ඨාන උද්දේසාදියෙහිද අජ්ඣත්තාදිය කියන ලද නයින්ම දතයුතුය. මේවායෙහි ද තමාගේ වේදනාදියෙහි අනුන්ගේ වේදනාදියෙහි කලක තමා කලක අනුන්ගේ වේදනාදියෙහි යයි තුන් ආකාර විමසීම කියන ලදි. වේදනාසු වේදනානුපස්සී යනාදියෙහිද වේදනාදියේ නැවත වචනයෙහි ප්රයෝජන කායානුපස්සනාවේ කී නයින් දතයුතුය. වේදනාසු වේදනානුපස්සී චිත්තෙ චිත්තානුපස්සී ධම්මෙසු ධම්මානුපස්සී යන මෙහි වෙදනා යනු තුන් වේදනාය. එයද ලෞකිකය. සිතද ලෞකිකය. ධර්මයද එසේය. ඒවායෙහි විභාගය නිද්දේස වාරයෙහි ප්රකට වන්නේය. මෙහි හුදෙක් වේදනාව යම්සේ විමසිය යුතුද එසේ විමසන්නේ වේදනාසු වේදනානුපස්සී යයි දතයුතුය. චිත්ත කර්ම කෙරෙහිද මෙම නයයි. වේදනාව විමසිය යුත්තේ කෙසේද යන සැපය වේදනාවන්නේ දුකකිනි. දුකක් වන්නේ උලකිනි. අනිත්යයෙන් අදුක්ඛමසුඛ වේ. යම්සේ කීහ.
සැප දුක සේ දකින - දුක දකින්නා උල සේ
අනිසයි අදුක්සුව - නැණසින් දකින එය නම්
ඇති හරි දැකුම බිකු - හැසිරෙයි උපසාන්තව
අනිසයි අදුක්සුව - නැණසින් දකින එය නම්
ඇති හරි දැකුම බිකු - හැසිරෙයි උපසාන්තව
සියළු චේතනා දුකයයි විමසිය යුතුය. මෙය කියන ලදි. “විඳින යම්කිසිවක් වේනම් ඒ සියල්ල දුක් යයි කියමි.” යන සැප දුක් වශයෙන් විමසිය යුතුය. යම්සේ කීහ. “සැපවේදනා පවතිනවිට සැපය. වෙනස් වනවිට දුකය” සියල්ල විස්තර කළ යුතුය. තවද අනිත්යාදි සත අනුපස්සනා වශයෙන් විමසිය යුතුය. සෙස්ස නිද්දේස වාරයෙහි ප්රකට වන්නේය.
චිත්ත ධම්ම දෙකෙහිද සිත ආරම්මණ අධිපති සහජාත භූමි කම්ම විපාක කිරිය ආදි නොයෙක් බේද අනිච්චාදි අනුපස්සනාවන්ගේ නිද්දේස වාරයෙහි එන සරාග ආදි බේද වශයෙන් විමසිය යුතුය. ධම්ම ස්වලක්ෂණ සාමඤ්ඤ ලක්ෂණ (ප්රතිඵල) වල ශූන්යතාව ධර්මයේ අනිත්යාදි සත් අනුපස්සනා නිද්දේස වාරයෙහි එන සාන්ත අසාන්ත ආදි බේද වශයෙන් විමසිය යුතුය. සෙස්ස කියන ලද නය අනුවය. මෙහි කාමයද යමෙකුගේ කාය සංඛ්යාත ලෝකයෙහි අභිධ්යා දොම්නස් ප්රහීණද ඔහුගේ වේදනාදි ලෝකයෙහිද එය ප්රහීණම වේ. එයින්ම එහි ප්රහාණ දැක්වීම් අර්ථයද මෙසේ කියන ලදැයි දතයුතුය.
උද්දේශවාර කථාව අවසානය.
කායානුපස්සනානිද්දෙසවණ්ණනා
දැන් යම්සේ දක්ෂ කුළුපොත්තෙක් (උණ පතුරු ආදියෙන් බඩු සදන්නකු) මහත් කලාල මෘදු කලාල කුඩා පෙට්ටි පෙට්ටි ගොටු ආදි උපකරණ සෑදීමට කැමතිව එක් මහා උණගසක් ලැබ හතරට කපා ඒවායින් එක් එක් උණ කැබලි ගෙන පලා ඒ ඒ උපකරණ කරන්නේය. යම්සේ වනාහි දක්ෂ රන්කරුවෙක් නොයෙක් ආකාර වූ පැළඳීම් කරනු කැමතිව ඉතා පිරිසිදු රන් ගුලියක් ලැබ හතරට බිඳ ඒවායින් එක් එක් කොටස ගෙන ඒ ඒ පැළඳීම් කරන්නේය. එසේම භාග්යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාවෙන් සත්ත්වයින්ට නොයෙක් ආකාර වූ විශේෂ අධිගමය ලබාදෙනු කැමැත්තේ එකක්ම වූ සම්මා සතිය සතර සතිපට්ඨානය, “මෙහි භික්ෂුව තමාගේ කයෙහි කය අනුව විමසන්නේ වාසය කරයි” ආදි නයින් අරමුණු වශයෙන් සතරකට බෙදා එක් එක් සතිපට්ඨානය ගෙන බෙදන්නේ - කථඤ්ච භික්ඛු අජ්ඣත්තං කායෙ යනාදි නයින් නිද්දේස වාරය කීමට ආරම්භ කරන ලදහ.
එහි කථඤ්ච ආදිය විස්තර කිරීමට කැමතිව අසන ලදි. මෙය එහි සංක්ෂෙපාර්ථය වේ. කුමන් ආකාරයකින් කුමන ප්රකාරයකින් භික්ෂුව තමාගේ කයෙහි කය අනුව විමසමින් වාසය කෙරේද සෙසු ප්රශ්න වාරයෙහිද මෙම නයයි. ඉධ භික්ඛු යනු මෙම ශාසනයෙහි භික්ෂුව. මෙහි ඉධ ශබ්දය අජ්ඣත්තාදි වශයෙන් සියළු ආකාර කායානුපස්සනාවෙහි යෙදෙන පුද්ගලයාට ඊට නිශ්රය වන ශාසනය දැක්වීම අන්ය ශාසනවල එසේ නොමැතිවීම නිසා අත්හැරීමය. මෙය කියන ලදි. “ඉධෙව භික්ඛවෙ සමණො...... සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ” මහණෙනි, මෙහිම ශ්රමණ....... අන්ය වාදවල (සාසනවල) ශ්රමණයන්ගෙන් ශූන්ය වේ. එනිසා මෙම සසුනෙහි භික්ෂූන් යයි කියන ලදි.